25 December 2015

ඉබාගාතේ යන යුදෙව්වා

මොකක් කිව්වා නම ?

ඒ වගේ නමක මතක 
පෙරදා 
ගොල්ගොත කන්දෙන් ඇහුන 
ආත්මයක් 
සැහැල්ලුවට පාවුන 
සුසුමක එකම එක 

කාගේ කවුරුන් කිව්වා ?

මේ ඇහෙන දේවලට 
පිස්සු නැහැදුනොත් තමා පුදුම 
 ඒත් නරකද ගතොත් බෙහෙත් 
ඊළඟ  ඉස්ට්‍රයික් එකට පෙරාතුව 

මොකක් කියන්න ලංවෙන්න කිව්වා ?

ලංවෙලා ඔහේ 
කෙලින්නද හදන්නේ 
පොකැට් එකට වත් 
ඔය කියන විමුක්තිය 
කන්නද  තම්බලා, 
මලවලා 

සහෝ 
පොඩියක් මගින් 
අයින් වෙනවාකෝ 
 කෝච්චිය මිස්වෙලා 
රතු ඉරට පහු උනොත් 
දවස් බාගෙක පඩිත් 
කැපෙනවා 


පලි : මම දන්නා තරමට , ඉබාගාතේ යන යුදෙව්වා බයිබල් කතාවේ එන චරිතයක් . යේසුස් , මළවුන්ගෙන් නැගිට මග සරන විට  පළමුව හමුවන්නේ ඔහු . ඔහු යේසුස් වහන්සේව වත් , ඔහු ගේ පණිවිඩය වත් බාර ගන්නේ නෑ . ඒ නිසාම සදාකාලිකවම ඉබාගාතේ යන්නට ඔහුට හිමිවූ බවත් මම අසා තිබේ . ආගම විශ්වාසය කුමක් වුවත් , අපිත් එක අතකට ඉබාගාතේ යන යුදෙව්වෝම නොවේදැයි විටෙක සිතේ .

7 comments:

  1. නිවන් දකින්නට පින් මදි වෙන්නැති... එකයි තවමත් සංසාරේ...

    සුභ නත්තලක් වේවා! පැතුම තවත් එක ඉබාගාතේ යන යුදෙව්වෙක් ගෙන්.. :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් , සුභ පැතුම්

      Delete
  2. එක එකාගේ බයිලා අහන්නේ නැතිව ස්වාධින චින්තනයක් හැම එකාටම තියෙනවා නම් ළෝකය මීට වඩා ලස්සන වෙයි.. මිනිසා පරිනාමාය උනාට.. බුද්ධිය පරිණාමය වෙලා නෑ තවම..

    ReplyDelete
    Replies

    1. මිනිසා ඉතා අගනා දේ නිර්මාණය කරනවා වගේම , ඒ නිර්මාණ වලට වහල් වෙනවා , දුර කථනය ගත්තත් , රූපවාහිනිය ගත්තත් , ආගම ගත්තත් , දෙවියන් ගත්තත් මෙය පොදුයි .

      මේවා මොකක් වුවත් , මට ඔබට සුභ පතන්න කිසිම බාධාවක් නැති නිසා ඔබට පතමි ජය

      Delete
  3. නත්තලට ගැලපලා නියමෙට ලියලා....... අපි හැමෝම ඉබාගාතේ යන උන් තමා........

    ReplyDelete
  4. හ්ම්.. හැම කෙනාටම හැම දේම අවශ්‍ය නෑනෙව.. ඒ හින්ද ප්‍රනික්ෂේප කරන්න ඇති.
    සුභ නත්තලක් වේවා

    ReplyDelete
  5. හ්ම්.. හැම කෙනාටම හැම දේම අවශ්‍ය නෑනෙව.. ඒ හින්ද ප්‍රනික්ෂේප කරන්න ඇති.
    සුභ නත්තලක් වේවා

    ReplyDelete

Have commented