28 April 2016

#අයියෝ // lunch time TV

වැල් වටාරම් නැතිව කෙටියෙන් කතාවට එන්නම් . 

දවල්ට ලන්ච් එකට ( දවල්ට නැතිව රෑට ලන්ච් තියෙනවා යෑ? ),  එකමත් එක රටක (ලංකාවෙන් පිට )  එක්තරා කන්තෝරුවක ( අපේ කන්තෝරුවේ නම් නොවේම නොවේ) ලංකාවේ කට්ටිය කැන්ටිමේ එක මේසයක් වටා සෙට් වෙනවා . ඔන්න අලුතෙන් කන්තෝරුවට ආපු නාඹර ගෑණු ළමයෙක්, කෑම එක අරගෙන, වටපිට බලනවා ඉඳගන්න තැනක් හොයාගන්න .

"ආ නංගි ..එන්න එන්න .. මෙතනින් ඉඳගන්න " , රිටයර් වෙන්න ඔන්න මෙන්න 
ඉන්න පීටර් අංකල් කතා කරනවා . ගෑණු  ළමයත් ඉතින් වන වනා ඇවිත් හිස් පුටුවක වාඩී වෙනවා . 

" ඔහොම ඉන්න මම කට්ටිය අඳුන්වලා දෙන්නම් " සෙනක්ඩ් වෙන්නේ නැතිව සිල්වාත් ඉදිරිපත් වෙනවා .

"මේ ඉන්නේ කමල්  , මේ අමල් , මේ නිමල් ,.."

"හලෝ ..නයිස් ටු මීට් යූ .. " ගෑණු ළමයත් .. පපඩම් කැල්ලක් ගෑරප්පුවෙන් කඩලා  පොෂ් විදියට හැන්ද  උඩින් තියලා .. හෙළ බස හපන්නේ නැතිව , ඇක්සන්ට් එකක ඔතලා  ප්‍රතිචාර දක්වනවා 
" ඕ  ගොල්ලෝ ගොඩක් කල් ද මෙතන වර්ක් කරන්න ඇවිත් ?..."

ඉතින් කට්ටිය තමන්ගේ සර්විස් එක ගැන පුරාජේරුව පටන් ගන්නවා .. වැඩේ ලීඩ් කරන්නේ පීටර් අංකල් ..."මම අවුරුදු 25ක් , සිල්වා අවුරුදු 22ක්   ... "
ඔහොම  දිගට යනවා .

"අම්මෝ මට වයසවත් ටුවෙන්ටි ෆයිව් නෑ .... ඒත්  ඕ  ගොල්ලන්ට එච්චර වයසයි කියලා කියන්න නම් බෑ ...." කෙල්ල ටොක්කක් ඇනලා ඔලුව අතගානවා 
(සභාවේ සිනා  නැගෙනවා)

"මේ අමල් ..මු නම් ලඟදී මෙහෙ ආවේ ... මු සිංගල් ..."  කමලුත් කතාවට සම්බන්ධ වෙනවා 

අමල් පොඩි මනමාල හිනාවක් දානවා .

"ඒ ...ඇයි යකෝ මම ...මමත් සිංගල් වගේ නේ ..." පීටර් අංකල්,  තම බිරිඳ, කාලයක ඉඳන් පොඩි මුණුපුරා බලාගන්න දුවගේ ගෙදර නැවතී ඉන්න බව මතක් කරනවා .

"මමත් සිංගල් වගේ තමා , නෝනා ඉන්නේ ලංකාවේ .. "  ඒ කමල්  

"මේ දවස් වල මමත් සිංගල් , නෝනා නිවාඩුවට ලංකාවට ගිහින්"   සිල්වාත් බස් එකට දුවගෙන ඇවිත් එල්ලිලා නගිනවා 

..... නිමල් ......ලොකු බත් කටක් අනා ගෙන කටේ දා ගන්නවා ..

