09 April 2016

තෙසක් රියේ විසේසඥයා

මල්ලි යමුද හයර් එකක් ?

හරි යමු සර් 

ප්රාරාරාට්  ටට් ටට් ටට් , ට්රූම් ට්රූම් ට්රූම් 

මීටර් ද ?

ඔව් සර් හැබැයි වැඩ කරන්නේ නෑ ..හදා ගන්න ඕනේ 

ආ එහෙමද?   කමක් නෑ යමුකෝ 

මෙන්න ඇඩ්රස් එක.. මේ ලඟම වෙන්න ඕනේ 

සර් මම නම් හරියටම දන්නේ නෑ , මම කොළඹ නෙමෙයි නේ 

ඈ , ඒකත් එහෙමද , ඔයා ටැක්සි එලවනවා පාරවල් දන්නේ නෑ 

ඔව් සර් මම කුරුණෑගල 

ආ ඇත්තද කුරුණෑගල කොහෙද ,

කුරුණෑගල , ***

එහෙ කොහේද , මම ලඟදි ගියා ඒ පැත්තේ .. අර සමුපකාර ස්ටෝරුවක් තියෙන්නේ 

දන්නේ නෑ සර් ...මම කාලෙකින් ගමේ ගිහින් නෑ , කොළඹමනේ දැන් අවුරුදු ගානක් 

ඒකත් එහෙමද 

සර් මේ යහපාලනේ ගැන මොකද හිතන්නේ ?

අනේ මන්දා එහෙම එකක් තියෙනවද දැන් ?

හෙහෙහෙ.. ඒකත් ඇත්ත ...දැන් බලන්න සර් ඔක්කොමත් හරි අර වොකින් ට්‍රැක් එක ගලවලා නේ ...ඒක වය්වස්තාවට උනත් පටහැනියි කියන්නේ .

එහෙමද 

ඔව් ඔය පටන් ගත්තා විතරයි ....ඇහුවද ගිය සතියේ සලකුණ ?

මොන මළකුණ ද 

නෑ නෑ සර් , අර බෙංගමුවේ හාමුදුරුවෝ ආවේ සාකච්චාව 

නෑ  මොකද කිව්වේ 

උන්නාන්සේ කියනවනේ උන්නාන්සේ ගේ ඔත්තු සේවයට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා 

උන්නාන්සේගේ මොකක් කිව්වා ...තොත්තු සේවය ??

රහස් ඔත්තු සේවය. ... උන්නාන්සේ ඕවා දන්නවා .... මොකෝ උන්නාන්සේනේ යුද්දේට අණ දුන්නේ උඩින්ම 

නෑ ...දැන් හාමුදුරුකෙනෙකුත් උප්පැන්නේට අත්සන් කරන්න හදනවද ?

ඔය හාමුදුරුවන්ට පීල්ඩ් මාෂල් එකක් දෙන්න තියෙන්නේ සර් 

ඔහෙත් පාරවල් දන්නේ නැති උනාට අනිත් ඔක්කොම හොඳට දන්නවනේ 

(නිහඬ තාවය ) 

සර් මමත් මෙහෙම හිටියාට රණ විරුවෙක් 

සමාවෙන්න මම දැන ගෙන හිටියේ නෑ ...ආමි එකේද නෙවි එකේද ?

නෑ නෑ මම නෙමෙයි , අපේ බාප්පාගේ පුතා .... ආමි එකේ... දවසක් ෂොට් එකක් දාන වෙලේ මම ඌට කියලා දුන්නා යුද්දේ කරන්න ඕනේ විදිය ... මම හිතන්නේ ඌ ගිහින් උගේ කොප්‍රල්ට කියලා , වැඩේ උඩටම දැනුම් දෙන්න ඇති .... එහෙම බලපුවම මගෙත් සෑහෙන දායකත්වයක් තියෙනවා යුධ ජයග්‍රහණයට ....

