11 September 2016

නිව් සුමනදිසි හෝටලය සහ අලුත් පාර්ලිමේන්තුව

සුමනදිසි  හෝටලය අනාදිමත් කාලයක සිට  එලෙසම පැවතුනි . කැෂියර් කූඩුව ඉස්සරහ දුවිලි වැකුණු සෝ කේස් එක මෙන්ම,  පුටු , කෑම  වට්ටෝරුව , රස , ගඳ , වේටර්වරු පමණක් නොව කුණු වැකුණු බෝඩ් ලෑල්ල ද කාලාන්තරයක් නොවෙනස් ය . නමුත් , දිනය හරියටම නිච්චියක් නැති එක්  දිනක ඒ බෝඩ් ලෑල්ල ගැලවී අලුත් ඊස්ට්මන් වර්ණ බෝඩ් ලෑල්ලක්  වෙනුවට අර පරණ යකඩ රාමුවේම සවි විය . "නිව් සුමනදිසි හෝටලය හා බේකරිය " බෝල අකුරෙන් ලියා තිබුණි . නමුත් හෝටලය ඇතුලේ පරණ පුරුදු ලෙසම පුටු , කෑම  වට්ටෝරුව , රස , ගඳ , සහ වේටර්වරු එලෙසම විය . 

මෙය එක්තරා ට්‍රෙන්ඩ් එකක් ය . සුමනදිසි හෝටලය පමණක් නොව . එන්රිච් , නිව් එන්රිච් වීම , රාහුමනියා නිව් රාහුමනියා වීම , පිලාවූස් , නිව් පිළාවූස් වීමද මෙසේම සිදුවිය.



***

"යක්කු බය කරන්න සොහොනක් ගාවින් යනකොට ,  තනි අලියා මගදී මුණ ගැහුනොත් , අපේ  මුතුන් මිත්තෝ කලේ තිත්ත කුණුහරුපයක් දෙකක් කීමයි  ... ඉතින් කුණුහරුප කියන්නේ අපේ සභ්‍යත්වයේම සංස්කෘතියේම අංගයක් .. නමුත් නොබෝ දිනෙක කුණුහරුප කියුවා කියා තරුණයෙක් පොලීසිය  විසින් අත්අඩංගුවට ගැනුනා ..

මම අංක සමරජිත් ...මේ අලුත් වගේ පාර්ලිමේන්තුව ... අද අපි කතාකරන්නේ කුණුහරුප ගැන ..."

ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ..ඩිංගි ඩිගා ...ඩිෂ් 

"හඳුනා ගනිමු අපේ විසේසඥ මඩුල්ල , මුලින්ම කැලණිය විස්ස විද්‍යාලයේ කුණුහරුප හා දේශීය  සභ්‍යත්වය පිලිබඳ මහාචාර්‍ය  අ මා ට හු පියසේන  මහතා . ඉන්පසු මේ දවස්වල ඉතා ප්‍රසිද්ධ සමාජ විශ්ලේෂකයෙක් හීන් බබා සීයා . අපේ වැඩසටහනේ නිත්‍ය සාමාජිකයෙක්  , හැමදේටම විරුද්ධ , කුමාර එපා බණ්ඩාර  මහතා . රැප් චක්‍රවර්ති ජරාස් . අවසාන වශයෙන් අපේ දේශීය සංස්කෘතියේ සිංහල කමේ ප්‍රතිමුර්තිය, නදුන් ගමුවේ හස්ති රාජයා ."

අපි මුලින්ම මහාචාර්ය තුමන්ට යොමු වෙමු 

කු . එ  බ : " එපා , එහෙම කරන්න එපා "

අ .ස : නෑ  නෑ  ලොක්කා දැන්ම විරුද්ධ වෙන්න එපා . තාම පටන් ගත්තෙත් නෑ නේ 

කු . එ .බ ; ආ එහෙමද , එහෙනම් ඇහැක් ගහන්න  විරුද්ධ වෙන්න ඕනේ වුනාම ... හැබැයි මගේ වෙලාව මට දෙන්න 

අ.ස : හරි , මුලින්ම අපි මහාචාර්ය තුමාට යොමු වෙමු . මොනවද මේ කුණුහරුප කියන්නේ ?

