22 January 2016

පොඩිහිටියා ගේ ප්‍රශ්නය හෙවත් are you smarter than a ....


මාගේ මිතුරාගේ පුත්‍රයා , පොඩිහිටි උන්නැහේව මතක ද ?

අද මට ඊ මේල් එකක් ලැබිණි . ඔහු විශාල ප්‍රශ්නයකට මුහුණ පා ඇත .

***

දයාබර මාමේ 

මා මේ ඊ මේල් එක එවන්නේ මට මේ ගැන උපදෙසක් ගන්නට වෙන කෙනෙක් නැති නිසාය . මම මේ ප්‍රශ්නය අපේ අම්මාට කිව්වෙමි . අම්මා කීවේ මට පිස්සු කියාය. ඔය පත්තර කියවා කියවා ඉන්නේ නැතිව වැදගත් වැඩක් කරන්න යයි ඇය  මට කීවාය . පත්තරේ තියෙන්නේ වැදගත් දේවල් නෙවේ දැයි මා ඇසු  විට , ඈ  කීවේ ගිහින් කාටුන් බලන්න කියාය . ඒ වුනාට තාත්තා සමග දෙසාබාන දේසේබාන දේසපාලම් වේසපාලන දේසපාලන සාකච්චා බලන්න ගත්තාට පස්සේ මට දැන් කාටුන් වල විහිලු වලට හිනා යන්නේම නැත්තෙමි . අපේ අම්මාට ඕවා තේරෙන්නෙම නැත්තාය.

මාමේ , ගිය සතියේ පත්තරේ දැක්කේ , අර ධම්මාලෝක සාදු ව FCUK එකට වඩම්මා තියෙන සේක  කියලා ය . අපේ අල්ලපු ගෙදර අයියාත් ඒ ලෙවෙල් පේල් උනාට පස්සේ දැන් වැඩ කරන්නේ FCUK වගේය . ඒ අකුරු හතර පපුවේ ගහපු ටී ෂර්ට් එකක ඇඳ  ගෙන ඔහු උදේට බස් හෝල්ට් එකේ ඉන්නවාය . මම FCUK  එක ගැන අම්මා ගෙන් ඇහුවාම ඇය කීවේ ඔය F අකුරෙන් පටන් ගන්න ඔක්කොම අකුරු හතරේ වචන කුණුහරුප කියාය . ඒ අපේ අම්මාගේ දැනුමේ තරමය.  අකුරු දෙකේ , අකුරු හයේ කුණුහරුපද මම දන්නෙමි .

ධම්මාලෝක සාදුව වඩම්මන්න හදලා තියෙන්නේ  කවුද නොසන්ඩාලයෙක් පෙරහැරට  ගෙනාපු අලියෙක් , පන්සලේ දාලා ගිය නිසාය. මේ ගැන හිතලාම සාදුට  අසනීපයක්ද  අනුමෝදන් වූ සේක . බික්කු සන්ගස්සලා ඒමය .

මාමේ,  අපේ ගෙදර පූසී පැටව්  දැම්ම විට , අපේ තාත්තා උන්ව පෝර බෑග් එකක දාගෙන ගිහින් බෙලන්විල පන්සල ගාව දාලා ආවේය . පූස් පැටව්  හතර දෙනෙක් දාන්න පොහොර මල්ලක් ඕනේ නම් , අලි පැටියෙක් දාගෙන යන්න කොච්චර ලොකු මල්ලක් ඕනෙද ?

මේ අනං මනං ලියන්න ගිහින් මට ප්‍රශ්නයත් ලියන්න අමතක වෙන්නෙමි . මාමේ ඊයේ රෑ අපේ වත්තට බලු පැටියෙක් ගෙනත් දාලාය . ඌ එලෙව්වත් යන්නේ නැත . අපේ තාත්තා නම් කීවේ ඌ ඒකාබද්ධ විපක්සේ කට්ටිය වගේ කියලාය . දැන් අපේ තාත්තාවත් FCUK එකට අරන් යයිදැයි මට මාර බය සිතෙමි .  තාත්තා ගිහියෙක් නිසා වඩමන්නේ  නැති වේවි. ගෙවන ඉස්පිරිතාලවලට යන්නට අපේ තාත්තාගේ ආර්තික ශක්තියක් නැත. තාත්තා නම් කියන්නේ නවලෝකේ නෙමෙයි , ජයරත්න එකටවත් යන්න ආර්ථික ශක්තියක් නැත කියාය.  අනෙක FCUK  ඉස්සරහ ගේට්ටුව ගාවෙන් , අනෙක් අයට  වගේ , ගිහින් බහින්න , ලොකු ජීප් එකක් වත් අපේ තාත්තාට නැත . එයාගේ මොටෝ සයිකලෙන් එතනට ගියාම එතැන් ඉන්න හැමෝම එයාට හිනාවෙනු ඇත . එහෙම හිනා උනාම කෙනෙකුට මාර ලැජ්ජාවක් සිතේ . දවසක් මගේ කලිසමේ සිප් එක . එහෙම වෙනවායි මම පොතක කියෙව්වෙමි .

