14 May 2016

චාතුස්කෝටික චමින්ද සහ එක යට රත්නේ







මේ ඉන්නේ චමින්ද . මගේ මිත්‍රයෙක් . දහසක් චමින්දලා අතරින් යාළුවො , මාළුවෝ ඔක්කොම ඔහුව හඳුනන්නේ චාතුස්කෝටික චමින්ද කියලා . ඌ නම් කියන්නේ ඌ මැදහත් සිත් ඇත්තෙක්  කියලා  හැබැයි අනෙක් උන් නම් කියන්නේ පතෝලයෙක් මෙන්ම ආඳේක් කියලයි . චමින්ද ඕනෑම සංසිද්දියක් පක්ෂ විපක්ෂ දෙපැත්තටම සාධාරණීකරණය කරනවා . ..එතනින් නවතින්නේ නෑ .

මේ ලඟදි දවසක දී මට චමින්ද ව හමු උනා 

"කොහොමද මචං ජීවිතේ ?"

"හොඳයි මචන් , හැබැයි ඉතින් එහෙම හොඳකුත්  නෑ ... ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් චාටර් මචං  මේ දවස් වල ...හැබැයි ඉතින් අනිත් අතට මිනිස්සුන්ට වෙන දේවල් වල හැටියට එහෙමම චාටරුත් නෑ ."

"ඒක නෙමේ මචන් මොකෝ හිතන්නේ මේ පැනමා පේපර්ස් ගැන ?"

"මෙහෙමනේ සහෝ ...ඔය එක එක රටවල් වල එක එක සංස්කෘති නේ මචන් ... සමහර රටවල උන් වතුරෙන් හෝදනවා , සමහර උන් කොලෙකින් පිහිදානවා "

එහ් ?  යකෝ ටොයිලට් පේපර්ස් නෙමෙයි මම කිව්වේ පැනමා පේපර්ස්

හෙහෙහෙ ., මම කිව්වේත් ඒක ගැන තමා ....එක අතකට ඒක නම් බරපතල තත්වයක් තමා ...හැබැයි ඉතින් එච්චරම බරපතලත් නෑ ... අනික ඕවා සාමාන්‍ය දේවල් නේ ... හැබැයි එච්චරම සාමාන්‍යත් නෑ . 

ඒ කිව්වේ ?

මචං සල්ලි තියෙන එකා , ටැක්ස් වංචා කරනවා කියන එක අපි කොහොමත් සැක කරනවා නේ . අනෙක් අතට උන්නු එවුන් සල්ලි පිටරට හැංගුවා කියලා හැමෝම කිව්වානේ . ඉතින් ඒ දුම නැගෙන්න මොකක් හරි ගින්නක් තියෙන්න ඇති කියලා ටොයියෝ , බයියෝ ඔය ඔක්කොම ගොයියෝ හිතුවනේ . ඉතින් මේකෙන් වෙන්නේ ඒක  සනාථ වීම නේ .

ඔව් දැන් හරි , උන්ව අල්ලලා අච්චු කරතෑකි .

මෙහෙමයි මචං . සරුංගල් දෙකක් මාට්ටුවක පැටලිලා, කඩා ගෙන ගහක පැටලුනාම , නුලේ කොනක් අල්ලාගෙන ඒක කොයි සරුංගලේ ද කියලා හොයන්න බෑනේ . 

එහෙම බෑනේ . මොනවා හරි දඬුවමක් දෙන්නම වෙනවා 

ඔව් ඔව් , බදු නොගෙවුවට .. දඩ මුදලකුත් එක්ක බදු ගහයි .

එතකොට ?

ඒක ගෙවයි 

එතකොට වැරදි කාරයෝ ?

මොන ?

ඇයි බං වැරදි තියෙනකොට වැරදි කාරයෝ නැද්ද ?

එහෙම ඉන්නම ඕනේද ?  සමහර වැරදි වලට වැරදි කාරයෝ නෑ , සමහර වැරදි කාරයෝ හිටියට උන් කරපු වැරදි නෑ 


***


මේ මගේ තවත් මිතුරෙක් . නම "එක යට රත්නේ" . උප්පැන්නේ වාසගම තියෙන්නේ ඒකරත්න කියා වුවත් , මොහුගේ චින්තනය , දර්ශනය නිසාම හැමෝම මූට "එක යට රත්නේ" කියන්න ගත්තේ ඈත දවසක . අපේ කතාව පටන් ගත්තේ චිත්‍රපට ගැන. එක පාරටම හඳගම ගේ අලුත් ෆිල්ම් එක ගැන සබ්ජෙක්ට් එකට බැස්සෙමු . හඳයා හීලෑ වෙලාද කියලා පටන් ගත් කතාව දිගට  ඇදිලා ගියා .

