31 January 2016

රීරී යකා සහ ගුරුන්නාන්සේ




"යකෝ "....ගුරුන්නාසේ කෑ  ගහනවා 

"යකෝ මේ අහගන් "

යකා නවතිනවා . 

"මොනවා හරි දියන්  යකෝ "

යකා ඇඳි කඩ ඔසවා , පස්චාත් පෙදෙසෙන් යමක් අරන් ගුරුන්නාසේට දිගු කරනවා . 

" චිහ් මේ මොනවද , විසික්කා හං ,  ආයේ වටයක් දෙකක් දඩයමේ ගිහින් එමු "

බෙර පදේ ආයේමත් වැයෙන්න ගන්නවා . ගුරුනාන්සෙයි , යකයි   වටේට සක්මන් කරනවා . විටෙක ගුරුන්නාන්සේ යකා පිටු පස්සෙන් පන්නවා , විටෙක යකා ගුරුන්නාන්සේ පස්සෙන් පන්නනවා . බෙර කාරයා විටෙන් විටේ , තාලේ වේගවත් , මන්දගාමී කරනවා . ගුරුන්නාන්සේ හිටපු ගමන් දුම්මල පාරක් ගහලා මහා ෂෝ එකක් දානවා .ආයේ නවතිනවා 

"යකෝ ... තොගේ අත්වල ලේ නේද ? "  ගුරුන්නාන්සේ අහනවා  .. 

"නෑ  මේ "  යකා අත් දෙක පෙන්නවා 

"ඒ වුනාට තොගේ බඩේ , ගෙරි මස් "

යකා ආයේත් රෙද්ද උස්සලා , අතුනුබහන් ඇදලා පෙන්වන සෙයකි 

"චිහ් .. කෝ යකෝ තොගේ සදාචාරේ ?

යකා තුෂ්නිම්භූත වෙනවා , "ගුරුන්නාන්සේ ගේ අත්  දෙක බලමු " , යකා යෝජනා කරනවා ...

"එන්න එපා පණ්ඩිත කතා කියන්න , මෙතන අහිංසක මිනිස්සු බය කර ගෙන , තග දාගෙන" ..ගුරුන්නාන්සේ තග දානවා .

ඔය අතරතුරේ , කොනක පැදුරු කඩමල්ලක , ආතුරයා ඉඳ ගෙන ඉන්නවා . ආතුරයාට වෙන විකල්පයක් නෑ . ඔහුට , මේක නවත්තන්න කියන්න , නැගිටලා යන්න තියා දෑස පියා ගන්නවත් ඉඩක් නෑ . මේ ඔක්කොම කෙරෙන්නේ ආතුරයා වෙනුවෙන්ම නේ (අනේද කියන්නේ )

නැටුම ඉවර වෙලා , අන්තිමට හූවක්  කියාගෙනම ඊරි යකා , අඳුරු හෙවනැලි අතරට ගිහින් වෙස්මුහුණ ගලවනවා . ගුරුන්නාන්සේ ආතුරයාගේ ඔලුව අතගාලා " ඔන්න ඔක්කොම නිවාරණයි " කියලා කියනවා . ආතුරයාටනම් එහෙම කියන්න තරම් වෙනසක් නොදැනුනත් , නළුවෙක් නෙමෙයි මොළයක් නිසා , එහෙම වෙන්න ඇති කියලා ඔහුත් හිතනවා .

ආතුරයාගේ පවුලේ කෙනෙක් , ගුරුන්නාන්සේගේ ගැන පියවනවා . මොණර  කඩදාසි ටික ගණන් කරලා  අරගෙන , ගුරුන්නාන්සේ , වෙස්මුහුණ ගලවලා ඉන්න ඊරියකාට නටපු එකාටයි , බෙර කාරයාටයි ගාණ  පියවලා , යන්න යනවා  උදේ පහේ බස් එක අල්ලන්න .

ඉර එළිය  තීරු තීරු ලා මිදුම ඉරා ගෙන වැටෙන යාමේ, තුම්මන් හන්දියක පෙරේත තට්ටුවක් , කපුටෝ පෙරළන් කනවා.

