30 August 2018

මිසිස් පෙරේරා ගේ 2020 සිහිනය

මේ ඒ ඒ ඒ 

(තම බිරින්දාගේ සුමධුර ආමන්ත්‍රණයෙන් පෙරේරා මහතා කිරමින් සිටි කුකුල් නින්දෙන් අවදි වුයේය . මේ ආමන්ත්‍රණය මොකක් හරි ලෙඩකට , නැත ලෙඩ පෙරහැරකට පෙර එන කස කාරයෙක් බව ඔහු අත්දැකීමෙන් දන්නේය )

මොකෝ ? ( ඒ වුනාට සැමියන් බිය පෙන්වන්නේ නැත )

අපි පොඩි වැඩක් කරමුද 

පිස්සුද ඕවා කරන්න කොහේ තියෙන සල්ලියක්ද බොහොම අමාරුවෙන් මාසේ ගෙවා ගන්නේ 

ඒක  තමයි මම කියන්නේ 

අනික මේ ආණ්ඩුවෙන් අරකටයි මේකටයි ඔක්කෝටම බදු ගහනවා , මගේ පොකැට්  එකටමයි වදින්නේ 

ඒක තමයි අනේ 

 .. හෝව් හෝව් ... දැන් මේ  මොකක්ද දැන් මේ කියන්නේ 

මගේ පොඩි යෝජනාවක් තියෙනවා , හැබැයි ඔන්න තරහ ගන්න බෑ  (ඇය කොමළ ගතිය පෑවාය . පානා කොමලයෙන් මෙය හත් අට දාහක බිලක් වෙන්න ඉඩ ඇති බව දැනී පෙරේරා ට හීන් දහඩියක්ද නැගෙන්නට විය )

හරි හරි කියනවකෝ 

ඔයා  2020 ජනාධිපති කමට ඉල්ලන්න 

භෝක් භෝක් , (ඉහලට ගත් හුස්ම ඉස්පොල්ලේ ගියේය )

ඔව් අනේ හැමෝම ඉල්ලනවා . දැන් බලන්න ගෝටාභය මහත්තයත් ඉල්ලනවා , මහින්ද මහත්තයත් ඉල්ලනවා , මෛත්‍රී මහත්තයත් ඉල්ලනවා , 

ඉතින් ඒ අය දේශපාලනය කරන අයනේ 

එහෙනම් අර සුදු උස මහත කාර් සේල් එකක්ද මොකක්ද තියෙන මහත්තයා 

කාර් සේල්  නෙමෙයි ඒ මනුස්සයා කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෑනියේ... මිනිහෙකුට ගරු නම්බු ඇතිව කතා කරහන් 

ඔන්න ඒවා මේවා කියලා බා මේ සැරේ ඔය ඉල්ලන්න්ම ඕනේ . අර ට්‍රික්සිගේ හස්බන්ඩු ත් ඉල්ලනවා ලු. මට බෑ  සෙකන්ඩ් වෙන්ඩ

ආ එකයි මේ ....හරි නිකමට ඉල්ලනවා කියමුකෝ ..දැන් මම මොකක් කියලද ඉල්ලන්නේ 

ඔයා කියන්න ඔයා පරණ රජ කෙනෙක් කියලා . දැනටම පරාක්‍රම බාහු රජ තුමයි දුටු ගැමුණු රජතුමයි එන්ටර් වෙලා ඉන්නේ , වෙන රජෙක් හොයා ගන්න වෙනවා 

පිස්සුද නෝනේ මට එහෙම රජ පෙනුමක් නෑනේ .. ඔන්න කුස රජ්ජුරුවෝ කියලා තමයි කියන්න වෙන්නේ 

එකනේ .. ඔයාට රජ පෙනුමකුත් නෑ . 

අනික කවුරුවත් මාව දන්නෙත් නෑ . කොටින්ම මරණාධාර සමිතියේ නිලයකටවත් මාව නොමිනේට් වෙලා නෑනේ .

ආ එහෙමනම් ... බැරිවෙයිද ඔයාට පොදු අපේක්ෂකයෙක් වෙන්න 

මේ ඇත්තටම ඔහේට අමු කැවිලද 

අනේ මන්දා . නාගසේනලා , මුචලින්දලා , මධු රොක්ස් ලා ඔක්කොම ඉල්ලනවා . මගේ මිනිහට තමයි බැරි .
අපි නේ ඉතින් ලජ්ජා වෙන්න ඕනේ 

තේරුම් ගන්නවකො,  මට ඉල්ලනවානම් ඉතින් පෙර  භවයේ නාලාගිරියා කියලා තමයි ඉල්ලන්න වෙන්නේ  

ආ ඒක හොඳයි , යූ ඇ න් පී එකෙන් කවුරුත් නම් කරලත් නෑ නේ . රනිල් මහත්තයා සතුටු වෙයි 

ඔව් ඔව් එයා මග බල බල  ඇත්තේ ඉදිරිපත් කරන්න කෙනෙක් එනකන්   

12 comments:

  1. බවුද්ද පසුබිමකුත් තියෙන නිසා හරියන්න හෙවත් ගොඩයන්න ඉඩ තියෙනවා.. :))

    ReplyDelete
  2. නදුන් ගමුවේ ලොක්කාගෙනුත් වොයිස් කට් එකක් ගන්නවා. මේ දවස්වල ට්‍රෙන්ඩින්නේ

    ReplyDelete
    Replies
    1. පිඩිත පන්තියේ කවුරුහරි ඕනිනම් දෙවිනුවර කලන ඉන්නවා.. :)))

      Delete
  3. අර මදූෂා රාමසිංහ කියන පත්තිනි දේවියත් ඉල්ලනවා කියල රාවයක් තුබුනා

    ReplyDelete

Have commented