18 December 2015

සැන්ටා ක්ලොස් සහ මුදලාලිගේ නත්තල් කරුණාව

"සේල් " "සේල්"  බෝඩ් , සාප්පුව වටේට එල්ලා ඇත . සාප්පුව ඉදිරිපිට , ලවුස්ස්පීකරයේ සංගීතයට නටන නත්තල් සීයෙකි . බැලුම් තුනක් ගැට  ගැසූ රිටක් එක අතකය . අනෙක් අතෙන් ඔහු මග යන්නවුන්ට අතවනයි , මල්ලෙන් ගෙන නිකන් බෙදා දෙන්න යයි කියූ , සබන් කෑලි බෙදයි , වෙස්මුහුණ පොඩ්ඩක් උඩට ඔසවා මුහුණ පිහිදා ගනියි, කඩේ ඇතුලට එන්න යයි පදිකයන්ට ආරාධනා කරයි  .


" ආ ..කොහොමද වැඩේ හොඳට යනවද ? "  කඩේ මුදලාලි ලඟට එනකන් සැන්ටා දැක්කේ නැත .

" ඔව් සර් ...ඒත් "

" හොඳට නටන්න ඕනේ ...තමුසේ අර සබන් කෑලි , ෂැම්පු පැකට් , බෙදනවා නේද ? " 

" ඔව් සර් ඒවා නම් මල්ලෙන් අරන්  බෙදුවා , මුන්ගෙන් බේරෙන්න බෑ  සර් ඒත් ... මම , සර් කිවුවා වගේ එකාට  එක කෑල්ලයි  දුන්නේ .. මුන් වැඩිපුර ඉල්ලනවා .. ගිය සැරේ දෙක තුන දුන්නලු "

" තමුසේ කියුවද , අපි නිකන් දෙන්නේ නෑ ... ඇතුලේ බඩුවල සෑහෙන ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන්නේ ... ඇවිල්ලා බඩු ගන්න කියලා "

"කිවුවා සර් .. මුන් ඒ සැරේ අහනවා තමුසේ සැන්ටා ක්ලෝස් ද මුදල් ඇමතිද කියලා ."

"  හැහ් ... ඉතින් , තමුසේ මොකද කිව්වේ "

"මම කිව්වා සර් .. එහෙම බිස්නස් කරන්න බෑ .. නිකන් බඩු දීලා දෙසැම්බර් වල,   ජනවාරියේ ඉඳන් ගණන් වැඩි කරන්න වෙනවා .. එහෙමයි උච්චාවචන , ආර්ථික විජ්ජාව කියලා "

"තමුසේ මොකටද ඔය පණ්ඩිත කතා කියන්න ගියේ , තමුසෙට තියෙන්නේ ඔය සූට් එක දා ගෙන , පොඩ්ඩක් ඩාන්ස් එකක් දාලා , මම දුන්න ටික ඔය මල්ලට දාගෙන , තමුසේගේ වගේ බෙදන්න නේ "

" නෑ  සර් මේ දවස් වල දේශපාලන ෂෝ බලලම ටීවී එකේ , අපේ බන්දු සර්ගේ කෑලි ටිකක් අල්ල ගත්තා " 

"  ඔය බන්දුගේ ටෙනිගේ ජෝක්ස් වලට දැන් හිනා යන්නෙත් නෑ  ඕයි ...  ඒවා ඕනේ නෑ  , දැන් මොකද මිනිස්සු කියන්නේ ... මේවා මදි කියනවද "

" එහෙම තමා කියන්නේ , ඒත්  මම තදින්ම කිව්වා සර් .. එහෙම නත්තල් සේල් කොරන්න බෑ කියලා , කඩේ බංකොලොත් වෙයි කියලා ... එදා සර් කිව්වේ "

" එක්කෝ , ඔන්න ඔය දෙක දෙක දෙනවා ... මම කියුවා කියලා "

" ඒත් සර් ..එතකොට ..."

