15 February 2014

කවිද මන්දා

මේවා කවි ද මන්දා . ඒත්  ඔහේ ලියවුන දේ .
කාටවත් විරුද්ධව නෙමෙයි , නිකන්ම හිතුන දේ .


පෙබරවාරි 5දා

කොඩි ගහෙන් බාලා
හතරට නවලා
අරන් තිබ්බා පැත්තකින්
සිංහ කොඩිය


නෙලුම් කුළුන (යෝජිත )

 හිස් වුනත් බන්ඩිය
උදේට ගහන කුඩාරම්
ලෝකෙටම පෙනෙන්න
පිරිමි කම


Out growing a belief

My daughter ...
she out grew the belief
when she was five
of the man in the red suit
who knew when you were good
 or bad

But in God
still believe
I


සතුටේ පිරිවැය

කිරි පිටි
හාල් මැස්සෝ
පරිප්පු
මිල වැඩිවුනත්

බලව් සබඳ
සතුටේ පිරිවැය එතැනම

මැක් ඩොනල්ඩුවේ
හැපී මීල් එකක්ම කීයද ?
හිල්ටන් පබ්  එකේ
හැපී අවර් එකම තුන් දාහයි
පොඩි රුපියල්

හරි හරි
එහෙම නැතිනම්
ධර්ම රාජ්‍යයක් හදන්නම වියදම
පින්වත
හන්ඩ්‍රඩ්  බක්ස්‌




4 comments:

  1. වැරදී මෙමට..
    නෙළුම් පොකුණ නම..
    දැමීමි රඟහලට...
    දාලා එනම...
    ගල බිඳපු තොටුපොළට...
    ඇදලා මලක්..
    එන්න පදින්නට...
    හංස බෝට්ටු...

    එතකොට
    ධර්ම රාජ්‍යයේ බොල් ණය....??
    ----බලධාරියා විසින් කපා හරින ලදී---

    ReplyDelete
    Replies
    1. දෙවැනි එකනම් මරේම මරුය. මෙන්න ගැහුවා විසිල් එකක්, බල්ටියකුත් ගහලා

      Delete
  2. අනේ ඉතින් අර කූඩාරම ගහන්නේ හිතලමතලා නෙමෙයිනේ....

    ReplyDelete

Have commented