20 April 2016

කාච දෙකේ කැමරාව සහ මාර වෙනස



මම යූ  ටියුබ් පරම්පරාවට වඩා වයස්ගත වුවද , ඉඳ හිට නිරතුරු මා නරඹන චැනල කීපයක් ඇත . ඒවා මාගේ විනෝදාංශ හා සබැඳි ය . මේ චැනලය (mattday) ඉන් එකකි . මොහු වෘත්තියක් හැටියට කරන්නේ සොහොන් ගල් කෙටිමය , ඔහු ගේ විනෝදාංශය චායාරූප ශිල්පයයි . මේ දෙකම මතකයන් අල්ලා රඳවා ගැනීමේ , ඝනීභවනය කිරීමේ දෙවිදියක් . නමුත් චායාරූපකරණයට ඔහුගේ පිවිසීම ටිකක් අමුතුයි . ඔහුට එය විනෝදාංශයකට වඩා ජීවන රටාවක් (ලයිෆ් ස්ටයිල් එකක් ) 

මේ අත්භූත කාච  දෙකේ පෙට්ටි කැමරාව ගැන මම ඉගන ගත්තේ මේ මාර්ගයෙනි . මෙය TLR  මාදිලියේ කැමරාවක් . ඒ කියන්නේ සාමාන්‍ය SLR  කැමරාවක් මෙන් , රූපය දකින්නට හා ෆිල්ම් එකේ රූපය  ඇඳීමට එක කාචයක් වෙනුවට මේ කාර්යයන් දෙකට කාච දෙකක් තිබීමයි (ඔව් ඔව් ඒ වගේ වෙනත් සංසිද්ධිත් තියෙනවා තමා ..හැක් හැක් ) . ඉතින් ඔන්න මේ වගේ දෙයකට මගේ හිතෙත් ආසාවක් ඇඳෙන්න ගත්තා .  ඉතින් ඔන්න  හිතලා හිතලා , මමත් ගත්තා එකක් . 

ඉස්සර,  හැම තැනම ඒජන්සි තැපැල් කන්තෝරු නොතිබුණු කලෙක , හැඳුනුම් පතකට , අයදුම් පතකට ජායාරුපයක් ගන්න ස්ටුඩියෝ එකකට යන්නම ඕනේ .  එහෙම ගියහම පකිස් පෙට්ටියක් වගේ එකක් මත හිඳුවා  ( බොහෝ විට එය කළු රෙද්දකින් වහපු  පකිස් පෙට්ටියක්මය )  පින්තුරේ ගත්තේ මහා පෙට්ටි කැමරාවකින් .  මේ වැඩේට මීට වඩා පොඩි උපකරණයක් තිබ්බෙම නැත්ද  අනන්තවත් හිතුනත්, දැන් තමයි දන්නේ,  ඒ විශාල ආකෘතියේ (large  format ) කැමරාවක් බව . දැන් තමයි දන්නේ එහි කොලිටියේ තරම .

ඒ large  format  නේ , මේ කැමරාව මධ්‍ය ආකෘතියේ , medium format . හදලා තියෙන්නේ 1939 ඉඳන් 1945 වෙනකන් . සම්පුර්ණයෙන්ම මැනුවල් . ස්වයංක්‍රීය කොටස් කිසිවක් නැත . සැකසුම නිකන් යුද්ධ ටැංකියක් වගේ . හැබැයි අවුරුදු අසූවකට කිට්ටුවෙන්න වයස උනත් භාණ්ඩේ වැඩ . හැට  පැන්නත් වඳුරෝ ....

මේ වෙනකොට මම රෝල් දෙකක් තුනක් පින්තූර අරන් තියෙන්නේ . ඇත්තටම අත්දැකීම මාර වෙනස් . වෙනත් වෙනස් කම් වගේ නෙමෙයි මේ වෙනස නම් , පොඩි මෙව්වා එකක් තියෙනවා ( වෙනස සැපද කියා ඇසීම නොමනාය ). ලොකුම වෙනස නම් චායාරූපයක් ගැනීම ඉතාම කල් ගතවෙන අත්දැකීමක් . එය ඔබට හිතන්නට කල් දෙනවා , හිතන්නට බල කරනවා . මුළු අත්දැකීමම විඳින්න ඉඩ සලස්සනවා . මම චායාරූප ගන්න පටන් ගත්තේ ෆිල්ම් කැමරාවකින් උනත් , එහි ස්වයංක්‍රීය නාභී ගත කිරීමේ පහසුකම (auto  focus ) මෙන්ම ස්වයංක්‍රීය සැකසුම් (auto settings ) පවා තිබුනා . මේ කැමරාව ඊටත් ප්‍රාථමිකයි . ඒ කිසිත් නෑ . මරු .

