30 November 2016
ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )
පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි
ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන
මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන
දොර පියන ඇරෙන්නේ
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්
"තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින්
26 November 2016
ඉන්ටපෝල් එකට ආ කෝල් එක
මෙය සමාන්තර විශ්වයේ කතාවකි .
වෙලාව මාධ්යන දොළහ පසුවී විනාඩි තිහක් වුවා පමණි . පොලිසියෙන් පුවත් අවසන් විය .
ට්රීන් ට්රීන් ගා දුරකථනය නාද වෙන විට සාජන්ට් ලන්තපෝල් සිටියේ , ඕ අයි සී පුටුවේ වාඩිවී මේසය මත කකුල් දෙක තබා ගෙන , ගීතයක් මුමුනමිනි . ඕ අයි සී දවල් කෑමට ගෙදර ගොසින්ය .
සිංදුව පිටින්ම ඔහු දුරකථනය එසවීය
"..වතුර නාලා , තෙත කොන්ඩේ කඩාලා , ඉඟට මල් ....හෙලෝ , ඉන්ට පෝල් පොලිස් ඉස්ටේෂන් , සාජන්ට් ලන්ත පෝල් ඉස්පීකින්ග් .. අමතන්න .."
හෙලෝ ඕ අයි සී ඉන්නවද
ඉන්නවනම් පෝන් එක ගන්නවනේ , මම තමයි ලොක්කා අයිසේ කියනවා මොකද ප්රශ්නේ "
මම මේ සමාන්තර ලංකාවෙන් කතාකරන්නේ
ඔව් කියන්න මොනවද කෙරෙන්න ඕනේ
අපේ රටේ දරුණු අපරාධ කාරයෙක් පැනලා ඇවිල්ලා ඉන්නවා ඌව අල්ල ගන්න උදව්වක් ඕනේ
හරි හරි අපි ඉන්නේ ඒවාට තමයි ...සාජන්ට් ජීප් එක ලැස්ති කරන්න ... අපි දැන් එනවා
නෑ නෑ .. එහෙම නෙමෙයි .. ඌ මෙහෙන් පැනලා ඉන්නේ .. ඒක නිසා එන්න අවශ්ය නෑ
ඔව් ..කොහොමත් එන්න වෙන්නේ නෑ .. මොකද මමනේ සාජන්ට් , මම මෙතන පෝන් එකේ, ඉතින් ජීප් එක ලෑස්ති කරන්න එකෙක් නෑ ..මූ භයානක අපරාධ කාරයෙක් කිව්වා නේද ?
ඔව් ඔව් .. ත්රස්තවාදියෙක්
හරි හරි මම දැක්කා නිව්ස් වල ...අර ඔහේලාගේ මහා බැංකුව හොරකම් කරපු එකාද
නෑ නෑ .. ඌ මෙහෙ අපි ළඟ ඉන්නවා
එහෙනම් අර කලින් පිටරට සේප්පුවල සල්ලි හංගපු එකෙක්ද
නෑ නෑ උනුත් ඉන්නවා .. උන්ත් එක්ක අපි අල්ලන සෙල්ලම් කරනවා නේ .. මූ ද්වෙශමාන අසත්ය ආරංචි පතුරන එකෙක්
ආ ඔව් ඔව් ඉඳලා හිටලා ඔහේලාගේ පාර්ලිමන්ට් එකේ වොයිස් කට් , එතකොට කැබිනට් මාධ්ය ප්රකාශන බලන කොට මම දැකලා තියෙනවා එහෙම උන්ව
නෑ නෑ සාජන්ට් මූ පචෝරිස් කෙනෙක්
එහෙනම් උගේ පුතා වෙන්න ඇති ..ඕකා කිව්වේ ඇස් දෙකෙන් දැක්ක කියලා අරවා මෙව්වා ..
නෑ නෑ මූ මාධ්යකාරයෙක් ...මූ අපිට අවාසි වෙන බොරු කියන්නේ
ආ හරි හරි මට තේරුනා ... ඒත් ඔහේ මාධ්ය නිදහසද මොකක්ද තියෙනවා නේද
තියෙනවා ...ඒ වුනාට අධිකරණය ස්වාධීනයි නේ....අනෙක ඉස්සර ආණ්ඩුවේ සුදු වෑන් , සුදු වෑන් , සුදු වෑන්
මට එක හරියට තේරුනේ නෑ .. කමක් නෑ .. හැබැයි ඉතින් මේ වගේ වැඩ වලට ඉතින් කල් යනවා
එහෙම බෑ .. අපිට පැරලල් පෙන්නන්න ඇඩ් ඕනේ නැත්නම් මිනිස්සු මේන් ප්රෝග්රෑම් එක බලන්න ගන්නවා
ඒකත් එහෙමද ...මේ මහත්මයා ඇහුවට තරහ වෙන්න එපා .. සාමාන්යයෙන් අපිට කතාකරන්නේ රටවල්වල පොලිස්පතිලානේ , ඔහේ එහෙම කෙනෙක් නැද්ද ?