"ස්වර්ණා කාලෙකට පස්සේ රඟපානවලු නේද ?"

"ස්වර්ණා මම කැමතිම නිලියක් මචං ... අර පුපුරන හිනාව ... එක පාරටම පිරිමින්ව බිරන්ත්‍රාන්ත කරනවා .. ඒ ශොක් එකට මම කැමතියි ... රේස් කාර් එකක් වගේ .. බිංදුවේ සිට සීයට , තත්පර විස්සෙන් තිහෙන් .."

"ඒක තමයි හඳයා ආයෙත් එයාව සිනමාවට ගෙනාපු එක නම් මරු වැඩක් "

"මම නම් හිතන්නේ ඕකේ අනෙක් පැත්ත ..ඒ ගෑණි අවුරුදු විසි තුනකින් රඟපාලා නෑ ... අපේ හිත්වල ඉන්න ස්වර්ණා ... හන්තානේ කතාවේ , දුහුල් මලේ , කැඩපතේ, සුද්දිලාගේ කතාවේ උන්නු ගෑණි .... වැඩි කාලයක් අපේ හිතේ ඉඳලා තියෙන්නේ ඒ ෆැන්ටසිය ....මේ &*තා ඒක කුඩුපට්ටම් කරලා දානවා ..... "

පලි . මේ කතා දෙක ලාම්පු තෙලුයි පරිප්පුයි, වගේ එකිනෙකට නොපෑහෙනවායයි ඔබට හිතෙන්නට පුළුවන . ඊට වඩා නොපෑහෙන දේද හොඳින් පෑහී තිබෙනවා දැකිය හැකිය .

13 comments:

  1. පෑහෙන්න ඕන ඒවා පෑහෙන්නෙ නැති කාලේ නොපෑහෙන ඒවානම් තිතට පෑහෙනවා.

    මමත් ඇත්තටම ස්වර්ණාගේ ඒ පුපුරන හිනාවට හීනියට ලව් කරපු එකෙක්. සුද්දිගෙන් පස්සේ ඒ ලව් එක ලව් එකටත් වඩා ඈතට ගියා. අපේ කාලයේ අති දක්ෂතම නිලිය ස්වර්ණා කියලයි මට හිතෙන්නේ. ඇගේ ඇස අග ට්‍රේලර් එකනම් බැලුවා.

    ReplyDelete
    Replies
    1. මරැ වැඩසටහනක් ගියා දෙරනේ. ස්වර්නා ගැන .

      Delete
  2. පැනමා - හඳයා
    නම් ගැලපේ වගේ :)

    ReplyDelete
    Replies
    1. හඳයා හීලෑ වෙලා

      Delete
  3. එක යට රත්නෙට කියන්න දුහුලු මලේ ස්වර්ණා හිටියෙ නෑ කියල...:)

    ReplyDelete
    Replies
    1. හංස විලක් නේද

      Delete
  4. මමත් බ්ලොග් ලියලා හම්බ කොරපු සල්ලි ස්විස් නම්බර්ඩ් එකවුන්ට් එකකට දානවද කේමන් අයිලන්ඩ්ස් වල හංගනවද කියලා හිතාගන්න බැරුව මට නින්ද යන්නෙත් නෑ බං.

    දැං උඹ ඔය රට රට වල කරක් ගහපු එකා වෙච්චි, කොහොම කලොත්ද හොඳ?

    ReplyDelete
    Replies
    1. මචං මම නම් බ්ලොග් ලියලා හම්බු කරපු කෝටි ප්‍රකෝටි වස්තුව හංගලා තියෙන්නේ කොට්ටේ යට. හම්බ වෙච්ච හකුරු මුලක් නම් හංගලා තියෙනවා වක්කඩක.
      මෙහෙ නම් ඇත්තට කොට්ටේ යට තිබ්බා කියලා වැඩි වෙනසක් නෑ පොලි අනුපාතය .01% අවුරුද්දටම

      Delete
    2. igneshas dapu thanata danna barida?

      Delete
  5. ඔය චතුස්කෝටික චම්න්දයා නම් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පොරක්...

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නම ඔබ හොඳින් දන්නා උන් වීමට පුලුවන්

      Delete
  6. ඔය චිත්‍රපටිය අප්සෙට් කියා කියන දෙවන ලිපියද කොහෙද?

    ReplyDelete

Have commented