27 November 2015

නදී ගේ කතා


නදී ..

හ්ම් 

මම කවියක් ලියුවා .
(අටට නැවු කොටුරූල් කොලයක් ඈ වෙත දිගු  වෙන්නේය . කවිය හුළඟට ගහ ගෙන යා නියා , ඇය  එය දිග අරින්නේ හිමිහිටය . )

සුසුමක් 
පිටවී 
පවනැල්ල හා වෙලී 
නැගි රැළි අවකස 
මාරුතයක්ව 
විත් 
ඇඟේ හැපෙන 

බෙංගාල  බොක්කේ අවපීඩන  කලාපයක් හේතුවෙන් , සැන්දෑ කාලයේ අකුණු සහිත වැසි බලාපොරොත්තු වන්න 

වළා හඬවා 
කලතා 
මතක සයුරු තෙම 
පුපුරවා 
ධවල අකුණු 
සිත් කොනක 


මට හුස්ම ගන්න බෑ වගේ . ඔය වීදුරුව පොඩ්ඩක් අරින්න ප්ලීස් .

***


 අදත් අපි එතෙන්ටම ඇවිත් , දන්නෙම නැතිව

ඔව් එතෙන්ටම 

පරණ පුරුදු හුළඟ , පරණ පුරුදු ඇහැළ ගහ කහ පාට ඇහැළ මල් පලස එලාගෙන ඉන්නවා 

ශා අද හරි පොයෙටික් නේ 

(මද සිනහවක් )

ඒක නෙමෙයි නදී අද ටිකක් එහාට යමුද 

අනේ ඇයි?  මම කැමතියි මේ හුරු පුරුද්දට 

 මෙතනින් එහා මීට වඩා ලස්සන වෙන්න  පුළුවන් 

දන්නවද අපිට පෙනේන්නේ තරංග ආයාමය නැනෝ මීටර 700ක් වෙනකන් විතරයි ලු , මම බ්ලොග් එකක කියෙව්වේ 

කවුද ඕක කිව්ව  මැට්ටා   , පාර කෙලින් නම් කිලෝ මීටර් ගානක් පෙනෙනවා හලෝ .

මීට වඩා මට දරා ගන්න බැරි වේවි , අපි මෙතන නවතිමු 

මේක මායාවක් නම් ...මහා පොලවේ සත්‍යය තියෙන්නේ මේ මල් පලසින් එහා නම් 

ඒක  තමයි , අපි මෙතන නවතිමු 

පලි : මේ දවස් වල  කැෆ්කා ගේ ලියවිල්ල මා සිත ආයෙත් කලත්තනවා . ඒ අතරේ  පරණ "මතක පද " වැඩසටහනක් අහන්න ගත්තම පුරුදු කටහඬක් , නදී වාසලමුදලිආරච්චි . 
මේ නදී ඒ නදී නෙමෙයි . 
ඒත් විටෙක ඒ නදී අහනවා  ලේඛකයෙක්ට තියෙන එකම අමුද්‍රව්‍යය වෙන වචන වලින් නැත්නම් වෙන මොනවයින් සෙල්ලම් දාන්නද කියලා . ඒත්  කැෆ්කා?..... වචන අඩුවෙන් පාවිච්චි කරලා , සිත වැඩියෙන් කලත්තනවා . ඒ ඔක්කොම අස්සේ දයාබර මැට්ටා , මේ දවස් වල පිස්සි ගේ පලා මල්ලක් දිග ඇරගෙන දිගට දිගටම  හිතන්න බල කරනවා 
මේ කතා අස්සෙත් ඔබට වචන වලින් ඔබ්බට කතාවක් හමු වේදැයි බලන්න . 

8 comments:

  1. මටත් ආසා හිතුනා කෆ්කා කියවන්න. දාර්ශනිකයි අදහස ජේපී.. මට හිනාවක් ආවා මේක කියවලා..

    ReplyDelete
    Replies
    1. කියවා බලන්න . සමහර කතා එක ඡේදයයි .කතාව ඉවර වෙන තැනින් හිතීම පටන් ගන්නවා .මේක දෙපැත්ත කැපෙන්න තමා ලියුවේ

      Delete
  2. Ignorance is bliss (ඒ නිසා වචන වලින් ඔබ්බට කතාව ගැන නොහිතා ඉන්නවා...) ඔය වීදුරුව ආපහු වහල දාන්න ප්ලීස්!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට , මැට්ටා හොරෙන් හිතනවා , මම දන්නවා

      Delete
  3. //කවුද ඕක කිව්ව මැට්ටා// හි..හි.. 'අම්මගේ රෙද්ද..'
    මාත් හුරුපුරුද්දට තමයි වැඩිපුර ආස.. ඒත් එතනින් එහාට ගිහින් බලන්න නුපුරුදු ආසාවක් ආවා.. :)

    ReplyDelete
    Replies
    1. හාහාහා . මැට්ටා ගේ ඒ සීරීස් එක නිසා මොලේ මළකඩ කැඩිලා දැති රෝද කැරකෙන ගතියක් දැනෙනවා . ටිකක් දිරවන්න අමාරු උනත් , උපරිමයෙන් රස වින්දා .

      Delete

Have commented