28 May 2016

කිඹුලෙක් කතා කරයි // Why did the crocodile come ashore


"ආයුබෝවන් ..මෙන්න අතිරස පුවත් . ... කොළඹ ඇතුළු ප්‍රදේශ රාශියකට ගාලු ගංවතුර තත්වය බැස යාම ඉතා සෙමින් සිදුවේ . මහජන සහන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ , එම නිසාම රජය තම සහන වැඩසටහන් අත්  හිටුවා ඇත . කැළණි නිම්නයේ සංචාරයේ යෙදෙන අපේ වාර්තාකරුට හමු වූයේ පහුගිය දින ගංවතුරෙන් ඉතාම ප්‍රසිද්ධියට පත්වූ චරිතයක් "





ඔබේ සම්පුර්ණ නම 

ඇලිගේටර් ආරච්චි ගේ කිඹුල් අප්පුහාමි 

ඔබේ ගම 

අපේ මුල් ගම මාතර , ගඟ අසබඩ , දැන් නම් පදිංචිය කැළණි ගඟ අද්දර 


ඔබ ගොඩට ආවේ මොකද 

මුලින්ම ජොලියේ රැල්ලට එහෙ මෙහෙ ගියා . මම අඳුරන මහත්තයෙක් හොයාගෙන තමයි ගොඩට ආවේ . මිනිහා ගෙන් කිසි සද්දයක් නැති නිසා කරදරයක්ද කියලා බලන්න 

ඔබට ගොඩට ආවට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

ප්‍රතිචාර හොඳයි . 

එහෙම කිව්වට  ඔබව දැකලා  මිනිස්සු බය උනා නේද ?

නෑ පිස්සුද , පොඩි ළමයෙක් ඇවිත් මට කෙහෙල් ගෙඩි දෙකකුත් දුන්නා 

කවුද කෙසෙල් දුන්නේ.... සුජි ...?

ජරා කතා කියන්න එපා මහත්තයෝ, ඒ මනුස්සයෙක් මනුස්ස කමට බෝට්ටුවේ යනකොට කන්න තියාගෙන හිටපු කෙහෙල් ගෙඩිය  ඈත හිටපු ආච්චි කෙනෙකුට බෝට්ටුව ලඟට කතා කරලා දුන්න ම එකේ වැරදි හොයන්න එපා ... 

ඒ උනාට කිඹුලෝ කෙසෙල් කන්නේ නෑ නේ 

කමක් නෑ මහත්තයෝ හිතේ අනුකම්පාවට දෙන දේ නේ . අර සුනාමි දවස් වල ගාල්ල පැත්තේ කඳවුරු වලට ජර්මනියෙන් ආපු ඇඳුම් පාර්සල් වල ටයි පටිත් තිබුනේ
ඔව් අපේ මිනිස්සුන්ගේ ඒ මනුස්ස කමට අපි ගරු කරන්න ඕනේ 

එකෙන්ම . ඒ විතරක්යෑ බත් පාර්සල් අරන් ඇවිත් අමාරුවෙන් වතුරේ බැහැගෙන සෙල්පි ගහන කට්ටිය , මාක් ප්‍රයිස් එකෙන් සත පහක්වත් අඩු නොකර බඩු  රාක්ක හිස් වෙන දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්න සුපර් මාර්කට් කාරයෝ , ජනතාව තම තමන්ගේ සුභ සිද්ධිය සලසා ගනිද්දී ඊට කිසිම බාධාවක් නොකර බලාගෙන ඉන්න ජනතා නියෝජිතයෝ අමතක කරන්න එපා .

ඇයි ජනමාධ්‍ය කළ  සේවය

මහත්තයෝ , ඇත්තටම ජන මාධ්‍ය තියෙන්නේ ඕක කොරන්න නේද ?

මම නම් හරියටම දන්නේ නෑ ....ඔබ කියුවේ නෑ නේ ඔබ ආවේ කාව හොයා ගෙනද කියලා 

මේ අපේ හදිසි ආපදා ඇමති තුමා ... මම මේ ඇඟේ ලේ නැතිව හිටියේ උන්නේ උන්නැහේවත් ගංවතුරට ගහ ගෙන ගිහින් කියලා ....


පලි :

