07 January 2014

ගැරඬි උපවාසය

චන්දරේ වැඩ ඇරී ගෙදර එනවිට , ගෙදර මහා කලබලයකි .
ඔහුගේ බිරිඳ ලීලා ද පොඩි උන් දෙදෙනාද , උන්ගේ ආතම්මාද පමණක් නොව ගෙදර සුරතලයට ඇතිකරන බූලා ද කඩුල්ල ගාවට විත් සිටියෝය .

"මොකෝ මේ අද පඩි දවස නෙමෙයි නේ . වැරදුනාද ? " චන්දරේ නොක්කලයකට කිවේය 
"න් න්  නයෙක් " ලීලා  ගෙය දෙසට අත  දිගු කළාය .
"තාත්තේ මෙච්චර දිග " පොඩි එකා ඇති දිග හැර තරම පෙන්නුවේය 
"මොකෙක්"
"නයෙක් ඇවිත් ඕයි  . ගේ ඇතුලේ "
"කොහොමද දන්නේ නයෙක් කියලා. ප යන්න දැක්කද "
"අනේ මේ මගෙන් මුකුත් අහ ගන්න එපා . ඌ කාමරේ . ගිහින් ඌව එලවනවා . නැත්නම් අපිට ගේ ඇතුලට යන්න වෙන්නේ නෑ  " ලිලා පෙනේ පිප්පුවාය 

චන්දරේ හිමින් හිමින් කිට්ටු කර , කාමරේ දොරේ අගුල හිමින් හැරියේය . සර්පයා දරන ගසා ගෙන ඇඳ  උඩය .

"නයින්ට ගහන්න හොඳ නෑ  . උන්ට බැගෑපත්ව  කියන්න ඕනේ " ඔහුට ලොකු අත්තා කියූ කතාවක් සිහිවිය 

" අනේ නයි හාමි , අපි අසරණ මිනිස්සු , අපිට කරදර  නොකර කරුණාකරලා මෙතනින් යන්නකෝ " ඔහු බයාදු ස්වරයෙන් කියුවේය ..

"හාහ් හාහ් හෝ හෝ . " එක වරම මහා සිනහවක් නැගුනි 
"තමුසෙට ලජ්ජා නැත්ද ඕයි  . පිරිමියෙක් නේද " සර්පයා කතා කළේය 
" ක ක කතා කො  කො "
"ඔව් ඔව් ක ක කො  කො  , කතා කොරනවා තමයි . ඔව් මට සිංහල පුළුවන් . අනික මම නයෙක් නෙමෙයි ලොක්කා . ගැරඬියෙක් . ඒ වුනාට අපි මුචලින්ද ගේ පරම්පරාවේ ."

"කොහෙද අප්පේ මුචලින්ද ගේ පරම්පරාවේ ගැරඬි . ඒවයින් වැඩක් නෑ  මොකෝ මේ ඔහේ අපේ ඇඳ  උඩ ?"

"මට ඉල්ලීම් වගයක් තියෙනවා . ඒවට  සාධාරණ විසඳුම් ලැබෙනකන් මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ "
*******************************************************************************

රෑ  බෝ වනවිට නිවෙස අසල්වැසියන්ගෙන් පිරෙන්නට විය . කතා කරනා සර්පයා බැලීමට ආ පිරිස ඌ වට කරගෙන වළල්ලක් සැදී සිටිති . සරුපයා නො හෙල්ලුම්ය .

"චන්දරේ අයියා බය වෙන්න එපා . මම මේ ප්‍රශ්නේ විසඳන්න විදියක් දන්නවා . දැම්මම දාන්නම් කෝල් එකක් ". නිමල් දුරකතනයේ නොම්බර එබිය .

විනාඩි පහළොවක් ගත විය . නිමල්  නයිටියක් ඇඳ  ගත්  නෝනා කෙනෙක් සමග ගෙතුලට ආවේය 

"මම කතා කරලා බලන්නද මිස්ට සර්පයාට " ඇය  ඇසු  පමාවෙන් පිම්බේ සර්පයා නොව ලීලා ය .
"නෝනා මේ ඔයා ඔයාගේ  වැඩක් බලාගන්න . අපි අපේ සර්පයා එලවගන්නම් "

 "අපි මෙහෙම කේස්  ද බෙන්තර ඇල්පිටියේ කරලා තියෙන්නේ . නයිටි ඇඳන් ඇවිත් , ජනතා සේවය කරන්නේ . රෑ  කතා කරලා උදේ පාලම් හැදෙව්වේ "  කියමින් ඈ  යන්නට ගියාය 

"කව්ද බන් උඹ ගෙනෙන කට්ටිය " චන්දරේ නිමල් දෙස බැලීය  . නිමල හිස කසමින් අහිංසක ලෙස සිනාසුනේය 

"හරි හරි එහෙනම් තව කෙනෙක් ඉන්නවා . අපේ සිරි අයියා . කෙලින්ම විරහ ගීත කියලා ගැරඬි එලවන්නේ . උන්ට දුක හිතිලම යන්න යනවා ."

