12 November 2013

සතියේ නාට්‍යය // now showing


පිස්සෙක් වගේ වේදිකා නාට්‍ය බලපු කාලයක් තිබ්බා , ගැටවර කාලේ . හැබැයි දැන් නම් නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ  . ඒ දවස් වල ඉරිදා පත්තරේ නාට්‍යය දැන්වීම් බලලා  තීරණය කරනවා අතේ තියෙන ගානට අනුව මොනවද බලන්නේ කියලා .

කාලේකට  පස්සේ එහෙම නාට්‍ය දැන්වීම් පිටුවක් පහුගිය දාක මා ඇස ගැටුනා .
සමහර පරණ නාට්‍යය තාම පෙන්වනවා . ඒ අස්සෙන් අලුත් ඒවත් එකතු වෙලා


සතියේ නාට්‍ය 


බල්ලොත් එක්ක බෑ 

කොළඹ කටුනායක නව අධිවේගී මාර්ග අධීක්ෂණ සේවයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස

ජාඇල  , පෑලියගොඩ , කටුනායක වේදිකා රැසක




සිංහබාහු 
" ගල් ලෙන බිඳලා , ලෙන් දොර හැරලා "
" ඇයි  සුදු දුවනියේ නුඹවත් නොසිටියේ ?"

විදෙස් සංක්‍රමණිකයන්ගේ සංගමයේ සාදර අනුග්‍රහයෙන්



නෙයිනගේ සූදුව 
"අතින් පයින් නෙමෙයි ඔන්න කාණු  හතයි පිස්තෝලේට ...."

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ සුභසාධක සංගමයට ආධාර පිණිස  D R  විජේවර්ධන මාවතේ දී 




වසර ගණනාවක් තිස්සේ නොකඩවා පෙන්වූ ඇති සාර්ථක නාට්‍ය නිෂ්පාදනය 
නුඹට පුතේ මගක් නැතේ ...
(අවාසනාවකට සත්‍ය කතාවක් )

රට පුරා ගමින් ගම පාසැල්  වේදිකා වල


තොත්ත බබාලා 
ශ්‍රී ලංකා පොලිසියට ආධාර පිණිස


නරි බුරති 
(ඒත්  කඳු පාත් වෙයිද ආයුබෝවන් ?)

බස්නාහිර පළාත් සභාවට ආධාර පිණිස , රතු පස්වල ප්‍රජා ශාලාවේදී

.



හුණු වටයේ කතාව 
උතුරේ ජන සංවර්ධනය සඳහා  වූ පදනමට ආධාර පිණිස , සර්ව පාක්ෂික දේශපාලන සංවිධානයේ සාදර අනුග්‍රහයෙන් යාපනය ප්‍රජා  ශාලාවේදී


මාමයි බෑණයි  (නව නිෂ්පාදනය )

ග්‍රීන් පීස් පදනමට ආධාර පිණිස කෝට්ටේ සිරි කොත්තු ශාලාවේදී



යුගයේ ඇති සාර්ථකම චරිත නිරුපණය. දෙවරක් පිට පිටම හොඳම නළුවා 

කැප්ටන් කූල් 

ඕලු පොකුණේ දී



දර්ශන වෙන්කර ගැනීම් සහ සියළු  විමසුම් සඳහා  
ඩුඩ්  සිරිමල් 
0777 123456


පලි  : තාම  දර්ශන වෙන්කර ගැනීම් අර සිරිමල් ලමයම තමයි ....


17 comments:

  1. කාලීන නාට්‍ය.
    ඔක්කොම හොඳයි, අර සිරිමල් ඩූඩ්ටත් මගේම ෆෝන් නම්බර් එක එහෙමෙහෙ කරලා දීපු එක තමයි වැ‍රැද්ද. මතකද අර යාලදි ඇක්සිඩන්ට් එකක් වෙලා ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙකුට මම දීපු නම්බර් එක.

    ReplyDelete
    Replies
    1. අර කොලම්බ ආපුවහම කෝල් කරන්නම් කිව්ව මනුස්සයා නේද

      මෙයත් ඩුඩ් නේ ... නෑයෙක්වත්ද? :)

      Delete
  2. කස්ටිය තමන්ටම අදාල නාට්‍යය තෝරාගෙන තියෙනවා...:-)
    තොත්ත බබාලා
    "ශ්‍රී ලංකා පොලිසියට ආධාර පිණිස"

    බල්ලොත් එක්ක බෑ
    "කොළඹ කටුනායක නව අධිවේගී මාර්ග අධීක්ෂණ සේවයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස"


    ReplyDelete
    Replies
    1. ඒ උනාට හොඳම නලුවා දිගටම කැප්ටන් කූල්

      Delete
  3. තව පට්ට නාට්ටියක් මිස් වෙලා... හොරුත් සමග හෙළුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්...කාගේ අනුග්‍රහයෙන්ද පෙන්වන්නේ?

      Delete
    2. ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන්....මැදමූලන වලව්වට ආධාර පිනිස.....

      Delete
    3. ශ්‍රී ලන්කා රගර් සන්ගමයේ අනුග්‍රහයෙන් පුත්‍රසමාගමත් පෙන්නනවලු

      Delete
    4. ඒක නං සතියට දෙතුන් දවසක් පෙන්නුවට නරක නෑ... හි හි

      Delete
    5. මම හිතුවා මදි නොකියන්න එය පෙන්වනවා කියලා

      Delete
  4. මරු මරු අන්තිමට තල මල පිපිලා රට වැසියන්ට

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද

      Delete
  5. JP මොකද මේ දවස්වල නාට්ටිය පෙන්නන්නේ? :D

    ReplyDelete
    Replies
    1. අපි සියල්ලෝම නලුවෝ වෙමු , කියලා කෙනෙක් කිව්වා

      Delete
  6. කාලෙකට කලින් මං බලපු එකක්

    මෙතනින් මාරුවෙනු!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.
      මාරු උනාට හිත එතනද කොහෙද තාම.

      ඒකේ නේද "වීර විකුම් පෑ ජෙනරාල් වැලන්ටයින් උතුමානෙනි" සින්දුව තියෙන්නේ

      Delete
    2. මෙතනින් මාරුවෙනු ඩී.එම්.උපාලිගේ නාට්‍යයක්.......ඕකෙන්ද කොහෙද මහාචාර්ය පනාපුත්‍ර දොරට වැඩියේ. හැබැයි ඌ නම් ගානට මාරුවෙලා.

      Delete

Have commented