(නිහඬ තාවය ) 

සර් දන්නවද ඔය බෙංගමුවේ හාමුදුරුවෝ , අපේ ඈතින් නෑ වෙනවා 

ඒක නම් මට නිකන් හිතුනා 

32 comments:

  1. මරු

    ReplyDelete
  2. හාමුදුරුවෝ නෑ වෙන්නේ නෑ . අනික් උන් නාගන්නවා හැක හැක

    ReplyDelete
    Replies
    1. හැබැයි නාන තැන් වල බලන් හිටියම දන්නෙම නැතුව තෙමෙනවා නේද

      Delete
  3. සමාජ හා දේශපාලන උපහාසාත්මක කෙටි තීරු ලිපි කියන්නේ මේවා. ඒකට හොඳ උදාහරණයක් තමයි JP පින්ච්පොයින්ට් . ඔබ විටින් විට ලියු මෙවැනි කාළීන කෙටි තීරු ලිපි ඉතාම දියුනු ,මුවහත් ලේඛකයෙකු සතු මෙවලම් බව කිව යුතුයි. මෙවැනි ලිපි මුද්‍රිත මාධ්‍යන් තුලින් හෝ පාඨකයා අතට පත්විය යුතුයි.කවුරු මොනවා කීවත් තව දශකයකටවත් මුද්‍රිත මාධ්‍ය භාවිතය ජනතාවගෙන් අතහැරෙන්නෙ නැහැ. උඹ සයිබරයට කොටුවී සිටිය යුතු ලේඛකයෙකු නොවේ. Aru.

    ReplyDelete
    Replies
    1. agree 200 pct.

      Delete
    2. ස්තුතියි අරූ ඔබේ අගය කිරීමට . ඔබ නොලියන එකත් පාඩුවක් . ඔබේ අදහස සලකලා බලමු. නමුත් මම නම් සයිබරයට ලිවීම සීමාවීමක් ලෙස නොසලකමි (ඔබ කියන දේත් මට වැටහේ ) . මට කියාගන්න අවැසි දේ ලියා තබමි. මහා මාද්යට ගිය විට අපේ චරිතවල පරමාදර්ශිත්වයද ප්‍රශ්න කෙරේ . ඒ මත අපේ ලියැවිල්ල කිරා මැනේ ... පෙන්වන හඳ දෙසට මා ඇඟිල්ල දෙස නොබලා , දෙනෙත් යොමු කරවීමට මේ මාද්‍යය වඩා හොඳ දැයි කියා සිතේ .

      Delete
    3. එකෙන්ම අරූ.... මටත් සයිබරයේ ඉන්න... හොඳම දේශපාලන ප්‍රහසනකරු හා නිර්මාණාත්මක දේශපාලන ළිපි ලියන්නා මොහුමයි... මම මේක කලින් කියලා තියෙනවා... අනිත් අයගේ අවධානය නැති එක ගැන දුකයි... එක්කෝ උන්ට ප්‍රහසනය කියන දේ තේරෙන්නේ නෑ...

      Delete
    4. එකෙන්ම අරූ.... මටත් සයිබරයේ ඉන්න... හොඳම දේශපාලන ප්‍රහසනකරු හා නිර්මාණාත්මක දේශපාලන ළිපි ලියන්නා මොහුමයි... මම මේක කලින් කියලා තියෙනවා... අනිත් අයගේ අවධානය නැති එක ගැන දුකයි... එක්කෝ උන්ට ප්‍රහසනය කියන දේ තේරෙන්නේ නෑ...

      Delete
    5. ස්තුතියි දිරි ගැන්වීමට . ප්රභසනය විතරක් නෙමෙයි හැම දෙයක්ම නිවහල් ව විඳ කල් අරන් රසවිඳීම අඩු වේ ගෙන යනවා

      Delete
  4. බෙංගමුවේ ආලවකයාව හිනස්සපු කෙනෙකුට වල්ලාපට්ට කිලෝ 50 ක් තෑගී දෙනු ලැබේ. මූ ජෝ අබේවික්‍රමටත් වඩා හොඳ ජෝකරයෙකි. ජෝ අබේවික්‍රමට නම් විහිළුවක් කරද්දී ඉඳහිටලා වත් හිනායයි. බෙංගමුවේ ආලවකයා කොච්චර විහිලු කතා රූපවාහිනියේ කිව්වත් ඌට හිනා නොයයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

    2. හැබැයි ඔබට නම වැරදිලා ... පුජ්‍ය පාද බ්‍රිගේඩියර්

      Delete
    3. සහතික ඇත්ත , හිනා නොවී ගොන් කතා කියූ අපුරුව

      Delete
  5. බයවෙන්ට කාරියක් නැහැ. ඈතින් නෑවෙනවා කියලනේ කියන්නේ. ළඟට එන්න තව ටික කාලයක් යයි.

