13 August 2017

ගෑනු පිරිමි , සිංහල දෙමළ සහ විජේදාස රාජපක්ෂ (එකයට රත්නේ සමග සල්ලාපයක්)

මචං  මේ 

ඕ 

අනාගතේ මිනිස්සුන්ගේ ආයුශ  අවුරුදු එකසිය පනහ දෙසිය වෙනවා කියන්නේ 

ඔව් ඔව් පන්සලේ හාමුදුරුවොත් කිව්වා 

ඒ විකාර නෙමෙයි , දැන් කෘතීම ඉන්ද්‍රියන් , අවයව වවන්න ගත්තම , ඒවා බද්ධ කරන්න ගත්තම , දිගටම අලුත් වෙවි ජීවත් වෙන්න පුළුවන් වෙයි . එතකොට  මරණය කියන්නේ චොයිස් එකක් වෙනවා 

අනේ උඹේ එක යට කතා 

මචන් එතකොට සෙක්ස් මොනවගේ වෙයිද 

ඒ කිව්වේ 

නෑ මං කිව්වේ දැන් මේ අවුරුදු තිහ හතළිහේ කසාද වල ඇතුලෙත් ඩිස් ඩි ඩි  ඩින් බෝරින් වෙන එකේ ..අවුරුදු දෙසීයක් තිස්සේඕක කොහොම කරන්නද ..

මම හිතන්නේ මිනිස්සු බහු විවාහ සංස්කෘතියකට මාරු වෙයි 

එහෙමත් වෙයි ... නැත්නම් එකම විවාහය ඇතුලේ  ලිංග විපර්යාස වෙයි 

ඒ කිව්වේ 

ඒ කිව්වේ මුලින් අම්මා ළමයි දෙන්නෙකුට පස්සේ , තාත්තා වෙලා ...තාත්තා අම්මා වෙයි 

හිහි ... අර ගමේ ඉස්කෝලේ මනමේ ප්‍රොඩක්ෂන් එකේ තුනයි තිහේ වැදිරජා හයයි තිහේ ෂෝ එකට මනමේ කුමාරිට ඇන්දා වගේ 

එහෙම වුනාම ඔය ස්ත්‍රීවාදය , පුරුෂාධිපත්‍ය ඔක්කොම අහෝසි වෙනවා 

හිහි 

මචං  ඇත්තටම ලංකාවේ ඕක කරන්න ඕනේ ජාතිකත්වයට ... හැම පුරවැසියෙක්ම මුල් අවුරුදු දහයක් සිංහල  ඊට පස්සේ අවුරුදු දහයක් දෙමළ  ආයේ අවුරුදු දහයක් මුස්ලිම් ...ජාතික ප්‍රශ්නය අහෝසියි 

පිස්සු කතා .. එතකොට ජාතික අනන්‍යතාවය අච්චාරුවක් වෙනවානේ ...

ඉතින් හොඳයි නේ 

අනේ පලයන් .. දැන් ඔය වගේ ඒවා කොහේද වෙන්නේ
... ඒක නෙමෙයි උඹ හිතන්නේ විජේදාස රාජපක්ෂ මොකාටද එන්න හදන්නේ 

11 comments:

  1. ජාතික අනන්‍යතාවය අච්චාරුවක් වෙනවානේ

    ---දැනට එහෙම වෙලා නැති එකේ බයත් හිතෙනවා බන්..

    ReplyDelete
    Replies
    1. අන්නේකයි බය හිතෙන්නේ..;)

      Delete
  2. https://en.wikipedia.org/wiki/The_Bicentennial_Man

    ReplyDelete
    Replies
    1. මම වඩා කැමති මේ ගැන ඉයන් බෑන්ක්ස්ගේ පරිකල්පනයට

      Delete
  3. හැබෑට.. විජේදාස රාජපක්ෂ මහත්තැං ලිංග විපර්යාසයක් වත් කරගන්න හදනවද? හැක් හැක් හැක් ..

    ReplyDelete
    Replies
    1. ප්‍රාඥ්ඥයෙක්නේ

      Delete
  4. ව්ජේදාස රාජපක්ෂ මහත්තයා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මුලින්ම විචාරක ප්‍රොෆයිලයෙන් ප්‍රතිචාරයක් දැක්කම පරන යාලුවෙක් දැක්කා වගේ හැඟීමක්.. පස්සේ ආයේ වෙන හැඟීමක්.. සුසුමක්

      ප්‍රතිචාරයට එනවා නම්. වීදුරැ ගෙවප් නෙමෙයි.. මම හිතන්නේ උන් හෙලුවෙන්..අපි හිනාවෙනවා.. ඒත් දවසක් ඒවී හෙලුවෙන් ඉන්න උන්ට හිනා වෙවි හිටපු. උන්ට රෙදි අන්ද අන්දා ඒවා ගලවපු, අපිට අපි ගැනම හිතිලා ඇඬෙන

      Delete
  5. මට මතක් උනෙත් ඉයන් බෑන්ක්ස් ගේ පොත්...

    ReplyDelete

Have commented