24 January 2016

සල්ලයිට් , ඔරෙන්ජන් බාර්ලි හා සිංහලේ// Lessons in Rebranding

අසූව දශකයේ අග හෝ අනූව දශකයේ මැද භාගයේ, අලුත් තාලේ දැන්වීමක් ප්‍රචාරය විය.  එවකට කිසිවෙක් වැඩි අවධානයක් යොමු නොකළ සල්ලයිට් කෑල්ල , අලුත්ම එළියකින් එළි බසින ලදී . රෙද්දේ හැට්ටේ ඇඳි , නාඹර ගැමි ලියන් (ඒ වෙනකොටත් ෆැන්ටසියක්ම පමණි) , පෑදී දිය ගලන දොළක රෙදි සේදුහ . නම සල්ලයිට් වුවද , අයිතිය යුනි ලීවර් සමාගමට වුවද , ගම , අපේ කම , දවටනයකින් ඔතා , ගැමි සුවඳ කවා සල්ලයිට් දොරට වැඩි කළ විට ඒ බව අමතක විය .



සල්ලයිට් එතැන් පටන් අපේ දෙයක් විය .  රී බ්‍රෑන්ඩින් එවන් ය .

හැත්තෑ හතේ ධර්මිෂ්ට සමාජේත් එක්ක , ආර්ථිකයේ ගේට්ටු විවෘත විය . ටික කලක් යත්ම,  දශක ගණනාවක් පරක්කු වී වුවද , බටහිර ජනප්‍රිය සංස්කෘතික වෙළඳ භාණ්ඩ කොලොම් තොටින් ගොඩ බැස්සෝය . කොකා කොලා එවැන්නකි . ඔරෙන්ජන් බාර්ලි , ලංකා ලයිම් , ක්‍රීම් සෝඩා වලින් සන්තර්පණය වුනු තරුණ සමාජය , පොෂ් සහ වෙන්ඩ පොෂ් සමාජය මේ අලුත් රසය වැළඳ ගත්හ .

නැවතත් අසූව අනූව දසකයේ,  රී බ්‍රෑන්ඩින් ව්‍යාපාරයක් විය . 

හන්දියේ කඩේ තට්ටුවේ ( අයිස් පෙට්ටියට වත් වද්දා ගැනීමට තරම් නොවූ ) දුවිලි ගැහුණු ඔරෙන්ජන් බාර්ලිය නව අනන්‍යතාවයක් සමග දොරට වැඩියා ය . පැකේජින් එක නොස්ටෙල්ජියාව විය . කොකා කොලා බිව් ගමෙන් නගරයට ආ තරුණ පරපුරට නොස්ටෙල්ජියා රස  කැවීමට ඒ දැන්වීම් සමත් විය . 




රසය පමණක් නොව , ඒ සන්නාමය චිත්ත සන්තාපය තුළ , නැවුම් වටිනාකමක් ඇති කිරීමට තරම් සමත් නො වුනිදැයි මට විටෙක සිතේ 

සිංහලේ එවැනි බ්‍රෑන්ඩ් එකක්ය . 

සුද්දන් රට පාලනය කලේ ජාතීන්  අනුව බෙදාය . එය කෙතරම් දුරට සුක්ෂමව කළේදැයි ටැමිල් යුනියන් , මුවර්ස් , සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් වැනි ක්‍රීඩා සංගම් ඇති කිරීම මගින් ඔප්පුවේ . ආගම් අනුව පාසැල් පිහිටුවීම, බර්ගර් යනුවෙන් ජාතියක් ඇති කිරීම  මේ කරුණට තවත් නිදසුන් යයි සිතමි . 
ඇත්තටම අපේ රටට බොහෝ දේ ලැබුනේ කාලයට පෙරය . ප්‍රජාතන්ත්‍රවාදය වේවා, සමාජවාදය වේවා , ජාතික සමගිය වේවා , එක්සත් රටක් වේවා , ලැබුනේ පාවිච්චි කිරීමට නොදන්නා , ඒවා හැන්ඩ්ල් කිරීමට ශක්‍යතාවයක් නොමැති සමාජයකට ය . (නමුත් මේවා නිසා මහා විනාසයක් නොවුනේ සමාජයේ අරටුව තුළ වූ  පරම්පාරික පුරුද්දෙන් වූ මුදු බව, ඉවසා දරා ගැනීමේ ශක්තිය  නිසා යයි මම උදක්ම විශ්වාස කරමි) . හතලිස් අටේ සුද්දෝ නිදහස දෙන්නට හැදුවේ එක රටකට නොව රටවල් දෙක තුනකටය . නමුත් කවුරුන් කොහොම කිව්වත් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමෙන් එය වැලකිනි  (වැලකුනා නොව කල් ගියා යයි ඔබ කීවොත් මම එයටද විරුද්ධ නොවෙමි ) . නමුත් උඩින් වැටුණු ඒ එක්සත් රට අල්ලා ගැනීමට  අපි සුදානම් වී නොසිටියෙමු .

