02 May 2016

කැප් කරුවන්ගේ දිනය

                       (කාටුනය අවන්ත ආටිගල ගේය )


පොඩි එකා කලිසම් කොටය එක අතකින් අල්ලා ගෙන නිදි ගැට කඩමින් ආලින්දයට එන විට ඔහුගේ සීයා සිටියේ වේවැල් පුටුවේ  ඉරිදා පත්තරේ බලමිනි .

"තීයේ තීයේ " පොඩි එකා ට හදිසියේ යමක් මතක් වූ සෙයකි .

" පුතේ මොකෝ "

" තීයේ තීයේ , දන්නවද වැඩක් ...අහස කඩා වැටිලා .. "

" මොකක් කිව්වා " සීයාට ඉබේම අහස දෙස බැලුනේය .

" හූ  හූ තීයා ලැවටුනා .. ඔන්න තීයා තමා එක ". පොඩි එකා කුස්සිය දෙසට දිව ගියේය .

"අම්.....මේ.....අම් .....මේ .....මගේ ටූටී ඇඟිල්ල පීයට කැපුනා " 

"මම කොච්චර කියලා තියෙනවද ඔය පිහිය අල්ලන්න එපා කියලා ..කොහෙද කියන දෙයක් අහන එකක් යෑ .." 
අම්මා දර්ශන පථයට සේන්දු වීමට පෙර ,  ඈ දෙබස් ඇසෙන්නට විය ..

"හූ  හූ  අම්මත් ලැවටුනා .... දෙකයි දෙකයි ....." පොඩි එකා මිදුලට දිවුවේය 

"තාත්තේ ...."

"ඕ ..මොකෝ පුතු ? "  යතුරුපැදියට ඇල්ලු දිය දහර , හෝස්‌ බටය නවා නවත්වා පියා ඒ දෙසට නෙත් යොමු කළේය .

" තාත්තේ ...ආස කඩන් වැටෙනවා ..."

"හා හා කමක් නෑ "

" ඒ නම්... මගේ ....මේ ටූටී ඇඟිල්ල කැපුනා "

" මම ඔක්කොම අහගෙන හිටියේ .. පුතු මොකෝ මේ උදේ පාන්දර බොරු කියා කියා යන්නේ "

" ඇයි  අද පලවෙනිදා නේ "

" ඉතින් ?"

" අයියෝ තාත්ති ඒක දන්නෙත් නෑ ...අද  බොරු කියලා මිනිස්සු වට්ටන දවසනේ"

" කවුද කිව්වේ ?"

"අයියා  කිව්වේ අද බොරු කියලා මිනිත්තු අන්දන දවස කියලා ..."

" ඔයාට වැරදිලා පුතු ...ඒ අප්‍රේල් පළවෙනිදා . අද මැයි පළවෙනිදා ..පුතු දන්නවද අද මොන දිනයද කියලා? "

" ආ ආ මං  දන්නවා ....ලෝක කැප් කරුවන්ගේ දිනය ..."

" ඇයි පුතු එහෙම කිව්වේ ?"

" අයියෝ... තාත්ති දැකලා නැද්ද ...අර අංකල්ලා , ඇන්ටිලා පාට පාට කැප් දා ගෙන පෙරහැලේ  යන්නේ ..... ඇඩ්  එකකුත් ගියේ කැප්කරුවන් ගේ මැයි දිනයට එන්න කියලා ...

හාහාහා.. නෑ පුතු මැයි පළවෙනිදා තමා ලෝකයා  කම්කරුවන්ගේ දිනය සමරන්නේ  .. 

" ඒක තමා ...තාත්ති මං දන්නවා ... ලෝකයෝ ඉස්ටේජ්  එක උඩ ....කැප් කරුවෝ පිට්ටනියේ .....මං ටීවී එකේ දැක්කා .

"තාත්ති ......?"

"ඕ ..?"

"ඇත්තටම අද බොලු කියලා මිනිත්තු ලවට්ටන දවස නෙමෙයිද ?"

පලි :

පොඩි එකාට වැරදි නැත . මම හිතන්නේ ඇත්තටම රැවටෙන්නන්ගේ දිනය මැයි  පලවෙනිදාය . කවුදෝ එය අප්‍රේල් 1 වෙනිදා යයි කියා බොරුවක් කියා ඇත . කැප කරන්න එන්න , පැක්  කරන්න , රජ කරන්න එන්න , සරමන්න එන්න , චූ  කරන්න එන්න කියා එක එක අය කතා කරති . සමහරු යති . මැයි  පලවෙනිදා වැඩ කරන දනගේ දිනයයි කියවේ . එක් අතකින් හෝ අනෙක් අතින් අපි බහුතරයක් මේ කුලකයට අයත් වෙමු . වැඩ නොකරන්නන් සිටින්නේ මා දන්නා තරමින් දෙකොටසකි . ඒ හොරුන් සහ දේශපාලකයන්ය . 

29 comments:

  1. දිනේස් බලුවර්ධන දාගෙන ඇවිල්ලා උන්නේ මුණුබුරාගේ කැප් එකක්...

