07 July 2018

ගිනි cool වීම


(from https://www.deviantart.com/maxeerz/art/Frozen-Fire-315066870)

විප්ලවය රෝමාන්තික සිහිනයක්ව ඉපැද , 
ආශ්වාදයක් , "high " එකක් ව පැවැත , 
ඛේදාන්තයක්ව අවසන් වෙයි . 
හැමවිටම . 
ඉන්පසු නොස්ටල්ජියානු මතකයක්ව ශේෂ වේ .
ඒ විප්ලවයන්ගේ ජීවන චක්‍රයයි . 

චේ , චේගේ පැවැත්ම , කියුබානු විප්ලවය , කියුබාව සහ පිටකොටුවේ පේමන්ට් එකේ විකිණෙන  චේගේ ටී ෂර්ට් එක ...
එතනිනුත් එහාට යනවා නම් , ඒ ටී ෂර්ට් එකම ඇඳ ගෙන කොළඹ කොෆි ෂොප් එකක , කැපචිනෝ බොන කොන්ඩේ දිග හාදයෙක් 

විප්ලවයක අවසන ශේෂවන්නේ ඒ විප්ලවයේ චින්තනමය  පදනම හෝ ඒ ක්‍රියාවලියේ ගතිකය පිලිබඳ මතක නොවේ . විප්ලවය නිසා මතුවුණ චරිත පිලිබඳ නොස්ටල්ජියාවයි . 

ඒ නිසායි හැමවිටම , විප්ලවයේ නෂ්ටාවශේෂ cult icon වලට පරිවර්තනය වෙලා , ඒවාට මිලක් නියම වෙන්නේ . අපි පිළිගත්තත් නැතත් නිදහස ව්‍යාප්ත වෙන්න වෙන්න වෙළඳ පොළ ගති ලක්ෂණ හැසිරීම වැඩියෙන් තීව්ර වෙනවා . 
ඉල්ලුම සහ සැපයුම .

ලංකාවේ මෙවැනි icon level එකට තල්ලු කරන්න පුළුවන් චරිත දෙකක් මගේ ජීවිත කාලය තුළ  ජීවත් වෙලා තියෙනවා 
ඉන් පළමු වැන්නා විජේවීර. දෙවැන්නා ප්‍රභාකරන් 
(මහින්ද රාජපක්ෂ ගැන මට තියෙන්නේ දෙගිඩියාවක් ).

(මිනිස්සු කාණ්ඩයක හෝ ) සිහින  වල ජීවත් වුනු , සිහින වල මිනිස්සු ජීවත් කරවපු , ගම්‍යතාවය මගින් high  එකක් දීපු . නොස්ටල්ජික් මතකයන් ඉතිරි කරපු .

ගිය සතියේ විජේවීරගේ බිරිඳ නඩුවක් ගොනු කරනවා , විජේවීර අතුරුදහන් කියලා . එජාප ආණ්ඩුවක් විසින් ගෙනාපු අතුරුදහන් වුවන් ගැන වූ පනත ඇතුලේ මෙහෙම නඩුවක් ගොනු වීමේ මාර Satire එකක් (උත්ප්‍රාසයක් ?) හෝ මාර ගේම් එකක් හෝ දෙකම තියෙනවා . 

ඊට දවස් දෙකකට පස්සේ විජේවීරගේ ජීවිත කතාව (වගේ එකක් ) අළලා  නිපැයුණු ගින්නෙන් උපන් සීතල ( ඒ කියන්නේ ගිනි කූල් වීම . කූල් කියන එකට අර්ථ දෙකකි  ) ගැන කතාව ඇවිලෙනවා . 

විප්ලවය අලෙවි වීම , විප්ලවීය නායකයෙක් අලෙවි වීම ...හොඳද , නරකද කියන එක නෙමෙයි කතාව  
(ඒ ගැන මගේ නම් අදහස (හා පිළිතුර ) ... අදාළ  නැත !)

ඔබ එකඟ වේවි , මේ සංසිද්ධිය තුළ  ජෝක්ස් , උත්ප්‍රාසය , single player game , multi player game  ගැන සම්භාවිතාවයන් පොදි ගැහිලා යන වග

ඒ ඔක්කොම අස්සේ මගේ හිතේ මේ මොහොතේ  නලියන ප්‍රශ්නය නම්  , නඩුව ෆිල්ම් එකට ඇඩ් එකක්ද , ෆිල්ම් එක නඩුවට ඇඩ් එකක්ද , මේ දෙකම වෙන මොකක් හරි එකක් උදෙසා වූ ඇඩ් කැම්පේන් එකක කොටස් දෙකක්ද ..

එහෙමත් නැත්නම් .....!!???




පළි : ප්‍රභාකරන් ගැන මෙතන කතා නොකරමි . වැඩේ කොරගත් විජේකලා ගැන , ප්‍රභාකරන් ගැන වෙනම කතා කරමු 

3 comments:

  1. ප්‍රභාකරන් ගැනත් චිත්‍රපටියක් එනවද මන්දා?

    ReplyDelete
  2. එනවනම් හොඳයි . ලෙජන්ඩ් , සාමාන්‍යකරණය කරන්නේ ඒවා සිනමාකරණය වීමෙන් ඒවා ගැන විවිධ පැතිවලින් ප්‍රබන්ධ පල වීමෙන් කියලයි මම හිතන්නේ . ජේසුස් මිනිහෙක් වගේ පෙන්නේ ෆිල්ම් එකේ , බුදුන් උනත් එහෙමයි .
    ප්‍රභාකරන් විජේවීර විතරක් නෙමෙයි , මහින්ද රාජපක්ස ගැන උනත් ෆිල්ම් හැදෙන්න ඕනේ එතකොට ලෙජන්ඩ් එක පොලොවට එනවා earth වෙනවා

    ReplyDelete
  3. අපි විජෙවීර හෝ ප්‍රබාකරන් දැක නැත. දැක්කා නම් දැක්කේ පින්තුර හෝ වීඩියෝ පමණයි. ඔහුන් ගැන අනිත් අය කියන කරන දේ අනුව මිසක් අපි ඔහුන් ගැන දන්නේ නැත.
    එතන්ට එනකම් එයාලගේ කතාව ඉතිහාසයේ කවදාවත් ලියවෙන්නේ නැත.

    ReplyDelete

Have commented