29 September 2017

සහෝදරත්වයේ අත දික් කිරීම

....සිංහල භාෂාව සඳහා අංක දෙක ඔබන්න 

ටීක් 


ආයුබෝවන් , අපගේ නියෝජිතයන් කාර්යබහුල බැවින් මදක් රැඳී සිටින්න 


(පසුබිම් සංගීතය )


..සෙකය නිසා ... මේ .. දුරුවෙයි සා...මේ .. ලොව ගිනි දැල්.. වී .ම්ම්මනු ලොව අපායක්ම...වෙ .. ජින්ජිටි  ජින්ජිටි ....ම්ම්මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ඒ ඒ ඒ ... මිනිස්සාමයි ලොව තිරිසන්...


හෙලෝ ගූඩ් මොර්නින්ග් ..යු එන් එච් සී ආර් .. සැමි  හියර් , හු ඊස් දෙයාර් ?


අම්මට සිරි ඉංග්‍රීසි චැනල් එකනේ අහුවෙලා තියෙන්නේ ..වැරදුනා වත්ද ... මිස් මම දෙක එබුවේ 


ඕකේ  ඕකේ .. සැමි මෙතන,  කවුද ඔතන ?


හි හි .. මම චමින්ද 


ඔව් කියන්න මිස්ට චමින්ද

ගුඩ් මෝනින් මිස් , මේ යූ එන් එච් සී ආර් ද 

ඔව් 


මම මේ පොඩි දෙයක් දැන ගන්න කතා කලේ 


ඔයා කොහෙන්ද කතා කරන්නේ 


ඇයි මිස් සිංහලෙන් කතා කරන වෙන රටවල් තියනවද ... මම නම් ලංකාවෙන් 


සොරි මට එක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් වුනා .. ඉචින් කියානකෝ මොකක්ද කෙරෙන්න ඕනේ කීලා 


මිස් කතාකරන විදියට එකත් අමතක වෙනවා .. මෙහෙමයි ..මුලින්ම අපි කැමතියි අර රෝහින්නා සරණාගතයන්ට අපේ රටේ කට්ටිය සලකපු විදිය ගැන කනගාටුව  පලකරන්න .. මම එක පේස් බුක් එකෙත් රෝස පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කලුපාට අකුරෙන් දැම්මා . කොමෙන්ට්ස් ම එකසිය තිස් පහක් තිබ්බා ,ලයික් හාරසීයක් , හිනා වෙන මුණු විසිතුනයි , ඇහෙන කඳුළු වැටෙන මුණු හැටයි  


ඔයා රජයේ වගකිව යුත්තෙක්ද 

පිස්සුද මිස්.. අපේ ආණ්ඩුවේ ඉන්නවද එහෙම උන් 


ආ ඕකේ ..වෙන මුකුත් තියෙනවද ?


ඔව් .. දෙවනුව මම කතා කරේ සරණාගතයන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරන්න ....මම නම් ලෑස්තියි කියලා කියන්න සරණාගතයන් කීපදෙනෙක් අපේ ගෙදරට බාර ගන්න ..


මොකක්ද කිව්වේ ?


නෑ  මම කිව්වේ ඔය සරණාගතයන් කීපදෙනෙක් අපේ ගෙදර එවන්න කියලා .. ඇඩ්රස් එක දෙන්නද ?


පො පො පොඩ්ඩක් ඉන්න ..මම මගේ මැනේජර්ට ට්‍රාන්සර් කරන්නම් කෝල් එක 


(නැවතත් පසුබිම් සංගීතයක්... තිරිසන් වන්...නේ .. ජින්ජිටි  ජින්ජිටි .. මිනිසාමයි ලොව දෙවියන් වන්...නේ ...මිනිසාමයි ..)


හෙලෝ චමින්ද මහත්මයා , සමන්තිකා මට ඔබේ කරුණාවන්ත යෝජනාව ගැන කිව්වා .. මුලින්ම ලෙට් මී ටෙල් යු , ඔයා වගේ මිනිස්සු තමයි ඇත්තටම ලෝකේ ලස්සන කරන්නේ 


ටැංකු , මහත්තයෝ මට මේ සිද්ධිය අහපුවහම හිත වාවන්නේ නැති උනා 


මට තේරෙනේවා හර්ද සාක්ෂියක් තියෙන මිනිස්සුන්ට මේවා ඉවසන් ඉන්න බෑ  මට තේරෙනේවා. දැනටනම් ලංකාවේ ඉන්නේ රෝහින්‍යා වලින් ආපු සරණාගතයෝ තමයි , ඉතින් ඔයාටත් පුළුවන් නේ  ඒ ගොල්ලන්ට උදව් කරන්න පුළුවන් 


අපෝ එහෙම නෙමෙයි , මම මේ කතා කලේ ..මහත්තයෝ මේ දැන් ඔය සරණාගතයෝ අපිට ඕන රටකින් ගෙන්න ගන්න පුලුවන්ද ....මහත්තයෝ වරදවා තේරුම් ගන්න එපා .. කාගේ උනත් දරුවොනේ 


නෑ  නෑ කියන්න 


අර හියු හෙෆ්නර් මහත්තයා මැරිලානේ , මම ඉතින් රෑ දාවල් කල්පනා කලේ  ඒ උත්තමයා රැක  බලා ගත්ත ගෑනු ළමයි ටිකට යන කළ දවස .. ඒ කට්ටිය දැන් අනාත වෙනවනේ .. ඔහොම ගිහින් කෙල්ලෝ වැරදි මාර්ගෙට උනත් යොමුවෙන්න පුළුවන් .. ඒ නිසා ඒ සරණාගත ළමයි දෙන්නෙක් .., තුන් දෙනෙක් උනත් කමක් නෑ අපේ ගෙදර නවත්ත ගන්න පුළුවන් ....එවන්න 


ටීක් ටීක් ටීක් ටීක් 


 හෙලෝ හෙලෝ ?.. හෙලෝ ...යූ  එන් එච් සී ආර් ? ..චැහ්  කට් උනානේ 

9 comments:

  1. හෙහ් හෙහ් මරු.. මොනවා උනත් ලෝකෙට සෙතක් කරපු මිනිහෙක්..

    ReplyDelete
    Replies
    1. හෙෆ්නරයන්.... ඉම්ප්ලාන්ට් කර්මාන්තයේ පෙරගමන් කරැ

      Delete
  2. හියු හෙෆ්නර් මහතා වනාහී අභීත සෙන්පතියෙකි. වීරෝධාර රණ විරුවෙකි. එතුමා දෙව්මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා!!!

    ReplyDelete
  3. අන්න එහෙම එන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මේක කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරලා ගත්තම තවත් මරැ:)

      Delete
  4. නැටලි මෙතන, ඔතන කවුද ? එහෙම තමා මටනං මතක :)

    ReplyDelete

Have commented