17 January 2016

ඔවා දෙනු පරහට ... (හැම විටම වලංගුද )

අම්මලා කියත් 
පුතාලට 
තවමත් 
බලාගෙන මයේ පුතේ 
ගෑණුන්  ගෙන් 
.......ප්‍රවේසමෙන් 


මා ළඟක ඉඳන් ආසාවෙන් අහන වැඩසටහනක් "මතක පද ". 
සති කීපයකට පෙර, එහි මතක පද තේරුවේ දීප්ති කුමාර ගුණරත්න. ඔහුගේ දේශපාලන මතය , භාවිතාව කුමක් වුවත් , හිතන්න හිත කොනිත්තනවා ඔහු කියන ඇතැම් දේ . ඔහු කියනවා , මේ ගෝලීය කරණය වෙච්ච , ස්ත්‍රී දුෂණ අපමණ සිදුවෙන , අපේ සමාජයේ තවමත් පුතාලට අම්මලා කියනවා කියලා  "ගෑණුන්ගෙන් පරිස්සම් වෙන්න " කියලා .

ඒ විතරක් නෙමෙයි , සාමාන්‍ය ජීවිතේ , සාමාන්‍ය පිරිමි ජීවිතයක් ගත කරපු තාත්තා කෙනෙකුත් , දියණියකට කියන්නේ පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියලා .

ඒකට හේතුව සමහර විට , මව,  පියා කියන්නේ සමාජ සංස්ථාවක් නිසා වෙන්න ඇති . පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගිය එම සංස්ථාවට අදාළ වගකීම් ඉටුකිරීමට යාම නිසා වෙන්න ඇති . 

හරි වැරැද්ද නෙමෙයි , මෙහි සමාජ විද්‍යාත්මක පදනම, ඔබ සිතන අයුරින් කුමක්ද ?

14 comments:

  1. මම නම් පුතාගෙන් හැම වෙලේම අහන්නෙ තවම කෙල්ලෙක් සෙට් උනේ නැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. දුවෙක් නැද්ද?

      Delete
    2. ඇනෝ#1 , ඔය කිව්වට ...
      තිස්ස අත්තනායක අංකල් ට නම් දුවෙක් ඉන්නවා ඇනෝ#2 .

      Delete
  2. පෞද්ගලිකත්වයට වඩා මම හිතන්නේ තමන් වැඩිපුරම දන්න දේ ඇසුරින් අවවාද කිරීමක් මේක. කාන්තාවන්ගේ විවිධ ස්වභාවයන් පිළිබඳව වැඩියෙන්ම දැනගන්න ලැබෙන්නේ කාන්තාවකටමයි. ඒ වගේම තර්ක කරන්න පුළුවන්, සමාන ලිංගිකයන් ගේ ආශ්‍රය (ලිංගික ඇසුර නොවේ) වඩා නිදහස්, අවංක එකකැයි කියලා. මේ හේතුවෙන් හොඳ කෙනෙක් යැයි පිළිගැනීම ඇති පුද්ගලයන්ගේ අඩුපාඩු වැරදි දකින්නට බොහෝ විට ඉඩ ලැබෙන්නේ සමාන ලිංගිකයෙකුට. ඒ හේතුවෙන් ඔවුන්ට හිතෙනවා පිරිමි හෝ ගැහැණු ගැන වඩා හොඳින් දන්නේ තමන් කියලා.

    ReplyDelete
    Replies
    1. අයෙකුට වැරදි අඩුවෙන්ම තියෙන කෙනෙක් ලෙස පෙනෙන්නේ තමන්ගේ මවයයි මම සිතමි (පියා නොවේ ). එබැවින් මෙය යථාර්තය කෙරෙහි ඇඟිල්ල දික් කිරීමක් වීමටද පුළුවන

      Delete
  3. මම නම් එහෙම කියන්නේ නෑ... මම නම් කියන්නේ එකෙක්වත් විශ්වාස කොරන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. විශ්වාසය .... තවත් පෝස්ට් එකකට මාතෘකාවක්ද මන්දා

      Delete
  4. ඕක සංස්කෘතික දායාදයක්. JP කියවලා තියෙනවදCarl Muller ගේ යකඩ යකා? අන්න ඒකෙත් තියෙනවා සිංහල අම්මලා පුතාලා බර්ගර් කෙල්ලො එක්ක සෙට් වෙනවට තියෙන බය විස්තර කරලා. එතනත් තියෙන්නේ ඔය හා සමාන සිදුවීමක්. එතකොට මේක සිංහල සංස්කෘතියට විතරක් අදාල දෙයක් නෙවෙයි ඇතැම් විට. JP කියවලා තියෙනවද James Hadley Chase? ඒ පොත් වල ඉන්නේ බොහෝවිට පිරිමින් අතිශයින්ම ප්‍රවේසම් වියයුතු වර්ගයේ විස්වාස කරන්න බැරි චපල ගෑණු.

    එතකොට පුතා ගැන බයෙන් ඉන්න අම්මත් ගෑණියක් නේද? ඇයි එතකොට තමාගෙම වර්ගය ගැන මේ සැකය? කාරණාව ඇත්ත වද්ද?

    ReplyDelete
    Replies
    1. යකඩ යකා කියවා ඇත . ස්තුතියි එය මතක් කලාට .කලින් ලියු ලෙස, අයෙකුට බොහෝ විට වැරදි අඩුවෙන්ම තියෙන කෙනෙක් ලෙස පෙනෙන්නේ තමන්ගේ මවයයි මම සිතමි (පියා නොවේ ). එබැවින් මෙය යථාර්තය කෙරෙහි ඇඟිල්ල දික් කිරීමක් වීමටද පුළුවන් යයිද සිතේ.
      බයි ද වේ , ඩුඩ්ට මක් වුනාදැයි සිතමින් හුනිමි

      Delete
  5. ඔය අම්මලම තමයි පුතා බැඳලා ආවහම ලේලිට වද දෙන්නෙත්. තමාත් ගැහැනියක් වෙලත්. ආසියානු (ඉන්දියන්, පකිස්ථාන, බංග්ලාදේශ් ) ගැහැණුන්ගේ මේක හුඟක්ම දරුණුයි.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ කියන ආකාරයේ සිදුවීම්ද ඇත . නමුත් කසාද බැඳ ආවිට ඇය රැහේ අයෙක් බැවින් වෙනස් ආකාරයකට බැලීමක්ද සිදුවේ යයි සිතේ . මම හිතන්නේ මෙය රෑහ සහ පිටස්තරයන් පිළිබඳ ප්‍රශ්නයක්ද විය හැකි යයි කියාය

      Delete
  6. මේක දකින්න ඇතිය කියා හිතනවා.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2512-2016-01-20-23-26-05

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete




    2. ස්තුතියි . අර ඉස්සර ඕනයාගේද කොහෙද බ්ලොග් එකේ තිබුනා වගේ " ඔබේ බැකප් එක මගේ පික් අප් එක "

      Delete

Have commented