31 December 2015

ජෝජ් සෝරස් සහ අනෙක් හොරු හෙවත් කෙහෙල් කැන ගහේ ඉදවා කෑම

"කෙහෙල් කැනක් ගහේ ඉදිලා කනවා වගේ නෑ අප්පා ."

"ඒ   වුනාට කොහොමද හරියටම ඉදිලා කියලා දැනගන්නේ ?"

"ඒකට ක්‍රමයක් තියෙනවා "

"ඈ ?"

"ඔව් , කෙහෙල් කැන හරියටම ඉදිච්ච පොයින්ට් එක , ගහෙන් බාන්න ඕනේ පොයින්ට් එක හරියටම දන්නේ ...කෙහෙල් හොරු තමා ."

"ඒ කිව්වේ හොරෙක් ගෙන් අහලා දැන ගන්නවා "

"එහෙම ඇහුවට හොරු කියනවා යෑ "

"ඒකනේ "

කැන කෙහෙල් ගහේ තියලා බලන් ඉන්නවා . හරි දවසට හොරා කපා ගෙන යයි 

ඊට පස්සේ ?

ඊට පස්සේ ඉතින් ළඟ කඩේකින් කෙහෙල් ඇවරියක් අරන් ඇවිත් කන්න තමා වෙන්නේ 


පලි :
පුවතක් : ජනවාරියේ ලංකාවේ ආයෝජන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා , ජෝජ්                   සොරස් .


මිතුරෙකුගේ ප්‍රශ්නයක් : අපේ රටේ ඔච්චර ගන්න වටිනා දෙයක් තියෙනවා නම් ඔය විදේශීය කුමන්ත්‍රණ කරුවෝ
මෙච්චර කාලයක් බලා උන්නේ මොකටද ? 

පපලි : ජෝජ් සොරෝස් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න . මගේ දැනුමේ හැටියට නම් ඔහු ඇමෙරිකාවේ ආර්ථික කුලී හේවායෙක් (එහෙම අය සිටින බව තරයේ විශ්වාස කරමි ) . හැබැයි ඉතින් අපේ වගේ නිෂ්පාදන වියදම අතින් , යටිතළ  පහසුකම් අතින් , මුල්‍ය අංශයේ දියුණුව අතින් , රාජ්‍ය අනුග්‍රහය අතින් , අඩුම ගන්නේ මිනිස්සු වැඩකරන්න ඇති කැමත්ත ඇතිරටක් හැටියට වත්,  තරඟ කාරිත්වය අඩු  රටවලට , ඔය දොර ඇරලා අත වනලා කතා කරපු ගමන් මුලින්ම එන්නේ නම් හොරු, කළු සල්ලි කාරයෝ , ත්‍රස්තවාදියෝ තමයි  . ඒවායින් යම් දුරකට ප්‍රවේසම් වෙලා , කෙටි කාලීනව ඒ සල්ලි පාවිච්චි කරලා , පස්සේ හෙමින් සැරේ දොර වහන්නයි වෙන්නේ . එහෙම නැත්නම් ලොකු චන්ඩියෙකුට හේත්තු වෙන්න වෙනවා . හැබැයි වැදගත් වෙන්නේ අනාගතේ සල්ලි ආකර වෙන  සම්පත් වලට ලංවෙන්න ඉඩ නොතියන එකයි ( සමහර විට ජලය එහෙමත් නැත්නම් වාතය !!, ).

කෙහෙල් කැනක් වගේ නෙමෙයි , කාලය කියන්නේ . ආයේ නැතිවුනොත් නැතිවුනාම තමයි . ඉතින් ඔන්න 2015ත් ඉවර වෙන අද දවසේ එහෙම පස්සට දාපු සියලු බලාපොරොත්තු ඉටුකරගන්න හැකි වෙන 2016ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 

17 comments:

  1. කෙසෙල් හොරු නම් කරෙන් වත් අඳුන ගන්නැහැකියි.
    ඒත් මෙවුන් නම් එච්චර ලේසියෙන් අඳුනගන්න බෑ ගොයියො.

    ReplyDelete
    Replies
    1. Kesel or puhul hora?
      Api danne puhul hore.

      Delete
    2. හොඳින් බැලුවොත් මුන්ගෙත් කරේ අලු ඇත

      Delete
  2. Thanks for trying to waking up many of us with such a creativity pinch point. U hitted the best topics around the year. Hope to read many more in coming year n have a superb 2016...
    Love n hugs

    ReplyDelete
    Replies
    1. Glad you enjoyed. I tried to get to why I started pinchpoints. To write for myself. No plan of stopping, so stay tuned.

      Delete
  3. /අනාගතේ සල්ලි ආකර වෙන සම්පත් වලට ලංවෙන්න ඉඩ නොතියන එකයි ( සමහර විට ජලය එහෙමත් නැත්නම් වාතය !!, )./

    ඔයි ජල සම්පත් කතන්දරය නම් මරිමෝඩ කතාවක්, මෙච්චර වැස්ස තියන, ලෝකේ දියණුම වාරි පද්ධතියක් තියන රටක මැදවච්චියෙන් ඔබ්බට වතුර යවාගන්න බෑ, පුංචි පෑවිල්ලක් ආ ගමන් වතුර නෑ. කාර්යක්ෂම ජල කළමණාකරන ක්‍ර‍මයක් ගැන වචනයක් කතාකරන්න බෑ, වාරිමාර්ග ඉංජිනේරුවොයි, ජෙප්පොයි (ජීවිතේට කුඹුරක් අස්සද්දගන්න බැරි ගොයි නායකයෝ), ගොයියෝ අවුස්සලා ඩෙගානටනවා, වතුර කොම්පැනි වලට විකුණන්න යනවා කියලා. ඒ කතාව පැත්තකින් තියමු, පිටරටට වතුර හෝ වාතය විකුණලා විදේශ විනිමය උපයන්න පුළුවනිනම් ඒකේ ඇති අවුල මොකක්ද? ඒක අවුල් නම් අපට තෙල් ලැබුනොත් ඒවා විකුණන එකත් අවුල් නේද?