පලි : මේ ගැන කතාව ආයෙත් ඇදිලා ආපු දවසක , අපි ලංකාවේ සමාජයේ තියෙන සංස්කෘතියේ සදාචාරයේ රෙද්දෙන් වහපු ලිංගික පීඩනය ගැන කතාවෙනවා . 
වැරදිලාවත් කකුලක් දිහා වත් බැලුවොත් නිවන් දකින්න බැරිවේ යයි කුඩා කළ හිත් තුළට  බස්සන සිතුවිල්ල හිතේ හදන ෆැන්ටසි , වයසට ගියහම බොහෝ විට හාස්‍යජනක තැනකට එන අයුරු ගැන අපි කතාවෙනවා . ඕල්ඩ් බෝයිස් යන සංකල්පය දිගට දිගට විග්‍රහ කරන්න ගන්න අපි , වල්  කමේ ස්වාභාවික සීමාව ගැන වාද කරගන්නවා. හීනෙන් වත් ලඟා වෙන්න බැරි මල් ගැන , "දුන්නොත් ගහනවද ?" කියලා කොලු කමට අහන කතාව වයසට යනකොට පැසවා ෆැන්ටසි වලට හැරෙන  අයුරු ගැන කතාවෙනවා . .."ඒ වුනාට ලංසි මාර ඕපන් " එකෙක් කියනවා . ඒත්  ඔය කියන විවුර්තත්වයත් සමාජයේ සාමාන්‍යයට සාපේක්ෂව නේද කියලත් , ඒ විවුර්තත්වය වෙනත් සංස්කෘතියක සම්මතයට වඩා සෑහෙන්න මෙපිටින් නේද  කියලත් අපි කතාකරනවා .

කල්පයක් වගේ දිග නිහඬතාවයක ගතවෙනවා . අපි අපි ගැනම හිතනවා.

ඊට දින කීපයකට පස්සේ මොකක්දෝ හේතුවකට මම මේ සටහන තියනවා 

21 comments:

  1. Nice one. My observation is most SL men (most not all), whether they live in SL or abroad, are sexually frustrated. Sorry for offending any.

    ReplyDelete
    Replies
    1. I think every human is driven by sexual ( in the broader sense) desires more or less. And in every culture there are fantasies. But you are correct, in a repressed culture like ours the fantasies reaches unhealthy levels.

      Delete
  2. ලිංගිකව සතුටෙන් ඉන්නට ඇත්තේ අන්තහ්පුර (සහ ඇති තරම් මුදල්) තිබුණු අජවරු පමණි!

    ReplyDelete
    Replies
    1. අජ කියන්නේ මචෝ උඹනම් අජේ අජ. අජපල්.

      Delete
    2. රසික:
      එහෙම තිබ්බ කෙනෙක් ලෝකේ හිටියෙත් නැහැ එහෙම එකෙක් අනාගතේ ඇතිවෙන්නෙත් නැහැ

      Delete
    3. අද වැඩේ කරලා හෙට රෙස්ට් කලොත් එක ගෑනියෙක් තරහ වෙනවා. ඕපාදුප පැතිරෙනවා.මට නම් **ලා **ලා එපා වෙලා .... කියා එක රජෙක් කීවාලු

      Delete
  3. ලංකාවෙ මිනිස්සු (බහුතරයක් දැන් 30+ ජෙනරේෂන් එක ) බොහෝවිට තමන්ගෙ පලමු සැබෑ/ස්භාවික ලිංගික අත් දැකීම ලබා ගන්නෙ කසාද බැඳලා.... එතකොට වයස අවුරුදු 25යි නැත්නම් 30... එතකම් රෙද්ද පල්ලෙන් පෙරෙන සදාචාරෙට වහන් වෙලා අසහනේ තද කරන් ඉන්නවා.... බැඳලා අවුරුද්දෙන් ගෑනිව එපා වෙනවා... නැත්නම් ලමයෙක් දෙන්නෙක් ලැබුනාම ගෑනිට සෙක්ස් එපා වෙනවා.... මේවට ගෙදර වැඩ වලට පිරිමියගෙන් උදව් නැති කම.. ව්‍යායාම නැති නිසා/ කරන්න වෙලා නැති නිසා ඇඟ ආරලා ඒම...ආදරය නැති කම... වගේ හේතු මුල්වෙනවා... ඊට පස්සෙ ඉතින් මිනිස්සුන්ගෙ අසහනේ දෝරෙ ගලා යනවා....
    නමුත් හොඳ කරගන්න ක්‍රමයක් නැති නිසා ඊලග පරම්පරාවට ලිංගික කුහකකම පිටකරලා දානවා... මේක දිගටම වෙනවා...

