28 December 2015

එළ ද බ්‍රා ලෝ සහ ලංකට් ලෝ

ඔන්න ආයෙත් සමාන්තර විශ්වයේ කතාවක් . ලංකාවේ එහෙම කියලා වරදවා තේරුම් ගන්නවා එහෙම නෙමෙයි .

ආර්යාව සදා දුන් කළු කෝපි  කෝප්පය ඉවර කරන්නවත් ලැබුනේ නැත, ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයින්ට ද සත්තමක් දමා ගෙන කෑගසාගෙන එන අයෙකු දුටු අයිසේ මහත්තයා කැළඹීමට පත්විය .

"අයිසේ මම බැලුවා කව්ද කියලා මේ ලෝකේ පෙරලගෙන එන්නේ ...තව පොඩ්ඩෙන් කෝපි  කෝප්පෙත් හැලෙනවා "

 "සර් සර් මෙහෙ කෝපි බීබී ඉන්නවා අන්න අරහේ , ජනාධිපති තුමා ..."

"ඇයි මොකෝ ?"

" අර එන්රිකේ .."

"ඇයි මිනිහටත් එංගලන්තේ මහකොමසාරිස්කම ගන්න කියලද ?"

" නෑ  නෑ සර් ...ඊයේ කොහෙද ඉස්කෝලෙකට ගිහින් , අපේ හාන්දුරුවනේ කියලා පටන් අරන් , කියලා මීට පස්සේ සෝ වලට බ්‍රෙෂියර් ඇඳන් ගිහින් ගලවන එකියන්ට මඩු වලිගෙන් තලන්න නීතියක් ගේනවා කියලා ..."

"හාමුදුරුවන්ටද කියලා තියෙන්නේ ...?"

"ඔව් සර් .."

"අයිශේ මේ මිනිහත් එක්ක බෑනේ....   කතාවක් කලොත් ඉවරයි ..මට වඩා අන්තයි නේ ...දැන් එතකොට කෙල්ලෝ යටට අඳින්නේ නැතිව එයි ඕයි සංගීතයක් බලන්න , බ්‍රෙෂියර් අතේ අරන් ....කොහොමද ඕයි  මෙහෙම මේ ආර්ථිකේ පළල් කරන්නේ....  " 

"ඔව් සර්  දැන් ඔය එලද බ්‍රා ලෝ එක අනුව ගලවලා විසි කරන එක විතරයි  වැරදි කියලා තියෙන්නේ  ...ඒක  නෙමෙයි සර් අපි මේකට මොනවා හරි කරන්න ඕනේ .. නිකන් ඉන්න බෑ "

"ඒකත්  ඇත්ත අයිසේ .. දැන් අර බජට් එකත් ආයෙත් වෙනස් කළා ..අර හයිබ්‍රිඩ් බද්දත් නැති කළා..දෙන්න ඕනේ තමා රිටන් එකක්  "

" සර් අපි ගේමුද දෝසාබියෝගයක් "

"පිස්සුද ඕයි  ..එහෙම නෙමෙයි ..මමත් ප්‍රකාශයක් කරන්නම් .."

" ඒ කතාවට විරුද්ධත්වය පාලා ?"

" නෑ  අයිසේ ... මමත් යෝජනා කරනවා නීතියක් .. කොල්ලන්ට ලන්කට් ඇඳන් වැව් , ගඟේ , පොකුණේ නාන්න බැරි වෙන්න ... ලංකට්  ඇඳන් නාන්න තහනම් .

එතකොට සර් , කොල්ලොත් අර කෙල්ලෝ වගේම එයිද ?

හෙහ් හෙහ් හෙහ් , තමුසෙටත් යමක් කමක් තේරෙනවා නේද ? ...නව ලිබරල් නේ .. අනික අපි පොරොන්දුත් උනානේ අයිශේ යටි තල පහසුකම් වර්ධනය කරනවා කියලා 

අනේ සර් මට නම් ඔය නව ලිබරල් කුණුහරුප එච්චර තේරෙන්නේ නෑ ... ඒක  නෙමෙයි සර් එතකොට ඔය ලංකට් ලෝ එකෙන් ගොයියන්ට අමුඩ ඇඳන් පාරේ යන එකත් තහනම් වෙනවද ?

ඔය ඔය තමුසෙටත් තේරෙන්නේ 


පලි : මෙය මා පළ කරන විට , පට්ට ගැසූ මාතෘකාවක් වී තිබෙන්නට හැකිය . නමුත් හුදී ජන ආස්වාදය සඳහා පළ කළ යුතුයයි  සිතුවෙමි 

17 comments:

  1. යහපාලනයද පට්ට ආතල්ය... ගංජා මුදල් දී මිළ දී ගත යුතු නැත...

    ReplyDelete
    Replies
    1. ටෙනිලට බන්දුලාට තමා පාඩුව

      Delete
  2. තව මොනවා වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් ....

      Delete
  3. ඒහෙනං ඒකටයි මේ ඒන්න හදන්නෙ.

    ReplyDelete
  4. හැමදාම උදේට දෙය්යනේ කියල හිනා වෙලා නැගිටින්න පුලුවං යහපාලනයක් අපේ රටේ තියෙන්නෙ බොලං කොළුවො
    හහ් හහ් හා

    ReplyDelete
  5. සර් කොහොමත් කැමතියි කොල්ලෝ ලංකට් නැතුව ඉන්නවට.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. නව ලිබරල් නේ

      Delete
  6. කොරයි මෙහෙම ගියොත්..............

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර්ට වැඩේ බාර දීලා අපි නිදා ගත්තොත් නම් හමාරයි

      Delete
  7. http://s12.postimg.org/xi7sybnul/Mara.jpg

    ReplyDelete
  8. ඇන්ටි බ්‍රා නීතියෙන්
    ට්‍රයම්ෆ් ඇඩ් තහනම්ද?
    ට්‍රයම්ෆ් ෂෝරූම්වල ඇඳන් ඉන්න ඒවා මාරු කරන්නත් බැරිවෙයිද?

    මඩුවලිගෙන් S & M කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ඔන්න යටට අඳින එක සම්පුර්ණයෙන්ම තහනම් කරලා දානවා

      Delete

Have commented