    ReplyDelete
    Replies
    1. ඔබට මා ලියු දෙය හරි හැටි තේරිලා නෑ වගේ. සම්පත් අලෙවිකළ යුතුයි , එය අවිවාධාත්මකයි . නමුත් එය ගොඩ පිටින් ලාබේට දීම , අපිට දැනට වැඩක් නැති නිසා ඔන්න ඔහේ ගන්න කියා කීම ( රතු ඉන්දියානුවන් භූමියට කළා සේ ), එක පාරට (අනාගත ප්‍රවණතා නිසා ඇතිවන අලුත් ආර්ථික වටිනාකම් ගැන නොසිතා ) අනාගතයේ ඒවායේ වටිනාකම ගැන නොසිතා ශීග්‍රයෙන් විකිනීමට යාම , පුළුවන් තරම් කාලයක් ඒවායෙන් ආදායම් ගැනීම ගැන නොසැලකීම යනාදී මෙකි නොකී කරුණු ගැනත් සැලකිය යුතුයි කියා කියන්නයි මම උත්සාහ කලේ . අනෙක් අතට ඉන් වන අනෙක් බලපෑම් (පරිසර , සමාජීය හා අනෙක් ) ගැනත් සැලකිය යුතුයි

      මගේ විස්වාසය අපි හිතලුවක් යයි සිතන අනාගතය අපි හිතනවාට වඩා ළඟ බවයි . මේ දෙසැම්බරයේ බෝතල් කළ කැනඩියානු පිරිසිදු වාතය බෙයිජිං වල අලෙවිය පටන් ගත බව මම පුවත් තුලින් දුටුවා .

      Delete
    2. විකුණන එකේ නෙමෙයි මනුස්සයෝ වැරැද්ද තියෙන්නේ, අපේ උන් විකුණන්නේ අර රත්තරන් බිත්තර ගන්න කිකිළිව මරපු ක්‍රමේට...
      එක පාර කීයක් හරි අරගෙන, ගන්න එකා එක්ක හරි හමන් ගිවිසුම් මුකුත් නැතුව විකුණන එකයි අපේ එව්වන්ගේ තියෙන ගැටලුව...

      Delete
    3. නැතුව, නැතුව, ස්වාභාවික සම්පත් කළමණාකරනයක් ඇතුව රටේ යහපතට යොදවන්න ඕන. පොස්ට් එකේ සෝරස් / කෙසෙල් කතාවට මම එකඟයි, ඇණය ටැපලවුනේ අවසානෙට ඇති ජලය/වාතය කතාවට විතරයි. මගේ පොයින්ට් එක, මිනිස්සු ඔය මාතෘකාවට එන්ටර් වෙන්නේම ජලය / වාතය අප සතු සම්පතක්ය ඒවා කාබාසීනියා කිරීම අපේ පරම අයිතිවාසිකමය, කළමණාකරණය කියන්න බිසිනොස් එකක්ය,ස්වාබාවික සම්පත් මිළ කිරීම වැරදිය කියන්නනේ.

      ගහේ ඉඳුණු කෙසෙල් සුවඳ වුනාට මෙලෝ රහක් නෑ, රහ තියෙන්නේ ගානට පැහිච්ච කෙසෙල් කැන කපලා කළුවරේ ඉදෙව්වාමයි.

      Delete
  4. සමහර වෙලාවට හොරු හොයාගෙන කෙහෙල්කැන් වැට පනින්නේ ඉදෙන්න තියා පැහෙන්නත් කලින්.

    සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. හාහාහා ඒකත් හැබෑව

      Delete
  5. ඒ හොරුත් හොරුද මෙයා අපේ කම්බා හොරුත් එක්ක...

    ReplyDelete
    Replies
    1. මම ඔබවම උපුටා දක්වනවා
      "අපි හරි වෙනස් ජාතියක් " :)

      Delete
  6. මම නම් කැමතියි එක්කෝ ලොකු චන්දියෙකුටවත් හේත්තු වෙනවනම්..ඊශ්‍රයලය කරා වගේ..

    පැටලිලි අඩු සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ...
      හැබැයි එකම ප්‍රශ්නේ හිට්ලර් ගියාම චැප්ලින්ටත් ඇඩ්රස් නැති වෙනවා

      Delete
  7. ඇන් ඇම් පෙරේරා මහතා පෙන්වා දුන් ක්‍රමය තරම් සාර්ථක ක්‍රමයක් මෙතෙක් දැක නැත. ඒ ක්‍රමයට යන්නට අපිට වාසනාව ලැබේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ඔහු ජාතිවාදයට පක්ෂව අගමැති වීම ප්‍රතික්ෂේප කල බවත්
      අයවැය පරතරය ඉතා අඩු අගයකට ගෙන ආ බවත් දනිමි
      ඔහුගේ ක්‍රමය කීවේ දේශීය නිෂ්පාදනය මතම පදනම් වූවක්ද?

      Delete

Have commented