21 October 2017

සන්තෝසයි නිකරුනේ , ආඩම්බරයි කිසිම හේතුවක් නැතිව

ඊයේ අපේ කන්තෝරුවේ පොඩි ජය සැමරුමක් ... සති දෙක තුනක් තිස්සේ කණ්ඩායමම විසඳන්න හදපු ප්‍රශ්නයක් , විසඳා ගත්තා . " මට අද හරි සතුටුයි " එකෙක් කියනවා ... " හුරේ " තව එකෙක් ජයඝෝෂා නගනවා 

මේ විසඳුමෙන් අපි කාටවත් පුද්ගලික වාසියක් නෑ .. අනෙක් අතට ලෝකෙට  ලැබෙන එහෙම කියලා සෙතකුත් නෑ  ... ඇත්නම් ඇත්තේ ආයතනයට ලැබෙන ලාබය වැඩිවීමේ සම්භාවිතාවක් විතරයි .... සඳුදා උදේට අපිට අලුත් ප්‍රශ්න තිබේවී විසඳන්න .. ගෙදර ගියාම අපේ ජීවිත වල ප්‍රශ්න පොදිය එහෙම්මම තියෙනවා . 

අපි,  මිනිස්සු , සංවේදනා වලට ඇබ්බැහි වෙලා . සතුට , දුක , විස්මය , තිගැස්ම ට ඇබ්බැහි වෙලා . ඉතින් ඒ හයි එක ලබන්න අපි කතන්දර ගොතා ගන්නවා .. සමහර ඒවා හැපී එන්ඩින් , සමහර ඒවා ට්‍රැඩජි .

"සුනීතට බිමින් තියන්න කියූ අසුචී කඳ මොකක්ද?" ඔය අස්සේ එකෙක් , දෙකක් දා ගෙනද කොහෙද , බුකියේ ප්‍රශ්නයක් අහනවා 
"මොකෝ මේ ?"
" උත්තරේ කියහන්කෝ "
"උත්තරේ මම  හිතන විදියට .."
"හරියට හරි "
"මම උත්තරේ කිව්වේ නෑ නේ .."
"කිව්වා"

සිත ගමන් වෘත්තය සම්පුර්ණ කරනවා. සිතුවිලි වළල්ල වැහෙනවා 

***

" මගේ කණ්ඩායම  ගැන මට මාර ආඩම්බරයි " බොසෙක් ඇවිත් පහක් දෙනවා ...අයිනක කෙල්ලෙක් ඇඹරෙනවා  

 මගේ සිතුවිලි , බුකියේ පැතිරෙන අලුත් වසංගතයකට සහ ඒ ගැන දැක්වෙන අර්ථදැක්වීම් වලට සමපාත වෙනවා . 
"ප්‍රවුඩ් ටු බී ..." 
ගෝත්‍රිකත්වයෙන් මිදිලා එලියට ආපු මිනිස්සු ආපහු මුණේ ගා ගන්න ගෝත්‍රයට අදාළ වර්ණය හොයනවා .

" මචන් මේ ප්‍රවුඩ් ටු බී ශ්‍රී ඥානවිමලයින් ( ඔහු ගිය දහම් පාසැල ) වගේ විහිලු දාන්නේ නැතිව , ප්‍රවුඩ් ටූ බී ශ්‍රී ලන්කන් වගේ දාන්න එකෙක් වත් නෑනේ "

" ඇයි එහෙම දාන්නේ "
" අපි ලෝකේ කොහේ ගියත් , කොහේ PR තිබ්බත් , හදවතින් අපි ලාංකිකයි නේ "
" ඒ දෙකම එකයි නෙවෙයිද " (මම නොඇසුවෙමි , සිතුවා පමණි )

13 comments:

  1. lolz... Proud to be a reader :-\

    ReplyDelete
  2. Proud to be a commentarian...:)

    ReplyDelete
    Replies
    1. විලිලජ්ජාවේ සන්තෝසේ බෑ

      Delete
  3. Oyala buddhagamata ochchara bayada appa ??

    ReplyDelete
    Replies
    1. බුද්ධාමෙන් බය කරන්න පුලුවන්ද

      මම දන්න තරමින් ඇති කරන්න පුලුවන් සසර දුක ගැන බය විතරයි

      Delete
    2. ඇයි ඔබ මෙසේ සටහනක් දැම්මේ කියලා හිතුවම මට හිතුනේ අර තැනක තියන දහම් පාසැල් කතාව ගැන නිසා වෙන්න ඇති කියලා.. දහම් පාසැල් වල උගන්වන්නේ බුද්ධ ධර්මය යයි ඔබ හිතනවද

      Delete
  4. ඕකත් මහ පිස්සු ආතල් එකක් අප්පා.කාලෙන් කාලෙට එන කාලෙන් කාලෙට යන
    හිතන්න දෙයක්නෑ.
    හෙටවෙද්දි තව එකක් එයි
    හැටි නෙහ්

    ReplyDelete
  5. Proud to be...well, I'm thinking...

    ReplyDelete
  6. ඇඩෙනවා.. කිසිම හේතුවක් නැතුව..

    ReplyDelete
  7. Proud to be a Pinch Pointian.

    ReplyDelete

Have commented