ගංවතුර බැහැලා ගොසිනි . පැරා ලියු ලෙසම පරණ ලංකාවම යලි මතුවිය . සුනාමියට පසුද මෙය මෙලෙසම සිදුවිය .
රටේ මිනිසුන්ගේ මනුස්ස කම ගැන ලියු සටහන් අපමණය . ඒ කල කී දෑ  ගැන විවාදයක් නැත . නමුත් බුදුන් කීවේ චේතනාවම් භික්කවේ   චේතනාහං භික්කවේ කියාය . මිනිස්සුන්ගේ සුභ සිද්ධිය මිනිස්සුන්ම සලසා ගනියි නම් , ඒ රටට ආණ්ඩුවක් පමණක් නොව විපක්ෂයක් ද අවැසි දැයි මා සිතේ පැනයක් නැගී ඇත . එමෙන්ම මිනිස්සුන්ගේ ආධාර එකතු කර තමන්ගේ වගේ බෙදපු මාධ්‍ය ආයතන , අනෙක් අතට ලක්ෂ ගණන් වියදම් කර ධාතු පෙන්වීය . අනෙකුගේ කුස ගින්න ගැන සිත උණු වීම අනුකම්පාව යයි කියමු , බත් පාර්සලයක් බැඳ ගෙන ගොස් ඔවුන්ට දීම සමාජ වගකීම භාර ගැනීම යයි කියමු , නමුත් ඒ සිලි මල්ලේ තම නම ගැසීමට  නම් චින්තන දිළිඳු බව මිස  කීමට වෙන යමක් මා මනසට හසු නොවේ. නමුත් එතනින් එහාට ඇති ප්‍රශ්න ගැන සිත යොමු කර ඊට උදව් කිරීමට ( විශේෂයෙන් සල්ලි වලින් නොව , සල්ලි වලට ගත නොහැකි දේ වලින් උදව් කිරීමට ) ඉදිරිපත් වූ ය ගැන නම් මා සිතේ ඇත්තේ අපමණ ගෞරවයක්මය . ඒ කපුරු හාමි ලා වත් විකුණා ගෙන , තව ටික දවසක් රේටින් මල්ලට පුරවා ගෙන දුවන්නට තතනන ආයතන ගැන නම් ඇත්තේ අපුලකි .


මේ සටහන ලියන්න හිටියේ ගිය සතියේ ය . නමුත් බාගේට ලියලත් , පළ නොකළේ  හිතේ දෙගිඩියාවක් තිබුණු නිසාය . හැම දෙයෙහිම  ඇදයක් නොසොයා යමක් කරන්න යයි බස්සි ලියා තිබු සටහනත් මා ඇස  ගැටුණි . නමුත්  කදුළු අතරින් සිනහව සෙවීම ශ්‍රීලාංකිකත්වයේම අංගයක් නිසාත්  ( මළ ගෙවල් වලට ගිහින් නැද්ද ?) , මේ බ්ලොග් අඩවියේ තේමාව කැලැතුනු දේ අතරින් යථාර්ථය  සෙවීම නිසාත්  (ඇතැම් විට සූම් අවුට් කර සමස්ථය දෙසම බලන අතර ඇතැම් විටෙක සූම්  ඉන් කර යමක් දෙස ඉතා පරිස්සමෙන් බලන නිසාත්)  මේ සටහන පළ  කරන්නට තීරණය කරමි .  චැරිටි , පරෝපකාරය , මෙන්ම සංවේදී බව , අනුකම්පාව යන සංකල්ප වල ඇති වෙනස් කම් ගැන මා ටිකක් දුරට කියවා , සිතා ඇත්තෙමි. ඉදින් ඒ ගැන මට  ආකල්පයක් ඇත .  
සදාචාරය ගැන වෙනම කියවීමක් ඇති මට,  මෙය එතරම් සදාචාරාත්මක නැතැයි අයෙකුට සිතුනොත් නම් කම් නැත .මිනිසුන් කම්පනයට මුහුණ දෙන අයුරු ද වෙනස් ය .

22 comments:

  1. මාධ්‍යය සම්ප්‍රදාය ගැන නම් කියල වැඩක් නැහැ. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න, අඩුම ගානේ එහෙම එකක් නැහැ. පහුගිය දවස් ටිකේ ගංවතුර ආධාර බෙදන ගමන් ඒ අසරණ විපතට පත් මිනිස්සුන්ට කියලා තමාගේ මාධ්‍ය ආයතනය ප්‍රමෝට් කරගත්ත හැටි වස කැතයි.

    ReplyDelete
    Replies
    1. ඒ සදාචාරෙත් මොකක්ද එකක් පල්ලෙන් බේරේ (බොහෝවිට ). අනෙක් අතට අපි ඌ රන් ගෙන් සෞඛ්‍ය බලාපොරොත්තු වෙනවද මන්දා

      Delete
  2. AnonymousMay 29, 2016

    චැරිටි , පරෝපකාරය , මෙන්ම සංවේදී බව , අනුකම්පාව යන සංකල්ප වල ඇති වෙනස් කම් ගැන මා ටිකක් දුරට කියවා , සිතා ඇත්තෙමි. ++++++

    මගේ අත්දැකීමත් හුඟක් අය (හැමෝම නොවේ) දෙන්නේ සංවේදී වීම නිසා නොවෙයි කියලයි. නමුත් කර්මය, පින්, පව් ගැන පොඩි කලේ ඉඳල ඔලුවට දාපු අදහස් නැති westernersලා අපිට වඩා compassionately උදව් කරනවා. දවසක් Melbourne පන්සලකදී ලංකාවේ වයස්ගත කාන්තාවක් කිව්වා "මෙහෙ පින් කරන්න අමාරුයි හිඟන්නෝ නැති නිසා" කියල. ලංකාවේ පින් කිරීම ගැන summary එකක් ඒ කතාවේ තියෙනවා කියල මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අත්දැකීම් නම් මටත් ඇත. මේ දවස් වලත් මෙහෙත් , තරඟෙට කට්ටි දෙකක් ආධාර එකතු කරනවා . අනෙක් අතට මම දන්නා ආයතනයකින් කාලයක් තිස්සේ ඉඳන් දානපතියන් සම්බන්ධ කර ගෙන දුගී ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා ... වැඩේට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් අහන්නේ " මේ ළමයට හොඳට ඉගන ගන්න පුලුවන්ද කියලා ..ආධාර කරන්න කලින් .. ඒකේ එතරම් සම්බන්ධයක් තියෙනවද මන්දා

