02 November 2013

මිස්ට පෙරේරාගේ Halloween සිහිනය

මිස්ට පෙරේරා ජිවත් වන්නේ මේ රටේය .

චීනේම උනත් චීනේම  නොවන මෙහි , පවතින්නේ සේවා මුලික වූ ආර්ථිකයකි . ලෝකේ වටෙන්ම පැමිණි  මිනිස්සු මෙහි ජිවත් වෙති . එම නිසාම බහු සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි මෙහි බොහෝ රටවල සංස්කෘතික උත්සව සැමරේ , චීන  අලුත් අවුරුද්දේ සිට අනික් චීන උත්සව ප්‍රධානව , දීවාලි  , නත්තල් ,  වැනි සියලු උත්සව සැමරේ .

අමෙරිකාවෙන් පටන් ගෙන , ලොව පුරා පැතිර යන halloween ද මෙහි සැමරේ . පොඩි එවුන් එක එක විදියට ඇඳ  ගෙන ගෙයින් ගෙට රස කැවිලි හිඟා කති . වැඩිහිටියෝ දෙකක් දමා ගැනීමට තවත් එක හේතුවක් කර ගනිති . 

ගිය වසරේ මෙන්ම මේ වසරේද  පෙරේරා යුවලට මෙවැනි සාදයකට ආරාධනාවක් ලැබුණි . සාදය සංවිධානය කරන්නේ ලංකාවේ පවුල් දෙකකි . ගිය වසරේ ඔවුන් නොගියහ . මේ වසරේ නම් කෙසේ හෝ යා යුතු යයි ඔහුට සිත් විය 
මේ අදහස පෙරේරාගේ හිතේ ඇතිවී ටිකක් දවසකි . මැදිවියේ නිසාදෝ ඔහු ගේ සිතේ විකාර අදහස් නිතර මතු වේ 

වෙනදා මෙන්ම මාලිනි ඇඳටම උදේ තේ එක රැගෙන පැමිණියාය . 

"මාලිනි මේ අවුරුද්දේ අර පාටියට අපි යමුද?"

" අනේ මේ ලංකාවේ අපිට මොන හැලොවින්ද "

" එහෙනම් අර සංජය ලා යන්නේ "

" ඒ ගොල්ලෝ පිට රට ඉගනගත්ත  තරුණ ජෝඩුවක් . අපි ඒ වගේ නෙමෙයි නේ "

" එහෙම නෙමෙයි අපිත් මේ සැරේ යමු කොස්ටියුම් එකක් ඇඳ  ගෙන "

"මොකක් කිව්වා ..."

" ඔව් ඔව් කොස්ටුමේ එකක් ඇඳන් යන ඕනේ "

" නිකන් අවුරුදු උත්සවේ විකට ඇඳුම් තරඟ  වගේ , mid life crisis ද කොහෙද . ඔයාටත් හිතෙන දේවල් "

මම  උඩින් ලන්කට් එකක් ඇඳලා  සුපර් මෑ න්  වගේ යන්න හිතන් ඉන්නේ .

හා හා මරුවට තියෙයි ඔය බඩයි  හීනි  කකුලුයි එක්ක , සුපර් මෑ න්  නෙමෙයි ඉඳියි නිකන් ගජ මෑන්  වගේ 

(පෙරේරා කකුල සෙමින් අත  ගෑවේය , ඉපිල්ලිනු නහර ඇඟිලි තුඩට දැනිණි .)

එහෙනම් මම අර සාලේ ගහල තියෙන යක් මුණ ගැට ගහ ගෙන යනවා 

අර වෙසක් එකට ඔලු බක්කෝ නටනවා වගේ ?

( පන්සල් වත්තේ , බංකු  වේදිකාව , අන්නාසි කකා බලපු වෙසක් නාට්‍ය හිතේ දිග හැරිනි )

එහෙනම බෙඩ් ශීට් එකක් පොරවාගෙන හොල්මනක් වගේ වත් ? 

අනේ මේ පිස්සු නටන්න හදන්න එපා ගාමිණි

මාලිනි අවසන් තීරණය ප්‍රකාශයට පත් කළේය .


31 වනදා  රෑ  කෑමෙන් පසුව , මිස්ට පෙරේරා මහල් නිවාසයේ පහල එළිමහනට පැමිණියේ , දුම්වැටියක් දල්වා ගැනීමටය . 

එක පාරටම
 "good evening Mr Perera"
ඉබේම ඒ පැත්ත බැලුනි .

.....සිරස මිනි මකුටත්  ,
මුණ නයි පෙන තුනෙන් බබලත් ,
ඇස්  දෙක ගොපලු වෙත් ,
 දෙතොල රත්පැහැ  සුදුව නල දත් ,  

හූ කියාගෙන මහා ගරා සන්නිය ......

ඔහු හිත ගැස්සුනි , ඉබේටම වගේ "ඉතිපිසෝ භගවා ..." කියවෙන්න ආවේය 

"Hello Matilda , I could not recognise you at once . how are you ? nice costume "

"thanks ..what about you ? "

" No we are not going , have  fun "

"see you "

ඇය යන දෙස මදක් බලා සිටි ඔහු දුම් උගුරක් ඇද  , පෙනහල්ලේ තද කර ගත්තේය .