ඉන්නවා ඉන්නවා , හැබැයි මේ දවස් වල එයාට හරියට වැඩ , අයවැය ගැන එන ප්රශ්න වලට මුදල් ඇමතිතුමාට උපදෙස් දෙනවා
හහ් ..මාර රටක් නේ ..එහෙනම් තියන්නම් ...මොකක් හරි හෝඩුවාවක් හම්බු උනොත් අපිට අමතන්න... අපරාධ කාරයාව දැක්කොත් අල්ලලා ගහක බැඳලා අපිට කතාකරන්න
එතකොට අපිද අල්ලන්න ඕනේ
ඉන්ටපොල් උනත් අපිත් පොලිසියක් නේ ...හරි එහෙනම් තිබ්බා ....අං ගනී කොහෙද යන්නේ නිතඹ සලලා ..ව්ව්ව් වතුර නාලා

19 November 2016
ඩිංගියාට දෙන දඬුවම
නඩුකාරයා : යුෂ්මතාගේ නම මොකද්ද ?
චුදිතයා : ඩිංගියා හාන්දුරුවනේ
ඔබේ රැකියාව
හාන්දුරුවනේ , කනත්තේ වලවල් කපන්නේ මම
ඔබට විරුද්ධව තිබෙන පැමිණිල්ල ඔබට වැටහෙනවාද
හාන්දුරුවනේ
නිච්චියක් නෑ හරියටම
පොලිසියේ ජීප් එකේ දාං ගියේ
උඹට හොඳ වැඩක් කොරන්නං
කිය කියා
රාළහාමිලා
පොලිසියේදී
කූඩුවේ එල්ලලා
ගැහුවේ
සාජන්ට් මහත්තයා
කියාපිය ඇත්ත
නැත්නම් බලා ගනිපිය
කිය කියා
පැමිණිල්ල වෙනුවෙන් පැමිණි පොලිස් නීතිඥ : පොලීසිය පාවිච්චි කලේ අවම බලය ස්වාමීනි
(නඩු කරු පොලිස් නීතිඥ දෙස බලා ) හරි හරි , .. යුෂ්මතා ට විරුද්ධව තියෙන්නේ මිනීමැරුම් චෝදනාවක්
අනේ හාන්දුරුවනේ මම කලේ මගේ රස්සාව
ඔබට මතකද ඒ රෑ වෙච්ච සිදුවීම්
අමාවක රෑ අහසේ
තාරුකා නිදහසේ
දෙගොඩහරි යාමේ
මං හිටියේ කාමරේ
දොරට ගැහුවේ මහත්තෙක්
පිස්තෝල මිටෙන්
බෙල්ලෙන් ඇදගෙන මාව
දා ගෙන ජීප් එකේ
අරන් ගියේ කනත්තට .
කපාපිය වලක් .
මම කැපුවා වලක්
කරපිය ඉක්මන්
මම කළා ඉක්මන්
වලට ගෙනත් දැම්මේ මිනියක්
හතර ගාතයෙන් එල්ලන්
යන්න කලින් මහත්තුරුන්
වහපිය වළ දාලා පස්
ඊට පස්සේ මහත්තුරු ගියා
ඊට පස්සේ ?
මම පස් දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ලංවෙලා බැලුවා . තාම හුස්ම වැටෙනවා . අර මහත්තුරුන්ට මරලා යන්න අමතක වෙලා . මට පණපිටින් මිනිහෙක් වලලන්න බෑ නේ හාන්දුරුවනේ . ඉතින් මම දුන්නා උදලු මිට තදින් බදලා බෙල්ල හරහා .
ඔබ වරද පිලිගන්නවා ඒ කියන්නේ
හාන්දුරුවනේ , වරද ?
වලේ හිටපු මිනිහා මැරිලා නෙමෙයි හිටියේ
නෑ හාන්දුරුවනේ
ඔබ උදැල්ලෙන් ගැහුවා
ඔව් හාන්දුරුවනේ .....
හාන්දුරුවනේ ..
ඔව්
මම හිරේ යයිද ?
