07 November 2015

සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් )

ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම  purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )

පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි  ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි කඩේට යාමටය . පෙරේරා විශ්‍රාමිකයෙකි . හැබැයි ඔහුගේ වදන් වලින් කියනවානම් ඒ කාලේ මහා ස්පෝර්ට්ස් මන් කෙනෙකි . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලන් කරන්නට අවස්තාව ඔන්න මෙන්න මග හැරී  ගිය අයෙකි . ක්‍රිකට් හැරුණු කොට පුට්බෝල් ,රගර් , හොකී මෙකි නොකී බොහෝ ක්‍රීඩාවන්හි කෙළ පැමිණියෙකි . නමුත් කොල්ලන් නම් කීවේ ඔහු කෙළ  පැමිණි එකම ක්‍රීඩා  නම් විට හැපීම හා බේගල් අතහැරීම කියාය .

"ආ අංකල් මොකෝ පරක්කු වෙලා අද ?  " . කඩේ මුදලාලි කොලුවා කතාවට මුල පිරුවේය 

ආ කොහොමද පුතා..... ඊයේ රෑ වර්ල්ඩ් කප් බැලුවානේ , නැගිටින්න පරක්කු උනා 

අම්මට සිරි අංකල් රගරුත් බලනවද ?

එහෙනම් ....මම රගර් ගහලත් තියෙනවා . කොහොමද අපේ ඕල් බැලක්ස් ලාගේ වැඩ ?

හෑ හ් ? අපේ ඕල් බැලක්ස් ?  

ඇයි  බැලුවේ නැද්ද ?

නෑ අංකල්  බලන්න කියලා සෙට් වුනා ... ඒත්  ඕල්  බැලක්ස් එන්න කලින් ඕල් රිසව්  ආවා  .. ටිකක් වැඩි වුනා 

අපරාදේ .. 

අන්කල් ඒක  නෙමේ , මැච් එකෙන් පස්සේ අර කව්ද හාදයෙක් මැඩ්ල් එක පොඩි එකෙකුට දුන්නලු නේද ?

ආ ඔව් ඔව් ..ඒ අපේ මේ සනී බිලින් විලියොන් නේ ...

ආ එයාද ?   .... මම හරියටම දන්නේ නම් නෑ ... ඒත් ඇයි ඒ අංකල් ?

ඉස්පෝට් මන් සිප් එකනේ පුතා ... ඒකට අපේ කට්ටිය ... අර අනුහයේ කප්  එක දිනපු වෙලාවේ අර විකට් පොල්ලකට රණ්ඩු වුන හැටි ..

ඒ වුනාට .. ඒ සිද්ධි දෙක සමාන නෑ නේ අංකල් ?

ඒ වුනාට ...  මේ පොර නියම ඉස්පෝට්ස් මන් පුතා 

අංකල් ඔය සනී බිල් .. මුස්ලිම් ලු නේද 

ආ එහෙමද ? එක අතකට පුතා කියන එකත් ඇත්ත ... ඔය සනී බින් හාදයා , කපටි කමට ඕකෙන් ප්‍රසිද්ධියක් ගන්නම හිතලා ඕක කරන්න ඇති ...මොකෝ ඔය තම්බියෝ ඉන්නවා නේද.....

***

විමලේට ඊයේ රාත්‍රියේ හරි හමන් නින්දක් ලැබුනේ නැත . ඒ අදට යෙදී  ඇති විරෝධතාවය ගැන සිතේ ඇති විචිකිච්චාව නිසාය . එහෙත් ඔහු ගේ හිත උද්යෝගීමත් ව තිබුණි . හදවත ගැස්මද ටිකක් වේගවත් බව ඔහුට දැනුනි .

සිරුරු කිස නිමවා , ඉනට ඇඳි තුවාය පිටින්ම අල්මාරිය වෙත ගියේ ඇඳුමක් තෝරා ගැනීමටය . මුලින්ම සුදුසු කමිසයක් ඇඟලා ගත් ඔහු කැඩපතින් හැඩ බැලුවේය. පාට වියැකුණු තුවායේ , "ම" යන්නක් තට්ටම මතටම සමපාත වී තිබුණි .ඊට පසුව තිබු "හි" යන්න දිස් වන්නේ යන්තමටය . එතනින් එහාට අකුරු මැකී ගොසිනි .

ඔහු ගේ අල්මාරිය හරිම පිළිවෙලය . එක එක පාට කමිස එල්ලා ඇත . ලාච්චුවේ සීරුවට ගොඩ ගැසූ පාස්පෝට් මිටියකි . ඔහු පාවහන් යුවලක් තෝරා ගත්තේය . පාස්පෝට් වැරදුනා මෙන් නොව , විරෝධතාවයකට යාමේදී ඊට ගැලපෙන පාවහන් යුවලක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු අත්දැකීමෙන් දත්තේය . පෙළපාලියේ යන්නට  රනින් ශුස් පැළඳ  , විරෝධතාවයේදී අඳින්න සෙරෙප්පු කුට්ටමක් මල්ලක දමා ගත්තේය .

විමලේ කොල්ලුපිටියට යන විට , කට්ටිය පැමිණ සිටියහ . සියල්ලෝ කැසිනෝ ශාලාවක් ඉදිරිපිට රැස්වී සිටියහ . 

"සර් මේ කට්ටිය , දේශීය ලිංගික ශ්‍රමික පර්ෂදයෙන් . අපේ දේශීය රැකියා වෙළඳ පොළ , ඉන්දියානුවන්ට විවෘත වීම නිසා ඇතිවන දුෂ්කරතා නිසා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් අපිට සහය දෙන්න " මුසා , මුහුණ ටිකක් වැඩියෙන් පාට කළ, 
තද රතු තොල් සායම් උලාගත් මැදි  වයසේ කාන්තාවක් හඳුන්වා දුන්නේය . 

