16 January 2014

අසන්නන්ගේ ඉල්ලීම් // You get what you ask for

අපිත් එක්ක අසන්නෙක් එකතු වෙනවා , හෙලෝ කවුද  මේ .  කතා කරන්නේ ?
(FM  නාලිකා වල නිවේදිකාවන්ටම ආවේනික සුකුමාල  හඬින්  ,  කන්කළු තාලයට ඇද  පැද  )


හෙලෝ ලෝ ලෝ ලෝ...., මේ මේ මේ මේ ..

ඔබේ ගුවන් විදුලියේ හඬ හොඳටම අඩු කරලා කතා කරන්න ප්ලීස් 

හෙලෝ , ඇහෙනවද ?

ඔව් දැන් හරි , කියන්න ඔබේ නම 

මගේ නම , අනේ මට මතක නෑනේ 

(දමින්ද දමින්ද  පසුබිමින් ඇසේ ...)

මගේ නම දමින්ද ලු 

හරි එහෙනම් කියන්න කාවද මේ ගීතය අහන්න එකතු කර ගන්නේ , මොකක්ද එයට කියන පණිවිඩය 

මම මේ පණිවිඩය කියන්නේ කොළොන්නාවේ සුදු නංගිට . නංගි  කොච්චර තරහ පෙන්නුවත් මම නංගිට මනාපයි . මම දන්නවා හිත යටින් නංගිත් එහෙමයි කියලා 

හානේ හරි ස්වීට් ...ඉතින් කාවද එකතු කර ගන්නේ සිංදුව  අහන්න 

ආ... එකතු කර ගන්නේ ...මැද  කොළඹ චන්ද දායකයින් සියලු දෙනා 

හරි එහෙනම් මෙන්න ඔබ ඉල්ලු ගීතය 


චින්  චීන් චීන්  න චින්  ...චින්  චීන් චීන්  න චින්...චින්  චින්  ....බුං 
ඩක  ඩක ඩක ...ඩක ඩක ඩක....ඩක ඩක ඩක...  චිකි බුං 

 ඩක  චිකි බුං //

පොඩි කාලේ කොළොන්නාවේ 
වැලි බත් උයාපු කෙල්ලේ 

පෙර කාලේ උසාවි ගානේ 
නහයෙන් අඬා  පු  කෙල්ලේ 

වැළලී ගියා අතීතේ 
කෝ දාපු සිංහ නාදේ 

හොඳනම් කලාට කම් නෑ 
උඹට මෙන් අපිටත් විලි ලජ්ජා නෑ  


රුචිරාණෙනි අහන්න 
අපිට මඩු වලිගෙන් තලන්න 

රුචිරාණෙනි අහන්න 
පත්වී අපිටම  කෙලින්න 

ඔබගේ මුවින්ම කීදේ 
ඇයි  ප්‍රියේ කඩ කෙරුවේ 

රුචිරාණෙනි අහන්න 
ලජ්ජා පැත්තකින් තියන්න 

රුචිරාණෙනි අහන්න 
පත්වී අපිටම  කෙලින්න 

( පොඩි කාලේ මරඳ වැල්ලේ ගීතයේ තාලයට , )

14 comments:

  1. අමුතුවෙන් සින්දු අහන්න මහන්සි වෙන්න ඕනේ නෑ මොනවද ඔට්ටු හෙට අනිද්දට දෙන්නම එකම ස්ටේජ් එකේ එකට සින්දු නොකියයි කියලා.

    අපි කොච්චර පුදුම උනත් මේවා දැක දැකත් අපේ එවුන් මුන්ට චන්දේ දෙන එකනේ ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද

      ඒකනේ කිව්වේ "උඹට වගේ අපිටත් විලි ලජ්ජා නෑ " කියලා

      Delete
  2. මෙය අමතකද?
    (07) සමනළයා සෙට් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – දුමින්ද සිල්වා ප්‍රේමය || Hirunika to wed Duminda Silva
    https://samanalaviplavaya.wordpress.com/2012/08/06/butterflyrevolution7/

    ReplyDelete
  3. අපිත් දෙමු චන්දෙ

    ReplyDelete
  4. දේශපාළණය කියන්නේ ඕනම රටක කිසිම ලැජ්ජාවක් බයක් නැති මිනිස්සු කොඨ්ඨාශයක් කරණා සෙල්ලමක්.

    චන්ද්‍රිකාට තමන්ගේ ස්වාමී පුරුෂයා මරපු උන් එක්ක දීග කන්න හොඳනම්.

    මේ දැරිවි මෙහෙම කලාම මක්කා වෙනවද..?

    අනික උඹ දන්නවද. ලංකාවේ නොම්ම්‍ර එකේ ලෝයර් කරයා කියපු දේ.. මූ චූදිතයා නෙමෙයිලු.. වින්දිතයලු.. හොඳ වෙලාවට භාරත මලේ.. නැත්නම් එල්ලුම් ගහෙයි මැරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. හැමෝම කුණු දානවානම් මහපාරේ අපි දැම්මම මොකද?

      වින්දිත !!

      Delete
  5. රිමෙක් එක මරු :පී

    ReplyDelete
  6. ඔය ලකීලාගේ දේශපාලනේ ඊළඟ පුරුකනේ. ලකීව අපි නොදන්නවැයි.
    රජ අන්කල්ලයි, මල් අයියලයි, හිරුලා, සඳුලා එක බෝට්ටුවේ බං. අපි කියමු හි*නිකාට එක පාර මරලා දාන්න කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් ඇත්තටම කරයි , අරූ.
      කෙල්ල තාම ඉස්කෝලේ යනවා , ඉතින් මම බයයි..

      Delete

Have commented