ඒක මම නෙමෙයි තීරණය කරන්නේ .. මොකෝ නීතිය ස්වාධීනයි නේ ....මේ ජනතා ජූරිය තමා තීරණය කරන්නේ
පලි :මෙය පහුගිය කාලයක කතාවක් නොවේ . මෙය අපේ වත්මනයි , අනාගතයයි . බාගෙට මරණ ලද නීතිය , හර පද්ධති , ආර්ථිකය මෙන්ම , අපේ රටේ අනාගතයද මහත්තුරු වළ තුළට ගෙනත් දමති . නමුත් වළලන්න වෙන්නේ බොහෝ විට ඩිංගි යන්ටය . ඩිංගි යන අල්ලා , දෙකක් ඇන ඇත්ත එළිකර ගන්නේ නීතියයි ... නමුත් දඬුවම් දීමේ වගකීම අත ඇරෙන්නේ ජනතාව කර මතටය

13 November 2016
අත්තලා ගේ ආයෝජන , අප්පලා ගේ මෝඩ කම් සහ අපි
මගේ ජීවිතයට බලපාන්නේ , මගේ සීයාගේ ආයෝජනයන් සහ මගේ පියා ගේ මෝඩ කම් යයි , දිනක් මා සිඳුවා, කිව්වේ අප්පච්චිමය.
ඔහු කියන්නට උත්සහ කලේ, අපි ආයෝජනය කළ යුත්තේ පරම්පරා දෙකකට එහා ගැන සිතා බවය . අනෙක් අතට අපේ වැරදි තීරණ බලපාන්නේ , අපිටත් වඩා අපේ දරුවන්ට බවය .
මේ කියන ආයෝජන මුදල් පිළිබඳව නොවීය . සීයා කෙනෙක් , මුණුපුරාට කෑමට අඹ ගසක් සිටවීම ගැන කතාවක් මා කුඩා කළ නිරතුරුව ඇසුණි . මේ කියන්නේ ඒවැනි ආයෝජනයන් ගැනය
එතනින් එහාට ගැන සිතන්නට වූ කළ , මේ කියන්නේ සංකල්පමය ආයෝජනද ගැනය . ඕනෑම සංකල්පයක් , එය බිහිවෙන පරම්පරාවට විහිලුවකි විකාරයකි . ඉන් නොසැලී රැකුනොත් එය ඉන් පසු පරම්පරාවට එය විකල්ප මතයකි . එය හොඳින් ඇවිලෙන්න ගන්නේ තෙවැනි පරම්පරාව තුලය .
උදාහරණයක් ලෙස අපි සිහින දකින සහජීවනය සහ ජාතිකත්වය අතර නියම මාත්‍රාවට මුසු වූ චින්තනය , අපේ ජීවිත කාලය තුළ ලැබෙන්නේ නැත . අපේ පරම්පරාවේ හිත් වල ඇති යුද්ධයේ තුවාල පුර්ණව වේලේන්නේ නැත . අම්මා අප්පා නැතිවු දරුවන්ගේ දුක ඊළඟ පරම්පරාවේ ද යම් දුරකට කිඳා බසිනු ඇත . ඒත් ඉන්පසු පරම්පරාවට ඒ බර නැත . ඉතින් ඉතිහාසයට නිවහල්ව සිතිය හැකි වනු ඇත . නමුත් එය ඉබේ සිදු නොවනු ඇත, ඒ සඳහා ආයෝජනය පටන් ගත යුත්තේ අපය . එය කළ යුත්තේ තැන්පතුව කල් පිරෙන්නේ තව පරම්පරා දෙකකින් බව දැන දැන මය .
අපි පතන යහ සමාජය , පරම්පරා දෙකකට අතික්රමනය කර ඒ සඳහා අවැසි වටිනාකම් වල බීජ දැන්මම රෝපණය කළ යුතුය ... එතකොට යමෙක් කියාවී "ඕක තමයි දිගු කාලීන ජාතික ප්‍රතිපත්තියක් ඕනේ කියන්නේ " ...කොහෙද මේ පක්ෂ ක්‍රමේ නිසා .....එහෙමද ?
වටිනාකම් වැඩෙන්නේ ප්‍රවාද මතය . ඉන්පසු පවතින්නේ ඒවා සම්මතයන් වීම මතය . දැන් අපි කළ යුත්තේ ඒ ප්‍රවාද තැනීමය . අපේ ප්‍රවාද කෙතරම් යාවත් කාලිනද ?