 පිලිපීන කෙල්ලෝ දෙන්නෙක්  ,  පොලිස් නිල ඇඳුමක් ද  නැතිනම් අබිසරු ලියක්දයි හරියට තෝරා  ගත නොහැකි ඇඳුමක් හැඳ  ,  රත්තරන් පැහැ හිසකේ ඇති පොඩි එවුන් දෙදෙනෙක් , pram එකේ දමා තල්ලු කරමින් නිතඹ නටවමින්  ඇවිදිත් . ඔවුන්ගේ සැමියන් දෙදෙනා පිටුපසින් ගමන් කරති . ඔවුන් කොකෙසියානුවන්ය .  බැල්මට අඩුම ගණනේ බිරියන්ට වඩා  අවුරුදු විස්සක්, තිහක් වත් වැඩිමල් ය . (ඔව් නාකි සුද්දෝ දෙන්නෙක් ) . 

ටොක්  ටොක්  ටොක්  සපත්තු හඬ අස්සෙන් ඇන්ටන් ජෝන්ස් ගේ හඬ මතුවේ 

සල්ලි දීලා  ගවුම මැහුවේ  ඇඳ  ගෙන යන්න 
අල්ලි  දෙකක් වත් දුර බැහැ  අඩිය තියන්න ....

මේක halloween නෙමෙයි , හෙළුවෙන් .... තමාටම මුමුනාගත් පෙරේරා  සිගරට් කොටය කුණු බක්කියේ පියනට තද කර නිවා දැමීය  . ගිලිහුණු රත් පැහැ පුලුඟක් සුළඟට ගසා ගෙන ගියේය .

____________________________________________________________________

පලි :

එක පැත්තකින් පොෂ් වීමේ උන්මාදයෙන් පෙළෙන ලාංකික මැද  පන්තියේ අපි .
 අනෙක් අතින් ඉගනීමට , රාජකාරියට නොරට ගොස් විශ්ව ගම්මාන සස්කෘතියක අතරමන් වී  ඒ තුල අපේ කම හොයා ගන්න  .  ඇස් දෙක වගේ එය රැක  ගන්න යත්න දරන අපි .

මේ halloween ලෙඩේ (?) කොළඹත් පැතිරෙන  බවක් මුහුණු පොතෙන් පෙනෙන්නේ . 







10 comments:

  1. //හා හා මරුවට තියෙයි ඔය බඩයි හීනි කකුලුයි එක්ක , සුපර් මෑ න් නෙමෙයි ඉඳියි නිකන් ගජ මෑන් වගේ //

    මෙන්න නියම ගැහැනියක්!!! :D

    ReplyDelete
    Replies
    1. ඇයි පොකු එහෙම කිව්වේ?.
      කල් යනකොට ඒ වගේ කතා බිරියන් කියන්න ගන්නවා.
      එහෙම කියන්නේ ආදරයට බව දත් සැමියන් එවා ඉවසා දරාගන්න පුරුදු වෙනවා.
      බොරු නම් බලන්න

      Delete
  2. දැනට අවුරුදු 20 කට කලින් ලන්කාවෙ වැලන්ටයින් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැ.අද වෙනකොට?.මෙවත් එවගෙ මල විකාර

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙත් ඔය තැන.ඒත්... කොලඹින් පැතිරුනු වැලන්ටයින් අද අපේ ඇඳුම් ඇඳගෙන ගම්වලට ..අඩුම ගනනේ අනුරපුරයට ගාල්ලට හලාවතට ගිහින් නැද්ද?

      Delete
  3. හෙලුවෙන් උන්මාදය තාම දැන් තියෙන්නෙ.

    අද බීච් පාර්ටි එකක් තියෙනව කියලත් බුකියේ ඉවෙන්ට් එකකට ඉන්වයිට් කොරල තිබ්බෙ :)

    ReplyDelete
    Replies
    1. ඇඳන් යන්න රතූ එකක් ගත්තද? නැත්නම් සුදු නැශනල් එකක් ඇඳන් හොරෙක් වගේ යන්න පුලුවන්

      Delete

  4. වැලන්ටයින්, හැලොවීන් ඕව නැත්නම් ඉහල සමාජයෙන් කොන් වෙනව නේද? වැලන්ටයින් එකට නෝනට, කෙල්ලට තැගි අරන් දෙන එක දැන් සාමාන්ය දෙයක් වෙලා ඉවරනෙ. කවුරුත් කරන්නන් වාලෙ කරන දේවල් ටික කාලෙකදි සමාජ සම්මත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිල් පොශ් නැත්නම් වැඩක් නෑ. කොච්චර හිනා උනත් යම් යම් පමනින් මෙය අපි බොහෝ දෙනෙකුගේ ජීවිත වල ඛේදවාචකය

      Delete
  5. හැලෝවීන් සැමරුමේ උපත සහ නිමිත්ත බැලුවොත් තේරේවී ලංකාවේ විතරත් නොවෙයි බොහෙමයක් රටවල තියෙන වෙස් මුහුණු හැඳදිලා තියෙන්නේත් ඒ වගේ තේරුමක් ඇතිව බව.

    ReplyDelete
  6. කකා ඒ වුනාට Halloween වගෙ නෙමෙයි තොවිල් පවිල් හරි ගොඩේ යල් පැන ගිය සංකල්ප අප්පා

    ReplyDelete

Have commented