    ඔය තෙසක් රියදුරෝ එක්ක කතාකලාම අපි හරි නුගත්තු කියල ඔප්පු වෙනවා බලාගෙන ඉන්නකොටම. එතකොට ඈතින් නෙවෙයි ළඟින්ම 'නෑවෙනවා'

    ReplyDelete
    Replies
    1. මමත් හරි කැමතියි කතාව දාගෙන යන්න ... විසේසඥයෝ 100%ක් ම

      Delete
  6. බෙංගමුවගේ නෑයෝ වගයක් තමයි ඒ වැඩ සටහන කලෙත්... එදා රෑ මට ටී වී බලලා ඩෝප් උනා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම නම් කැමතිම අර (අධි ) රංගන සිල්වා ට . ඌ ප්‍රශ්නේ අහලා ඉවර උනාම , අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා අහන් හිටපු අයට තේරෙන්නෙත් නෑ . ඌට ෂුවරුත් නෑ

      Delete
  7. නියමයි කියන්නෙ මල් හතයි.....:)

    ReplyDelete

  8. ජාලිය, බුද්දි අංශයේ ප්‍රභලයෙක් මෙහෙම සමච්චලයට ලක් කරන එක හොඳ වැඩක් කියලාද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මම එහෙම මොකුත් කිව්වද ?

      Delete
  9. එළ!
    දවසකට දෙකකට පස්සේ තමයි මං ඔය කියන මළකුණ වැඩසටහනේ ක්ලිප් දෙක තුනක් දැක්කේ!

    ReplyDelete
  10. ඔය අජිත් ධර්මාගේ බුක් ලෝන්ච් එක දවසේ මං මරදානට ගියා දයාවංශ කඩෙන් මගේ පොත් ටිකක් ගන්න කීප දෙනෙකුට දෙන්න තිබුණු නිසා.

    ආපසු ගෙදර යන්න කැබ් එකකට කෝල් කලා. කැබ් ඩ්‍රැයිවර් මට කෝල් කළේ පැය භාගෙකට පස්සේ. එතැන ඉඳලා පොරට මරදානේ ඇස් මහින්දහිමි මාවත ලඟට එන්න තවත් පැය භාගයක් විතර ගියා.

    පස්සේ බැලින්නම් පොර මහින්දාරාම පාරක් හොයා ගෙන ගිහිල්ලා.

    කාර් එකේ එන ගමං මා එක්ක කතා කරන කොට නිදහසට කරුණු විදියට පෙර කිව්වේ ගම කුරුණැගල ය, කොළඹ පාරවල් දන්නේ නෑ ය කියලයි. මං ඇහැව්වා ඇස් මහින්ද හිමි කියන්නේ කවුද කියා දන්නේ නැද්ද කියලා. පොර ඇත්තටම දන්නේ නෑ.

    මං එකපාරටම ඇහැව්වේ, කොහෙද ඔයා කුරුණෑගල කුලියාපිටිය, බෝවත්ත හරියේ නේද කියලයි!

    මගේ අනුමානය හරියටම හරි!!!

    ReplyDelete
    Replies
    1. මෙය පොදු අත්දැකීමක් වගේ

      Delete
  11. //ඔහෙත් පාරවල් දන්නේ නැති උනාට අනිත් ඔක්කොම හොඳට දන්නවනේ//

    මේක තමා එළම... අපි දැනගතයුතු දේ ඇරෙන්න අනිත් ඔක්කොම අපි දන්නවා.

    ReplyDelete
    Replies
    1. මට නෝට් වුනේ ඌ ගම කුරුණෑගල හන්දා කොළඹ පාරවල් දන්නේ නෑ. කොළඹම හිටපු හන්දා කුරුණෑගල දේවල් මතක නෑ

      Delete
    2. ඔන් ද හෙඩ් ය

      Delete
  12. අන්තිමට කියන්ඩ ඕන එක කියන්ඩද මෙච්චර වටේ ගියේ

    ReplyDelete
    Replies

    1. ඇත්තටම අන්තිමට කියන්න ඕනේ එක කිව්වේ නැත . මීට ප්‍රතිචාරයත් එසේමය

      Delete

Have commented