මෙච්චර කට්ටිය කුඹී පෙරහැරවල් ගැන කතා කරන කාලේ අපේ ටීචර් කීවේ අලි පෙරහරක් ගැන ලියන්න කියලාය. මේකේ කාලය දේශය දීපය කුලය මව් ගලපන්න යන්නේ නැතිව මෙය පොඩි එකෙක් ගේ රචනාවක් ලෙස සිතා කියවන ලෙස මුලින්ම ඉල්ලා සිටිමි.
අපේ ගුරුතුමී කීවේ කොලේ පිරෙන්නම රචනාව ලියන්න කියලාය. ඉතින් මැදින් පොඩ්ඩක් වල්පල් වගේ පෙනුනොත් සමාවෙන්න බෝපතකට කඳුළු බින්දු වැටුනොත්.
මම පෙරහැර බලන්න ගියේ අපේ සීයා සමගය. ගිහින් පාරේ අයිනේ ඉඳගෙන සිටියෙමු. මේක මේ නුවර පෙරහැර වත්, ගංගාරාමේ පෙරහැරවත්, බෙල්ලන්විල එකවත් නොවේය. අපේ ගමේ දුප්පත් පන්සලේ පෙරහැරය. ඉතින් අර මහා පෙරහැරවල වගේ සාරෙට අලි නැත. ඒත් පොඩිහිටි අපගේ ඒකායන අභිප්‍රාය වූයේ අලියෙක් හෝ දැක ගැනීමය
මුලින්ම පෙරහැරේ ගමන් කරේ කස කාරයෝය. උන් වටේ ඉන්න එවුන්ට උණ ගැනෙන්නට කස පුපුරොව්වෝය. කස කාරයන්ට පස්සේ එන්නේ අලින් දැයි සීයාගෙන් ඇසුවිට ඔහු කීවේ අලි එන්නට තව වෙලා තියෙනවා කියලාය. සීයා හරිය, ඊට පස්සේ ආවේ පන්දම් කාරයෝය. උන් පන්දම් උඩට උඩට වෙන්නට අල්ලාගෙන ගියහ.
ඊට පස්සේ ( අපේ ටීචර් හැමතිස්සෙම කියන්නේ නිම්මාන සිලී නිර්මාණශීලී වෙන්න කියලාය . ඉතින් ඊළඟ චේදය සිංහල රැප් එකක් ලෙස ලියමි . ඔබත් එලෙසම කියවන්න.)
යෝ යෝ නිගා නිගා ..ඊටපස්සේ ආවේ අලි නෙවේ බං. කසකාරයෝ රිටිකාරයෝ පන්දම්කාරයෝ. නලාකාරයෝ බෙරකාරයෝ උඩ රට නැට්ටුවෝ. හේ විසි කාරයෝ. කා වඩි කාරයෝ .. ඒ අස්සෙන් ආ පොප් කෝන් කාරයෝ. යෝ නිගා යෝ යෝ, පිළිවෙලයි මහත්ත යෝ
ඇත්තටම පොප්කෝන් කාරයෙක් ආවේය. ඔහු ආවේ, "පෙරහැර බලන ගමන් හපා හපා ඉන්න. පොප්කෝන් " කියා කෑ ගසාගෙනය. සීයා ඔහුව එලවා ගත්තේය.
මේ ඔක්කොම කාරයෝ ගිහින් ය ඒත් අලි තාම නැත. සීයේ දැන් අලි එයිද කියා අපේ පැය බාගයෙන් බාගයට , විනාඩි පහෙන් පහට , විනාඩියෙන් විනාඩියට ප්‍රශ්න කිරීම සීයාට අලීම අලි කරදරයක් විය.
ඔන්න එතකොටම ආවේ තවත් වෙළෙන්දෙකි. " තිබහට උරන්න පොප්සිකල්. තිබහට උරන්න ..". "ඒයි පොප්සි මෙහෙ එනවකෝ කියා සීයා ඔහුට කතා කලේය. අලි එන්න තව දුරද කියලාය. ඔහු කීවේ මේ කාලේ බෙහෙතකටවත් හොයා ගන්න අලි හිඟ බවය. ඔහු කීවේ ඒ නිසා පෙරහරේ හිඩැස් පුරවන්න කාවඩි, වඩිග පටුන විතරක් නෙමෙයි බ්රේක් ඩාන්ස් කණ්ඩායමුත් වැඩියෙන් දානවා කියලාය. අනික අලි වෙනුවට දැන් ගෙනියන්නේ අලි වගේ අන්දපු ට්‍රැක්ටර් සහ ත්‍රීවීල් තමයි මහත්තයෝ කියලාය.
