05 January 2016

අහන්ඩ කෝ වයිෆ් ගෙන්

අලුත් අවුරුද්ද ලබලා උණුහුම ගියෙත් නැත , වැඩ තොගයක් මා මේසය මතට පතිත වී ඇත . කාර්යාලයේ ප්‍රශ්න, ගලවා දැමු කලිසම මෙන් මදකට පසෙකින් තැබූ මා සරමට බැස්සේ , අතට ගත්  තේ කෝප්පය නිවී සැනහිල්ලේ රස විඳීමටය .

කුස්සිය පැත්තෙන් , තනියම කතා කරන හඬක් ඇසෙන්නේ , මා බිරිඳ ගේය . මෙවැනි බොහෝ අවස්ථා වල , මා කරන්නේ ඇහුනා නෑහුනා  ගානට සිටීමය . වැඩිදුර විමසීම් කිරීමට ගියොත් වැඩේ දුර දිග යන බව බව මා දන්නේ අත්දැකීමෙනි . .වැඩේ අවසන් වන්නේ වරද පිළිගැනීමට සිදුවීමෙනි . ඇතැම් විට වරද නොදැනම සමාව අයැදීමට සිදු වීමෙනි .මෙසේ සිටීම , ඉඳ හිට වැඩේ අහු නොවීමට හූ මිටි තැබීම , වසර ගණනක යුග දිවිය තුළ  මා මනාව ප්‍රගුණ කර ඇත .

"අපේ මිනිස්සුන්ට තමා අගයක් නැත්තේ " එක වරම පවනේ පාවී ආ වදනක් මා සවනේ හිරවිනි .

මා කුස්සිය දෙසට ගියේ , වරද කුමක්දැයි නොදත්තත් වැඩේ ගොඩින් බේරා ගැනීමටය .

"ඇයි මොකද දැන් වෙලා තියෙන්නේ "  මම සුපුරුදු බබා පාට්  එකෙන්ම සංවාදය ඇරඹි මි .

"නෑ  ඉතින් අපිට තමා කිසි සැලකිල්ලක් නැත්තේ , ඔයාලා තමා අපි කියන දේ තඹ දොයිත්තකට සලකන්නේ නැත්තේ " උඛ්ත බහුවචනයෙන් වීමෙන් මෙය , සිල්ලර කේස් එකක් නොවන බව වටහා ගතිමි 

"ඇයි  ඇයි "

"ඇයි  තමා . .. දැක්කේ නැද්ද අර ලස්සන ක්‍රීම් සූට්  එකක් ඇඳ ගත්ත මහත්තයා , තමන්ගේ මහන්සියෙන් සතෙන් සතේ එකතු කරලා හදා ගත්ත මිලියන අටසීයේ දුප්පත් ගේ පොඩ්ඩ , හිත උණුවෙලා  ගෙයක් නැති මනුස්සයෙකුට දෙන්න ගිය හැටි , මෙතේ  බුදුන් දැක නිවන් දකින පින්කමක් වගේ පෙනිච්ච මේ වැඩේ ...ගෙදර වයිෆ් එපා කිව්ව නිසා  නොකරපු හැටි ... අර දූසන වංචා එක ඉස්සරහ හිටගෙන රිපෝටර්ලට කිව්වේ..."

ආ ඒකද  මේ 

"ඒකජ ?  අන්න සුවච දයාබර හස්බන්ඩ් ලා ...ඒකට  ඔයා ... දැන් ඒ වයිෆ් කිව්ව එක අහලා ඒ මිනිහට වරදක් වුනාද ? නෑනේ ? මාරකයකින් නේ බේරුනේ .."

හ්ම් 

ඉගෙන ගන්න 

හ්ම් 

පිරිමි , තමුන්ගේ නෝනලා කියන දේ අහනවා නම් කොච්චර වැරදි වලකා ගන්න පුලුවන්ද 

එහෙමද ?

එහෙමජ ? නැත්තන් ... දැන් බලන්න අපේ ජනාධිපතිතුමාත් ...ඔය පිම්ම පනින්න ඉස්සෙල්ලා වයිෆ්ගෙන් ඇහුවානේ 

ඇයි සිදුහත් කුමාරයා 

මොකක්ද 

නෑ . බුදු හාමුදුරුවොත් කියලා තියෙනවානේ ගෙදර බුදුන් කියලා වයිෆ් 

අනේ මේ ..අනිත් එක අර කතාවක් වටේ ගියේ , අර කාවද හිරේ දාන්න ගියාම , කවුද ඇවිත් කිව්වා කියලා මගේ ආර්යාවගෙන් විසුමක් වෙන්නේ නෑ , කරුණාකරලා අනුකම්පා කරලා මේක කොරන්න එපා කියලා .

බලාගෙන ගියාම ඔක්කොම GTB 

අනේ මේ 

එහෙම නෙමෙයි ඇත්තටම රටේ තීරණ ගන්න ඒවාට වැඩියෙන් කාන්තා පාර්ශවය සහභාගී කර ගන්න ඕනේ 

ඔව් එතකොට වැරදීම් අඩුයි 

ඔව් ඔව් අර කියමනකුත් තියෙන්නේ සෑම  සාර්ථක මිනිහෙක් පිටුපසම , ගෑනියෙක්  ඉන්නවා කියලා උගේ වැරදි පෙන්න පෙන්න ..

විකාර...

නෑ  නෑ  විහිලුවට කිව්වේ ..ඇත්තටම ඔය පාර්ලිමේන්තුවේ වැදගත් තීරණ ගන්න දවස් වලට මැති ඇමතින්ට ගෙදර ඉන්න කියලා , වයිෆ්ලට එන්න කියන්න ඕනේ . අනික ඔය සර්ව ජන චන්ද බලෙත් අහෝසි කරලා රටේ නායකයෝ තෝරන  එකත් ගෑනුන්ට විතරක්ම දෙන්න ඕනේ .