බොරු නොකියන වීර කතා , හොරකම් කළ රජවරුන් ජනතාව විසින් එලවන වීර කතා නොමැත . අපේ වීර කතාවල සහජීවනය , සමගිය, එකමුතුබව ගැන කියවෙන කතා කීයක් ඇත්ද . ඇත්තේ එක් වීරයෙක් , මුළු රටක් බේරා ගන්නා කතා නොවේද .
ඉතින් අපිත් අත් බැඳ ගෙන දියසේන එනතෙක් බලා සිටිමු ද ..

05 November 2016
බයිස්cope 1 හෙවත් හොරා පොලිස් සහ හොර පොලිස් (චිත්‍රපට විචාරයක් )
මේ දිනවල අති සාර්ථක ලෙස, දියවන්නා ශ්‍රී ජයවර්ධන පුර, සිරිකොත පිටකෝට්ටේ , රත්තා පාගොඩ , එබවි මැදමුලන , මයිත්‍රී පොලොන්නරුව ඇතුළු දිවයින පුරා සිනමා හල රැසක තිරගත වෙන විනෝදාත්මක චිත්‍රපටයකි "බයිස්cope 1 - හොරා පොලිස් සහ හොර පොලිස් ".
මේ ගැන අපි චිත්‍රපටය නැරඹු කිහිපදෙනෙක් ගේ අදහස් විමසුවෙමු .
කෝට්ටේ අලි ජේමිස් මහතා
මේක විනෝදාත්මක කතාවක් කිව්වට වීර කතාවක් කියලයි මට හිතුනේ . අපේ අජී , මෙහෙම එන්නේ ..ඇවිල්ලා දෙනවා ඇට්ටි හැලෙන්න ටෝකක්.. මයිල් කෙලින් වෙනවා ..."අයුක්තිය අසාධාරණය පිරුණු ලෝකෙක ..යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මං ....අවමන් කරන්න එපා හදවත වාවන්නේ නෑ .." කියද්දී පාහ් ලොක්කා....ඇට්ටින් කියන්නේ මේවනේ ..
කිල්ලපනේ නන්දාවතී මහත්මිය
අපි නම් පවුල පිටින්ම ගිහින් බැලුවේ . මොකද අර ට්‍රේලර් එකේ තිබ්බනේ , අධ්‍යාපනය ලබන සිසුන්ට , වෘත්තිකයන්ට එහෙම පරිස්සමෙන් පරිශීලනය කළ යුතු කෘතියක් කියලා
ඇත්තටම හොඳ චිත්‍රපටියක් . හදවතටම දැනුනා . අපිට ජීවිතේ තියෙන ප්‍රශ්න පොඩ්ඩකට අමතක කරන්න මේ වගේ චිත්‍රපටි වටිනවා ... අර එක සීන් එකක හඳුන් , "අජී ඔයා ඇයි මේ තරම් බොරු කියන්නේ ...මගේ ඇස් දෙක බලාගෙන කියන්න පුළුවන් නම් ..." කියනකොට ඇත්තටම මට ඇඬුනා ..
ගාල්ලේ සුමිත් මහතා
රඟපෑම් නම් ඔක්කොම වගේ හොඳයි කියතැකි . ඒත් මුලින් ලිස්ට් එකේ නම් තිබ්බට , සංජන් හිටියේ නෑ කියන්නේ . එඩිටින් වලදී කපලද මන්දා ..මම නම් රස වින්දේ මේ චිත්‍රපටයේ ගීත . අර හඳුනුයි අජීයි කියන " දෑසින් දෑස බලන් කියන්න රත්තරන් " සිංදුව එතකොට අර කට්ටියම කියන " ඇල්ලුවට හපන්න පුලුවන්ද ?" සමුහ ගීතය හරිම ලස්සනයි කියන්නේ . හැබැයි ඉන්ටබල් එකේ කැන්ටිමට ගියාම , මෙන්න බොලේ අයිස්චොක් එකටයි කඩල පැකට් එකටයි වැට් ගහලා කියන්නේ
ප්‍රවීණ සිනමා විචාරක සිත්තර විස්තර මහතා
මම මේ චිත්‍රපටිය දෙවරක් නැරඹුවා . මොකද මට ෂෝ දෙකකට නොමිලේ ටිකට් ලැබුන නිසා .
මෙය ටිකක් අමුතු චිත්‍රපටියක් . කතාව හොරකමක් ගැන . හැබැයි අන්තිමේදී කවුද හොරා කියලා හිතා ගන්න බෑ .
අනික මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක අඥාතයි , එහෙම චිත්‍රපටි සාමන්‍යයෙන් හැදෙන්නේ නෑ . නිෂ්පාදනයත් , මහජන බදු මුදලින් නිෂ්පාදන පිරිවැය පියවන ලදී කියලා තමා තියෙන්නේ .
