26 June 2016

#හුටා

 මේ මුලූ සටහනම පාදක වන්නේ , මා ශ්රවනය කල එක් ගුවන් විදුලි වැඩසටහනදී කපිල එම් ගමගේ කවියා කියූ දෙයකිනි . ඒ ඔස්සේ දිගට දිගට මම සිතන්නට විමි . ඒ මන චාරිකාවේ හමුවූ පිංච් පොයින්ට්ස් කිහිපයක් පහත සටහන් කරමි


***

මචං යාපනේ දෙමලු කෝ

ඇයි ඔය ඉන්නේ , ඩෙගා නටන විගා . ඇයි අපේ විජෙකලා නෝනා .

ඒ කට්ටිය වැල්ලවත්තෙනේ , මම අහන්නේ යාපනේ දෙමලු

ඇයි බං මේ ඉන්නේ උන් , කැමා ඇඳ ගෙන ටී පනස් හය කරේ එල්ලගෙන..... මේ ඉන්නේ ඊට පස්සේ කැමා ගලවලා වේට්ටි ඇඳන් ..තෝසේ  කකා සන්තෝසෙන් .... .

කෝ බලන්න ..අඩේ ඉන්නවා නේන්නම් ..හැබැයි  උන් ඉන්නේ යාපනේ නෙමෙයිනේ ... උඹේ ඔලුව ඇතුලෙනේ

හුටා

***

ආයෙත් ප්රභාකරන් කෙනෙක් බිහිවෙවිද ?

මෙහෙම ගියොත් සමහර විට

ඉතින් මොකද කරන්නේ

ආයේමත් ගහනවා

ඒත් ඊළඟ ප්රභාකරන් අවිහිංසා වාදියෙක් , ගාන්ධි වාදියෙක් වුනොත් ?

හුටා !!

***

මචන් දියසේන කුමාරයා මෙදා සැරේ නම් ඇත්තටම පහළ  වෙලා ලු

අපේ රට බේරා ගන්න එන උන්නාන්සේනේ ...මෑන්ස් සිංහලද ?

සුද්ද සිංහල, අඳින්නේ රෙද්ද . පෙනුම නියම මහා කළු සිංහල . කන්නේ බත් , කුරක්කන් තලප

මිනිහාගේ ආගම ?

බොක්කෙන්ම නෙමෙයි , ඇට මිදුළු දක්වාම බෞද්ධයෙක්

අනේ සාදු

පොඩි මෙව්වා එකක් තියෙනවා හැබැයි

ඒ කිව්වේ

මිනිහා සම ලිංගිකයෙක්

හුටා !!!


***

විස්සට පස්සේ විසි එකක් එනවා කියන්නේ

මොකෑ තියෙන්නේ ඒකේ ?

ප්රජාන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම ලු

ඒවා හොඳ වැඩ

කෙලින්ම පාර්ලිමේන්තුවෙන් හැම තීරණයක් ගන්න කලින්ම ජනතාවගෙන් අහනවා ලු

ඒ කියන්නේ

ඒ කියන්නේ , අපි තීරණ ගන්න පත් කරපු කට්ටිය , තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි කියලා  ආයෙත් ඒ අයිතිය කෙලින්ම අපිට දෙනවලු

අන්න මරු ..එතකොට

තීරණ වැරදුනොත් .. ඔන්න අපි නෑ කියයි

හුටා

11 comments:

  1. බ්ලොගක් ලියන දියසේනයෙකු ඇත්තටම සිටී. ව්න් ඇනෝ ඔරිග්

    ReplyDelete
  2. මේක නම් මරු

    ReplyDelete
  3. ඔන්න අපි නෑ කියයි

    දැනටත් එහෙමනේ

    ReplyDelete
    Replies
    1. අටම් මේක නිකන් අර , "උඹ ගෑනිට තවම බැට දෙනවද " වගේ ප්‍රශ්නයක් ...ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ .

      Delete
  4. කපිල එම්. ගමගේ මක්ක කියුවද කියල මම මේ හිතන්නේ.. හුටා..

    ReplyDelete
    Replies
    1. ඔය අහිංසාවාදී ප්‍රභාගේ අවතාරය ගැන තමා

      Delete

Have commented