02 December 2015

පොලිස් තේ සහ නොබෙල් සාම තෑග්ග

ඇස්වාට්ටුවට  නුදුරු සුප්‍රකට මුස්ලිම් හෝටලයකි . පාන්දර යාමයේ මිරිස් හොදි සමග පරාටා ඩයට් එකකට හෝ ලයිම් ජූස් වීදුරුවකට මෙතන වාහන නවත්වන්නෝ බොහෝය . එනමුදු එය තරමක් අවදානම් සහිත වන්නේ මේ අවට ගැවසෙන පොලිස් නිලධාරීන්ට අසු වුව හොත් බැලුම් පිම්බීමට සිදුවන බැවිනි. 

මීට අමතරව  මේ ස්ථානය රෑ පාරේ හිටගෙන නිදි මරන ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේද  , අර හතරයි තුනයි තුනයි ....... තුනයි කාර් වල රවුම් යන පොලිස් නිලධාරීන් ගේද මහන්සිය නිවාලන , තේ පවස  නිවාලන සුප්‍රකට නැවතුම් පොළකි  . පොලිස් ආඥා පනතේ ලියා ඇති අයුරින්ම දෝ , ඔවුන් ඒ සඳහා මුදල් නොගෙවීමට වග බලා ගනිති .
පොලිස් නිලධාරින් , තොප්පි අතට ගෙන "හෝටලේ දොරෙන් ඇතුල් වෙත්ම වේටර් වරයෙක් ඉතා ගරුසරු ඇතිව " ආ එන්න සර් වාඩිවෙන්න " කියා සුදුසු අසුනක් පනවයි . ඉන්පසු "සර්  මොනවද බොන්නේ , තේ කක් ? "  කියා අසයි . ඉන්පසු මුළුතැන්ගෙයට උස් හඬින්  විධානය දෙන්නේ "පොලිස් ටී එකයි " කියාය . පාරිභෝගිකයා සිතන්නේ , ඒ ඇනවුම , තම වැදගත් කම දත් ආයතනය , තමන් වෙනුවෙන්ම සැදු , වැඩි සීනි , වැඩි කිරි , ඉස් ස්පෙසල්  ටී එකක් උදෙසා කියාය.

එක් දිනක් , මේ හෝටලය කුඩු පට්ටම් කර තිබුණු . වටින් ගොඩින් කට කතා පැතිරුනේ ,  මෙය පොලිසියෙන්  කළ  බවකි . ඒ මේ පොලිස් ටී එකේ රහස ආරංචි වූ  නිසාවෙන් යයි කියැවුනි 

සාමාන්‍යයෙන් , ප්ලේන්ටී කෝප්පයක අඩියේ ඉතුරු වෙන අඟල් කාල , කිරි තේ කෝප්පයක අඩියේ ඉතුරු වෙන "මැනර්ස් " ටික , පරිස්සමෙන් ජෝග්ගුවකට දමා තබා ගෙන  පොලිස් තේ හැටියට යළි පිලිගැන්නු බව,  ඒ රහසයි .

පහුගිය දිනෙක මා ඇස  ගැටුණු පුවතක තිබුනේ , ඇමති වරයෙක් පාර්ලිමේන්තුවේ දී "ජනාධිපති තුමාට , ප්‍රධාන පක්ෂ දෙක එකතු කිරීමේ වික්‍රමය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශයක් ලැබෙන්නට යන බව"   පැවසු බවකි .

මට එක්වරම සිතට නැගුනේ  "ව"යන්න "ද"යන්න හල්"ෆ"යන්න යන ඉංග්‍රීසි වදනය . වාසු පමණක් නොව , දැන් අනිත් උන් ද පාර්ලිමේන්තුවේ තිත්ත කුණුහරුප කියන්නට පටන් ගෙන ඇත . ඉන් පසු මට එක වරම ඉහත කී පොලිස් තේ කතාව සිහි විය .

පලි : කොහොමත් ඔය නොබෙල් සාම තෑග්ග , පොලිස් තේ එකක්ම තමා කියායි  මගේ නම් අදහස . .. අර බැරැක්  කාරයට , උදේ පාන්දරම ඕක දීමෙන් ඒ අදහස මට නම් ස්ථිර වුනා .

12 comments:

  1. නියම පොලිස් තේ කථාව . නොබෙල් ත්‍යාගය ඔබාමට දුන්නට පස්සේ වැදගත් කමත් නැති වුණා.

    ReplyDelete
  2. පොලිස් කොතුත් තියනවනේ

    ReplyDelete
    Replies
    1. හිතා ගත්තහැකි දාන දේ

      Delete
  3. පුකෙන් හිනා යන කතත් අපේ උන් ඉඳලා හිටලා කරනවා...

    උන්ගේ හිතේ ඇති නොබෙල් තෑග්ගත් පෙරකදෝරු විභාග වගේය කියලා...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ

      Delete
  4. පොලිස් තේ කථාව මරු. ඒ උනාට නිකන් දුන්නත් එහෙම කරන්න නම් හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. කොස්සෝ ගැන දුකත් හිතෙනවා

      Delete
  5. අරවින්ද් අඩිගා ගේ between assassinations නවකතාවේ තියෙනවා පගාවට විස්කි ෂොට් ඉල්ලන නිලධාරින්ට බිස්නස්කාරයෝ දෙන්නේ තමන් ගේ පුකේ ඇඟිල්ල ගසා ඉන්පසු ඒ ඇඟිල්ල විස්කි එකේ දියකර බව.

    ReplyDelete

Have commented