      Delete
    2. AnonymousMay 29, 2016

      "ඒකේ එතරම් සම්බන්ධයක් තියෙනවද මන්දා" Yes it connects well. "I will donate only if....". Some sort of 'conditional' loving kindness (if you want to call it loving kindness he he).

      Delete
    3. යුතුකම් පිංකම්වලට යටවෙලා. පිංකම් කියන්නෙත් තන්හාවේම කොටසක්.

      Delete
  3. තමන් ගේ වැඩේ කරනවා මිස අනුන්ගේ වැඩ දොස් සෙවීම නොකළ යුතුයි. මාධ්‍ය ගැන කියන කතාවලටත් එය පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට , සහ ඔබට එය දැරීමට ඇති අයිතියට ගරු කරමි .

      ඒත් මේක paradoxical ද මන්දා

      Delete
  4. AnonymousMay 29, 2016

    'චේතනාවම් භික්කවේ'? දෙමළද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවැරදි කළා . වැරදි පෙන්වා දීමේ හොඳ පැත්තකුත් ඇත :)

      Delete
  5. මට ඊයේ පින්ච්පොයින්ට් මතක් උනා.. ඒත් හිතුවා ගං වතුරටවත් කොටු උනාද කියලා...

    කියන්න ඕන ටික නියමෙට ලියලා තියෙනවා.. චැරිටි ගැන මගෙත් වෙනම කතාවක් තියෙනවා... නිහඬව අති විශාල මෙහෙයන් කරපු පිරිස බොහෝම වැඩියි....

    ReplyDelete
    Replies
    1. නිහඬව විශාල සේවයක් කල පිරිස බොහොමයි මාතේ. අපේ ලොකුදුව වැඩකරන දෙපාර්තමේන්තුවෙන් ඉතා විශාල වැඩ කොටසක් කළා සහනාධාර දෙන්න. නමුත් මේ මාජ්ජ චැනල් කුක්කෝ සහ කික්කියෝ තවම බෑඟිරි ගානවා මෙන්න අපේ කෙළි කියලා. යකෝ අනුන් ගෙනත් දෙන ආධාර බෙදිල්ල ගැන මුන් මෙච්චර පම්පෝරි ගහන්නේ රෙදි ඇඳගෙනද?

      Delete
    2. සිහිවීම සතුටට කරුණකි . ගංවතුරට අහු නොවීමි . ඒත් කාර්යාලයේ නාමි .
      අනෙක් කරුණ ගැන නම් එකඟයි

      Delete
    3. AnonymousJune 04, 2016

      . යකෝ අනුන් ගෙනත් දෙන ආධාර බෙදිල්ල ගැන මුන් මෙච්චර පම්පෝරි ගහන්නේ රෙදි ඇඳගෙනද?
      එතකොට ඔහේ යුද්දේ ගැන පන්පොරි ගහන්නේ රෙදි ගලවාගෙන ........ අර සෙබළුනට දාපු චණ්ඩිපාට් කොමන්ට් කරන එවුන්ට . ලමාතන්ට දැම්මේ මොනා ඇඳගෙනද ???????

      Delete
  6. ha ha ha ha . niyama kathava

    ReplyDelete
  7. මේ රටට අලුතින් පාර්ලිමේන්තුවක්ම ඕන.

    ReplyDelete
    Replies
    1. ගංවතුරට යට නොවෙන තැනක :D

      Delete
    2. ඊට ඉස්සෙල්ලා ජනතාව නැවත පත් කරන්න වෙනවා

      Delete
  8. මේකට හිනාවෙන්ඩ නම් අමාරුයි. අඬන්න නම් ගැම්ම මදි වගේ නෙහ් ? හි හි හි

    අර කිඹුලට බිස්නස් හොඳද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. කිඹුලා බනිස් බිස්නස් එකක් කරයි . මිනී නොකයි

      Delete
  9. මාධ්‍ය ආයතනය හා දේශපාලකයින්ගේ ලයිෆ් බ්ලඩ් එක ප්‍රසිද්ධියයි. එය නැතුව ඔවුන් මොකවත්කරයි යයි බලාපොරොත්තුවිය නොහැක. උපාසකම්මලා පිං තකා දන් දෙනවා වගේ තමයි ඒගොල්ල ප්‍රසිද්ධිය තකා කරන්නෙ

    ReplyDelete
    Replies
    1. කතාවට තරමකට එකඟයි .. ඒත් ප්‍රසිද්ධිය ලයිෆ් බ්ලඩ් එකක් වීමට හේතුව අපිමද ?

      Delete

Have commented