11 January 2014

හැම දෙයකම හේතුවක් ඇත // Reason happens in everything

පෙරවදන 
ඇයි  දෙයියනේ මෙහෙම වෙන්නේ ? කියලා හිතුන වෙලාවට , 
ඇය  (බොහෝවිට) මා ලඟින් ඉඳගෙන කියනවා " Everything happens for a reason ,හැම දෙයක් ම වෙන්නේ හොඳටයි"  (හැම දෙයක්ම වීමට හේතුවක් ඇත) කියලා . ......ඒ ඇගේ  විශ්වාසයට අනුව .

ඒත්  . විටෙක මට හිතෙනවා , හැම දෙයක්ම වීමට හේතුවක් තියෙනවද නැත්නම් , වෙන හැම දෙයකම හේතුවක් දකිනවද කියලා . ( Seeing a reason in everything that happens )

මේ පෙරවදන යටින් තියෙන කතා වලට සම්බන්ධද නැත් ද කියලා මට හරියටම sure  නෑ  .
කියවලාම බලන්නකෝ 


තෝරා  ගැනීමේ බලය  / right to choose   

මේක ප්‍රරික්ෂණ වාර්තාවක් . හැබැයි ඇත්තටම කෙරුනද නැත්ද කියලා මම නොදනිමි . (Daniel Pinkගේ පොතක ඔහු මෙය දක්වලා තිබ්බා .)

පෙට්ටි දෙකක බල්ලෝ දෙන්නෙක් දානවා . උන්ට විටෙන් විට විදුලි සැරයක් වැදෙන්නට සලස්වනවා . එක පෙට්ටියක ( පෙට්ටිය A )  පොඩි ස්විච් එකක් තියෙනවා . එකේ ඉන්න බල්ලා  හොම්බෙන් එකට ඇන්නම  ඒ වදින විදුලි සැරය පෙට්ටි දෙකේම   නවතිනවා .

බල්ලෝ දෙන්නටම වදින්නේ එක විදුලි සැරය,  එකම කාලාන්තරයකට . දැනෙන්නේ එකම වේදනාව , එකම කම්පනය .
නමුත් එක බල්ලෙක් හිතනවා (පෙට්ටිය A ) ඌට එය පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා . අනෙකාට  එහෙම පාලනය කිරීමේ හැකියාවක් නෑ  . ටික කාලයක යනකොට B  පෙට්ටියේ බල්ලා  , A  පෙට්ටියේ ඉන්න බල්ලාට වඩා    සෑහෙන්න  ආතතියකට , මානසික අවපාතයකට ලක්වෙනවා .

ඒත්  . උන් දෙන්නටම වැඩෙන්නේ එකම විදුලි සැරය  දිගටම ....උන් දෙන්නටම විදුලි සැරය  වැදීම වැළක්වීමේ හැකියාවක් නෑ  . තියෙන්නේ මදකට එය නැවැත්වීමේ හැකියාවක් විතරයි

පලි: මෙහෙම ස්‌විච් අපේ ජීවීත  වල කොච්චර නම් තියෙනවද


The way to name the tallest tower //  නම් තැබීමේ ක්‍රමෝපාය

Burj Khalifa is the tallest building in the world . (The one that Tom Cruise climbed in MI 3. ) It is built in Dubai . The Sheik Maktoum of Dubai wanted the tallest building in the world (there's a theory about men  and their need to have the biggest . But that is a a different story ). He spent  1.5bn dollars and built it . But he did not name it after him .... He named it after Sheik Khalifa the Sheik of Abhdhabi . Ofcourse many reasons were given . But

When the clouds gather above Dubai . and when clouds are filled with lighting . Lightning strikes the talles manmade structure . And hits the tower that is named after Sheik Khalifa .

Burj Khalifa ලෝකයේ උසම ගොඩ නැගිල්ල . ඩොලර් බිලියන 1.5ක් වියදම් කර , උසම බිල්ඩිම හැදු ඩුබායි රටේ ශීක්  මක්ටුම් දැම්මේ නෑ  ඊට ඔහුගේ නම (ඔන්න එකමත් එක රටක නම් ඉස්කෝලේ, ගුවන් තොටුපොළේ , රඟහලේ ඉඳන් පොදු වැසිකිලියට යනකන්  දාන්නේ රටේ නායකයාගේ නම )... 
ඔහු දැම්මා අල්ලපු රටේ ශීක් ගේ නම .... විවිධ හේතු දුන්නා , ඒ හේතුන් වලට බොහෝ අයෙක් ගේ පැසසුම් ලැබුනා .

නමුත් ...දැන් ....තව වැඩක් වෙලා ...ඩුබායි රටට උඩින් අහසේ   වලාකුළු පිරුනහම , ඒවායේ පිරෙන විදුලිය  හෙන ගහනවා ..හෙන පහර වදින්නේ උසම තැනට .

