18 October 2016

දවල් තරු

එතකොට වෙලාව හරියටම හතරයි හතලිස් පහයි . ඩෙල්ෆියස් තරු පන්තියේ පස්දින්නක්  තරු දීප්තිමත්ව පායලා  . .. 

මේ දවල් ?මේ තරු ?

නිකමට වගේ කියමු යමෙක් , ඇඟිල්ලකින් , නිකමට වගේ දබරැඟිල්ල කියමු ..සරල රේඛාවක් ඇන්දොත් එහි පහලින් ඇති තරු දෙක හරහා , දෙවැනි තිතෙන් නොනැවතී දිගටම විශ්වයේ ගමන් කලොත් නිකමට වගේ , හමුවෙන්නේ ඇකියුලා නොහොත් රාජාලියා .  

යමෙක් ඒ දබරැඟිල්ලම සෙමින් ඔසවා , මේ මහා දවල් නිදි ගත්තවුන්ට දැනෙන නොදැනෙන සේ,  ඉහලින් ඇති  තරු දෙක හරහා වැටුණු සරළ  රේඛීය  මගේ දිගටම ගියොත්  හමුවන්නේ පෙගසස් . 

ඒත් ..විශ්මය දනන දේ හමුවන්නේ , කිසිවෙක්  වැඩිපුර නොයන මගක ගියවිටමයි . අතරමං වූ විටයි .

අඳුරු , නිහඬ විශ්වයේ අතරමං වූ ඉබාගාතේ යන්නෙකුට ,  කාලය ඕනෑ තරම් ... වෙන මොනවා කරන්නද ගමන් කරනවා හැරෙන්න .. 

ආ මේ මොකක්ද ?  අලුත් ඉරක් !. 
අලුත් කිව්වට , සමහර විට කල්ප ගණනකට පෙර නිවී ගිහින් ඇති .ඒත් මේ දිග හැරුණු ආලෝක මතකය , උත්තර ද්‍රෑවයට නැවුම් දීප්තියක් ව,   පෙන්වාවි මග,  තව දිගුකලක්,  වන්දනා කරුවන්ට, සංචාරකයන්ට , ඉබාගාතේ යන්නන්ට .

"මොකද කරන්නේ " ඈ ඔහු දෙසට හැරුණාය 

"මම හිතන්නේ , අලුත් උපන් ලපයක් .."

"මොකක් ?"  ඈ හිස පිටුපසට  හරවා උරහිසට උඩින් එය දැක ගන්නට තැනුවාය 

" කලබල වෙන්න එපා , ඒක  ලස්සනයි "

"කොහේද  මේ උපන් ලපය තියෙන්නේ "

"අංශක කීපයක් නැගෙනහිරින්  ඩෙල්ෆියස්ට "

"මොකක් කිව්වා ?"

"උරස් තල දෙක මැදින් , හරියටම පිට මැද  "

"මගේ පිටේ උපන් ලප කීයක් තියෙනවද ?"

"අහසේ තරු කීයක් තියෙනවද ?"


(පිටුව 199 , A Gentleman in Moscow)

පලි

සමහර පොත් කියවන්න ඕනේ හෙමින් හෙමින් . ඉවර වෙයි කියලා හිතට ලෝබයි . ඉඟුරු තේ එකක් හකුරු කෑල්ලක්  එක්ක බොනවා වගේ . මේ පොත ඒ වගේ .


සමහර දිගම දිග කතා ඇතුලේ , ඔබට කෙටි කතා හමුවෙලා තියෙනවද ? 

කතාව , රුසියාවේ විප්ලවයෙන් පස්සේ , ක්‍රෙම්ලිනයේ සුඛෝපභෝගී හෝටලයක නිවාස අඩිස්සියට පත් වෙන ප්‍රභූ වරයෙක් අවුරුදු ගානක් ( 30ක් විතර ) ගත කරන හැටි .

කියවන ගමන් මම කෙටි කතා විය හැකි යයි හිතෙන තැන්  හිතෙන් සලකුණු කර ගත්තා . හැකි විදියට මෙහි පලකරන්නයි අදහස . ඒත්  මේවා කෙටි කතා වලට වඩා මැද  කතා යයි හිතෙනවා 


පොත  කියවලා ඉවරයි , ඒත් පැත්තකින්  තියන්න හිතෙන්නේ නෑ . 

11 comments:

  1. ඉතිං ඔබ ලියන කම් අපි බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔය එකක් ලියලාතියෙන්නේ පුලු පුලුවන් විදියට

      Delete
  2. මෙහෙම දැම්මම ඉතින් අපිටත් නොකියවා ඉන්න බැරි වෙනවා.

    ReplyDelete
  3. එළ. මරු පොතක්ලු!! ඔයත් දැන් ඕක කිව්ව.

    ReplyDelete
    Replies
    1. මම කැමති උනේ එය සමාජවාදයට එහා පැත්තේ ඉඳන් ලියලා තිබ්බ නිසා

      Delete
  4. හොඳ ඔත්තුවක්.. ඉවර වෙනවට දුක හිතෙන පොත් කියවන්න මමත් හරි ආසයි.. මම ලඟදි කියෙව්වා නෙරුදාගේ ලියුම් කාරයා කියල එකක්.. එකත් ටිකක් ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. මේ අර නෙරැදා කරපු කපු කමක් ගැන නේද. කියවන්න ඕනේ

      Delete
  5. බස්සිත් මේවා කියවනවා ඇති. පෞද්ගලිකව මම රුසියානු පොත් වලට කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. කලින් කිව්වා වගේ මේක සමාජ වාදේට එහා පැත්තෙන් ඉඳන් ලියපු පොතක්. ටිපිකල් පස්චාත් විප්ලව කතාවක් නොවේ. මම වැඩිය කියවා නැති නිසා එහෙම පලවෙනි පොත කියවපු

      Delete

Have commented