09 June 2016

ගොවි දන මනාවූ ..ලැබිය යුතු වූ සේම ගම බිම් , දෙස්පල් මනාවූ ...පැදිය යුතුවූ වේය පෝ වීල්

කන් කන් බූරූ 

සිං සිං නෝරු 

මම කියන දේ අහනවද ?

වෙන මොනවා කරන්නද 

මේ දවස් වල කතාව ඇමති වරුන් ට සුඛෝප භෝගී වාහන ගන්නට සියලු දෙනා එකතු වී අත් ඉස්සු පරිපූරක ඇස්තමේන්තුව ගැන ය .  පොඩි උන් පන්ති වලදී අත් උස්සන්නේ විවිධාකාර විධි වලටය . සමහරු බාගේට අත් ඔසවති . තවත් සමහරු අත ඔසවන්නේ , අනෙකාගේ ඔලුවට උඩින්ය . එතකොට ඈතට පෙනෙන්නේ අත ඔසවා ඇත්තේ අනෙකා වාගේය .  ඒත් ඒ පොඩි එවුන්ය .

මේ වාහන කෙළිය ගැන මැති ඇමතිවරු අනෙක වොයිස් කට්  දී ඇත . ඒ නිසා මේ වාහන වලට වියදම් කරන අය ගෙන් මේ ගැන ඇසීමට අපි මේ ගැන ඇසීමට තීරණය කළෙමු .

කන් කන් බූරූ 

සිං සිං නෝරු 

මම කියන දේ අහනවද ?

වෙන මොනවා කරන්නද 

එහෙනම් දුවලා දුවලා ගිහින් වොයිස් කට් ටිකක් අරන් එන්න 


***

මුලින්ම අපි හමු වන්නේ උදේ පාන්දර පාන්  ගෙඩියක් ගැනීමට හන්දියට ගොස් එන ඇල්බට් සිංඥෝ ය 

" මහත්තයෝ අහන දෙයක් ඉක්මනට අහන්න , බඩ  පොඩ්ඩක් පුරු පුරු ගානවා .  මේ පටිය තද කරගෙන හරි අමාරුයි "

" මේ වාහන ගැනීම ගැන ඔබ මොකද කියන්නේ "

" ඇයි මහත්තයෝ රාජිත මහත්තයයි , ගයන්ත මහත්තයයි ඊයේ විස්තර කලේ , ඒ ගොල්ලන්ට කඳු නගින්න එහෙම සුපෝක බෝගී වාහන ඕනේ කියලා .. 
අනික දැකලා නැද්ද මහත්තයෝ , ඔය පරණ වාහන කැඩිලා පාරේ රස්තියාදු වෙන මැති ඇමතිවරු . ජනතා සේවයට යන්න නේ පරක්කු වෙන්නේ ...කඳු නගින්න පුලුවන්ද පෝ වීල් නැතිව ..ජනතාවට සේවය කරන්න එහෙම නැතිව බෑ ...
දැන් ඔය කඩුවෙල පැත්තේ උනත් , කැලණියේ උනත්  කොච්චර නම් කඳු තියෙනවද ?  

නැගෙනහිර පලාතේ , කොළඹ පළාතේ ඇමතිවරුන්ටත් ලොකු වාහන ඕනේ කියන්නේ ඇයි දන්නේ නෑ 

කඳුනේ මහත්තයෝ , දැකලා නැද්ද කාලෙකට කොළඹට සිරී පාදෙත් පෙනෙනවා ... මහත්තයෝ මේ,  මං යන්නම් ... බඩට හදිස්සියි 

***
" ජනතා සේවයට නේ මහත්තයෝ . දැන් බලන්න අපේ ආපදා කළමනාකරණ ඇමතිතුමයි නියෝජ්ය ඇමතිතුමාටයි ඔය පෝ වීල් අලුත් වාහන දෙක ගෙනල්ලා තිබ්බානම් ... බ්ර්රුම් ගාලා ගිහින් අර අරනායක මිනිස්සු ඔක්කොම බේරාගන්නවනේ . අනිත් එක ගංවතුරේ ගිහින් ඔක්කොම මිනිස්සු ටික ඔය වාහනේ දාගෙන ගොඩට ගේනවනේ .... සී ...අපේ රටේ අවාසනාව ".