15 comments:

  1. හි හී හිනාවුණා. නමුත් ගුරුන්නාන්සේ ඔය තොවිලේ overnight කරන එකත් appreciate කරන්න ඕනේ නේද (so as the 'riri yaka' and drummer). ආතුරයා නම් අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ terminal නේ.

    ReplyDelete
    Replies
    1. නටපු තොවි ලෙකුත් නෑ බෙ රේ පලුවකුත් නෑ කියා කියමනක් ති යෙනවා නේද

      Delete
  2. ගොඩක් ආතුරයොන්ගෙ ලෙඩේ මොකා ගෙනාවත් සනීප වෙන්නේ නැහැ. මොකද මහා බ්‍රහ්මයා අවුරුදු නමයක් ජප කරපු මන්තරේට මොලේ කරවෙලා පශ්චාත් භාගයෙන් එළියට ඇවිත් දැන් පැදුරේ. ඒ මන්තර කොච්චර බලගතු දකුණේ කට්ටඩියෙකුද කියනවානම් භූතයෝ විතරක් නෙමෙයි ආතුරයොත් හිටියේ බුද්ධිය වගහෙන අනික් නව දොරම ඇරගෙන.

    පරල වෙලා හිටපු නැති වුන් කට්ටඩියා එලෙව්වත් මිනිහා භූතයා වගේ යන්නෙම නැහැ. තව දොල පිදේණි ඉල්ල ඉල්ල කෙළ හලනවා. මොන ගුරුන්නාන්සේ ආවත් ආතුරයා ඉන්නේ අර කට්ටඩියා දිහා බලාගෙන. එක්කෝ ආතුරයා ඇතුලේ ඉන්න භූතයාට ඒකාලේ තිබ්බ ගුරුකම් වලින් ලැබිච්ච දොල පිදේණි නිසා ආතුරයයි භූතයයි එකෙක් වෙලා. එහෙම නැත්නම් ලෝකේ හිටපු/ ඉන්න හොර කට්ටඩියෝ ඔක්කොම මතුරන 'දේශප්‍රේමී' මන්තරෙන් ආතුරයා වහලෙක් වෙලා.

    මේ ගුරුන්නාන්සේ හොඳ නැතෝ ! හිටපු ලෝක කට්ටයා සොරි සොරි, කට්ටඩියා ආයිමත් දියෝ !

    ReplyDelete
    Replies
    1. he he. The ex-kattadiya and the gang are counting their time now.

      Delete
    2. එක පාරටම මට හේතුඵල වාදය මතක් උනා
      මේ ඔක් කොටම හේතූව ආතුරයා ඔ හේ ඉඳ ගෙන ඊමද කියලත් හි තෙනවා

      Delete
  3. ඔය තමයි අපේ දේශීය සංස්කෘතික උරුමය . ඒ සම්ප්‍රදාය රැකගෙන පවත්වාගෙන යන්ටත් එපැයි

    ReplyDelete
  4. කොඩිවිනේ හරියට කැපිලා නෑ.... ආතුරයත් එහෙමමයි. ගෙවලයකාත් එහෙමමයි. හැම එකාම එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. ආතූරයා ගේ ලෙ ඩේ එ හෙමයි
      අතිනුත් ගානක් කයිට් වෙලා විතරයි

      Delete
  5. සෝචනීයයි
    වෙන මක්කා දොඩන්නද

    ReplyDelete
    Replies
    1. නිවාරණයි කිව්වලු

      Delete
  6. ජේපී. වෙන මොකක් හරි අවුලක් වෙන්ටෝනේ.. එක්කෝ ජීවං කරලා ගලවන්න බැරි වෙන්න. .හැක්

    ReplyDelete
    Replies
    1. රීරී යකා පන්නන්න ශාන්තිකාර්ම කලාට වැහිලා ඉන්නේ මහසෝනා

      Delete
  7. කාලෙකින් මේ වගේ කතාවක් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න (කියා කඩේ දොරේ ගසා තිබුනා ) :)

      Delete

Have commented