( ඔන්න දැන් මද විරාමයක් සහ පොඩි ඇඩ් එකක් )
මම මේ කැමරාව ගැන , එයින් ගත පින්තූර ගැන වැඩිදුර මෙහි (pinchpointfotos) ලියුවෙමි . ඔබ උනන්දු නම් ගිහින් පොඩ්ඩක් කියවන්න කියා ආරාධනා කරමි . 

ඔබත් මා මෙන්,   ආධුනික, විනෝදයට චායාරූප ශිල්පය හදාරන්නෙක් නම් , පුලුවන්නම් මැනුවල් ෆිල්ම් කැමරාවක් හොයාගෙන රෝලක් දෙකක් පින්තූර  ගන්න . එය ඔබට අධ්‍යයන අත්දැකීමක් වේවි. 

ඇත්තටම ඒ වෙනස මාරය  

29 comments:

  1. දැන් ඔය කොහාටද ගිහින් බලන්න කියන්නෙ, ලින්ක් එකක් නැතුව.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදිවීම ගැන සමාවෙන්න . ඔන්න වෙනස් කළා . ලින්ක් එක උඩ ඔබන්න

      Delete
  2. ෆොටෝ කොලිටිය ගැන සඳහන් කර ඇති දේ නොතේරේ.. එය අඩුද වැඩිද? මෙසේ ලබාගත් පින්තුරයක් අපිටත් බලා ගන්න පුළුවන් වෙයිද? හැකිනම් සංසන්දනය කිරීමට ඒ හා සමානම හෝ ආසන්න SLR කැමරාවකින් ලබාගත් පින්තුරයකුත් සමඟම දැක ගැනීමට හැකිනම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. නෙගටිව් එක ලොකු වෙන තරමට සටහන් වෙන ආලෝක විස්තර වැඩියි . ඉතින් සාමාන්‍ය 35mm ෆිල්ම් එකට වඩා මේ කැමරාවේ නෙගටිව් එක ලොකුයි .ඒ වගේම full frame එකක නෙගටිව් එක අඟල් හයකටත් වඩා ලොකුයි . ඉතින් හිතාගන්න .. ලින්ක් එක උඩ කොටා pinchpointfotos අඩවියට යන්න පින්තූර කීපයක් බලන්න .. මහා කලාත්මක ඒවා නෙමෙයි . නිකන් ගෙදර දොරේ ගත්ත ඒවා .

      Delete
  3. මෙහි පින්තූරයේ දැක්වෙන රොලීෆ්ලෙක්ස් Twin Lens Reflex කැමරාව දැනට අවුරුදු 25-30 කට පෙර බොහෝ කැමරා ශිල්පීන් විසින් භාවිතා කල කැමරාවක්. එය ඒ කාලයේ 'සම්මත' කැමරාව ලෙස සැලකුණා කිව්වොත් නිවැරදියි. මීට පසුව, සම්මත කැමරාව වුනේ Pentax K 1000 Single Lens Reflex කැමරාවයි. ඊටත් පසුව ඩිජිටල් කැමරා භාවිතයට පැමිණියා.

    ReplyDelete
    Replies
    1. ඔව් රොලිෆ්ලෙක්ස් තමා කැමරාව... ඇයි ඒ කියලත් තේරෙනවා

      Delete
  4. ඔය ජාතියේ කැමරාවකින් ගත්ත අපේ පොඩි කාලේ ෆෝටෝස් මෑතක් වෙනකල්ම තිබුනා. මගෙ තාත්තා ඣායාරූප ශිල්පය කලානේ.
    එතකොට ඔය ජාතියෙ කැමරාවක් මගෙ මස්සිනාගෙ තාත්තා ලඟ තිබිලා දැන් කවුරු ලඟ තියෙනවද කියලා හොයන්න ඕනෙ. එකෙ නමත් මේ දිව අගම තියෙනවා. තූ තූ සල්‍ෆියුරික් ඇසිඩ් වගේ නමක් තමයි.

    බෑ බෑ. ජාලිය තරහ වෙන්න එපා. අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වත් ආයෙ නම් ‍ෆිල්ම් කැමරා එක්ක කිසිම ගනුදෙනුවක් නෑ කියලා මමම් මටම පොරොන්දු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොරොන්දුවක් උනානම් ඉතින් බෑනේ

      Delete
  5. මෙහෙමයි... අපි දැන් අලුත් පෝස්ට් එකක් දාලා කියල දැක්ක ගමන් නිදිමත පෙරිපෙරි (රෑ 11.50 වෙලාව ) පුක හපාගෙන දුවගෙන එන්නෙ ක්ලැසික් විනෝදයක් ගන්න.... එහෙම නැත්නම් අර තාත්ත කරේ තියන් ගිය පෝස්ට් එක කියෙව්වාම එන පපුව උඩ ගලක් තියන ෆීලින් එකත් එක්ක ඇඳට යන්න බලාගෙන...

