13 February 2016

තවත් එක් වැලන්ටයින් දින කතාවක්


"හම්මේ  උඹ ආවද ?... හැපී වැලන්ටයින් කිව්වා "  රවී  කියවමින් සිටි පත්තරය හැකුලුවේය .

"වැලන්ටයින් තමා මොකෝ බං , උඹ මේ ඉරිදාවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නැතිව දිගට හරහට කෝල් දුන්නේ. මිස් කෝල් එකොළහක්"  . මලිත් චීන දුරකථනයේ තිරය , ඇමෙරිකානු කොඩිය සේ වූ කොට කලිසම් කකුලක පිසදැම්මේය ය ,

එහෙම නෙමේ  . අර පඬියෙකුත් කියලා තියෙන්නේ  අර්ලි බර්ඩ්ස් ලා ගැන කතාවක් 

මොකක්ද බං ඒ කතාව , උන් තෙමි නහී කියලද ?

නෑ යකෝ , ඒ අත්තෙන් අත්තට පනින උන් නේ . ...අද තමයි දවස  . ගානක් කපා ගන්න තියෙන . හැබැයි උදෙන්ම එන්න ඕනේ 

ඒක නෙමේ . උඹ වීල් එක පාක් එකේ ගහ ගන්නේ නැතිව මෙතන ගහපු එක හොඳයි . 

ඔව් ඔව් , ඒකනේ මම උඹට කිව්වේ ... මෙතන නිකන් හැංගිලා වගේ තියෙනකොට කපල්ස් එනවා . ... මේ දැක්කද .... සයිඩ් එකේ ඉස්ටිකර් ටික ... දිගටම හාට් පේළියයි 

ඔව් ඔව් වීල් එකට නගිනවා දැක්කොත් හොඳ නෑ නේ . ලජ්ජාවට බයට හැදිච්ච ... ඔන්න කියනකොටම එනවා ..

කෝ?

අර අර බස් එකෙන් බැස්සේ ...අයියෝ හතලිහ පැනපු නාකි ජෝඩුවක්ද කොහෙද ...

හරි හරි උන්ටත් වැලන්ටයින් තියෙනවා බං ...පොඩ්ඩක් හිටහන්  මම මේ සිංදුව මාරු කර ගන්නකන් ... ඔක්කොම කොල්ල අඬන සින්දු ගහලා පෙන් එකක් ගහ ගත්තා ...දුක වැඩි හන්දා , බලා ඉන්නම් ඔක්කොම ..රොමැන්ටික් නේ 

රවී අයියා උඹ මේ වැඩේ හොඳට හිතලා ප්ලෑන් කරලා තියෙනවා වගේ .

එහෙම නැතිව බෑනේ . අර රූම් චමින්දයා , අලුතෙන්ම සුදු ටවල් වගයක් අරගෙන හාට් මාක් මහගෙන ගියා . ඌ මේ සතියේ කාමර දෙකක් බුක් කලොත් තුන්වෙනි එක ප්‍රී දෙනවලු ..කට්ටියට කියන්න කිව්වා 

ඈ එහෙමද ?

අනික මේ ....(ත්‍රී රෝද රථයේ කැන්වස් එකත් රාමුවත් අතර හිර කර තිබු සිලි මල්ලක්  ගෙන , කට පළල කර පෙන්වීය  )
ඊයේ පාමසියේ සුමනයාගෙන් ඉල්ලගත්තා . විසිකරන්න තියෙන ලොට් එකක් කිව්වේ 

ඒ මටත් දීපන් කීපයක් ... මුන් චන්ඩි වගේ දක්කන් ආවට ...කඩේකට ගිහින් ගන්න ලැජ්ජයි ඇඹරෙනවා ... හයර් එකට ගාන කපලා මේක නිකන් දෙන්න ඕනේ 

අඩේ ...ගුඩ් අයිඩියාර් .. වැලන්ටයින් ඉස්පෙෂල් ..අම්මපා මලිතෝ මේ වැලා නම් මල් පහන් තියලා වඳින්න ඕන දෙයියෙක් බං ...දැන් උඹ මොකද කරන්නේ මේ දවසේ ?

හවස ප්‍රියංකා  එක්ක දියත උයනටවත් යනවා බං, මේකෙන් ගානක් සෙට් වුනොත් . කෙල්ල හරි ආසයි අයියේ බිත්තර ආප්ප කන්න 

"මල්ලි හයර් එකක් යන්න පුලුවන්ද ...?" 