Sheik Khalifa ගේ නම  තැබුණු  කුළුණට  . ඔන්න නම් තියෙන ක්‍රමය 



අපි නොදන්න කොලිටි ඉම්පෘව්මන්ට්  

මෙහෙම හිතන්න.
Restaurant එකක් තියෙනවා  . කෑම  ඉස්තරම් (තරු පහයි ). හැබැයි වතුර බහින කානුව සුද්ද කරලා නෑ  ඉතින් මුළු Restaurant  එක පුරා වටම කානු ගඳ පැතිරෙනවා .
ඉතින් මෙහි ගුණාත්මක බව වැඩිකිරීමට කල යුත්තේ . ඇතුලත අලංකරණය , කෑම  ගුණාත්මක බාවය වැඩිකිරීම වගේ දේවල් නෙමෙයි , කානුව සුද්ද කිරීම 

මේ මැතිවරණ කතා ආපුවහම . නාමයෝජනා දෙන කට්ටිය ගැන ඇහුණාම විටෙක කියවෙන්නේ , ඉන්න එවුන්ගේ හැටියට  මේ අය  එකතු වුනාට තව කොහේ නරක වෙන්නද කියලා . අනික ජිවන වියදම ගැන අපි කොච්චර කතා කරත් , ගොඩක් වෙලාවට සංවර්ධනය මනින්නේ හයිවේ වලින් නේ 





10 comments:

  1. Restaurant එකක් තියෙනවා . කෑම ඉස්තරම් (තරු පහයි ). හැබැයි වතුර බහින කානුව සුද්ද කරලා නෑ ඉතින් මුළු Restaurant එක පුරා වටම කානු ගඳ පැතිරෙනවා .
    ඉතින් මෙහි ගුණාත්මක බව වැඩිකිරීමට කල යුත්තේ . ඇතුලත අලංකරණය , කෑම ගුණාත්මක බාවය වැඩිකිරීම වගේ දේවල් නෙමෙයි , කානුව සුද්ද කිරීම

    මේක මේ බ්ලොග් වලටත් ආදේශ කරන්න පුළුවන් කියලයි මට හිතුනේ.....!!!!!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට විතරක් නෙමෙයි ගොඩක් දේවලට ජිවිතේ නේ.

      ඔන්න බ්ලොග් ගැන නම් ඔන්න මම නෙමෙයි බූ බ තමයි කිව්වේ :)

      Delete
    2. දැන් මාව දඬුකඳේ ගහයි නේද... අම්මෝ අපි බයයි ත්‍රස්තවාදෙට.... ඔන්න මම ඉල්ලා අස්කරගත්තා.
      ;)

      Delete
    3. හාහාහා

      බයයි නේ :):)

      Delete
  2. මේවා තේරුම් නොගන්න එකනේ කරුමේ.....

    හෙට අනිද්දා වෙනකොට ඔය එක එකාගේ නමින් ගබ්සා ආයතන, ගණිකා මඩම් වගේ තැනුත් එයි. සුභ අනාගතයක්!!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙයි තමයි මේ යන විදියට

      Delete
  3. ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ ? කියල මටත් අනන්තවත් හිතිලා තියෙනවා. ඒ උනාට හැමදේම වෙන්නෙ හොඳටයි කියන කතාව නම් මම විශ්වාස කරන්නෙ නෑ. හැමදෙයක්ම වෙන්න හේතුවක් තියෙනවා වෙන්න පුලුවන් උනත්, ඒ හේතුව මොකක්ද කියල හිතාගන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා..

    තෝරා ගැනීමේ බලය කියන මාතෘකාවෙන් තියෙන කතාව නම් අපේ ජීවිත වලට කෙලින්ම ආදේශ කරගන්න පුලුවන් නේද කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක් වෙන්න හේතුවක්ද නැත්නම් වෙන හැම දෙයකම අපි හේතුවක් දකිනවද මන්දා

      Delete
  4. සහතික ඇත්ත. හ්ම්ම් හිතන්නයි කරන්නයි ගොඩක් දෙවල් තියෙද්දි මිනිස්සු කියන්නේම කවුරු හරි පටන් ගන්න ඕනේ කියලා මිසක් පටන්ගන්න කාගෙවත් අදහසක් නෑ. වැල යන අතට මැස්ස ගැසිම සහ ඇඟ බෙරා ගැනිමේ ආර්ට් එක.

    ReplyDelete
    Replies
    1. වැරදි‍ය හැක්කේ පටන් ගත්තොත් නේ. පටන් නොගත්තොත් වැරදෙන්නේ නෑ. :)

      Delete

Have commented