මා ආ මා ට හු පි :  
කුණුහරුප කියන්නේ ඉස්සර මිනිහෙකුට කිව්වහම ලජ්ජා හිතෙන , සමාජ අසම්මතයයි හැඟෙන දෙයක් නේ . බොහෝ කුණු හරුප ලිංගික අවයව හා සම්බන්ධයි නේ . ඒ අපි විලිවහගෙන ඉන්න නිසා . එහෙම නැත්නම් විෂම ලිංගික ක්‍රියා නේ .  මේ වික්ටෝරියානු සංස්කෘතිය අපි වැළඳ ගන්න කලින් , ලිංගික නිදහස ,  නිරුවත අපට ප්‍රශ්නයක් නෙමෙයි . ඉතින් ඒ කාලේ කුණුහරුප වෙන්න ඇත්තේ ...ගෙරිමස් කෑම  , බේබදු කම, හොර කම වගේ දේවල් . 

අ.ස : ඉතින්  මේ කුණුහරුප අපි කාලයානුරූපිව විකාශනය කර ගත යුතුද , එසේ කර ගන්නේ කෙසේද 

කු .එ . බ ;  දැන් මේ කුණුහරුප කියන්නෙම ප්‍රොජෙක්ට් එකක් නේ .. මේ අවස්ථාවේ ගෝලීය කුණුහරුප කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි 

අ.ස . මේ ඕයි පොඩ්ඩක් පනින්නේ නැතිව ඉන්නවද ? ආයේ ගෙන්න ගන්නේ නෑ  

කු .ඒ . බ :  හරි හරි ශේප් , හැබැයි මගේ වෙලාව දෙන්න 

අ.ස ; හීන් බබා සීයා මහතා . ඔබේ විශ්ලේෂණය කුමක්ද කුණුහරුප වල විකාශනය ගැන 

හී .බ .සී :  අපේ අපුච්චා ඉන්න කාලේ අම්මේ... , අලුත් කුණුහරුප කොච්චරනම් හැදුවද ... ඒවා මේ රෙදි වලින් වහලා තියෙන දේ , කළුවරේ කරන දේ ගැන නෙමෙයි ඕං හුමුක්  .. මේ එලිපිට වෙන දේ ගැන නේ .. අයිස්චර්ය කියයි ,  විදේසිය  කුමන්ත්‍රණ කියයි ...කොටින්ම අපේ අපුච්චා පුරුදු කරලා අපේ ගමේ ඒ දවස්වල මිනිස්සු හවසට පොඩ්ඩක් කටේ ගා ගත්තම බැන  ගත්තෙත් "අපේ හාන්දුරුවනේ .." කියාගෙන නොවැ ඕං ... හුමුක් 

එපා බණ්ඩාර මහතා , ඔබට යම් අදහසක් කියන්න තියෙනවද 

එපා .. නෑ  මම කියන්නේ ඔව් තියනවා 

හරි පොඩ්ඩක් තියාගන්න ..අපි වෙලාව බලලා එන්නම් 

නැවතත් අපි ඔබත් සමග , ඔව් කුමා මහතා කියන්න 

මම නම් කියන්නේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් .. ඒ කියන්නේ  මේ අවස්ථාවේදී ගෝලීය කුමන්ත්‍රයක්  දියත් වෙනවා ..සිංහල ජාතියට එරෙහිව .. එකේ ප්‍රතිපලයක් හැටියට තමයි අපේ මේ කයිසර් කියන අමු සිංහල සහෝදරයාව අත්අඩංගුවට ගන්නේ 

කයිසර් කියන්නේ මුස්ලිම් කොල්ලෙක් නේද 

ආ එහෙමද ... 

දැන් අපි යොමු වෙමු ජරාස් ට . ජරාස් ඔබ ගායකයෙක් 

නෑ  මම සින්දු කියන්නේ නෑ නේ 

ඔබ සංගීතඥයෙක්  ?

නෑ  මම මියුසික් හදන්නෙත් නෑ  

එහෙනම් ?

මම අර මියුසික්  වීඩියෝ වල පෙනී ඉන්නවා විතරයි .

හරි.  ඔබට මොකක්ද තියෙන අදහස මේ ගැන 

මේ මයි , මේ කුණුහරුප කීන ඒවා මෙයා , සිංහලීස් වලින් කිව්වම පොඩ්ඩක් දිරවන්න අමාරුයි .. ඕක ඉන්ලිෂ් වලින් මදර් ෆ් ..

