25 March 2018

නොකලා නම් හොඳ කතාව සහ ගැසිය යුතුම ගේම් එක

ඔව් කියන්න බෑ, නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ, එකම වචනය තුන්වතාවකට වඩා කියන්න බෑ , තනි වචනයෙන් උත්තර දෙන්න බෑ  .. කොහොමහරි විනාඩියක් කතා කලොත්, අත කට පුරවලා පපඩම් පැකට් තෑගී.

 දුමිඳු තුමිඳු    ට ඊයේ සම්මානයක් හම්බු වෙලා කියන්නේ. මොනවා හම්බු වුනාද දන්  නෑ. දැනටමත් ඔහුගේ තෑග්ග පිළිගනිමින් කළ කතාව ට්‍රෙන් ඩින් වේ ගෙන යනවා .. නමුත් ඒ කතාවේ මොකක්දෝ මන්දා අවුලක් දැනෙනවා. දුමිඳු තුමිඳු අස්සේ කලන අස්සේ ඉන්නේ මිනිහා කවුරු උනත් , අපි දකින්නේ කලන කියන දුමිඳු තුමිඳු කියන නළුවා .. විජය ක්‍රිස්තුන් වහන්සේ නොවන සේම දුමිඳු තුමිඳු අර ගේම් කාරයා ත්
නෙවෙයි. ඒත් ..අපි ඒක දන්නවා, ඒත් අමතක වෙනවා 

මේකේ තිර පිටපත ලියපු දමිතයි, ලකයි තැනක කියනවා, නිකන් හිතෙන්  සැලසුම් කරන්න ගන්න කාව හරි ප්‍රභූකෙනෙක්ව  උස්සන්න... එතකොට ඔබට දැනෙන්න ගනීවි ඔබ අස්සේ ඉන්න ගේම් කාරයා ගැන ..එතන තමයි රියලැටිය  තියෙන්නේ. 

හ්ම් ... ඒත් මේක නෙමෙයිනේ අද කතාව ..  එතැනට එමු .. අද කතාව,  තුමිඳුගේ  කතාව , ඒකෙන් කිති කැවුන අපේ මෙව්වා එක සහ ඉන් ඔබ්බට 

තුමිඳු 
කිව්වේ මේක විරෝධාකල්පයේ සම්මානයක් වගේ කතාවක්.  සමාවෙන්න මිත්‍රයා, වෙනම ආතල් එකක් වුනාට මේක පට්ට ගහපු රෝල් එකක්  (මගේ ජීවිතේ මේක හරියට අවංක ව කරපු එකම මිනිහයි මට මතක . ඒ කේමදාස . )

හැබැයි ඒකෙන්,  රියලටිය අස්සේ අපේ ෆැන්ටසිය ඔබ්බා ගන්න ගමන්, ෆැන්ටසියේ රියල්ටිය හොයන,  අපේ මෙව්වා එක කිති කැවුනා කියන්නේ. අපේ රූකඩ නූල් අල්ලා ගෙන නටවනවා කියලා හිතපු පොලිටික්කොත් නටවන එකෙක් ඉන්න එකෙක් ඉන්නවා කියලා මුලින්ම අපිට පොඩි ත්‍රිල් එකක් ආවා කියන්නේ. එහෙම කරන එකා අපේම එකෙක් බව දැක්කම, අර ජනතාධිපත්‍ය  ගැන හැඟීම තව ඔද වැඩුනා කියන්නේ. 

හැබැයි එතකොට පොලිටික්කෝ තරමක් දුරට නිදොස් කොට නිදහස්  වෙනවා, දැන් ඒක නිසාම පොලිටික්කොත් සැනසුම් සුස්මක් හෙලන බව අපිට පෙනුනේ නැද්ද මන්දා කියන්නේ ... 