    රුපියල් පහ කෑව...

    (පුක යනු කුණුහරුපයක් නොවේ, (අල්ලපු ප්‍රාන්තෙ රසික කියල එකෙක් මේක සාධනය කරලා, වටයලා, නීති පොතටත් දාලා තියෙන්නෙ ))

    ReplyDelete
    Replies
    1. පාන් යන්නත් කුනුහරැපයක් නොවේ නේ :)

      Delete
  6. ඩිජිටල් කොපි එකක් ගත්තේ ස්කෑන් කරල ද? නැත්නම් නෙගටිව් එකෙන් සොෆ්ට්කොපි ගන්න මොකක් හරි විදියක් තියෙනවද?
    කැමරාව හෙන ලස්සනයි

    ReplyDelete
    Replies
    1. නෙගටිව් එකම ස්කැන් කරතෑකි. ක්‍රමය හරියටම නොදනිමි

      Delete
  7. ඔබ මේ කියන්නේ රොලිෆ්ලෙක්ස් කැමරාව ගැනද?

    https://en.wikipedia.org/wiki/Rolleiflex

    මේ කැමරාව මා දැක තිබෙනවා. එකවරක් හෝ දෙවරක් පාවිච්චි කර තිබෙනවා. ඒ ගැන මම;

    මෙන්න මෙතන කියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ලිපිය කියවන්න ඕනේ

      Delete
  8. මමත් මැනුවල් කැමරා පිස්සෙක්ව සිටියෙමි. දැන් ලෙඩේ යටපත්විගෙන යයි. මෙව්වා දකිනවිට ආයෙත් හිස ඔසවයි, කොකන් කරයි?

    ReplyDelete
    Replies
    1. මේවා නිදන්ගත රෝග
      නිට්ටාවට සුව කල නොහැක

      Delete
  9. ඔය වර්ගයේ කැමරාවකින් මමත් ඡායාරූප අරගෙන තියෙනව. දැන් ඕවට ‍ෆිල්ම් රෝල් තියෙනවද? ඔය කැමරාවට ආපු ෆ්ලෑෂ් ගන් එකේ බල්බ් එකක් මා ලඟ තියෙනව. ඒකෙ ආලෝකය ලැබෙන්නෙ සර්කෝනියම් කෙඳි විශේෂයක් දැවීමෙන්.

    ReplyDelete
    Replies
    1. තියෙනවා. ශා කෞතුක භාන්ඩ නේ

      Delete
  10. පරණ කැමරා හදාගන්න තැනක් කවුරුහරි දන්නවද?

    ReplyDelete
    Replies
    1. සල් ඉලෙක්ට්‍රොනික් එකට කතා කරලා බලන්න...
      011 259 9068

      Delete
  11. අවුරුදු විස්සකට විසිපහකට කලිං භාවිතයෙන් ඉවත් වෙන්න ගත්ත නං අපි දකින්නො කෝමද. අඩු ගානෙ රීල් එකක් වත් දැං නෑනෙ හොයාගන්න. ඊටත් ඔය කැම් එක්කින් අපේ පොටෝවක් ගත්ත නං ඒ මං හුජ්ජම හුජ්ජ කොලුව කාලෙ.. කටෙ දත් තියෙන්නත් නැතිවැති සමාරවිට ;-)

    ReplyDelete
    Replies
    1. මහේෂ් මම හිතන්නේ පරණ ස්ටුඩියෝ වල තාම ෆිල්ම් ප්‍රොසෙස් කරනවා . මෙහෙ නම් තාම විකුණන , ප්‍රොසෙස් කරන තැන් තියෙනවා .

      Delete
  12. Replies
    1. මේ කොමෙන්ට් එක මට තේරුනේ නෑ

      Delete
  13. very beautiful and artistic. Looks like photos taken by a proffesional.

    ReplyDelete
    Replies
    1. Thank you for the complement. forever a student though

      Delete
  14. මෙයින් එකක් අපේ මස්සිනා ගාව තියෙනවද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මරුනේ . තාම වැඩද ?

      Delete
    2. නැද්ද කොහෙද, ස්ටුඩියෝ එකේ තියෙන ෂෝ කේස් එකක දාගෙන ඉන්නවා දැක්කා...

      Delete

Have commented