    මම ඉන්න රටේ ලංකාවෙ තරම් ලිංගික අසහන කාරයො නෑ... රේප් කේස් නෑ... තාත්තල ලමයින්ව රේප් කරන්නෙ නෑ...හැබැයි අවුරුදු 12 සිට ඔනම අයෙකුට තමන්ට වඩා අවුරුදු 2ක් වෙනකල් කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙන්න පුළුවන්... අවුරුදු 16 වෙද්දී මේ අවුරුදු 2කේ බැරියර් එකත් අහෝසි වෙනවා.... මිනිස්සු ලිංගිකව් ලංකාවෙ අයට වඩා සතුටින් ඉන්නවා.... මෙහෙ ඉන්න ලංකාවෙ එවුන් ඒව දිහා බල බල හූල්ලනවා....

    ReplyDelete
    Replies
    1. මගේ නම් අදහස අපිට ලිංගිකත්වය යනු සංසර්ගයම විතරයි. මම හිතන්නේ එයත් ප්‍රශ්නයේ එක් කොටසක්. අයෙක් තමන්ගේ ඇඟ මෙන්ම භෞතික වස්තුන් රැස් කිරීම හා බලය රැස්කිරීම ලිංගික ආකර්ශනය සදහා කියලයි මගේ අදහස. ඒත් ඒ බැලන්ස් එක නැති වීමයි ලෙඩේ. ඉතින් එතකොට සමහර අංශ වලින් ගැප් එක වැඩියි. ඉතින් හූල්ලන්න වෙනවා අයෙකුට

      Delete
  4. මොනව කියන්නද කියල හිතුවෙ. හිහි
    හැම තැනම තියෙන කතාවක් නෙව... හැබැයි වර්ෂන් එක නං ටිකක් වෙනස් වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි වෙනස් කම්

      Delete
    2. පොඩි පොඩි වෙනස් කම්

      Delete
  5. ඇත්ත සීන් එක..

    සංස්කෘතියට වැසුණු, පීඩනයක් තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. රෙද්ද උස්සපුවහම තමා වැඩේ

      Delete
  6. ඕක ප්‍රශ්ණයක කර ගන්නේ නැතිව ජීවත් උනාම හරි....

    ඇත්තටම ඔහොම ඉන්න සල්ලි ඕනත් නෑ... හැබයි මොකක්දෝ ලක් එකක් තියෙන්න ඕන... නඟරෙත් ඔහොම අය උන්නට.. ගම් වල ඉන්න අය නම් මේ වගේ අය ගැන හොඳට දන්නවා...

    ReplyDelete
    Replies
    1. මාතෝ එහෙම පුලුවන්ද?
      අනික ලංකාවේ නගර නැත. ඇත්තේ නගර කරා වගේ යන ගම් පමනි. සංවාදයට විවෘතයි. ඉතින් පීඩනය තැනේ හැටියට අඩු වැඩි විය හැක. ලිංගිකත්වය සංසරිගයට වඩා ඉතා පුලුල් වපසරියකි. ලංකාව එය වික්ටෝරියානු? රෙද්දකින් වසා හංගන්නට හදයිමේ මගේ අදහසයි

      Delete
  7. බොක්ස්ගත වෙච්ච ජීවිත ගෙනියන කොටත් ඔය වගේ අසහනයන් පීඩනයන් එනවනේ. ඕක සෙක්ස් විතරක් නෙමේ අනිත් සමාජ කාරනා වලදිත් එහෙමයි කියලා මට හිතෙනවා. ජේපිගේ කතාවේ ඒ ගර්ල් වුනත් එයාටම කියලා හදාගත්ත පොඩි පෙට්ටියක් ඇතුලෙනේ ඉන්නේ. සමහරු පෙට්ටියෙන් එලියට එන්න ට්‍රයි කරනවා. සමහරු එන්න එන්න ඒ පෙට්ටිය ඇතුලෙම හිරකාරයෝ වෙනව.

    ReplyDelete
    Replies
    1. අරෑ දෙසරයක් කියවා ඔබේ අදහසට එකඟ වෙමි. බොක්ස් වීම එක පැතිකඩක්ම තමා

      Delete
  8. නිකං ඉන්න මට අහල ගියත් මදෑ අදහසේ ඉන්න එකාගෙ කරේ යන්න පුලුවන් ගෝනි නැතුව පොඩ්ඩක් එහෙ මෙහෙ වැනුවාම

    ReplyDelete
    Replies
    1. ක්ලයිම්බින් ශෝල්ඩර්ස් විතවුට් ගනී බෑග්ස් ය

      Delete
  9. හපොයි එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. කොහෙත් එහෙමමය :)

      Delete

Have commented