 උනුත් හොරු, මුනුත් හොරු, මමත් හොරෙක් ඒ විතරක් නෙමෙයි, තොපිත් හොරු .. ඉතින් කොයි හෝරාවද අල්ලන්නේ ?කියලා  රංජා කෑ ගහන කොට විසිල් ගහන  අපිම නේ ඉතින් මේ ......
..කරුමේ කරුමේ කියලා මොකුත් නොකර  හූල්ලන එක , විරෝධාකල්ප වලින් ඔබ්බට යමක් නොකරන එක , ගමේ පන්සල ඔස්සේ රජවරුන් විසින් මුලිනුත් , අධිරාජ්‍යවාදීන් විසින් දෙවනුවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු කරපු , පස්සේ අපේ ජානවලට කිඳා බැහැපු  පුරුද්දක් ..
 හරි ලොක්කා, මැල්ලුම බෙදුවා ඇති දැන් බත් බෙදමු 

 සිස්ටම් එක අවුල්නම් ඒක වෙනස් කරමු.
ඒත්   අමුඩේ තද කර ගනින්, මේක පරම්පරා තුනකවත්  ව්‍යාපෘතියක්. හැබැයි ගහන්නම ඕනේ ගේම් එකක්.
අපේ ජීවිත ගොඩ නැගෙන්නේ අපේ සීයලාගේ හීන හා අප්පච්චිලාගේ වැරදීම් උඩ.  අපි දකිමු හීන , අපේ ජීවිත කාලයේ නොව අපේ මුණුබුරන්ගේ කාලයේ මල්ඵල ගැනෙන . ඒ සඳහා අපේ දරුවන්ගේ ජීවිත ගැටගහන රැහැන් ....ආකල්ප , සාරධර්ම , පුරුදු ....තෝරා ගමු, භුමියේ පැල කරමු, සාත්තු කර රැක බලා ගනිමු   ... ඔවුන්ගේ දරුවන්ට ඒවා උපතින්ම ලැබේවි. උන් ඒවායේ හිදැස් දකිවී, උන් ඒවා පුරවා ගෙන ඉස්සරහට ගෙන යාවී.

14 comments:

  1. මාතලන් නිදි නැගිට්ටහම කොරයි උඹට බලන් හිටං

    ReplyDelete
  2. හරි. ඒත් මාතලන් නිදි බවත් නැගිට්ටම කොරන බව ඔබ දන්නේ කෙසේදැයි මට කුකුසක් මතුවේ

    ReplyDelete
  3. අළුත් සිස්ටොන් එකක් ගේන්න ඕන සහෝදරයා
    ------------------------------------------------------

    කක්කා දාලා
    පුක සෝදලා
    මාරු වෙලා
    යනවා මෙයාලා
    ෆල්ෂ් කොරන්න බෑ නේ මචං
    සිස්ටොන් එක උන් කඩලා
    එන එන උන් ටික රීලා
    කක්කා කොම්ඩ් එකෙ පිරිලා
    ගඳ මුලු ලෝකෙට දැනිලා
    එන්නේ නෑ නේ සුද්දෙක්කත්
    යනවා නහයත් හකුලා
    අලුතෙන් සිස්ටන් එක දාල
    ෆල්ෂ් කරලා සුද්ද වෙලා
    යනකන් තෙපි ඉවසල්ලා
    මහ බැද්දටවත් රීලා

    - කාව්ය සිරෝමනී මාතලන් -

    ReplyDelete
    Replies
    1. දෙසැරයක් කියෙව්වම තමා ඇත්තටම වැදුනේ. අර ඇනෝ කෙනෙක් ඇවිත් උදේම බය කරලා ගියානේ 🙂

      Delete
  4. දුමිඳු කිව්වේ කවුද බං? මම මේ කම්පනා කොලේ මෙච්චර වෙලා.

    ReplyDelete
    Replies
    1. අර කූඹියෝ එකේ ජෙහාන්.. නම වැරදිද මන්දා

      Delete
    2. තුමිඳු විය යුතුයි කියලා ඔය හැලපයියා කියන්නේ ,

      දුමිඳු නෙවේ නම තුමිඳු දොඩන්තැන්න

      Delete
    3. හුටා.. මේ වයසට යන නිසාද කොහෙද... නෑ නෑ මට කොහොමත් නම් පැටලෙනවා. එහෙම වෙච්ච බයිට් අනන්තයි.

      Delete
  5. දැන් ඔය පොඩි උන්ට සිස්ටම් එක වෙනස් කරන්න කියල දෙන්න කලින් මහ එවුන් එව්වා වෙනස් කරන හැටි ඉගන ගන්න වෙනවා...

