29 June 2016

ඇගේ ඇස අග බලා ලියු




පිස්සු 
හැදෙන 
හඳයා ටද ?
මටද ?

හංස විලෙන් බැස 
මා සිත් විල 
ලැගුම් ගත් 
ස්වර්ණා 
ගෙනැවිත් ආයෙත් 
බලෙන් ඔබ්බවා 
ෆැන්ටසිය 
පුපුරුවා 
අර කිව්ව හද විල , 
සාලාව වගේ දැන් 

ඒවා නම් කැතම වැඩ 

ඇත්තටම 
එහෙම දේවල් වෙනවද 
ධම්ම චින්තා අහලා 
තුන් සුත්තරේ අහන 
අතරතුර 

ඇයි 
දෙපැයක් ගාල් 
ටියුෂන් පන්ති බංකු පේලි අතර 
කන්තෝරූ ඒ සී කාමර තුළ 
බෝ මළුවට එහා ආවාස ගෙයි 
ඈ අවතාර 
නොදැක්කෙද  


මේ ....
ඈ හිටියාද  කතාවේ 
ඇත්තටම
නැත්නම් 
හොල්මනක්ද ජනිත 
සසළ  වූ මනස් තුළ  

6 comments:

  1. හින්දි අය ආවේ නැද්ද....?

    ReplyDelete
    Replies
    1. හරියට තේරැනේ නෑ මචෝ

      Delete
  2. සිතුවිළි ගල් ගසා සසළ මනසක සිතුවිළි කැළම්බුම..

    ReplyDelete
    Replies
    1. සිතුවිලි ගල් ගැසුණු සසළ මනස ?? හ්ම්ම්

      Delete
  3. හෙන්රි ජයසේන හිටියනම් අර ප්‍රධාන නළුවාගේ චරිතයට ගැළපෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කොහේදෝ දැක්කා හඳයා මුලින්ම හැදුවේ ධර්මසිරි බණ්ඩාරනායක ව ගන්න කියලා . හෙන්රි ජයසේන ඔය තිබ්බ සමහර දර්ශන නිසා කරයිද දන්නේ නෑ

      Delete

Have commented