    ReplyDelete
    Replies
    1. බහුතරයක් දා ගෙන ඉන්නේ ළමයින්ගේ කැප් තමා මය . ළමා චිත්‍රපට ලංකාවේ මෙතරම් ජනප්‍රිය වන්නේත් , බහුතරය ළමයින්ම වන බැවින් දෝ සිතේ

      Delete
    2. AnonymousMay 02, 2016

      ඇයි මේ ඉන්නේ මැයි ඩේ ජෝකර් බහුබූතයා;

      මැයි දින බහුබූතයා මෙතනින් බලතහැකි

      Delete
    3. සිංගප්පුරැවක් වෙන්න යන ගමනේ මග සලකුනු. හැබැයි උනුත් වැඩ කරන කුලකයට අයත්. බහු බූතයෝ නම් හැම වේදිකාවක් උඩම උන්නේ

      Delete
    4. ////බහු බූතයෝ නම් හැම වේදිකාවක් උඩම උන්නේ////

      සහතික ඇත්ත. දැන් දැන් මා ප්‍රියකරන නාට්‍ය වේදිකාවලත් ඉන්නවා. කරුමේ... වේදිකා නාට්‍යත් , බහුභූතයන්ගෙන් පිරිලා අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ.....

      Delete
  2. කම්කරු දිනය හයිජැක් කරල

    ReplyDelete
    Replies
    1. හූ හූ ලාජ් අංකලුත් කවුදෝ කිව්ව බොලුවකට ලැවටිලා ..මැයි පලවෙයිදා කන්කළු දිනේ කීලා

      Delete
  3. AnonymousMay 02, 2016

    මැයි දිනයේ කොලඹ කොලොප්පන්


    මල හොල්මන්
    001


    මල හොල්මන්
    002

    ReplyDelete
    Replies
    1. එන්ටටේන්මන්ට් නේ. ඕකත් නාමල් ගේ ඇක්ටින් එකත් ... ගාල්ලේ නාට්ටියත් ටිල්වින් කෙහෙල් කොලේ බත් එක බෙදාගෙන කෑමත්

      Delete
  4. පොඩි ළමයි එක්ක බොරු බෑ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි රසිකට තේරැනා

      Delete
  5. පොඩ්ඩ වැඩ්ඩ

    ReplyDelete
  6. AC කාර් වල ගිහින් AC ඔෆිස් වල ඉඳන් ඔය මොකක් හරි පොඩි වැඩක් කරන අපිත් කම්කරුවෝ කියල හිතද්දී පොඩි අවුලක් දැනෙනවා මට නම්..

    ඔය පොඩ්ඩ කවදාහරි දේශපාලනේට එයි හෙහ් හෙහ්!!

    ReplyDelete
    Replies
    1. මම දැක්ක හොඳම කෑල්ලක් තිබ්බේ පැරාගේ බ්ලොගේ
      අරාබියේ දුක් විඳලා බිරිඳ එවන සල්ලි වලින් බිබි ඇවිදින මිනිහෙක් කැප් එකක් දා ගෙන වැඩකරන මිනිස්සුන්ගේ දිනය සමරන්න ගියාලු

      Delete
  7. අන්තිමටම මෙහෙ කම්කරු මැයි රැලියක් තිබුනෙ මොන අවුරුද්දෙද? එහෙම තිබුනද? මුලින්ම තිබුන ඒවත් තිබුනේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මිසක් සම්පූර්‍ණව කම්කරුවන් සඳහා නෙමෙයි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. Actually why they are taking it as political meeting?

      Delete
    2. Will respond in English. I think may day and workers rights are any way political. But the issue is as soon as we say it is political, some party or the other hijacks it.
      In Sri Lanka, workers were organized and used for every fight but workers rights. Agree with Pra Jay

      Delete
    3. Well I admit it. But why only Sri lankans taking this as political leaders event? I couldn't see they wanted give credit or rights to labours? Selfishness? Gaining more power or showing their potentiality?

      Delete
  8. හැබෑවටම ඒ දින දෙක මාරුවෙලා නේද?

    ReplyDelete
  9. කම්කරුවොවත් දන්නෑ දිනේ කාගේද කියලා.

    ReplyDelete
    Replies
    1. කැපකරන්න නේ
      රජ කරන්න නේ
      එන්න කිව්වේ

      Delete
  10. Replies
    1. දැක්කා. රාජ් ලියනවා මදි ඇත්තටම

      Delete
    2. මට යාලුවෙක් කිව්වා මැයි පලවෙනිදා අනෙක් පැත්ත හරවලා බලන්න කියලා

      Delete
  11. Best!

    (Nb) is this little fellow having voting rights? If so we can keep a hope for future 😉

    ReplyDelete
  12. අද කැප්කරුවන්ගේ දිනය කියල යූඇන්පිය අඳුනගෙන තිබුණ...
    ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලා කැප්කරුවන් වෙනුවට කැපකරන කියලා වැදිලා...
    බොරු කියලා මිනිස්සු අන්දන්න නම් විශේෂ දිනයක් ඕන නෑ අපේ අයට

    ReplyDelete
    Replies
    1. අන්න ඔබට අහු උනා

      Delete

Have commented