අපි කතා අහන්න , කියවන්න කොච්චර කැමතිද ?
හැම කතාවක්ම දිවෙන්නේ කාල රාමුවක් ඇතුලෙනේ . නිශ්චිත කාල පරාසයක . "එකමත එක රටෙක " නැත්නම් Once upon a time කියලා පටන් ගෙන " ඔවුහු සැපසේ දිවි ගෙවුහ " ( They lived happily everafter ) කියලා ඉවර වෙනවා . හැබැයි කතාවට පාදක වෙන කාලයට ඔබ්බෙන් ඒ ජීවිත විහිදෙන්නේ නැත්ද ? බෞද්ධ සම්ප්‍රදාය අනුව ගත්තොත් ආත්ම ගණනාවක් ඈතට විහිදෙන .
කතාවේ කාල රාමුව තුල සිද්ධි දාමයට , ඉන් පිටත පුරුක් වල සම්බන්ධයක් නැත්ද . ඒවා අමතක කර , කතාව පමණක් කියවිය හැකිද ? කතාවක් තුල විහිදෙන දුක්ඛ දෝමනස්ස කතාවේ අවසාන සමග නිමවේද ? කතාවේ රාමුවෙන් පිටතට නොඋනයිද ?
කොහොමත් බොහෝ කතන්දර තියෙන්නේ අපි කියවපු , අහපු දේට ඔබ්බෙන්. ඒවා , අපේ හිත්වල ලියවෙන්නේ අපේ හිස් කුහර වල පිරිච්ච අමුද්‍රව්‍ය වලින්.
ඉතින් මට හිතුනා ලියන්න , මුලක් නැතිව , අගක් නැතිව , මැදක් පමණක් ඇති කතා . දිගුම දිගු කතාවල පුංචි කොටස් .
මම සාහිත්‍ය හදාරා නැති බැවින් , මේවාට කියන නමක් නොදනිමි . ඉදින් මා කියන්නම් මේවාට "මැද කතා " කියා .
මේවා ඉඳ හිට පල වේවි , මෙහි , "මැද කතා" ලේබලය යටතේ .
කියවා දිගට කතාව ලියන්න වෙන්නේ ඔබට , ඔබේ මනසේ . අර පොඩ්ඩි ගේ කාල තරණ ලිපිය වගේ , කාලයේ රේඛාව දිගේ ඉදිරියට අතීතයට ගමන් කරමින් ... ඔව් එයට සමාන්තර වෙනත් රේඛාත් ඇති අනන්තයේදී හෝ එකිනෙක ඡේදනය වන .
අවසර ලියන්නට පළමු කතාව . දක්වන්න ඔබේ ප්‍රතිචාර කියවා
මරණය , සතියක් නිවාඩු ගිහින් . මේ සතියේ මැරෙන්න වෙන්නේ නෑ ..... එපමණයි කියවා ගන්න ලැබුනේ . ඈ පොත වසා උකුලෙහි තබා ගත්තාය .
අනුන්ගේ පොත් කියවන එක මහා නරක පුරුද්දක් , කවුදෝ ඉස්සර දවසක කියනවා මට සිහිවිය .
ඈ මා දෙස නෙත් කොනින් හෙළ බැල්ම , මා ගෙල දකුණු පැත්තේ පතිත වී , සියුම් වේදනාවක් දනවන්නට විය . මහා වරදකාරී හැඟීමක් මා සිත පුරා පැතිරෙන්නට විය . මම ඈ දෙස බැලීමි . ඈ ඉවත බලා ගත්තාය .
එනමුදු , එක මොහොතකට (සමහරවිට ඊට වඩා මදක් දිගු කලකට ) අප නෙත් හමු වන්නට ඇති . මට එතරම් නිනව්වක් නැත .
ඈ , වැසූ පොත ලමැද ට හිර කර ගත්තාය . දිගු සුස්මක් පිටවිය . දුම්රිය ඩක ඩක රිද්මයට හැල්මේ දුවන්නිය. . සුසුම් වා පිඩ , දුම්රිය මැදිරිය තුල සුළි නගා , කවුළුව තුලින් වා තලයට මුසු විය .