(කතාවෙන් කතාවෙන් , යුවළ ලඟට ආ බවක් දෙදෙනාම නුදුටුන ) 

හරි යමු සර්. මේ මල්ලිගේ වීල් එකට නගින්න .. මල්ලී උඹ මුල්ම හයර් එක ගනින් 

ලොකු අයියා, ඒත් මේක උඹේ හයර් එකනේ ...

ඒ පණ්ඩිත කතා නැතිව උඹ ගනින් .. ඉක්මනට හයර් ටිකක් හොයන්, ගෙදර ගිහින් හොඳට නාලා පියන්කා බලන්න පලයන් .

ලොකු අයියේ එහෙනම්  අපි ගියා ....."

 හා හා බුදු සරණයි , මේක අමතක කරන්න එපා 

රවී සිලි බෑගය ගුලි කර, රියදුරු අසුන දෙසට  විසි කළේය . රථය ට්රාට්‍රාට්‍රා හඬ නගමින් ඉගිලුනේය ... 
"   ටින්  ටි ටින් ටින් ....බලා ඉන්නම් , කල්ප ගානක් උනත් මං  ....    "  හඬ පරදා 
" මම දන්න ඩීසන්ට් පොට් එකක් තියෙනවා සර්" යයි මලිත් කියනවා රවීට යාන්තමට ඇසුනි 

ත්‍රී රෝද රථය  කඩුවෙල දෙසට පියාඹන්නට විය .

රථයේ පිටුපස කවුළුවට යටින් ඇලවූ ස්ටිකරයේ " කුමටද කුසලට කම්මැලි වන්නේ " යයි හැඩ අකුරින් ලියා තිබුණි 

18 comments:

  1. ත්‍රී වීල් කාරයෝද මනුස්සයෝය...

    හැප්පි... හැප්පී වැලන්ටයින් මෙව්වා එකක් වෙව්වා...

    ReplyDelete
    Replies
    1. එ හෙනම්
      වැලා බුදු වේවා

      Delete
  2. සමරන්නේ සමරන්න ඕනේ දේ නෙවෙයි, අපි.
    හැමදේම එහෙමයි. මැයි දිනේ ගත්තත්, වෙසක් එක නත්තල ගත්තත්, නිදහස් දිනේ ගත්තත්, සමරන්නේ එකක්, ඇත්ත කාරණාව තව එකක්.. නැද්ද?

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් දවසකට කොටු කලාම අ නෙක් දවස් වලට අමතක වෙනවා කියලත් හි තෙනවා

      Delete
  3. කඩුවෙලමයි යන්නේ නේද ?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හැපනින්ම ප් ලෙස් එක කඩු වෙලය

      Delete
  4. හෙහ්. ඒකත් මාර කතාව
    චයිනීස් පෝන් ඇමරිකන් කොඩි කලිසං යුරෝපියන් වැලන්ටයින්
    බටි මේඩ් ඉං සී ලංකා හිහි.

    ඔය වගේ දවසට විතරද කෙල්ලො කොල්ලො රෑම් ගානෙ යන්නෙ
    නෑ නෑ පිංවත්නි
    කුරුණෑගල පැත්තෙ ගම්පහ පැත්තෙ අනිත් පැති වලත් එහෙමයි ටියුසං දවස් වලට රූම් පුල්
    ඉතිං පුල් මාවලස් අයියෝ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වැලන්ටයින් ඩිස්කවුන්ට් නෑ නේ වෙන දවස් වලට

      Delete
  5. කුමටද කුසලට කම්මැලි වන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්න ඔබට හීන් සැරය අහු උනා

      Delete
  6. අෆ්ෆා! එල එකක්!!

    ReplyDelete
  7. වැලන්ටයින් දවසේ සහලෝලා උණ ගත්තා.. කලින් දවසේ නිදිමරපු නිසා කෙළම වෙලා ගියා... ඉතිං වැලන්ටයින් කෙසේ වෙතත් අද ඉරිදා කියලා නිදාගත්තු එකයි කොළේ.

    ReplyDelete
    Replies
    1. අපිත් , රෙදි ටික හෝදා ගත්තා . හොඳට නා ගත්තා . රතු බත් , පොල් සම්බල් , පරිප්පු එකක්, ගොටුකොල සම්බල් එක්ක කාලා දවල් පොඩි ඇලට් එකක් දැම්මා

      Delete
  8. චයිනීස් එකෙන් රයිස් කාලා වීල් එකේ රූම් යන යුගයේ කතාවක්. සුපිරියැ.

    ReplyDelete
    Replies
    1. කාලය මැවූ වෙනසක අරුමේ

      Delete

Have commented