01 March 2016

හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා 2- පොදු ජනයා





මේ  ගජ මෑන් 
ඔහු පොදු ජනයෙක් 
ඔහු දුගීයෙකුත් නොවේ , පෝසතෙකුත් නොවේ 
ඔහු උසත් නැත , කොටත් නැත 
කළුත් නැත , සුදුත් නැත 
ඔහු ලොවෙත් නැත 
ලොවි ගහෙත් නැත 

ලෝකයේ මෙන්ම , අප රටේද බහුතරය,  පොදු  ජනයා යැයි කෙනෙක් සිටිතැයි අයෙක් සිතති . 80% ක් සිතන්නේ , මේ කියන්නේ තමා නොව අන් අය  කියාය . බහුතරය සිතන්නේ තමන්  සාමාන්‍යයෙන් අන් අයට වඩා හැඩයි කියාය . බහුතරය සිතන්නේ තමන් අන් අයට වඩා රසඥතාවය අතින් පොහොසත් කියාය . නමුත් වට පිට බැලුවිට , ලස්සනට වඩා , අවලස්සන වැඩිය . සුසර කළ  රසවින්දයට වඩා අමුවේ රසවින්දනය වැඩියෙන් විකිණේ .

මා සිතන්නේ සාමාන්‍ය ජනයා හෙවත් පොදු ජනයා යනු හිතළුවක් කියාය  .   ඔය කියන සාමාන්‍ය ජනයා  පොදු , අපිට නොපෙනේ . ඒ  ඔබද නොවේ , මම ද නොවේ . නමුත් ඇතැම් විට ඔබද වේ මමද වේ.

මීට එක හේතුවක් වන්නේ සියලු නිරීක්ෂකයාට සාපේක්ෂ වීමය . නිරීක්ෂක "මම " ය . නියැදියේ සාමාන්‍යයට නිරීක්ෂකයා ඇතුලත් කර ගැනීම වැරදිය .  මෙය හුදෙක්  තාර්කික කරුණක් නිසා මදකට පැත්තකින් තබමු .

අනෙක් අතට මිනිසෙක් යනු විවිධාකාර පැතිකඩ රාශියකි එකතුවකි . ඇදහුම් , පැවතුම් , ප්‍රාදේශීය ලක්ෂණ, ජීවත් වන පාරිසරික තත්ත්වය, ආර්ථික තත්වය , සමාජ පන්තිය , ශාරීරික ලක්ෂණ , ස්ත්‍රී පුරුෂ භාවය , ලිංගිකත්වය , සංස්කෘතික රුචි අරුචි කම් , මෙකි නොකී විවිධ මාන මේ සමීකරණයට එක්  විය යුතුය . එසේ බලන කල ඔබ හා මම වෙනස් ය . නියැදියකින් ගන්නා පළමු දහ දෙනා ඉන්පසු ගන්නා දස  දෙනාට වඩා  වෙනස් ය . පොදු ජනයා යනුවෙන් කියවෙන්නේ මුළු ජනගහනයේ කුඩාම පොදු ගුණාකාරය හෙවත් සියල්ලන්ටම පොදු ලක්ෂණයන්ය . ඇතැම් විට මේ පොදු කුලකය ඉතාම කුඩාය . නමුත් දේශපාලනය , සමාජ සුභ සාධනය සිට  පොදු ජන කලාව දක්වා සියල්ල කෙරෙන්නේ මේ පොදු කුලකය ඉලක්ක කර ගෙනය. මෙහි අන්තර්ගතය , කුලක සමුහයකට පොදු බව සැබැවි . නමුත් එය නිරූපනය කරන්නේ සෑම කුලකයම අවශ්‍යතා වලින් , ගති ලක්ෂණ වලින් ,  සංස්කෘතික අනන්‍යතාවයෙන් ඉතාම කුඩා පැතිකඩක් පමණි .