අනේ මාමේ ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක්, මාමා දෙන්න එපාය  . මාමාගේ  විසඳුම් වල තරම අපි දන්නෙමු . මාමගේ පේස් බුක් , බ්ලොග් යාළුවන් ගෙන් අසා ඉක්මනින්ම ලියා එවන්න . අපේ තාත්තා හැම විටම කියන්නේ පේස් බුක් එකේ පඬියෝ වගේ බුද්දිමත් කට්ටියක් ලොවෙත් නෑ , ගම්පහත් නෑ , බෙන්තර ඇල්පිටියෙත් නෑ කියාය . ඒ කට්ටියට ආණ්ඩු මාරු කරන්න සහ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් නම් මේ  ප්‍රශ්නය විසඳන්නත් නියතවම පුළුවන්ය .

***
ඔබේ  වටිනා යෝජනා කඩිනමින් මා වෙත යොමු කරන්න 

12 comments:

  1. ඔය පොඩිහිටි උන්නැහේට කියපං ඊලඟ පාර බලු පැටව් ගෙනත් දැම්මම යහපාලන කට්ටිය වගේ කියන්න කියල තාත්තට කියන්න කියල. එතකොට වැඩේ ශේප්. අල්ලන් යන්නේ එක පැත්තකට බනින අය විතරයි. බොරුනම් බලපන් ඔය දෙපැත්තටම දෙහිකපන අපේ මාතලන් අර සරත් විජේසූරිය වගේ කට්ටිය ඉන්නෙ කිසි ප්‍රශ්ණයක් නැතුව. හැක්.

    ReplyDelete
    Replies
    1. පැත්තකට නොව සිද්ධියක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීමේ නම් වරදක් මට නොපෙනේ , පැත්ත කුමක් වුවත්

      Delete
  2. පුතා ඔව්වා ගනන්ගන්න එපාය. බික්කු සන්ගස් තියා බීක්කු සන්නස්ගලලාත් ආගිය අතක් නැත. එෆ්ක් යූ අයි සී ඩී ඊ එකට ගෙන්වන්නේ හොඳ මහත්තුරු විතරය. අර ආචාර්ය මැරවින් වගේ බෝදිසත්තයෝ දැන් බාව නාවන, හුටා බාවනානුයෝගීව ඉන්නේ, අභයදානය ලැබී තිබෙන නිසාය. හරක් මස් පිටරටින් ගෙන්වන්න පටන්ගත්තාම, හුඟක් දෙනෙකුට නිකම්ම අභය දානය ලැබෙනවාය.

    ReplyDelete
  3. පුතා කලබල වෙන්ට ඕනා නැතිය. බලු පැටවුන් මෙන් ලැම්බෝගිනි දාලා ගියත් අවුලක් කොර ගන්න එපාය.

    උසාවි දාලා ඇතුලට ගියත් බය වෙන්න එපාය. එහෙත් බන්දනාගාරේ රෝහල තියෙනවාය.

    අපේ තාත්තා කිව්වේ ළඟදීම නීතීපති වෙනස් කරනවා කියාය. එතකොට අනිත් පතිලා මක්කා හරි කොරන්න ඉඩ තියෙනවාය. එතකන් කලබල නොවි තව අවුරුදු පහක් විතර ඉවසලා ඉන්නය. එතකොට ඔය බල්ලා මක්කා හරි කොරාවිය.

    ReplyDelete
    Replies
    1. කොල්ලාගේ හිතට සැනසීමක් ලැබේවි .

      Delete
  4. මේක අපේ රාජ්ජය යකෝ !

    මේවා දකිනකොට අපේ හෙලූ ලේ කකියනවා පරයෝ !

    ReplyDelete
    Replies
    1. පරයා යනු පර රටක ඉපදුනු හෝ රටෙන් පහ කළ යන අර්ථයෙන් බැවින් අදාළ නොවේ .

      ඔය සිංහලේ යනු , රටේ අනන්‍යතාවය මිස , ජාතිය නොවේ යයි මම අදහමි . එය ශ්‍රී ලංකාව නම් භෞමික සංකල්පයට ඔබ්බෙන් වූ සංකල්පයකි . එය විහිළුවක්, පැරඩි වලට නිමිත්තක් කර නොගත යුතුය. එසේ නැතිව නැතිව රුධිරය පිලිබඳ කියමනක් නම් , අහන්න වෙන්නේ අර අසැබි පැනයම යි .

      ඔය කකියන එකටනම් , හොඳ වෙදෙක් හමුවී බෙහෙතක් ගැනීම යහපති

      Delete
  5. මූ නම් කොලු තාත්තෙක් ය...

    ReplyDelete
    Replies
    1. පොඩි හිටි උන්නැහේ

      Delete
  6. පුතා තාත්තාට කියන්න බය නැතිව FCUK එකට එන්න කිව්වොත් ගිහින් එන්න කියලා. ඕකට ගිය කෙනෙකුට මෙතෙක් අගුණයක් වෙලා නැතිය. පුතා ආස නද්ද ටී වී එකෙන් තාත්තා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කොල්ලට ලැජ්ජයි වගේ
      ඔය FCUK යන කට්ටියත් එක මට්ටමක අයනේ .

      කොහොමද තාත්තා අර මගුලක ට අඳින කෝට් බෑයත් දා ගෙන , ගිහින් සයිකලෙන් බහින කොට

      Delete

Have commented