***

අංකල් අංකල් පොඩි එකක් අහන්නද 

පුතා... මෙහෙ එන්න ...ඔය මහත්තුරුන්ට කරදර කරන්නේ නැතිව 

නෑ නෑ අම්මේ.. පොඩි එකාට අහන්න දෙන්න 

මහත්තයා දන්නේ නෑ ..මූ  හෙන නස්රානියා . ලඟකදී ඉඳලා මු පුරුදු වෙලා කලිසම පාත් කරලා පස්ස පැත්ත පෙන්නන්න 

නෑ  නෑ  එහෙම කියන්න එපා පොඩි ළමයින්ට ...හා බබා අහන්නකෝ බලන්න 

අංකල් , අර සුජී අංකල් වගේ , අපේ තල්ලි වලින් අලං දෙන ජිප් කාල් වල අපේ මුණේ ඉස්ටිකල් එකක් ගාලා දෙනවද .... 

හා හා බබාත් කරන විහිලු 

අංකල් , මේ ...... මං නං ගාලා දෙනවා මගේ පත්ත පැත්ත  හී හී හී 

මෙන්න මූ  කලිසම පාත් කළා නේද ... කැමරා ඕෆ්, කට් කට් ...

***

මෙහෙමයි දොරේ .... ෆීල්ඩ් මාසල් කෙනෙක් නේ , අනික මහජන චන්දම කීයක් හම්බු උනාද ... ඉතින් මොකද ?
අනික අර රණ විරුවන්ට සලකන්නේ නෑ  කියන එවුන්ට උත්තර නැති වෙන්නම දීලා තියෙනවා මෙදා සැරේ නම් . 


***

දැන් අපි සිටින්නේ බස් නැවතුම් පොලක් අසලය. කාර්යාල සේවය අවසන් වී නිවෙස් බලා යාමට බස් රථයක එල්ලීමට , ඉවසීමෙන් බලා සිටින කිහිප දෙනෙකි .

මහත්තයෝ මහත්තයෝ ... ඔහේලා ටීවී එකෙන්ද ?

නෑ  නෑ  ...යනවා යන්න... අතේ මාරු කාසි නෑ .... අපි ටීවී නෙමෙයි බ්ලොග් එකකින් 

නෑ නෑ මහත්තයෝ.. මම හිඟන්නෙක් නෙමේ .. වැරහැලි ඇඳ ගෙන , කොන්ඩේ  වවාගෙන හිටියට ..

ඈ ?!!  ඒකට කමක් නෑ පොඩ්ඩක් එහාට වෙනවා .. අපි මේ සාමාන්ය  ජනතාවගෙන් වොයිස්කට් ගන්නේ මේ පරිපූරක ඇස්තමේන්තු ගැන .

මහත්තයෝ ඉතින් මගෙනුත් අහන්නකෝ 

පිස්සුද ඕයි .. 

මහත්තයෝ මේ බස් හෝල්ට් එකේ කී දෙනෙක් ඉන්නවද ?

එකයි දෙකයි ..අටයි ..තමුසෙයි මමයි ..