නමුත් එක දෙයක් නම් නිවැරදිය, එදා එසවූ කොඩියේ රාමුවෙන් එළියේ හීනී පාට තීරු දෙකක් නම් නොවිය . සියල්ලම එකම රාමුවක් තුලය. ඒ කහ පාට රාමුව බෞද්ධාගම යයි අර්ථකථනය නොවී, ලාංකික සංස්කෘතිය වුවා නම් ...  

"ශ්‍රීලංකා "  නමැති බ්‍රෑන්ඩ් එක , අපි බොහෝ වරක් රී බ්‍රෑන්ඩ් කර ඇත්තෙමු . මේ බ්‍රෑන්ඩ් එකෙන් ස්පින් ඕෆ්  (Spin off brands ) බිහිවෙන තරමට , (එනම් ලයිම් සල්ලයිට් , ලෙමන් සල්ලයිට්  මෙන් විවිධ ප්‍රභේද බිහිවෙන තරමට)  ඈතට එය අප තල්ලු කර ගෙන ගොස් ඇත . එවන් කළෙක අපිට අලුතින් හිතන්න අලුත් බ්‍රෑන්ඩ් එකක් අවැසිය . එය බෙදීමට නොව එකතු වීමට විය හැක . නමුත් ශීඝ්‍රයෙන් cosmopolitant (මෙයට ගැලපෙන සිංහල වදන නොදනිමි )  සමාජයක් කරා හැම රටක්ම පාහේ ගමන් කරන කලෙක,  යල් පැනපු ජාතිකත්වයේ ආකෘති නම් නොගැලපෙනු ඇත . එමෙන්ම අද දවසේ අති සාර්ථක යයි පෙනෙන සිංගප්පුරු සුභ සිහිනයේ  ආකෘති වලින්ද ඔබ්බට ගිය හෙටට ගැලපෙන එකක්ම විය යුතුය .

පණුවන් හලා , මැක්කන් වඳ කර, කෑමට පුරුදු කර ( ආර්ථික , සමාජීය අවස්ථාවන් පරිභෝජනය කර, වැඩීමට ) ගත්තොත් , සිංහලේ බ්‍රෑන්ඩ් එක නිසැකවම ඒ සඳහා පාවිච්චි කළ හැක . එය නිවැරදිව පාවිච්චි නොකලොත් නම් මෙවරද අතීතයේ බොහෝ උත්සාහයන් මෙන්ම වෙනු ඇත ,

10 comments:

  1. බල්ලන් බිරුවාට, ගැල ඉදිරියට යා යුතුය...

    ReplyDelete
    Replies
    1. ගැල අදින්නේ හරක් නේද

      Delete
  2. Thanks for the sunlight add.

    ReplyDelete
  3. දැනට පේන විදිහට නම් ඒක නිවැරදිව නෙමෙයි පාවිච්චි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ප්‍රශ්ණය නේද

      Delete
  4. නුවර යනගමන් මාවනැල්ලේ රතිඤ්ඤා පත්තුකර අනතුරු අඟවා, වීර ගොන්කම් පෙන්වා, දළදා මාලිගාව අබියස අවිනීතව හැසිරී, නියම වෘෂභ ගතිලක්ෂණ පෙන්නුම් කලෝය.

    ReplyDelete
    Replies
    1. එහෙමතමයි අපි. එක සතෙක් මදි.
      සඳකඩපහනේ සිංහයයි හරකයි දෙන්නම ඉන්නවනෙ.
      අඩේ,අලියයි හංසයත් ඉන්නවනෙ?

      Delete
    2. සඳකඩ පහනක කැටයම් ඔපලා ..... දේශපාලනේ

      Delete
    3. සමහර වර්ෂන් වල නෙලුම් මලකුත් තියෙනවා නේද

      Delete

Have commented