මේක පොඩි ළමයිනුත් බලනවා ඒ නිසා එවැනි වචන කියන්න එපා 

හැ .. මේවා පොඩි ලමයිනුත් බලනවා ?

ඔව් ඔව් වැඩිපුරම පොඩි ළමයි තමා බලන්නේ 

හරි එහෙනම් මම ඒක  කිව්වා කියලා හිතා ගන්න කෝ ... ඔය ඉංග්‍රීසි කුණුහරුප , කට්ටියට හරියට තේරෙන්නේ නැති උනාට දිරවනවා .. කිසිම අජීර්ණයක් නෑ  ..හැබැයි දැන් ඕක ඊළඟ ලෙවල් එකට යද්දී දේශීයකරනය වෙද්දී , සිංහල රැපර්ස්ලා  බිහිවෙනවා නේ .. ඉතින් එතකොට ඔය ඉංග්‍රීසි කුණුහරුප නිකන්ම ට්‍රාන්ස්ලේට් වෙනවා ..එතකොට ඒවා දිරවන්නේ නෑ අමු තිත්ත කුණුහරුප වෙනවා . 

මා ආ මා ට හු පි :  දැන් එක්දාස් නවසිය හතලිස් ගණන් වල උනෙත් ඔය වගේ දෙයක් නේ . ලෝකයේ ඇතිවුන සමාජවාදී රැල්ල , ඉන්දියාවේ නිදහස් සටන අපි දේශීයකරණය කළා . ඒවා අපේ රටේ කුණුහරුප උනා .
කලම්බු ඇකඩමිය ට, පල්ලියේ ඉස්කෝල වලට චැලේන්ජ් කරන්න දේශීය  ඉස්කෝල හැදුවා . ඒවායින් බිහිවුනේ ඇතුල සුදු කට්ට කළු මිනිස්සු . ඒවායින් පල්ලියේ ඉස්කෝල වලට කිසිම දෙයක් උනේ නෑ  , තිබ්බ පිරිවෙන් ටිකට කෙළ  වුනා 

ඒක  දිරවන්න නම් , සම්භාව්‍ය ස්පයිසස් දානං ඕනේ .. ඒකනේ  , යට ලීයෙන්  නාරි ලතා මල් පුදීන  එක , උකුල ලැම හැස මලාවි කරලිය මුවා කළ  දුහුල් සළු තෙර විවර කරන එක විතරක් නෙමෙයි මගේ පුංචි රෝස මලේ කියන එකවත් වල් නොවෙන්නේ 

අපි ඒ ගැන කතා කරමු , පොඩ්ඩක්  චූ  කරලා .. සොරි සොරි වෙලාව බලලා ඇවිත් 

නැවතත් අපි ඔබ සමග 

හී බ සී : අපේ අපුච්චා ඕල්කට් තුමාටත් කුණුහරුප ඉගැන්නුවා නොවැ   .. කොටින්ම ඕල්කට් රැවුල වැවුවෙත් අපේ අපුච්චාගේ රැවුල දැකලා ..ඕං හුමුක්

මා ආ මා ට හු පි : මම නම් යෝජනා කරන්නේ .. අපි මේක යා පාලනයක් ඉස්තාවර රටක් ප්‍රතිපත්ති  ප්‍රකාශනයේත් ඇතුල් කලා .. කාලයට ගැලපෙන කුණුහරුප දේශීයවම නිෂ්පාදනය විය යුතුයි කියලා ... ඒක  අපේ ජනාධිපති තුමයි අගමැති තුමයි මුලිකත්වය අරන් දැනටම පටන් අරන් තියෙන්නේ 

ඇත්තද ?

