12 April 2012

හිතේ හිර උන
කැවුම් සුවඳක් දිගේ 
සිත දුවයි ගුරුපාර දිගේ 
පනියි කඩුල්ල

මේ අවුරුද්දෙවත් 
හදිස්සියේවත් අවොත් කියා
මේසය උඩ තියන මගේ පිඟානට 
කිරිබත් කැල්ලක් බෙදෙන්න

එත් අම්මේ
මේ සැරෙත් 
මම මෙහෙ 

3 comments:

  1. හ්ම්ම්ම් මමත් ඔය බෝට්ටුවේමයි මචෝ...
    මේ දවස්වල මෙහේ හිටියට හිත ගෙදර - වැඩක් පලක් කරගන්න හිතෙන්නෙත් නෑ..

    ලස්සනම කවි පෙලක්...

    සුභ අලුත් අවුරුද්දක් මචං

    ReplyDelete
  2. තිස්සටත් එසේම වේවා . ස්තුතියි මේ පැත්තේ ආවට ....

    මමං නම් ටිකක් වාසනාවන්තද මන්දා. මොකද මගේ පවුල මාත් එක්ක ඉන්න නිසා ....හැබැයි ඉතින් මේ දවස් වල ස්කයිප් එහෙම තියෙනවනේ ...ඒ උනාට කැවුම් සුවඳ ..නේද?

    ReplyDelete
  3. ඔව් අප්ප ස්කයිප් නම් තියේ...

    ඒත් අර කීවා වාගේ කැවුම් සුවඳ...
    හ්ම්ම්ම්...

    ReplyDelete

Have commented