24 January 2014

හොඳම රැවුල්කාර විහිළුකාරයෝ // Top 5 comedians with facial hair of Sri Lanka

හැම දෙකටම ලිස්ට් තියෙන හින්දා  ඔන්න මමත් හැදුව ලිස්ට් එකක් . ලංකාවේ හොඳම රැවුල තියෙන විකට ශිල්පින් පස් දෙනා .
විහිලු කාරයෝ කිව්වට මේ ගොල්ලෝ විනෝදාස්වාදය සපයන අය  . හැබැයි විකට ශිල්පය තමයි ප්‍රධාන අවි ය.
එහෙනම්  පටන් ගමු ලැයිස්තුව

අංක 5- ජොලි සීයා
බොරු රැවුලක් හා කොණ්ඩයක්  දා ගත්  ගායකයෙකි . ඔහුටම ආවේනික හඩින් ගී ගයයි . ගීතයට ප්‍රථමව දෙපිට කැපෙන මොනවා හරි කියා , ඉන් පසු ඔය මොකක් හරි එළවලු ලිස්ට් එකක් සික්ස් එයිට් රිදම් එකට කියයි . බාගෙට ඇඳගත් කෙල්ලෝ ටිකක් වටේට නටති , ඒ උන්ගේම රිදම් එකටය . කොල්ලෝ ටික  වේදිකාව යටට වී නටති , ඒ උන්ගේම රිදම් එකටය .
සින්දුව මැදදී " ආ මල්ලිලා ගන්න අඹරලා  " වගේ වැකි කියන්නේය . ඒ නටන වෙලාවට  වම්බටු කිව්වත් හිනා යන නිසා , සංගීත සංදර්ශන වලින්  ඉල්ලීමක් ඇත .


අංක 4- ටෙනිසන් කුරේ |
මොහුත් වැඩිපුර භාවිතා කරන්නේ දෙපිට කැපෙන වචනය . කට ඇද  කර අමුතු ශබ්ද දමා ප්‍රේක්ෂකයන් පිනවන්නේය .  මිනිසුන් මොහුව දුටු විට හිනා වෙන්නේ සමහර වෙලාවට මොකදැයි හරිහැටි නොදනිත්

අංක 3- පොඩි ළමයා
බෙල්ල ගාවට සරමක් හා අත්  දිග කමිසයක්  හැඳ උඩු රැවුල පමණක් ඇති තට්ටයෙකි . මොහුගේ ගීත වල විහිළුවෙන් ඔබ්බට ගිය , හිතන්නට දෙයක් ඇත . කෙලින්ම නොකීවත් දේශපාලන දර්ශනයක් ඇත  . ආනන්ද භවන් එකෙන් තෝසේ  කා , දෙමළුන්ට බැනීම ගැන මතක් කරයි .ඔහු ඔබට හිතන්නට බල කරයි

අංක 2 - ජිප්සීස් සුනිල්
මොහුගේ බ්‍රෑන්ඩ් එක , ගෙඩි පිටින් ඇන්ටි - පොලිටික්ය . දේශපාලනය , දේශපාලකයන් නිසා තම වේල  සරි කර ගන්නේය . දේශපාලඥයන්ගේ දොස් එළිපිට කියයි , කියන්නට ගොස් ඇතැම් විට ගුටි කයි . ඒත්  ඉල්ලුම වැඩි වෙයි . අපේ හිත්වල තියෙන දේ වේදිකාවක් උඩ  මයික් එකකින් කියා ඔහු අපිව හිනස්සයි

අංක 1- (නම නම් කියන්න බැරිය   )
මනාව වැඩුණු උඩු  රැවුල , කරේ දමා ගත්  තුවාය මොහුගේ කොස්ටියුම් එකය . මොහු විහිලු කතා නොකියන්නේය . ඔහු ලියා දෙන විහිලු වෙන අය විසින් කියවන්නෝය .   කෙල්ලෝ රැලක් වටේට නටති . විහිළුවලට හිනා නොයන්නේ නම් වේදිකාවෙන් පහලට බැස විත් ප්‍රේක්ෂකයන්ගේ  බඩට ඇඟිල්ලෙන් සිනා ගස්සන්ට බලයි . ඇතැම්විට එසේ කරනවිට රිදෙන්නේය . එහෙමත් නැතිනම් කිතිකවයි . ඔබ හිනාවෙන විට ඔහුද සිනාසෙයි .
හිනා ගොස් බොහෝ වේලා ගිය විට ඔබ සිනාසුනේ ඔබටම යයි ඔබට අවබෝධ වේ . එතකොට ඔහු සිනාසුනේ කාටදැයි,  ඔබට පැනයක් මතුවේ .

ඔහුගේ මේ ඇති සුක්ෂම විකට රංගය හා එයට ඇති අඩු නොවන ජනප්‍රසාදය නිසා ඔහු අපේ ලයිස්තුවේ අංක 1 ලබා ගන්නේය  .

පලි : මෙය ලියන්නට හේතු වුවේ    CULT අඩවියේ වූ ලිපියකි

9 comments:

  1. අප හැමටත් උඩු රැවුල වවන්නට වේ යැයි මට 2009 මැද හරියේදී බියක් ඇතිවිය. තවම අනතුරක් නැත.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

    2. හැමෝටම එකම වාසගම? ඔන්න ජාතික ප්‍රශ්නයට විසදුම්

      Delete
  2. එයා තව දුරටත් නොම්මර එක බව පොලොන්නරුවේ පොඩි එකෙක් කියා තිබිනි..

    සුබ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. පොලොන්නරුවේ මාර මිනිස්සු ඉන්නේ. අනාවැකිකාරයෝ විරිදු කාරයෝ

      Delete
  3. තව කාලයක් පළවෙනි තැනම ඉදීවි..

    ReplyDelete
    Replies
    1. විහිලුවක් රැඳෙන්නේ එයට සිනහවෙන්නන් සිටින තාක් කල්ය (නේද?)

      Delete
  4. අරුන්ගේ විහිළු නම ස්ටේජ් එකෙන් බැහැලා ගියාම ඉවරය. මුගේ විහිළු නම් තව කාලයක් විඳින්නට වීම තරම් ලොකු විහිළුවක් තවත් නැත. ඉස්සර අඬපු සමහර එකියෝ දැන් මූ එක්ක හිනාවෙනවාය. මට ලැජ්ජයි ඕයි...

    ReplyDelete

Have commented