ආ ඇත්තට ...? ඒ සැරේ වැඩට යන එකයි, ළමයි බැලිල්ලයි , ඉවිල්ලයි , අරකයි මේකයි උඩට තවත් වැඩ ගොඩ ගහන්නද හදන්නේ ... රටේ ගොඩක් පිරිමි කරන්නේ ඔය දේශපාලනේ කියවන එකයි , අහන එකයි , ඒ ගැන කරදර වෙන එකයි , ජන්දේ දාන එකයි විතරයි ..ඒකත් ගෑනුන්ට පවරන්නද හදන්නේ ?

හැ හ් ???!!

18 comments:

  1. සිරන්ති නෝනගෙන් අහල කියන්නම්

    ReplyDelete
    Replies
    1. අර කිව්වා වගේ හැමෝම gtb

      Delete
  2. ඒ ඇස් පී කාරයගේ, කොයි ගෑණිද දන්නෙ නෑ.. නාකි නිලියෝ පේන්න බෑ...

    ReplyDelete
    Replies
    1. නලු පිස්සුවක් තියෙන බව නම් පේනවා දැක්කේ නැද්ද ජෝතිපාල ගම්උදාවට දාපූ සපත්තු දෙක

      Delete
  3. //පිරිමි , තමුන්ගේ නෝනලා කියන දේ අහනවා නම් කොච්චර වැරදි වලකා ගන්න පුලුවන්ද// කොරලා තියෙයි............

    ReplyDelete
    Replies
    1. ඔබ අවිවාහකද 😀

      Delete
  4. ආ ඇත්තට ...? ඒ සැරේ වැඩට යන එකයි, ළමයි බැලිල්ලයි , ඉවිල්ලයි , අරකයි මේකයි උඩට තවත් වැඩ ගොඩ ගහන්නද හදන්නේ ... රටේ ගොඩක් පිරිමි කරන්නේ ඔය දේශපාලනේ කියවන එකයි , අහන එකයි , ඒ ගැන කරදර වෙන එකයි , ජන්දේ දාන එකයි විතරයි ..ඒකත් ගෑනුන්ට පවරන්නද හදන්නේ ?
    ////

    හරිම ලොල් සහගතයි අප්පා...
    ගෑණු ගෑණු ඔක්කම විතරක් චන්ද බලේ තිබ්බොත් මහින්ද ලොක්කව පන්නන්න මේ කපේ බැරි වෙනව හිටං

    ReplyDelete
  5. තව දුරටත් කතාව ඇදිල ගියානං ගුටිත් කන්ඩ වෙනව

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් එකට එන්න පෙර බේරා ගන්නා ක්‍රමද මේ කාලය තුල ඉගෙන ඇත

      Delete
  6. //ඉඳ හිට වැඩේ අහු නොවීමට හූ මිටි තැබීම වසර ගණනක යුග දිවිය තුළ මා මනාව ප්‍රගුණ කර ඇත.// මේ වැඩේ කරන තව අය ඉන්නවා එහෙනං. මාවනම් දැන් බ්ලැක් ලිස්ට් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්
      මමත් බ්ලැක්ලිස්ටඩ්

      Delete
  7. හොද වෙලාවට කතාව ඔතනින් ඉවර උනේ. හෙහ්..

    ReplyDelete
    Replies
    1. නැත්නම් සෝෆා එකේ

      Delete
  8. බිරිඳ සමග කතාබහේදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය..

    පළමුවෙනි අදියර - නොදන්නා බව පෙන්වීම සහ දැන ගැනීමට කැමැත්ත පෙන්වීම. මෙයින් ඇයට කීමට ඇති දේ කියා ගැනීමට ඉඩක් ලැබෙයි.

    දෙවෙනි අදියර - සෞම්‍ය ලෙස විරුද්ධ වීම. මෙයින් ඇගේ හිතේ ඇති කෝපය, අසහනය පිට කරගැනීමට අවස්ථාවක් ලැබෙයි. විරුද්ධවීම නවැත්විය යුත්තේ කොයි වෙලාවේද කියා මනා අවබෝධයක් තිබිය යුතුය.

    තෙවෙනි අදියර - එකඟවීම. අත්‍යාවශ්‍ය නැත. ඇයට අවශ්‍ය දේ ලැබී හමාරය. ඔබේ එකඟවීම ඇයට අවශ්‍ය නැත. අවශ්‍යම බව හැඟේ නම් පමණක් වචනයක් දෙකක් සෑහේ. නියමිත මාත්‍රාව ඉක්මවූවිට ඔබ කරන්නේ තවත් මාතෘකාවක් ඇයට තනා දීම පමණි. නැවත ෆුල් සර්කල් යෑමට සිදුවේ. මේ කතාවම එයට උදාහරණ වේ.

    ReplyDelete
    Replies
    1. ඔබද ඒ විශය හදාරා ඇති බව පෙනේ

      Delete
  9. ක්‍රීම් පාට ඇඳපු මහත්තයා ඊළඟ පාරනම් ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් ගොඩම තමයි . අපේ කාන්තා ප්‍රතිශතය 54% ලු.දෙවැනි පාර ගණින්න ඕනි වෙන්නෙත් නෑනේ

    ReplyDelete
    Replies
    1. එක පාරක් ඉල්ලුවද කොහෙද .... මිනිහා දාන්න ඕනේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරුද්ධව

      Delete

Have commented