    මොකද අපේ මහා සමාජේ ඇතුලේ ඔය සිස්ටම් එක වෙනස් කරන්න වුවමනායි කියන අදහස තියෙන්නෙත් බොහොම කුඩා මිනිස් කොට්ටාශයකට විතරයි...හැම මැතිවරණයකදීම මිනිස්සු එය නැවත නැවතත් ඔප්පු කරලා පෙන්නනවා...

    පොඩි උන්ට කියල දෙන්න වුමනායි උන්ගේ විචාරශීලි බුද්ධිය අවදි කරගන්න විදිය...එතකොට උන් ප්‍රශ්න කරන්න ඉගන ගනිවී තමන් අහන දකින දේවල් ගැන...එහෙම පොඩි උන් ලොකු උන දාකට ඉබේම තියන සිස්ටම් එක වෙනස් වේවි...

    දැන් එහෙම බුද්ධිමත් සංවාදයක් අපේ ගෙවල් වල ඉන්න පොඩි උන්ට ලැබෙනවද ? මහ එවුන් උදේ හවා මැරීගෙන සල්ලි හම්බ කරලා උන්ගේ කුසට ආහාර දුන්නට, උන්ගේ මොලේට ආහාර දෙන්නේ නැහැ...පොඩි කාලේ ඉදන් බඩට නොකා හරි මහ උන් විසින් පොඩි උන්ට ෆැන්ටසිය පුරුදු කරනවා...එතන ඉඳන් තමයි අපිට වැරදිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පොවැ මේ සටහනට ඔබට තුති.

      මමත් ඉන්නේ ඔබ ඉන්න තැන ලඟින්. ඉස්සෙල්ලා අපි වෙනස් වෙන්න ඕනේ. ඒත් මම හිතන්නේ අපිට පුලුවන් කියලා පොඩි එවුන්ට උපදෙස් දෙන්න . අපිට උන්ගේ ලෝකේ ගැන මෙලෝ වැටහීමක් නෑ. අපි අර values and beliefs වල බීජ විතරක් පැල කරමු . උන්ට ක්‍රමේ හදාගන්න උගන්නමු . හිතන්න උගන්නමු. එතනින් එහාට කරන්න හැකියාවක් අපට නෑ

      මේ මගේ අදහස

      Delete
    2. හරියට හරි පොකුරු වැහි. පොඩ්ඩක් හරි හොඳ විදියට මේක වෙනස් කරන්න කියල හිතන උන් යූඑන්පී එකට චන්දෙ දෙනවා.
      අනිත් ගොබ්බ හැත්ත මෙන්න මුන් රට විකුනනෝ, ජාතිය විනාස කරනෝ, අරකෝ මේකෝ කියල රට ගිනි තියනවා. හැබැයි තමන්ට චාන්ස් එක ආපු ගමන් ඇදලා අරිනවා ඇරියසුත් එක්ක

      Delete
  6. You are not stuck in traffic. You are traffic කියල කතාවක් කොහේදි හරි අහල තියේ

    ReplyDelete
  7. //කරුමේ කරුමේ කියලා මොකුත් නොකර හූල්ලන එක , විරෝධාකල්ප වලින් ඔබ්බට යමක් නොකරන එක , ගමේ පන්සල ඔස්සේ රජවරුන් විසින් මුලිනුත් , අධිරාජ්‍යවාදීන් විසින් දෙවනුවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු කරපු , පස්සේ අපේ ජානවලට කිඳා බැහැපු පුරුද්දක් ..//

    එතකොට සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත කියලා පල්ලියෙන් හා වංශාධිපතින් විසින් ශතවර්ෂ ගාණක් පුරුදු කරපු රටවල ජනතාව ඒකෙන් මිදුනෙ කොහොමද?
    පල්ලියට විරුද්ධ මත ගොඩ නැගුන නිසා සහ වංශාධිපතින් අතරින්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ක්‍රියාවලියක් ක්‍රමයෙන් ඇතිවුන නිසා?

    මෙහෙ ආගම හා පූජකයින් තවත් බලවත් වුනා, දේශපාලකයින් වංශාධිපතීන් ලෙස කටයුතු කරන්න ගත්තා.

    ReplyDelete

Have commented