ඔය කියවෙන ඊනියා පොදු ජනයා ටිකක් මෝඩය . ඇතැම් රාජ්‍යයට සමාජයට අතිශය වැදගත් කරුණු , පොදු ජනයාට එක්කෝ නොවැටහේ , නැතිනම් හෝ ඒ නිසාම ඒවා ඔවුන්ට නොවැදගත් බවය . පළමුව රාජ්‍යය යනු ජනතාවම බව මතක් කර ගනිමු .    යම් කරුණක් ගෙන එය , සර්ව පොදු කුලකයේ පොඩි බඳුනට ඔබනට ගිය විට එය නොහැකිය . මට වෙදකම ගැන , රෝග ගැන දොස්තර කෙනෙකුට තරම් දැනුමක් නැත , නමුත් දොස්තර මහත්තයා නිවසක සදද්දී එහි ප්ලැන  ඇඳ ගන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියාය . ඔවුන් දෙදෙනාම , තමන්ගේ නිවසේ විදුලි පරිපථ  ඇද ගන්නේ , විදුලි කාර්මිකයෙක් හෙවත් ඉලෙට්‍රිස් බාස් කෙනෙකුට කියාය . මා කියන්නට හැදුවේ අපේ දැනුමේ දිග පළල විවිධාකාර බවය . ඉතින් විය යුත්තේ , එකිනෙක කුලකයට තේරෙන මට්ටමට බැස වැදගත් කරුණු තේරුම් කිරීමය . කිමද , යමෙකුගේ විෂය දැනුම , බුද්ධියේ තරම ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතියට බාධාවක් නොවිය යුතු බැවිනි .

මේ කුඩා පොදු ගුණාකාරය ඉලක්ක කොට ඔවුනගේ අවශ්‍යතා සැපයීම ද එක් අයුරකින් අසාර්ථකය . එය කිසිම කුලකයක් සෑහෙන්න සන්තෘප්ති නොකරයි. (නමුත් සියල්ලන්ම සිතන්නේ අනේකා තමාට වඩා සන්තෘප්ති වූ බවය) . ඕනෑම කුලකයක් තම නොපිරිහුණු අවශ්‍යතා ගැන කතා කළහොත් , රාජ්‍ය කරවන්නෝ කියන්නේ පොදු ජන අවශ්‍යතා විසඳන බවකි . නමුත් එය පොදු ජන අවැසිතා නොව , ජන පොදු අවැසිතා වන්නේය .

බොහෝවිට සෑම ප්‍රශ්නයකටම 80% බලපාන්නේ  20%ක හේතුන්ය  බොහෝ අවස්ථාවල ප්‍රමුඛ ගැටළු   20% විසඳීමෙන් , 80%ක සංතෘප්තියක් ලබා ගත හැක .  මට සිතෙන්නේ,  විය යුත්තේ ,සෑම කුලකයක්ම වෙන වෙනම ගෙන  ඒවායේ මේ 20% හඳුනාගැනීමය . (මම ගණිතය අවසන් වරට උගත්තේ උසස්පෙළ දී නිසා , මගේ ගණිතමය යෙදුම් භාවිතය දෝෂ සහිත විය හැක ) , මම මෙය මහා පොදු  ගුණාකාරය ලෙස හැඳින්වීමට කැමැත්තෙමි .

කුඩා පොදු ගුණාකරයේ සිට මහා පොදු සාධකය කරා යාම , චින්තන වෙනසකි . එහිදී බලපාන අභියෝග නුහුරුය නුපුරුදුය . ඒ සාමනාත්ම තාව බැලන්ස් කිරීම , තුන් කල් බලා ප්‍රමුඛතා හඳුනා ගැනීම , මිනිසෙක් හුදු (බස් කොන්දොස්තර වරුන් 5හේ කෑලි , 100හේ කෑලි යයි මගීන් සලකන පරිදි ) , ජාතියක කෑලි , ආර්ථික පන්තියක කෑලි , සමාජ පන්තියක කෑලි , සංස්කෘතියක කෑලි , ඇදහිල්ලක කෑලි , ගැහැණු පිරිමි මල් පලතුරු ආදී කෑලි ලෙස නොසලකා , සංකලනයක් ලෙස සැලකීම ආදී  මෙකී , නොකීය . එමගින් බහුවිධ අංශයන්ගෙන් සමගාමී සංවර්ධනයක් ඇතිවේ යයි මට සිතේ .

