24 April 2016

සදහම් රැප්


( සෙව්වන්දියකට පෙම් බැන්දා  ..ආශා දහසක් රස වින්දා ...ඩින්  ඩින් ටක ඩින් ....යෝ යෝ ... හේ නිගා .. සෙව්වන්දි බේබේ ....තවුසන්ඩ් ආශා ස් ..)

 හෙලෝ 

හෙලෝ , සුභ අලුත් අවුරුද්දක් වේවා ....

සුභ අලුත් අවුරුද්දක් ....ඔව් ඔව් අපි අහන්නේ හිරු තමා 

හැ හ් ..??  නෑ නෑ අයියේ අපි මේ සී ඩ්‍රෑගන්ස්  දායක සභාවෙන් 

ආ.. . මේ අපේ පන්සලේ .. මොකෝ මල්ලි ?

අයියේ අපි මේ සැරේ වෙසක් එකට අලුත් වැඩක් කරන්න හදන්නේ .. ඔන්න බෑ  කියන්නේ නැතුව අපිට උදව්වක් ඕනේ .. පිං අතේ වැඩනේ 

අයියෝ මල්ලි අවුරුදු කෑවා  විතරයි ..අතේ සතේ නෑ 

නෑ  නෑ  ආධාර නෙමෙයි . පොඩි වැඩක් කර ගන්න .. අයියා කට්ටියට රැප් ලියලා දෙනවා නේද ?

රැප් නම් ලියනවා .. ඒත් මේ වෙසක් එකට වැඩක් කිව්වේ 

 ගිය අවුරුද්දේ අල්ලපු ගමේ පන්සලේ තිබ්බනේ  බෝධි පුජාවක් ..මතකද?  

ඔව් ඔව් නැගලා ගියානේද 

ඒකනේ  .. උන්  මහින්ද මහත්තයා වත් ගෙනවානේ ...සු ගාලා සෙනග ආවා... සදහම් සිහිල ඉතිරුනා අයියා ... කොටින්ම පොකට් ගුණේ ඊට සතියකට පස්සේ අලුත්ම වීල් එකක් ගත්තා ...මේ සැරේ අපි කරන්න හදන්නේ තොරණක්  උන්ට උණ  ගැනෙන්න .....අයියාගේ සපෝට් එක ඕනේ .. පින් අතේ වැඩනේ 

හරි හරි කියනවකො මොකක්ද කෙරෙන්න ඕනේ කියලා 

දැන් ඔය තොරන්වල කවි , විරිදු කියලා හරියන්නේ නෑ .. කොල්ලෝ ටික ඇදලා ගන්න රැප් එකක් ලියා ගන්නයි ඕනේ 

මොකක් කිව්වා ....මල්ලි මේ රැප් ශාස්තරේ එහෙම කරන්න බෑ  පොඩ්ඩ ගැස්සුනොත් ගස් ... මිනිස්සු කෙලින්ම දෙමාපියන්ට බනින්නේ .. අර දැක්කේ නැත්ද අර එකෙක්  සවිනි මගේ , මම සවිනිගේ කියලා වෙච්ච වැඩේ ..

අයියා වැඩ කරුනේ ..අපිට ඕනේ දැහැමි එකක්... 

හැබැයි මෙහෙමයි මල්ලි මම එකක් නම් ලියුවා මව් ගුණ ගැන ...මෙන්න මෙහෙම යන්නේ 

" යෝ යෝ නිගා නිගා 
කාසල් එකේ වාට්ටුවේ 
විලි රුදාආ ආ ආ ව 
දරා බිහි කලේ 
උඹ මේ ලෝඕ...කෙට 
උඹ ලොකු වෙලා 
පොරක් උනාආආ ම 
සලකන්නේ මෙහෙමද 
උඹ ලෑ අම්ම්ම් ..මට 

 යෝ යෝ නිගා නිගා .. බේ බේ ..අම්ම්ම් මට ..."

අයියේ ඒක හොඳයි හැබැයි අර යෝ යෝ නිගා නිගා කියන කෑලි ටිකයි අර අම්මට අම්මට කියන එකයි ගැලපෙන්නේ නෑ වගේ 

අනේ මේ... තමුසේ ආවද මට කියලා දෙන්න සාස්තරේ ....යෝ යෝ නිගා නිගා නැතුව රැප් කියන්න පුලුවන්ද ? ඒවා නැති උනාම එක නිකන්ම කුනුහරුපයක් වෙනවා නේ ...

අයියේ මේක වෙසක් නේ ..මොකක් හරි වෙන එකක් කරමු සර්ධාව වැඩිවෙන්න ..

හැබැයි යෝ යෝ නිගා නිගා දාන්න වෙනවා 

හා හා හරි 

එහෙනම් මෙහෙම ගමු . ..

හ ...හ හ ...යෝ .... ඔබේ රාගී මන කැ ළ බෙදෝ ..යෝ.. යෝ .. 
පිවිතුරු හදවත . .. නිගා නිගා .. පෑ ..රේදෝ ..
ඒවන්  මේසුතන් ඒකන්  සමයං ...  අපි දෙන්නා හිමිදිරියේ පාන තියන්  .. 
බේබේ ..
එම විට පවසනු මුවින් ඔබේ ... 
යෝ යෝ නිගා නිගා ...
  
අනේ මන්දා අයියේ ...

බය වෙන්න එපා ...මම මේක පොඩ්ඩක් ටියුන් කරලා ගන්නම් .. දැන් කවුද මේ රැප් එක කියන්නේ ?