චන්දරේ හොරෙන් ලීලා දෙස බැලීය . ලීලා දත්මිටි කෑවේය .

"නෑ  නෑ  එයා  ඕනේ නෑ  ."

"එහෙනම් ඉන්නවා අපේ දුරින් නෑ  වෙන කෙනෙක් . බදුරලිය පැත්තේ . මිනිහා ෂර්ට් ගලවාගෙන මාරාන්තික උපවාසයක් කරයි . සරුපයට නෝ  සෙකන්ඩ් . සරුපයා  සරෙන්ඩර් . මොකෝ කියන්නේ "

"අපෝ අපෝ එපා . ඊට පස්සේ ඌව ඇඳෙන් එලවන්න බැරි වෙනවා "

"එකත් ඇත්ත . හරි එහෙනම් දෙන්නම්  හරිම ඉන්ජෙක්ෂන් එක ලෙඩේට දැන්මම දෙන්නම් කෝල් ඒක "

"කව්ද බන් ඒ සැරේ "

"ආපුවහම බලන්නකෝ "


මේ ගැලවුම් කරුවා එනතුරු සියල්ලෝ බලා  සිටින්නට විය . මේ අතරතුරේ ඉස්සරහ ගෙදර නන්දා කොපි හදාගෙන විත් බෙදුවාය. ඇල්බට් මුදලාලි බිස්කට් බෙදුවේය . කොල්ලෝ ඒවා පුස් කාලා යයි කියුහ . මුදලාලි රැවුවේය . රුපවාහිනී කණ්ඩායමක් ඇවිත් කැමරා  මාන ගෙන , සරුපයාව ඉන්ටවිව් කරන්නට තැනුවෝය  .

සරුපයා  තවම නෝ  හෙල්ලුම්ය 
*******************************************************************


රෑ  දොළහට විතර , කළුවර ඉරාගෙන යන බ්රේක් පහරක් ගසමින් වාහනයක් මිදුලේ නතර විය . මිදුල පිරෙන්නට කළුම කළු මොන්ටෙරෝ රාජයෙකි 

එහි දොරක් හැරගෙන , කඩවසම් සිරුටම කිටි කිටියේ තදවුණු ටී  ෂර්ට් එකක් ඇදගත් ඉලන්දාරියෙක් ගෙදරට ගොඩවිය . ඔහු වම් කනෙන් ඇරඹුණු සිනහව දකුණු කන ළඟටම පැතිරුණි .

"නුවර ඉඳන් එන ගමන්  . එහෙත් කට්ටියක් වහලයක් උඩ  නැග  ගෙන බහින්න බෑ  කිව්වා . ඒක  විසඳලා ආවේ "  ඔහු ළඟ සිටි පැටික්කියකගේ හිස අත  ගෑවේය . ඉන් පසු ඇගේ  මව දෙස බලා ලජ්ජාවෙන් සිනාසුනේය .

සෙනඟ අස්සෙන් නිමල් ඉදිරියට ආවේය "බේබි බෝගම්බර නේද ? කොහොමද ඒ කෙස් එක විසඳුවේ ?"

"මම කිව්වා හිර බත් කාලා  සමාදානව හිටියේ නැත්නම් . නිදහස් කරලා රජයේ රස්සාවකට දානවා කියලා මාසේ පඩියෙන් කන්න .... හරි කෝ මේ හාදයා "

"එන්න බේබි මේ කාමරේ ඉන්නේ ."

"ආ ගැරඬි හාමි මොකෝ මේ "

"මගේ ඉල්ලීම් වලට සහනයක් ඕනේ "

"කාගෙන්ද "

"ලොක්කා . මේ ලංකාවේ ඕන ප්‍රශ්නයක් විසදන්න පුළුවන් එක්කෙනයි නේ ඉන්නේ ආයුබෝවන් "

"හරි පොඩ්ඩක් ඉන්න" (ඔහු දුරකථන ඇමතුමක් ගත්තේය)

"හරි ඔක්කොම හරි . එතුමා කියනවා ඔබේ ඉල්ලීම් සියල්ලම සලකා බලන එක ගැන සලකා බලන්න සලකා බලන්නම් කියලා "

එහෙනම් ඉතින් හරි . මගේ ඉල්ලීම් වලට නිසි විසඳුමක් ලැබුන . කෝ ඔය කැමරා  මල්ලි මෙහෙ එන්න . මම මගේ උපවාසය මෙතකින් නිමා කරනවා . නමුත් නැවතත් අවශ්‍ය උනොත් ඕනෑම  විටක පෙළ ගැහෙන් ...