" දෙනවා අයිසේ ... තමුසේ නත්තල් පප්පා වුනාට  කඩේ මගේ නේ ..."

15 comments:

  1. "කඩේ මගේ" කියල කිව්වට උගේමත් නෙවෙයි හිටං

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..

      Delete
    2. මට මගේම නොවන මගේම කඩයක් තිබුනා ?

      Delete
  2. කාලෙකින් කියවන්න ආවා.. වෙනද වගේම සීතල වතුර එක්ක වයින්

    ReplyDelete
    Replies
    1. චියර්ස් කිව්වා

      Delete
  3. පට්ට දේශපාලන උත්ප්‍රාසය... ඇක්සොලන්ට්

    ReplyDelete
  4. නත්තල් සීයා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ පූජනීය පුද්ගලයෙක් නෙවෙයි වගේ. නිකං සේල්ස්මෑන් කෙනෙක් වගේ .

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන් හිටියේ මෑන් තමා ලොකුම බොස් කියලා අඩුම ගානේ බැලුමක් වත් දුන්නේ මෑන් විතරනේ

      Delete
  5. තමුසේ නත්තල් සීයා උනාට කඩේ මගේ නේ.....හිකිස්....
    නත්තල් සීයට ගිය කල....

    ReplyDelete
    Replies
    1. නත්තල් සීයත් පව් අපිත් පව්

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇනෝ මෙය පිටිපස ඇතිදේ මට නොතේරෙනවා නොවේ
      තිත්ත කුනුහරැප තිබු කිසිම අදාල නැති කොමෙන්ටුවක් පලවෙනි වතාවට පල කලේ නෑ
      ඒ තමන් ගේ ගෙදර හුරතලේට ඇති කරන සතෙක් වුවත් එක සැරයක් කැත කල විට එය සුද්ද කර දැමුවත් එය පුරැද්දක් ලෙස කරන්නට හදනවා නම් වෙන ප්‍රතිකර්මයක් ගන්න වෙනවා යයි මට හැඟුන නිසා

      Delete
    3. උක්ත එක ප්‍රතිචාරයක් එහි රචකයාගේ ඉල්ලීම මතද , අනෙක ඉන්පසු එහි තිබු 1% අදාලත්වය නැතිවීම මතද ඉවත් කරන ලදී .

      මේ ගැන ටිකක් දුරට කල්පනා කලෙමි . තුන්වැනි පාර්ශවයකට අපහාස වේ නම් සටහන ඉවත් කරනවා යයි සටහනක් තැබීමට සිතුවද , එය නිවැරදි නොවේ යයි වැඩිදුර සිතීමේදී වැටහුණි . ඒ අප සටහන් අතර තෙවැනි පාර්ශවයන්ට වදින දේ අනන්තවත් ලියවෙන බැවිනි. ඇනෝ පිටුදැකීම , මගේ ප්‍රතිපත්තියද නොවේ. මම එය නොකලද, අන්වර්ථ නාමයකට ඇති නිදහස පිලිගනිමි . අදාළ නොවන සටහන් පළ නොකිරීමද 100% සාර්ථක නැත , ඒ එවැනි සටහන් තුලින් ඇතැම් කතා ඉතා රසවත් දිගුවන් කරා යොමුවෙන බැවිනි .

      නමුත් අපේ නිවසට විත් දෙදෙනෙක්, තමන්ගේ කෝන්තර පිරිමහ ගන්නට තනත් නම් , මුලින් ඉවසා සිට , පසුව එය නැවත්වීමට උත්සාහයක්ද ගෙන , අවසන ඔවුනට තම පරහ පාරට ගෙන යන ලෙසත් , එය නිම කර ගෙන නැවත එන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .... ඒ ආකෘතිය මත පිහිටා , පල කරන හා නොකරන ප්‍රතිචාර පිලිබඳ තීරණය කරමි .

      Delete

Have commented