එය ඉතා වැදගත්ය . මන්ද යත් ආර්ථික සංවර්ධනයේ බිත්ති උඩට බඳිද්දී , එය කඩා නොවැටිමටනම් , සංස්කෘතික , චින්තන , සෞඛය ,ඵලදායීතාවයේ, විනයේ, ගතිපැවතුමේ සංවර්ධනයේ කම්බි , කොන්ක්‍රීට් පදමට ඇනු , කොලම්ස් සහ බීම්ස් වලින් නැවත බලාත්මක (re -enforce ) කළ  යුතුම බැවිනි.

පලි  :
මම ඇතැම් විට හිඳ මෙවැනි විකාර දේ ගැන දිගට කල්පනා කරමි . ඒ සඳහා උදව් වෙන,   (මද කැස්සක් )  ටොනික් ජාතියක්ද  වීදුරුවකට වක්කරගෙන , අයිස් කැට කිහිපයක් දමා ගෙන වඩියක් දෙකක් පාවිච්චි කරමි. අඩිය පෙනෙන විට ... සිතුවිලි කොනිති පාරවල් , නිමේශකයට පෑදී පෙනෙන ....
මෙය මළ  විකාරයක් යයි ඔබට සිතුනොත් ඊට මම විරුද්ධ නොවෙමි .  එනමුදු අපි , සම්මතයක් ලෙස ඇත්ත යයි පිළිගන්නා , හිතළු , සංකල්ප ( උදාහරණ දෙවියන් පිලිබඳ සංකල්පය ,ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරනත්වය​) කෙතරම් ඇද්ද ?

22 comments:

  1. ඔබ එළියට ගෙන ඇත්තේ කතා කරනවානම් කතා කර ඉවර කළ නොහැකි තරම් දේවල් ඇති මාතෘකාවකි.

    //ලෝකයේ මෙන්ම , අප රටේද බහුතරය, පොදු ජනයා යැයි කෙනෙක් සිටිතැයි අයෙක් සිතති .// මෙය ආර්ථික විද්‍යාව ඇතුළු බොහෝ සමාජ විද්‍යාවන් වලද ඓතිහාසිකව සිදු වූ, දැනට හඳුනාගෙන ඇති වරදකි. වරදක් කිවුවාට වරදක්මත් නොවේ. යම් විද්‍යාවක් දියුණු වීමේදී සරල තැනකින් පටන් ගත යුතුය. එය එසේ සිදුවී ඇත.

    //80% ක් සිතන්නේ , මේ කියන්නේ තමා නොව අන් අය කියාය . බහුතරය සිතන්නේ තමන් සාමාන්‍යයෙන් අන් අයට වඩා හැඩයි කියාය . බහුතරය සිතන්නේ තමන් අන් අයට වඩා රසඥතාවය අතින් පොහොසත් කියාය . නමුත් වට පිට බැලුවිට , ලස්සනට වඩා , අවලස්සන වැඩිය .// මෙය මා අඩු වශයෙන් වසර පහක්වත් හදාරා ඇති අනු ක්ෂේත්‍රයකි. මේ හා අදාළව පර්යේෂණද බොහෝ සිදු කෙරී ඇත. ලියන්න ගියොත් කෙළවරක් නොවන නිසා ලියන්නේ නැත. (අවශ්‍යනම් Social desirability bias කියා සර්ච් කර බලන්න.)

    //සුසර කළ රසවින්දයට වඩා අමුවේ රසවින්දනය වැඩියෙන් විකිණේ .// මෙය තරමක් වැඩිපුර සංකීර්ණ දෙයකි. පොඩ්ඩක් හිතල බලන්න මෙතැන තියන ප්‍රශ්නය සුසර කළ රසවින්දයට වඩා අමුවේ රසවින්දනය වැඩියෙන් විකිණෙන එකද නැත්නම් අමුවේ රසවින්දනයට වඩා සුසර කළ රසවින්දය හොඳ එකක් කියන සම්මතයද කියන එක. මේ සම්මතය හැදෙන්නේ කොහොමද? මේක ඔබ කියන කුඩා පොදු ගුණාකාරය නෙමෙයි නේද? එයනම් අමුවේ රසවින්දනය විය යුතුයි නේද? (මට හිතෙන්නේ ඔබේ කු.පො.ගු. සහ ම.පො.සා. මාරු විය යුතු බවයි. කු.පො.ගු. කියන්නේ දෙකෙන් ලොකු එක. මෙහි කු.පො.ගු. කියන්නේ ඔබ කියන අරුතින්.) ඇත්තටම අපි සපුරන්නේ මේ කු.පො.ගු. අවශ්‍යතාමත් නෙමෙයි. කු.පො.ගු. කියා අපි හිතාගෙන ඉන්න කණ්ඩායමක අවශ්‍යතා.