ආ ඒකට ඉන්නවා අපේ දහම් පාසලේ මල්ලි කෙනෙක් ..කිසාන් ... මරුවට කවි විරිඳු එහෙම කියනවා 

එහෙම බෑ මල්ලි .. රැප් කියන්න රැප් පොරක් හොයාගන්න ඕනේ ..

මූ හොඳයි අයියේ , සිස්සත්තේ කළා විතරයි ..සෙල්පි රැප් එහෙම කියන්න පුරුදු වෙනවා .

එහෙමනම් ඉස්සරහ පස්ස මාරුකරලා කැප් එකක් වත් දාලා ගන්න ....අනික රැප් නමක් දාන්න ඕනේ .. ... 

කොල්ලගේ නම කිසාන් දොන් ..

වාසගම ඕනේ නෑ ..ඔය ටිකෙන් හදමු එකක් .. මෙහෙම දාමු ....  ගැන්ස්ටා ගතියක් තියලා....ඩොන් කී ...කොහොමද ?

25 comments:

  1. එල ද බ්‍රා මචෝ හිනා කාලා මැරුණා එල

    ReplyDelete
  2. අර රැප් එක නං පට්ට මචං................

    ReplyDelete
    Replies
    1. ඕක ඩොං කි කියනකොට තමා ලස්සන

      Delete
  3. සුපිරි ලොක්කා !!!!

    ReplyDelete
  4. හිනාවට ඇඩුනා...

    මේ ගැන මම මේ ලිපියක් ලියන්න කියල දත කනවා. ලියන්න හිත දෙන්නෙම නැහැ වලිගෙන් අල්ලගනියි කියල. ඔබ තරම් දක්ෂ විදියට ලියන්නත් බැරි නිසා වැඩේ අල්ලලා දාන එක තමයි හොඳ මම හිතන්නේ.

    අර මුලටම තියෙන (වරහන් ඇතුලේ ) කොටස කියෝපු ගමන් මට වතුර එකත් ඉස්මොල්ලේ ගියා.. හි හි... පිස්සු නිර්මාණශීලි බවක් අප්පා...

    ReplyDelete
    Replies
    1. මමත් මේක ටික දවසක ඉඳන් ලියන්න විදියක් හිත හිතා උන්නේ

      Delete
    2. මාසයක් නෙවෙයි අවුරුදු ගානක් කල්පනා කලත් මටනම් කවදාවත් මේ තරම් නිර්මාණශීලි විදියට ලියන්න බැහැ. ඔබේ ටැලන්ට් එක මම දැක්කේ ඉස්සර හිටපු ප්‍රවීන කොලම් ලියන්නන් තුල පමණයි. දැන් කොලම් ලියන්නේ 'වාර්තාකරයෝ' සහ 'මනොවිකාර මවන්නෝ'

      හැමදාම මම ඔබේ ලිපියකින් පස්සේ අලුතෙන් හිතනවා. සමහර ලිපිවල තිබ්බ දේවල් කොයිතරම් කල් ගියත් මතකේ තියෙනවා.

      ස්තුතියි .

      Delete
    3. Upeaksha....Well said+++++++

      Delete
  5. යෝ යෝ කියන්නෙ බොලේ යෝසිත කොලුව ගැනවත්ද?

    මරු ඕයි..පිස්සුම තමයි....

    ReplyDelete
    Replies
    1. මගෙත් වැඩ තහනම් වෙයිද මන්දා

      Delete
  6. අනාගත පොසිබිලිටීස්... :D :D

    ReplyDelete
    Replies
    1. යේ යේ බේබේ. ගෝල්ඩ් ෆිෂ් කාලේකින් දැක්කේ

      Delete
  7. සුපිරියි යකෝ!
    මට මතක්වුනේ ගොක්කොල සිරී

    ReplyDelete
    Replies
    1. මම හිතුවා රාජ්ට ඕක මතක් වෙයි කියලා

      Delete
  8. තවත් ආතල් පෝස්ට් එකක්....

    ඔය රැප් මල්ලිලා ඔය නිගා..නිගා කියන වචනේ දාගන්නේ තේරුමක් දැණගෙනද බං.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අරෑ මුන් ගේ හිතේ වචන ටිකක් එක දිගට කිව්වම හරි කියලා. මේකේ තව පැතතක් තමා විදේශිය වැඩසටහන් වලට මෙකල හඩ කවන විදිය

      Delete
  9. පට්ට පට්ට‍
    මම හොඳවෙලාවට කලින්ම ශිෂ්‍යත්තෙ කළා
    මං ඔය යුගේ හිටියනං මාත් හොඳ රැපෙක් තමා

    ReplyDelete
    Replies
    1. අපරාදේ නැත්නම් ගැන්ස්ටර් මලෙක් වෙන්න තිබ්බා...අයි යෝ නිගා නිගා

      Delete
  10. හෙහ් හෙහ් හෙහ්... පට්ට ...ඇත්තටම ඔය නිගා කියන එකේ තේරුම මොකක් ද? කළු ජාතිකයින් ව හදුන්වන නමක් නේද? ෆිල්ම් වල ඔය වචනේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහෙමත් කියනවා කට්ටිය http://onlineslangdictionary.com/meaning-definition-of/nigga
      මෙහෙමත් කියනවා http://www.urbandictionary.com/define.php?term=nigga

      හැබැයි අපේ එවුන් නම් දොරට අඩේට තියන්නත් ගන්නවා

      Delete
  11. යෝ, මේකෙ මාරම ගැනිස්ටා ගතියක් තියෙනවා නිගා.

    ReplyDelete
    Replies
    1. යෝ යෝ තැනක් යු බේ බේ

      Delete

Have commented