හරි දහයයි . මහත්තයෝ මේ අට දෙනාගෙන කාට හරි පිස්සු ද දන්නේ නෑ 

නෑ මම හිතන්නේ නෑ 

හොඳ වෙලාවට මට පිස්සු ... නැත්නම් ඉතින් අර රාජිත මහත්තයා කිව්ව විදියට  හැම දහදෙනෙක් ගෙන් එක්කෙනෙකුට පිස්සු හින්දා ...එක්කෝ ප්රශ්න අහන සර්ට හරි , උත්තර දෙන මේ කට්ටියට හරි පිස්සු වෙන්නම වෙනවා 

හැ ඒකත් ඇත්ත ඕයි ... තමුසෙට පිස්සු නැත්නම් තමුසේගේ මතයත් රෙකෝඩ් කර ගන්න තිබ්බා 

හැබැව සර් ... හැබැයි ඉතින් පිස්සොත් මත ප්රකාශ කරනවා 



පලි :
කඩාකප්පල්කාරින් කුමක් කීවද , මේ වාහන ගැනීම අනවශ්‍ය වියදමක් යයි අඬා පාලි දෙඩුවද  , මහජනයා බුදිය බුද්දීමත්ය .  ජෝන් සීනා සීයා කියූ ඒ පඬි වදන පේස් බුක් විසේසඥයන්ට නොතේරුනාට , පාරේ සිටින ඇල්බට්ට , ලීලාවතිට තේ රෙන්නේය  .  අර මලබද්ද වූ මොකක්ද එකත් මේ ගැන වැඩි සද්දයක් නැත්තේ , හා හා හොරෙ දැනිලා නැවතත් දැනුනු නිසා වෙන්නට ඇතිය . ජෝන් සීයා කීවේ "දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු " කියාය .. මේ ලක්සරි,  සිව් සක් දිව්,  රථ  වල සුදුස්සෝ කවුදැයි කාලයාගේ ඇවෑමෙන් , දැන්  සක් සුදක් සේ පැහැදිලි වී ඇත.

9 comments:

  1. මගේ සත පහත් මම මගේ බොගේ දැම්මා....

    ReplyDelete
  2. මගෙ මතයත් හොඳ වාහන නැතුව මේ ගමන යන්න පුලුවන් කියන්නෙ ප්‍රතිගාමියෝ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මම මෙය ලියුවේ පැරඩියක් ලෙස . ඔබේ ප්‍රතිචාරයත් එවැන්නක් යයි සිතමි
      මගේ ආකල්පය නම් ආණ්ඩුවේ වාහන සංචිතයක විය යුතුයි . කට්ටිය ගෙදර යනකොට ගෙන යාමට නොදිය යුතුයි . නෝනාට ෂොපින් යාමට භාවිතා කිරීම දඬුවම් දෙන වරදක් විය යුතුයි . මගේ ප්‍රශ්නේ එක්දහස් නවසිය පනහේ මන්ත්‍රී ලා කෝච්චියේ බස් එකේ කොළඹ ආවා නම් . මෙච්චර සංවර්ධනයකුත් කරලා (කියන පරිදි ), තොරතුරු තාක්ෂණයත් මෙච්චර දියුණු කාලේ ප්‍රවාහනය සඳහා වියදම එන්න එන්නම වැඩි වෙන්නේ ඇයි . අවුල් වගේ නේ .

      කොහොමත් අරයට දෙන නිසා මටත් වාහනයක් ඕනේ , ඉස්සර අයටත් තිබුන නිසා මේක අපේ වරප්‍රසාදයක් වගේ හිස් තර්ක නම් මම පිලිනොගනිමි .

      Delete
  3. සියළුම මිතුරන්ට පණිවිඩයකි.
    මං පාර්ලිමේන්තුවට ගියොත්, ඇමතියෙකු වුණොත් මාවත් විශ්වාස කරන්න එපා!

    ReplyDelete
  4. Balanna,ko ara maha loku janathawadee Janadhipathiyi agamathiyi kata hollanne nahane me wage hena gahana asadharana wiyadam gana!

    ReplyDelete
  5. කං කං බූරු සිං සිං නෝරු
    මං කියන දේ අහනවද
    මොකෝ නැත්තෙ

    එහෙනං වැඩක් බලං නිදාගන්න අනේ
    අපට කාර් එකක් ගන්න දීල

    බුහැක්

    ReplyDelete

Have commented