මුලින්ම චිත්‍රපටයේ වීරයා වෙන්නේ ඉන්ස්පෙක්ටර් හඳුන් . ඔහු මේ හොරකමේ සුළ මුළ හොයන්න යනකොට , ඔහුත් එක්ක සටනට එනවා භයානක දාමරික කල්ලියක් . පුට් නෝට් කල්ලිය . අන්තිමේදී ඔහු "එම්බල සතුර ගනු සටන එනු කඩුවට " කියලා ගේමට බහිනවා ... ටිකකින් පුට් නෝට් කල්ලියේ අය "අඩෝ හොර ඉන්ස්පෙක්ටර් හොරු ආරක්ෂා කරන්න එපා " කියාගෙන එනකොට , ප්‍රේක්ෂකයාට හිතෙනවා , අම්මපා ඉන්ස්පෙක්ටර් නීතිය නවලා ගහන්න හදන හොර පොලිස් කෙනෙක් ද කියලා ... කතාවේ ට්විස්ට් ගොඩක් තියෙනවා ..
පස්සේ හඳුන් සාක්කි ෆයිලුත් අරන් පැනලා දුවනවා . ඕඩියන්ස් එක චියර් කරනවා .
පුට් නොට් කල්ලියත් ලණු අරගෙන එල්ලන්න හොරු හොයනවා .... ගැලරියෙන් විසිල් වදිනවා ...පොලීසියේ ඉතුරු කට්ටියත් හොරු හොයන්න යනවා . .. මහා හොරා සිංගප්පුරු චාලිව , මාලඹත් හොයනවා කඩුවෙලත් හොයනවා .
හැබැයි මුළු චිත්‍රපටය පුරාවටම හොරා නෑ . දුෂ්ටයෝ නෑ .. ඔක්කොම වීරයෝ විතරයි . වීරයෝ වීරයෝ ගහන ගන්නවා ... කොමික් කෑලි දානවා ...සින්දු කියනවා ...අන්තිමටම ක්ලෝස් අප් ෂොට් කීපයක් තියෙනවා .
හඳුන් ඇවිත් කියනවා , කවුරු මොනවා කිව්වත් මම තනියම හොරා අල්ලලා ගස් බැන්දා , දැන් ඇවිත් දඬුවම් දෙන එකයි තියෙන්නේ කියලා ..... එතකොට පුට් නෝට් කට්ටිය කියනවා "ලාවට ගහපු ගැටේ තද කලේ අපි කියලා "
මෙන්න බොලේ සිංගප්පුරු චාලි එනවා , ඇවිත් කියනවා " මම හොරෙක් නෙමෙයි , මෙන්න මම ආවා , හොරෙක් නම් එයිද කියලා "
ප්‍රේක්ෂකයා මඥ්ඥන් වෙනවා ...ඔලුව පැටලිලා තමයි ගෙදර යන්නේ . හැබැයි මේ කතාව ඉවර වෙච්ච් විදියටනම් අනිවාර්යයෙන්ම දෙවෙනි කොටස ළඟ එනවාය
පලි: මෙය මට නම් බයිස්cope එකක්ම විය . අර ඉගන ගන්න අයට මේක පරිශීලනය කරන්න කීවාම , COPE එකේ පරමාර්ථය , ඉස්කෝල වල පෙළ පොත් සැදීමද කියා මට පැටලුණි . දැන්ම ඔක්කොම එවුන් කියන්නේ . මෙන්න හොරු , දැන් පුළුවන් දෙයක් කරපන් කියා අපටය . ඇඟට හොඳයි කියා , පෘට් සැලඩ් එකට සුදුලුනු දැමුවා සේ පුට් නෝට් දමා ඇත . ගුණය වැඩි වෙන බවට තර්ක කලද , නීතී විශාරදයෙක් නොවන මට නම් හිතෙන්නේ , ඉන් පෘට් සැලඩ් එක අහෝසි වන බව දැන දැනම දැම්මාදෝ කියාය . අනෙක් අතට පෘට් සලාදය බාරව සිටි එවුන් , පලතුරැ කපා දමා , දැන් ඕන දෙයක් දා ගනින් යා කියා යාමද මට නොතේරේ .
කෙසේ හෝ හොරකමක් වී ඇත . හොරු නැත . හොරෙකුගේ චායාවක් පෙනුනද , එහෙනම් තොපි කලින් කට වහන් හිටියේ ඇයි කියා අහන්නේ අපෙන්මය

Subscribe to:
Posts (Atom)