    කොහොමවුනත්, ඇතැම් සමාජ ඔබ කියන තැනට හිමින් පරිණාමය වන බව මට දැනේ. ඒ නිසා ඉදිරියේදී මෙය වෙනත් තැන් වලත් සිදුවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ඉ කො නෝ
      කු පොගු ම පොස මට පැටලිලා තමා
      මේ ක මෙන්ටුව දිරවන්නත් ටොනික් වඩියක් ඕ නේ ව ගේ
      හවසට ආ යෙත් කියවා වැඩිදුර ප්‍රශ්න අහන්නම්

      Delete
    2. ඉකෝන් , විද්‍යාවක් යනු කිම යන පැනයට , මා ගේ වත්මන් මතය , එය කළු හංසයෙක් එනකන් , පේලියට හිටවපු සුදු හංසයන් ගොඩක් පමණක් කියන එකයි . විද්‍යාත්මක ක්‍රමය ගැනද මට පොසිටිව් සහ නෙගටිව් අදහස් ඇත .. එය දිග හැර ගෙන ගිය කල දෙවියන් වහන්සේගෙන් නැවතීම මුලික නෙගටිව් අදහසයි ( the ultimate observer )

      Social desirability bias ගැන ඔත්තුවට ස්තුතියි . ඔබෙන් ඉල්ලීමක් කරන්නේ , ඔබේ සුපුරුදු සැහැල්ලු බසින් , අපිට තේරෙන විදියට , ඒ ගැනත් ලියන්න කියායි

      Delete
  2. අයිස් කැට කිහිපයක් දමා ගෙන වඩියක් දෙකක් පාවිච්චි කරාම තමයි ප්‍රඥාව පහල වෙන්නේ. විග්‍රහය තිතට කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රඥා ටොනික්

      Delete
  3. ටික්ක වැඩි වෙල වගේ... එහෙම උනාම මටත් ඔය වගේ ඒවා එනවා...

    ReplyDelete
    Replies
    1. මජ්ජ පමා ලෙවල් එක තමා ප්‍රඥාව ටියුන් වෙන් නේ
      එ හෙම කරලා මම ලෝ කේ කොච්චර ප්‍රශ්න විසඳලා ති යෙනවද
      වැඩි උනාම ජෝතිලා මිල්ටන්ලා කතා කරන්න ගන්නවා

      Delete
  4. /මම ඇතැම් විට හිඳ මෙවැනි විකාර දේ ගැන දිගට කල්පනා කරමි ./
    මට තියන ගැටළුවක් තමා ‘පොදු ජනයට‘ මේ වගේ විකාර සිතුවිලි පහල වෙන්නේ නැද්ද කියා.

    ‘විකාර සිතුවිලි‘ ගලපල තියෙනන හැටි අපූරුයි.

    ReplyDelete
  5. මමත් සමහර හැන්දෑවලදි සකේ වඩියක් ගහල හිටං ලංකාවෙ ප්‍රශ්න සේරම ටික විසඳල දානවා ජපානෙ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. ඇණ යෝ අනේ මන්දා
      ඇනෝ , මටත් විසඳන්න ප්‍රශනයක් දෙකක් ඉතුරු කරන්න

      Delete
  6. කැස්ස තියනවනම් අයිස් කැට නැතිව වුනත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ලට හඳ වැහිලා වගේ :)

      Delete
  7. Anna ea tonic tikak matath denna barida?

    ReplyDelete
  8. // කිමද , යමෙකුගේ විෂය දැනුම , බුද්ධියේ තරම ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතියට බාධාවක් නොවිය යුතු බැවිනි .