එහෙනම් පත්තරේ තිබ්බේ දළ ඇත්තු ඉන්නවා කියලා සීයා ඇසුවේය. පොප්සිකල් කාරයා කින්ඩි හිනාවක් දා ඇසුවේ, මහත්තයත් අලින්ගේ විස්තරේ පත්තරේන් බලනවද කියලාය.
අලි නැතිව කොහෙද පෙරහැරවල යන්නේ කියලා සීය ඇසුවහම, පොප්සිකල් කාරයා කිව්වේ අලි හිටියා හෝ නොහිටියා මීහරක් උඩ කරඬුව තියාගෙන හරි පෙරහැර යන බව ග්‍රාමසේවක රාලහාමි කියූ බවය.
අපේ සීයාත් අරින්නේ නැත්තේය. ඔහු ඇසුවේ එහෙනම් පාරේ අලි බෙටි තියෙන්නේ කොහොමද කියලාය. වෙළෙන්දා කීවේ සමහර පෙරහැරවල් ජාම බේරගන්න අලිබෙටි සල්ලි වලට අරන් පත්තරවල ඔතාගෙන ඇවිත් පාරේ තැනින් තැන අතුරනවා කියලාය. සීයාට තරහ ගියේය. අනේ පලයන් පොප්සි යන්න, ඔය වැදගත් පත්තර වලින් අලිබෙටි ඔතනවද, උඹ ආව මෙතන පෙරහැරේ විස්තර විචාරේ දෙන්න කියා ඔහුව එලවා ගත්තේය.
හුරේය, දන්නෙම නැතිව පිටුව ඉවර වෙන්න ළඟය. ඉතින් ඉතුරු ටික කෙටියෙන් ලියමි.
ඈතින් නිලමේලාත් එනවා මම දැක්කෙමි. මීළඟට එන්නේ නම් අලි තමයි යයි මට සිතුනි.
එතකොටම අයෙක් කෑ ගැසුවෝය " ඔන්න අලි එන්න ලඟයි ... ඔන්න දැන් එන්නේ කවුද කියලා දන්නවනේ .. පින්වත්නි පරිස්සම් කර ගනිල්ලා පර්ස් බෑග් මලු සාක්කු ..
ඊළඟට එන්නේ පොකට් කාරයෝ
ඔව් කියන්න බෑ, නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ, එකම වචනය තුන්වතාවකට වඩා කියන්න බෑ , තනි වචනයෙන් උත්තර දෙන්න බෑ .. කොහොමහරි විනාඩියක් කතා කලොත්, අත කට පුරවලා පපඩම් පැකට් තෑගී.
දුමිඳු තුමිඳු ට ඊයේ සම්මානයක් හම්බු වෙලා කියන්නේ. මොනවා හම්බු වුනාද දන් නෑ. දැනටමත් ඔහුගේ තෑග්ග පිළිගනිමින් කළ කතාව ට්‍රෙන් ඩින් වේ ගෙන යනවා .. නමුත් ඒ කතාවේ මොකක්දෝ මන්දා අවුලක් දැනෙනවා. දුමිඳු තුමිඳු අස්සේ කලන අස්සේ ඉන්නේ මිනිහා කවුරු උනත් ,
අපි දකින්නේ කලන කියන දුමිඳු තුමිඳු කියන නළුවා .. විජය ක්‍රිස්තුන් වහන්සේ නොවන සේම දුමිඳු තුමිඳු අර ගේම් කාරයා ත්
නෙවෙයි. ඒත් ..අපි ඒක දන්නවා, ඒත් අමතක වෙනවා
මේකේ තිර පිටපත ලියපු දමිතයි, ලකයි තැනක කියනවා, නිකන් හිතෙන් සැලසුම් කරන්න ගන්න කාව හරි ප්‍රභූකෙනෙක්ව උස්සන්න... එතකොට ඔබට දැනෙන්න ගනීවි ඔබ අස්සේ ඉන්න ගේම් කාරයා ගැන ..එතන තමයි රියලැටිය තියෙන්නේ.
