12 June 2016

එක යට රත්නේ ගේ ටැක්ස් ඇඩ්වයිස්

සටහන් කීපයකට පෙර ඔබට හඳුන්වා දුන් මගේ මිත්‍රයා , එක යට රත්නේ  ඔබට මතකද ?

ලාංකිකකමටද මන්දා  ඔහුට සෑම දෙයක් ගැනම ආකල්පයක් ඇත . මුළු වසර පුරාම  ඔහු පුන්‍යකර්මයක් ලෙස කරන්නේ ආකල්ප දන්සැලක් දීමය . නොබෝ දිනෙක අප අල්ලාප සල්ලාපය හැරවුණේ වත්මන් බදු ප්‍රතිපත්ති දෙසටය 

"මචන් මේ ටැක්ස් ගහගෙන ගහගෙන යනවා , මිනිසුන්ට ජීවත් වෙන්න එන්න එන්නම අමාරුයි ."

මිනිස්සුන්ට කොහොමත් ජීවත් වෙන්න අමාරුයි , බදු වලින් වෙන්නේ ඒක මතක් කරලා දෙන එක විතරයි 

ඒ වුනාට බලපන් දැන් මේ වැට් එකක් දාලා ... හෝටලෙන් කිරි තේකක් බිව්වත් ඒකටත් වැට් එක වදිනවා කියන්නේ .

ඉතින් එනකොට ගෙදරින් බීලා වරෙන් කෝ තේ එක ?

ඒ කියන්නේ මේ ක්‍රමේ හරිද ? 

නෑ නෑ  උඹට මම කිව්ව දේ තේරුනේ නෑ, ක්‍රමේ පොඩි අබ්ලික් එකක් තියෙනවා . 

එහෙනම් කියහන්කෝ බලන්න මොකක්ද ඒ අවුල කියලා 

බදු ප්‍රතිපත්ති ගැන උඹ දන්නවද ?

ඔව් , සිම්පල් බව , සාධාරණ බව ,ඍජු බව ..අර බන්දුල සර් ගේ පංතියේ ඉස්සර අපි ගෙවලා ඉගෙන ගත්තේ .. දැන්නම් සර් ටීවී එකේ නිකන් උගන්නවා ..

නෑ  නෑ දැනුත් සර් ගේ පඩිය ගෙවන්නේ අපි තමා .. කොහොම වෙතත් ඔය බදු ප්‍රතිපත්ති වල වැදගත්ම එක උඹ කිව්වේ නෑ .. ඒක තමා මිනිස්සුන්ට ඇඟට නොදැනීම 

ඒ කියන්නේ 

දැන් බලපන් ඔය වාහන වල වැට් එක වැඩි කලේ මිනිස්සු වාහන ගෙන එක අඩු කරන්න නේ . පොදු ප්‍රවාහනය පාවිච්චිය උනන්දු කරන්න නේ 

එහෙමනේ කියන්නේ .. ඒක  හරිද ?

වැරදියි . මොකද වාහන ගෙන එකා ඔය වැඩි ගානට ගේනවා . ගන්න එකා වැඩි ගානට ගන්නවා . පස්සේ හිර වෙනවා 

ඉතින් මොකක්ද කරන්න ඕනේ 

පෙට්‍රල් මිළ වැඩි කරන්න ඕනේ . ටයර් ගාන වැඩි කරන්න ඕනේ . එතකොට වාහන දුවන්න බෑ . ඔක්කොම ලොක්කෝ බස් වල යන්න ගන්නවා .

උඹ නම් ...

එහෙනම් මෙහෙම ගනිං. අරක්කු බොන එක සමාජයට හානිකරයි නේ . ඉතින් ටැක්ස්  වැඩි කරන්නේ පාවිච්චිය අඩු කරන්න නේ . ඒ වුනාට බොන එකා බොනවනේ .  

හරි ඒකට මොකද කරන්නේ ?

සිම්පල් . බෙහෙත් වලට , ඉස්පිරිතාලවල ගාස්තු වැඩි කරන්න ඕනේ . තැඹිලි වලට ටැක්ස් ගහන්න ඕනේ . 

වෙන?

දැන් සිගරට් ගනින් . කොච්චර වැඩි කලත් බොන එකා මොනවා . වැඩිම උනොත් එක්කෝ ලාබ හොර සිගරට් නැත්නම් බීඩී වලට මාරු වෙනවා 

ඉතින් ඒකට මොකද කරන්න ඕනේ ?

කරන්න ඕනේ , ගිනි පෙට්ටි වලට , ලයිටර් වලට ගහන්න ඕනේ කණ පැලෙන්න බදු . එතකොට පත්තු කරන්න බෑනේ බදු නොගෙවා ...


මේ ..

ඕ ?

උඹ පලයන් කෝ ජාතික ආණ්ඩුවට 

10 comments:

  1. පට්ට කන්සෙප්ට් එකක් නේ මචෝ...

    මූ ගියොත් නම් ජාතික ආණ්ඩුවට , අනිත් එවුන් ඔක්කොටම හුළං තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යවන්න තියෙන්නේ . එක්කෝ බන්දුල එක්ක විවාදෙකට යවන්න ඕනේ

      Delete
  2. බලාගෙන උඹව මුදල් අමාත්තන්සෙට ගනියි...

    ReplyDelete
    Replies
    1. ඇයි මහේන්ද්‍රන් ආපහු යනවද ? :)

      Delete
  3. ආකල්ප දන්සැල - මරු අයිඩියාස් එක....!

    ReplyDelete
    Replies
    1. එවැනි පින්වන්තයෝ කිහිප දෙනෙක් දනිමි

      Delete
  4. මේ කථාව ඇත්තක්ද නොදනිමි. එහෙත් රත්නේ ගේ තර්කය වැට් බදු ක්‍රමය අනුව නිවැරදියි. එය පාරිභෝජන බද්දක්. පාරිභෝගිකයාට එය පාලනය කල හැක්කේ පරිභෝජනය අඩු කිරීමෙන් හෝ එම අවශ්‍යතා වෙන අයුරකින් සපුරා ගැනීමෙන්. පාරිභෝජනය අඩු වැඩි කිරීමෙන් උද්ධමනය අඩු වැඩි කල/විය හැකියි.

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාවක් ඇසුරෙනි . ඒකනේ රත්නේ විසේ සග්ඥයා ... මිනිහා ගේ නෝනාත් කියනවා

      Delete

Have commented