ඉලන්දාරියා උගුර රැල් බුරුල් කළේය 

"නෑ  නෑ  මගේ කතාව මින් අවසානයි අසා  සිටි ඔබ සැමට ස්තුතියි "

ගැරඬි යා හිමින් සැරේ එලියට ඇදී  ගියේය



 පලි : මෙය උදක්ම මනකල්පිත සිද්ධියක් බවත් . ගැරඬියා හැරුණු කොට මෙහි එන සියලු චරිත සියල්ල මනකල්පිත චරිත බවත් කරුණාවෙන් සළකන්න  

20 comments:

  1. හුටා! එතකොට ගැරඬියා ඇත්තම ඇත්ත! ගැරඬිත් නොදන්න මගුලක් නෑති හැටි.

    ReplyDelete
    Replies
    1. අත් පය නැති උනාට උපවාස !

      Delete
  2. පංකාදු පහයි..

    ReplyDelete
  3. අපේ බාප්පාගේ හිතවත් ගැරඬි දෙතුන් දෙනෙක් ඔතැනට දාලා උං උං වලිග පටලා ගත්තාම ෂට පට ගාලා ගැරඬි ප්‍රශ්නය විසඳන්න තිබුනානේ!

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ අමතක වෙන්න එකෙක් මහ රෑ බාල්දියක් අරන් නාන්නත් ලෑස්ති උනාලූ

      Delete
  4. මුචලින්ද පරම්පරාවේ ගැරඬියෙක් ගැන ඇහුවමයි.
    ගැරඬිත් උපවාස කරන කාලෙකුත් යයිනේ මෙහෙම යනකොට. :)

    ReplyDelete
    Replies
    1. කලියුග කාලේනේ

      Delete
  5. GARADIYATA, ANDAUDA, CHOO, PADA, JEE EHEMA GIYADA DANNAWADA?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ ආයුබෝවන්

      Delete
  6. එතකොට ගැරඬියා ( සහ බෝගම්බර) බහු ජාතික, හලාල්, අදිරාජ්යවාදී, දේශ ද්‍රොහී, රට පාවාදෙන, දේශීය සන්ස්කෘතිය සහ නිර්මල බුදු දහම විනාශ කරන, රනවිරුවන්ට අපහාස කරන, ජාතික නායකත්වය විදුලි පුටුවට දක්කන බටහිර කුමන්ත්‍රණවල කොටස් කරුවන් නෙමේද?

    ReplyDelete
    Replies
    1. නෑ කට්ටිය නොමග ගිය තරුනයන් පිරිසක්. වයස 60 , 70 උනත්

      Delete
  7. වැඩේ නැගල යනවා බං.. අකුරු පොඩ්ඩක් ලොකු කරල ලියපං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඊලඟ පෝස්ට් එක පොල් ගෙඩි අකුරෙන්. විහිලුවට කිව්වේ

      Delete
  8. සිරා කතාව..උඹේ පරිකල්පන මෙව්ව එකනම් මරු බං

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කොච්චර බෙහෙත් ගත්තත් තාම හොඳ උනේ නෑ. ප‍රිකල්පන ලෙඩේ මම කිව්වේ.

      විහිලු පැත්තක .. ස්තුතියි

      Delete
  9. මොනා වුනත් කතාවේ හොද රසවින්දනයක් තියෙනවා.. ඒක මරු..

    ReplyDelete
  10. වැඩක් නැහැ කියලා. ටොපේ ටොප්.

    මම හිතුවා මිල්කෝ එකට වගේ බොකු බල කට්ටියත් ගැරඬියා බලන්න එයි කියලා. ලීලාට කියපන් ඕකුන් ආවොත් නම් කැපිටල් පයන්නෙන් පෙනේ පුප්පන්න කියලා.

    ReplyDelete
    Replies
    1. නානසාර උන්නාන්සේත් එනවා. ඇත්තටම ඒ ගොල්ලෝ ගැරඬි එක්ක තමා වලි.

      තව පොඩ්ඩෙන් අර නිහඬ සේවය කරන නදීෂා ත් එනවා

      Delete

Have commented