මා ආ මා ට හු පි :  දැන් බලන්න යහ පාලනය කියන වචනයම බාගේට  කුණුහරුප වෙලා නේ තියෙන්නේ . ඊට අමතරව ,  ස්වාධීන කොමිසම් සභා කියන එක , රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම, දඬුවම් කිරීම , වංචා දූසන කියන එක,  පත්තරෙන් දැක්කා කියන එක , එතකොට පෝට්  සිටි කියන එක දැනටම කුණුහරුප වෙලා . අනාගතයේදී ... නුදුරු අනාගතයේදීම .... හම්බන්තොට වරාය කියන එකත් , සහජීවනය කියන එකත් පුර්ණ කුණුහරුප බවට පත්වෙනවා ..එතකොට ජනතාවට  දෙකක් දා ගෙන රෙද්ද උස්ස ගත්තාම , පරණ විදියට "උඹ ලෑ අම්මට " කියන්නේ නැතිව ... සිංහල බෞද්ධ  සංස්කෘතියට අනුකූලව , කට ඇරලා  "උඹ ළෑ යහ පාලනේ " කියන්න පුළුවන් 

අපේ නදුන් ගමුවේ හස්ති  රාජයා මෙතෙක් වෙලා නිශ්ශබ්දයි ..ඔබට මුකුත් කියන්න තියෙනවද 

(කුන්ච නාදයක් නැගේ )..මට නම් හිතෙන විදියට මේ රටේ තියෙන විදියට  මේ රටේ තියෙන ලොකුම කුනුහරුපේ තමයි ' ඔය කිව්ව සිංහල බෞද්ධ සංස්කෘතිය 

කු එ බ :  මේක තනිකරම ප්‍රොජෙක්ට් එකක් ...ඔබ එහෙම කියන්නේ කොහොමද? සාධක තියෙනවද 

ම. අ. ම .ට . හු .පි : ඔව් හෙම කියන්න ඔබට සාධක තියෙනවද 

හී බ සී : අපේ අපුච්චාත් කිව්වේ මොනවා හරි කිවුවොත් කියන්න ඕනේ  සාධක ඇතිවම තමා කියලයි ඕං හුමුක්

න හ රා :  අංක මහත්තයෝ , කකුල පොඩ්ඩක් ඈත් කරලා පෙන්නන්ද මේ කට්ටියට 

අ.ස : නෑ  නෑ  ..දැන් අපිට ලැබී ඇති කාලය අවසන් ඒ නිසා , ඒවා මේවා පෙන්නන්න වෙලාවක් නෑ  .... මගේ කතාව අවසානයි ..සොරි.. අපේ වැඩසටහන අවසානයි ..නිදා ගන්නට පෙර සුළු දිය පහ කරන්නට අමතක නොකරන්න  . ඔබට සුව දායක සතියක් 

11 comments:

  1. පාර පෙන්නපු රසිකට ස්තුති කරමින් පටන්ගන්නම්. නිව් කෑල්ල පරණ කඩවලට දාන්න පටන් ගත්තෙ ඒ නමින් වෙන එකෙක් කඩයක් දායි කියන බයට. දැන් පරන නමයි අළුත් නමයි දෙකම රෙජිස්ටර් වෙන්නෙ පරන මුදලාලිගෙ නමට.
    කුනුහරප ගැන කිව්වොත් අද කාලෙනම් කියන එකාගෙ හෙලුවයි මෝඩකමයි තමා ප්‍රදර්ශනය වෙන්නෙ.
    ලියවිල්ල ෂෝක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වෙල්කම් කියලා පිලිගන්නවා.

      අර කිව්වා වගේ නිව් නම රෙජිස්ටර් වෙන්නේ පරන මුදලාලිගේ නමට නැත්නම් එලවපු කුක්ගේ නමට.


      කුනුහරැප පිටිපස්සේ සමාජ විද්‍යාව තියෙනවා

      Delete
    2. හොඳ වෙලාවට ෆිල්ති වර්ඩ්ස් නෑ.. මම බයෙන් බයේ කියෙව්වෙ හිටන්. අර හීන් බබා සීයා ඩෑල් එක නම් පට්ටයි අප්පා.

      Delete
    3. මේවා පවුලේ නාලිකා නේ :).

      සමාජ විශ්ලේෂක හීන් බබා සීයා මහතා

      Delete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. Replies
    1. මට ඒ චරිත හතර තුලම ( ලොකු හාමුදුරුවෝ , හීන් බණ්ඩා සීයා , සෝරත පොඩි නම , සරණ ) පෙනෙන්නේ අසරණ කම . හැබැයි හීන් බණ්ඩා සීයා තමා පොර .... අපුච්චාගේ අතීත වික්‍රම ෆැන්ටසියක ජීවත් වෙන

      Delete

Have commented