"මම ටාආ ආ ආ  නියා, අපි බෝඩ් ඇඳ ගෙනම ආවා  " ඈ  වයසට නොගැලපෙන කෝල බවක් පෑය . "හෙළ ජාතික අභිමානේ " බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි .  විමලේට තම මුහුණ රතුවෙනවා මෙන් දැනින . ඔහු හිමින් සැරේ බැලුවේ, තමාගේ දේශප්‍රේමය අවදි වුවාදැයි සැක සිතුනු බැවිනි . 

විරෝධතාවය නැගලා ම ගියේය . 

"එපා එපා එන්න එපා ...සනී මෙහෙ එන්න එපෝ "
" සීපා දිගේ සනී එනෝ ... අපේ රස්සා කොල්ල කනෝ .... පළල් කරන්  සනී එනෝ .... සංසාරේ දික් වෙනවෝ "
" බෙලාජියෝ , රනිල් , සනී හවුල  භංග වේවා  " //
" බෙලාජියෝ ගෙනියනවා ..සනීගේ (ඉතිරිය හරි හැටි  ඇහුනේ නැත ) ..    මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ ...."

සටන් පාඨ මොර දුන්නෝය . 

අයෙක් පැමිණ පිරිත් පැන් ඉස්සේ, මේ කැසිනෝ ශාලාව ඇතුළේ  ඇති සුරාවෙන් සූදුවෙන් සහ මරඟනන් ගෙන් දේශප්‍රේමීන් ගේ සිත් ආරක්ෂා කර ගැනීමටය 

නැවතත් මුසා පැමිණියේය .  "සර් ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න , ටී වී චැනල් වල කට්ටියට පරක්කු වෙනවා ලු ...වොයිස් කට්  ගන්න " 

විමලේ කතාව පටන් ගත්තේය . අත්පොලසන් , ඔල්වරසන් හඬ මැද වචන ගලා එන්නට විය . ගිරිය පිප්පි , හඬ සැර  විය 

" ... මේ වගේ විදේශීය අත පෙවීම්  ඉදිරියේ දේශප්‍රේමී ජනතාව නිකන් බලන් ඉන්නේ නෑ ... මේ ඩීල් කාරයින් , හොරු , එන්  ජී ඕ  කාරයින්ට  කියන්න කැමතියි ..මතක තියා ගනින් බෙලාජියෝ ..මහත්තයෝ ...ඔය සනී ගේ කෙරුම් , මමත් හොඳට දැකලා ...නෑ  නෑ  සමා වන්න මමත් ඒ ගැන අහලා තියෙනවා ....අද සනී ආවොත් ... අපේ සදාචාරය රැක ගන්න ඉස්සරහට ආපු මේ ජන බලවේගය විසින් සනීව ...."

විමලේ කැසිනෝ හලේ වසා ඇති දොර දෙසට හැරුණි 

"සනීව ගෝල්පේස් එකට ගෙනිහින් ... රෙදි ගලවලා... "

ඔහු ආපසු හැරුනු  විට දුටුවේ පිරිස වේගයෙන් ගාලු පාර දෙසට දිව යන අයුරුය  . මුසාද දිවයන බැව්  දුටු ඔහු වට පිට බැලුවේ  ශ්‍රී ලංකා (ස්වාධීන වූ) පොලිසියෙන් බිස්කට් බෙදන්න වත් ඇවිත්ද කියා ය . එහෙම සේයාවක් වත් පෙනෙන්නට නැත . 

"මුසා මුසා මොකෝ බන් දුවන්නේ ..කොහේද  යන්නේ ?"

" නෑ  සර් කට්ටිය ගෝල්පේස් යනවා ... අර සනී ගේ රෙදි ගලවනවා බලන්න ...ලයිව් දැකලා නෑ  නේ  .. ඒකයි  මාත් ..." මුසා අහිංසක හිනාවක් පෑවේය 

17 comments:

  1. දයාසේන ගුණසිංහ ඉස්සර ලියූ 'සීයාගේ කොළම' මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ඒ මුල් කාලයේ තීරු ලිපි අපේ ජීවිත වලට ආකල්ප වලට සෑහෙන බලපෑමක් කරලා ඇති ... මතකද අබිලික් කොලම

      Delete
  2. Replies
    1. යහ පාලන පැකට්ටුවේ ....

      Delete
  3. ඔය විමලෙ කොලුවා යුග පූර්සයෙක්ද මොකෙද්ද කියල සැටිපිකෙට් එකක් දුන්න නේද අර " ගෙදර යන ගමං " සිල්වා හිටපු නඩුකාර උපාසක උන්නැහෙ?

    Good Article.....:)

    ReplyDelete
    Replies
    1. ගෙදර යන ගමන් ද සිල්වා ... මරේ මරු

      Delete
  4. නියමයි කියන්නේ නියමෙනුත් නියමයි. මේ විදියට ලියන්න පුළුවන් ඔබට විතරමද මන්ද. අර වරහන් ඇතුලේ ඇහුනේ නැහැ කියපු කොටස ඇත්තටම ඇහුනේ නැත්තේ කාටද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගාලුපාරේ බස් එකක් ගියා , නෑ හි ගියා

      Delete
  5. පට්ටයි කියන්නෙ පට්ටම පට්ටයි.......

    ReplyDelete

Have commented