පලි :වරක් මම ලියා කෙටිකතාවක් යොමු කළා අයෙකුට ප්‍රතිචාරයක් ලබා ගන්න . "මේක ටිකක් කාව්යමය ගතිය වැඩියි " ඔහු ලියා එවුවා ආපහු . පසු කලෙක කවි ලියද්දි , බොහෝ විට "ඒවා නිකන් කවි වගේ යයි " ප්රතිචාර ලැබෙනවා . අනේ මන්දා
මේ මැද කතාව තේරුම් ගන්ට කාල තරණය කරන්ටම වෙනවා...:)
ReplyDelete//මේක ටිකක් කාව්යමය ගතිය වැඩියි " ඔහු ලියා එවුවා ආපහු . පසු කලෙක කවි ලියද්දි , බොහෝ විට "ඒවා නිකන් කවි වගේ යයි " ප්රතිචාර ලැබෙනවා . අනේ මන්දා //
මේකෙන් තේරෙන්නේ ඔයා හොඳ කවියෙක් කියන එක...:D
ඔන්න බලන්න මටත් වැරදිලා. කවි කියවලා කට්ටිය කියන්නේ " නිකන් කතා වගේ කියලා"
Deleteබ්ලොග් අවකාශේ ගොඩක් දෙනා කෙටි කතා රස විදින්න අකැමතියි.. මොනාහරි දෙයක් ලස්සනට ලියාගෙන ගිහින් ඉවරකරනවානම් කැමතියි .. ඔයා කෙටි කතාවක් ලියන්නකෝ බලන්න ,,
ReplyDeleteමම හිතන්නේ ඒ අපේ අවසානයකට තියෙන ආසාව .
Deleteකෙටි කතාවක් ?... බලමු :)
මට නං මේක තේරුන් නැහැ.
ReplyDeleteඑහෙනම් මම අසාර්ථකයි
Deleteමුලින් ගෙලෙහි දකුණු පැත්තෙන් පටන් ගත් වේදනාව අනතුරුව කන් දෙක දක්වාම පැතිර යන බවක් දැනෙන්නට විය....නිසැකවම මේ වන විට කන්දෙක රතුවී ඇතුවා විය යුතුය....පාසල් අවදියේ පටන්ම වරදකාරී හැඟීමක් හෝ ලජ්ජා සහගත හැඟීමක් දැනෙන්නට වූ විටෙක කන්දෙකත් නහය කෙළවරත් රතු වීම මට ආවේණික වූ දෙයකි...... “අනුන්ගේ ඊ මේල් කියවන්න එපා....ඒක අනුන්ගේ දිනපොත් කියෝනව වගේම මහ ජරා පුරුද්දක්”.....පෙර දිනෙයක ඈ මට කිවූ සැටි කන් දෙක පුරාම නැවත නැවත දෝංකාර දෙයි.....ඇය එදා මහ හඬින් බැන වැදුනද ඇගේ නියම ස්වභාවය හරියාකාරව දැක ගැනීමට හැකිවූයේ අහම්බෙන් මා නෙත ගැටුණු ඒ විද්‍යුත් තැපැල් ලිපිය නිසා නොවේද.....??? එදා මෙන්ම අද මා අසල හිඳගෙන සිටී යුවතිය අත වූ පොත දෙසට මා නෙත යොමුවීමද හුදෙක් අහඹු සිදුවීමක් පමණක් විය....
ReplyDelete****************
මරණය , සතියක් නිවාඩු ගිහින් . මේ සතියේ මැරෙන්න වෙන්නේ නෑ ..... එපමණයි කියවා ගන්න ලැබුනේ . ඈ පොත වසා උකුලෙහි තබා ගත්තාය .
“අනුන්ගේ ඊ මේල් කියවන්න එපා....ඒක අනුන්ගේ දිනපොත් කියෝනව වගේම මහ ජරා පුරුද්දක් ”එක්වරම මගේ සිහියට නැගුනේ එයයි....
