28 August 2016

සරන් බරන් සිට සටන් පටන් දක්වා (ගීත විචාරයක් )




මහා පෙරහැර ගොස් අවසන්ය . කොටින්ම දිය කැපීමේ පෙරහැරත්  නිමාවෙලාය .  මේ කීවේ  නුවර පෙරහැර නොව , නෙලුම් යාය  පුරා ගිය සින්දු පෙරහැර ගැනය .
ප්‍රබුද්ධ ගී විචාර ලියන උන්නැහේ මේ දවස් වල නිවාඩු ගිහින් නිසාවෙන් , ඒ අන්තරයේ , ලූලා නැති වලට කනයා කියා පහුවෙලා වුනත්  සිත් ගත් ගීතයක විචාරයක් ලිවීමට මට සිතක් පහළ  විය .

මුලින්ම ගීය අසන්න / බලන්න

මේ ගීය මා ඇස ගැටුනේ මාරම මාර යාං ලියන ශ්රංග ගේ මුහුණු පොතේ ය .

මේ ගීතය ගැනට වඩා  මේ වර්ෂන් එක ගැන මෙන්ම , මියුසික් වීඩියෝ එක ගැනම ද විචාරයකි .

මෙහි මුල් ගීතය , ගැයූ ගායකයාට වඩා , මේ ගායකයාගේ වර්ෂන් එක , මෙන්ම මේ රූප රචනයම සමකාලීන  සමාජ යථාර්තය මනාව පිළිබිඹු කරන්නේය . ඔහු ගීය පටන්ගන්නේ මිදුල ඇමදීමෙනි ,නමුත් වැඩේ මගදී ඔහු නවතා දමයි . මෙමගින් ලාංකීක ජන සමාජ හැසිරීම මනාව  පිළිබිඹු වේ. මුළු ගීය පුරාම කියවෙන්නේ නන්තාරේ ගිය , නැහැදිච්චි පැටව්  නිසා පස්චාත් තාපයට පත් වෙන පියෙකුගේ අදෝනාවකි . " නැහැච්චි  එවුන් නිසා දරුවෝ  මරන්නද ? " කියා ඔහු අසන්නේය .. අපි කොහොමෙයි තනියම නිවන් දකින්නේ කියා අසන්නේ , තවමත් මේ සංසාරේ වටේ කැරකෙන හේතුව කියා පාමිනි . රජෙක් වුවත් මෙවැනි දුකක් සිතට මහා වදයක් බවනම් කිව යුතුය . ඒ ගැන උදාහරණ මෑත අතීතයේ රාජාවලියේද  අපට හමුවේ .

මේ නළුවා / ගායකයා ඉතාම තාත්වික අයුරින් එය ඉදිරිපත් කරන්නේය . ඔහුගේ අසරණ බව , "මොනවා කරන්නද ? " කියා විනාඩි 1.09 හිදී අසන අයුර ඕනෑම කෙනෙකු හද කම්පා කරවන්නේය . මුවින්  නොකී කතා , හස්ත මුද්‍රාවෙන් කියන්නේය .

මුලදී ඉතා සංවරව සුදු සරමක් හැඳ , කමිසයක් හැඳ ගීය ආරම්භ කරනා ගායකයා . මගදී කමිසය ගලවා මොටෝ සයිකලයක් උඩට විසි කරන්නේය . මෙහිදී මොටෝ සයිකලය තාරුණ්‍යයේ බලාපොරොත්තු සහ භංග වූ දේශපාලන පොරොන්දු සංකේතාත්මකව නිරුපනය කරනවා දෝයි  සිතේ .

ගීය මගදී , සුදු සරම කැහ පට ගැසේ , සංයමය ආවේගයකට හැරේ ."සරන් බරන් " ඉබේම "සටන් පටන් " බවට හැරේ  .
ලාංකීක දේශපාලන යථාර්තයක් පොල්ලෙන් ගහනවා සේ පැහැදිලිවේ .

6 comments:

  1. මොකක්ද මේ ගූ ගොඩ

    ReplyDelete
    Replies
    1. ඔබට එසේ දැනුනා නම් පිලිගන්න කනගාටුව. ඒත් එවැනි තැන් වලට මුලින්ම එන්නේ නිල මැස්සන් නොවෙද?

      Delete
    2. ගූ ගොඩවල් වල ඉඳගෙන අනික් එවුන්ටත් වරෙන් කියන්නේ ඔහේ වගේ නිලමැස්සෝ නේන්නං

      Delete
  2. මේ සින්දුව කියන තාලෙන්ම ඒක අසන්ග ප්‍රියමන්තගේ සින්දුවක් කියලා උපකල්පනය කලා (කලක් සඳදිය දෙවුන සේ වගේ සින්දු කිව් නමුත් අහන්න අකමැතිම ගායකයෙක්). මූනු පොතේ ඒ වෙලාවේ දැකලා හි හි කියලා කියනවායින් එහාට දෙයක් කතා කරන්නවත් මේ ගීතයේ ඇති කියලා හිතුනේ නෑ.

    ReplyDelete
  3. මෙන්න යකෝ යථාර්තවාදි ගීත විචාර

    ReplyDelete

Have commented