    මෙය ඇත්තටම ඇත්තද? මට සැකයිනේ. මම කියන්නේ සාමාන්‍ය භාවිතාවේදී යමෙකුගේ විෂය දැනුම තීරණ ගැනීමේ අයිතියට සෘජු බලපෑමක් කරනවා නේද? එක්කෝ එහෙම කරයි කියලා අපි මිත්‍යාවක ඉන්නවද?

    // බහුතරය සිතන්නේ තමන් සාමාන්‍යයෙන් අන් අයට වඩා හැඩයි කියාය . බහුතරය සිතන්නේ තමන් අන් අයට වඩා රසඥතාවය අතින් පොහොසත් කියාය . නමුත් වට පිට බැලුවිට , ලස්සනට වඩා , අවලස්සන වැඩිය . සුසර කළ රසවින්දයට වඩා අමුවේ රසවින්දනය වැඩියෙන් විකිණේ .

    මේ සිතලුව හින්දා තමයි විවේචන වඩාත් ප්‍රභල ලෙස භාවිතා වෙන්නේ. එය එන්නේ සමාජය එක්ව ගත්විට ලැබෙන ගණිතමය සංකල්පයක් යයි උපකල්පනය කලොත්, ඒ කියන්නේ එය අගයක් කියා හිතුවොත් ( අංකයකින් පෙන්විය හැකි 0-10 දක්වා කියා හිතුවොත් ) වෙනත් කලාපයක ( රටක් නොවේ) එය එක අගයකුත්,තවත් කලාපයක එය ඊට ඉඳුරාම වෙනස් අගයකුත් ගන්න ඉඩ තියෙනවා නේද? අනිත් කාරනාව, ලස්සනට වඩා අවලස්සන වැඩියි කියා සිතෙන්නේ එය 'තමන්ට වඩා වෙනස්' නිසා නෙවෙයිද? කලින් වාක්‍ය දෙකම නේද එහි ආරම්භය?

    සුසරකල රසවින්දනය කියන්නේ සැබෑවට ගත්තොත් විකෘතියක් නෙවෙයිද? එහෙනම් අමුවෙන් තියෙන එක එපැයි වටිනා එක වෙන්න? හැබැයි මෙනතදී මමත් හිරවෙලා වගේ දැනෙනවා...

    කෝ චුට්ටක් වීදුරුව ලංකරන්ට !

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ තීරණ ගැනීමේ ශක්තිය කියන්නේ වෙනම නිපුණතාවයක් කියලයි . තොරතුරු සොයාගෙන , ඒවා ප්‍රොසෙස් කර , තීරණය ගැනීම . .. හැම විශේෂඥ්යෙක්ම කරන්නේ එයයි .

      මේ හැඩකාර බව , වින්දනයේ පරාසය මෙහි දැක්වුයේ උදාහරණ ලෙස පමණි ... ඒ හැමවිටම හැම කෙනෙක්ම , average එකක් තිබේ යයි පිළිගන්නා අතරම තමා ඒ average එකෙන් පිට යයි ( බොහෝ විට ඉහළ ) යයි සිතන බව දැක්වීමටයි . ඔබ මේවා ගැන කියූ සාපේක්ෂතාවය පිලිබඳ පොයින්ට් එකට මම එකඟයි
      ඔන්න ලං කළා ( වීදුරු ගැටෙන හඬ )

      Delete
  9. මේ පෝස්ට් එකට සාදර අනුග්‍රහය DCSL ආයතනය :)

    ReplyDelete
  10. ගජමෑන් වරක් පෝසතෙකු ලෙස ඉන්න කතාවකුත් තියනවා. බීලා කාර් එකේ පිටිපස්ස සීට් එකට නැගලා සුක්කානම හොයනවා

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ගජ මෑන්

      Delete
  11. ඒකීය පුද්ගලයා හඳුනාගත නොහැකි වැඩවසම් කොමියුනිස්ට් හැදියාව තියෙන උන් තමයි ඔය පොදු මිනිහා වගේ සංකල්ප හදන්නේ ගනන්ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ පොදු ජනයා ඉලක්ක වුනු සංකල්පය පොදු ජනයට තේරෙන්නේ නෑ කියලද ?
      ඒකීය මිනිසාට වඩා දියුණු සංකල්පය , සමාජීය මිනිසාද ?

      Delete

Have commented