හ්ම් ... ඒත් මේක නෙමෙයිනේ අද කතාව .. එතැනට එමු .. අද කතාව, තුමිඳුගේ කතාව , ඒකෙන් කිති කැවුන අපේ මෙව්වා එක සහ ඉන් ඔබ්බට
තුමිඳු කිව්වේ මේක විරෝධාකල්පයේ සම්මානයක් වගේ කතාවක්.
සමාවෙන්න මිත්‍රයා, වෙනම ආතල් එකක් වුනාට මේක පට්ට ගහපු රෝල් එකක් (මගේ ජීවිතේ මේක හරියට අවංක ව කරපු එකම මිනිහයි මට මතක .
ඒ කේමදාස . )
හැබැයි ඒකෙන්, රියලටිය අස්සේ අපේ ෆැන්ටසිය ඔබ්බා ගන්න ගමන්, ෆැන්ටසියේ රියල්ටිය හොයන, අපේ මෙව්වා එක කිති කැවුනා කියන්නේ. අපේ රූකඩ නූල් අල්ලා ගෙන නටවනවා කියලා හිතපු පොලිටික්කොත් නටවන එකෙක් ඉන්න එකෙක් ඉන්නවා කියලා මුලින්ම අපිට පොඩි ත්‍රිල් එකක් ආවා කියන්නේ. එහෙම කරන එකා අපේම එකෙක් බව දැක්කම, අර ජනතාධිපත්‍ය ගැන හැඟීම තව ඔද වැඩුනා කියන්නේ.
හැබැයි එතකොට පොලිටික්කෝ තරමක් දුරට නිදොස් කොට නිදහස් වෙනවා, දැන් ඒක නිසාම පොලිටික්කොත් සැනසුම් සුස්මක් හෙලන බව අපිට පෙනුනේ නැද්ද මන්දා කියන්නේ ...
උනුත් හොරු, මුනුත් හොරු, මමත් හොරෙක් ඒ විතරක් නෙමෙයි, තොපිත් හොරු .. ඉතින් කොයි හෝරාවද අල්ලන්නේ ?කියලා රංජා කෑ ගහන කොට විසිල් ගහන අපිම නේ ඉතින් මේ ......
..කරුමේ කරුමේ කියලා මොකුත් නොකර හූල්ලන එක , විරෝධාකල්ප වලින් ඔබ්බට යමක් නොකරන එක , ගමේ පන්සල ඔස්සේ රජවරුන් විසින් මුලිනුත් , අධිරාජ්‍යවාදීන් විසින් දෙවනුවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු කරපු , පස්සේ අපේ ජානවලට කිඳා බැහැපු පුරුද්දක් ..
හරි ලොක්කා, මැල්ලුම බෙදුවා ඇති දැන් බත් බෙදමු
සිස්ටම් එක අවුල්නම් ඒක වෙනස් කරමු.
ඒත් අමුඩේ තද කර ගනින්, මේක පරම්පරා තුනකවත් ව්‍යාපෘතියක්. හැබැයි ගහන්නම ඕනේ ගේම් එකක්.
අපේ ජීවිත ගොඩ නැගෙන්නේ අපේ සීයලාගේ හීන හා අප්පච්චිලාගේ වැරදීම් උඩ. අපි දකිමු හීන , අපේ ජීවිත කාලයේ නොව අපේ මුණුබුරන්ගේ කාලයේ මල්ඵල ගැනෙන . ඒ සඳහා අපේ දරුවන්ගේ ජීවිත ගැටගහන රැහැන් ....ආකල්ප , සාරධර්ම , පුරුදු ....තෝරා ගමු, භුමියේ පැල කරමු, සාත්තු කර රැක බලා ගනිමු ... ඔවුන්ගේ දරුවන්ට ඒවා උපතින්ම ලැබේවි. උන් ඒවායේ හිදැස් දකිවී, උන් ඒවා පුරවා ගෙන ඉස්සරහට ගෙන යාවී.