ඈ මා දෙස නෙත් කොනින් හෙළ බැල්ම , මා ගෙල දකුණු පැත්තේ පතිත වී , සියුම් වේදනාවක් දනවන්නට විය . මහා වරදකාරී හැඟීමක් මා සිත පුරා පැතිරෙන්නට විය . මම ඈ දෙස බැලීමි . ඈ ඉවත බලා ගත්තාය .
එනමුදු , එක මොහොතකට (සමහරවිට ඊට වඩා මදක් දිගු කලකට ) අප නෙත් හමු වන්නට ඇති . මට එතරම් නිනව්වක් නැත .
ඈ , වැසූ පොත ලමැද ට හිර කර ගත්තාය . දිගු සුස්මක් පිටවිය . දුම්රිය ඩක ඩක රිද්මයට හැල්මේ දුවන්නිය. . සුසුම් වා පිඩ , දුම්රිය මැදිරිය තුල සුළි නගා , කවුළුව තුලින් වා තලයට මුසු විය .
************************
හ්ම්ම්ම්ම්.......මමද සුසුමක් පිට කර නැවත කල්පනාවට වැටුනෙමි....සති ගණනාවකින් ගෙදර ගොස් නැත..........ගෙදර උන් උන්නාද මලාද කියා මට වගේ වගක් නැත....උන්ටද මා ගැන ඇති ආකල්පය එසේම බව මා දනිමි......ඊටත් වඩා දියුණු ආකල්පයක් මිස බිඳක්වත් ඊට වඩා පහළ හැඟීමක් නම් නැති බව හොඳාකාරවම දනිමි...... “ආ....උඹ ආවද...මොකටද ආවේ..??”.....එසේ අසන්නටද ඉඩ ඇත.....කෙසේ වුවද ගෙදර ගොස් එන්නට හිත හදා ගතිමි...දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය පිරී ඉතිරී යයි......තල්ලු වී අවුත් නැවතුන තැනින් තවත් අඟලක්වත් හෙල්ලෙන්නේ නැති බවට තරයේ සිතාගත් මම අසුනේ කෙලවර තදින් අල්ලා ගත්වනම වට පිට බලන්නට වූයෙමි....තෙරපෙන මහ සෙනඟ ගැන කිසිදු තැකීමක් නැතිව පොතකට එබී ඉන්නා යුවතිය මා නෙත ගැටුනේ එවිටය....හමා එන සුළඟ නිසාවෙන් මුහුණට වැටෙනා කෙහෙරැල්ල විටින් විට වමතින් සකසා ගන්නා ඇය, අවට ලෝකයක් පවත්නේ යැයි නොදන්නාක් වැනි අයුරකින් පොතෙහිම ඇලී ගැලී සීටි.....ඇගේ මේ හැසිරීම නිසාවෙන් පෙර දිනයක මා හැර ගිය යුවතියක.....(සැබවින්ම ඇය මා හැර ගියාද නැතහොත් එසේ සිදුවන තැනට ඇය විසින්ම වැඩ සලස්වා ගත්තාද යන්න අදටත් ගැටලුවකි)....මට සිහිවූයේ නිතැතිනි.......මෑ මෙතරම් උනන්දුවෙන් දැහැනට සමවැද කියවන පොත කුමක්ද.....සිතෙහි හටගත් කුතුහලයත්,නොතිත් අශාවත් සමග දෙඇස පොත දෙසට යොමුවූයේ නිරායාසයෙන්ය.......
**************
{ ඔන්න මං මගේ ක්‍රමේට කතාව තව පොඩ්ඩක් අවුල් කරා....මුල මැද අග හොයාගන්න බැරිවෙන්නම....ඔබේ කොටසේ පොඩි වෙනස් කමක් කරා..ඒ ගැන හිත් අමනාප කරගන්න එකක් නෑ කියල හිතනවා... :) }
මරු . මරේ මරු
Deleteමාත් හුඟක් ආස මැදි කතා වලට.. ඒකේ හිතන්න දෙයක් ඉතුරු වෙනවා.. මම මේ මේක ගැන හිතනවා.. අපූරුයි..
ReplyDeleteස්තුතියි . කැමතියි ඔබේ කතාවත් කියවන්න
Delete