05 May 2014

ශ්‍රී ක්‍රමොපායිගිකාරාමයේ සිරි විසිතුරු // A Letter from uncle James

මට මෙන්න මේ ලියුම එවලා තිබුනා බ්ලොග් එකේ පළ  කරන්න කියලා . තැපැල් කරලා තිබ්බේ ඕස්ට්‍රේලියාවෙන් .  මට පුදුමත් හිතුනා, ඕස්ට්‍රේලියාවේම ජිවත් වෙන , බ්ලොග් ලියන, මෙච්චර ප්‍රකට බ්ලොග් කරුවන්, කාරිනියන් ඉඳිද්දිත් , මාව තෝර ගත්තේ මොකෝ කියලා, මේ වැඩේට. ඒත් මව් කිරි වගේම අර කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑ  වෙනවනේ කියා සිතා ,  ඔන්න ඒ ලියුම සිංහලට පරිවර්තනය කරලා පළ  කරනවා .


සියළු  ශ්‍රී ලාංකික ජනතාව වෙත 

මේ දවස් වල ලංකාවේ මා සදන්නට යන හෝටලය ගැන විවිධ මත පැතිරෙන බව මට දැන  ගන්නට ලැබුණි . බොහෝ අය මින් ඇති විය හැකි අනිසි ප්‍රතිපල ගැන කියමින් ජනතාව මුළා කිරීමට සැරසෙති . එහෙයින් මේ ව්‍යාපෘතිය ගැන ඇත්ත ඇති සැටියෙන් ඔබට දැන්වීමට අවශ්‍යයි, මම සිතුවෙමි .

මුලින්ම  ඔවුන් කියනා මුසාව, මෙහි සාදන්නේ කැසිනොවක් බවය. එය මහා බොරුවකි .  ජනාධිපති තුමා අච්චර කියලාවත් , මුන් පිළිගන්නේ නැත්තේ ඇයිදැයි,මට නම් නොතේරේ . මගේ රුලේ මේසේ පල්ලා , හාරත ආසියා  පල්ලා, මාත්  රවී උපාසක මහතාත් එක්ව මෙහි තනන්නේ හෝටලයකි . එය බොදු පිළිවෙත් අකුරටම පිළිපදින ආයතනයකි . එක්  විදියකට කියනාවනම් අසපුවකි.  කෙපමන ධර්මානුකුලද කියනාවනම් සියලුම දේ අනු සාංඝිකය .

සැම  පෝය දිනකම මෙහි ධර්ම ශාලාවේ සුමදුර ධර්ම දේශනයකි . දෙසවන්  ඇසෙන මානයේ බොදු බැති ගී නාදයයි . කොටින්ම, ගරුතර ජනාධිපතිතුමාගේ සංකල්පයක්  අනුව පිහිටුවන, ආගමික පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටුවන්නේද මෙහි උඩු මහලේය . සංස්කෘතික අමාත්‍යංශය  ඊට පහල මහලේය .ඇතුල් වන මහා දොරටුව අබියසම බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වඩන , බලුබ් හාර ලක්ෂයක මහා තෝරන් රාජයෙකි . 

අනුරාධපුරයේ , සියඹලාණ්ඩුවේ , වවුනියාවේ පාසැල්  දරුවන්ට, අධ්‍යාපන චාරිකාස ඳහා , අයිස්චර්යයේ මාවත දිගේ විත්  කොළඹ නගරයේ  කටුගෙය , ගෝල්  පේස්  නරඹා , බේරේ  වැවේ එක ඉවුරක ඇති ගංගාරාමයත් , අනෙක් පසින් ඇති මනරම් "ක්‍රමොපායිගිකාරාමයත්"  වැඳ  පුදා  ගත හැකිය . එවිට ඔවුන්ට අයිස්චර්යයේ තරම හොඳින් මනසට හා හදවතට  දැනෙනු ඇත . හැබැයි පුතෝ ඕන දෙයක් දොරෙන් එළියේ ඉඳන් ය . 

කෙතරම් හොඳ වුවද මෙවැනි ස්ථාන වලට ඇතුළු වීමෙන් ශ්‍රී ලාංකිකයන් නරක්  විය හැකි බැවින් , කිසිම ලාංකිකයෙක් මෙහි සේවයට ගන්නේ නැත . රිකිල්ලගස් හන්දියේ සුමනා , පදවියේ විනීතා මෙහි දොරෙන් ඇතුළු වුවහොත් , මනස දුෂණය වී , කුරුවල් වී , ඔවුන්ගේ නම් සැන්ඩ්රා , හා විනී වී ගණිකා වෘත්තීය වැනි විසමාචාර වලට යොමිවිය හැකියයි  අයෙක් කියති . අපි ඔවුන්ගේ මතයට ගරු කරමු . එහෙයින්  සුමනාට ,  විනීතාට රිකිල්ලගස් හන්දියේ, පදවියේම සැන්ඩ්රා හා විනී වීමට ඉඩ හරිමු . 
ඔබ හෝටලයට ඇතුළු වූ වහාම,  ඉතා සංවර ඔසරියකින් , ළමා සාරියකින් සැරසී දෑත් එක් කොට ආචාර කොට ඔබව පිලිගන්නේ රුසියාවේ ස්වෙට්ලානා සහ තායිලන්තයේ සනී ය  . පිලි ගැනීමද අනු සාංඝිකය . 

බෝජනාගාරයේ ඔබට කැමති ඕනෑම කෑමක්  බිමක් ඇත . බීම  කිව්වාම , පොල් පලා නම් පොල් පොල් පලාය , බෙලිමල් වතුර නම් , බෙලිමල් වතුරය  . මතට තිතමය . සෝඩා  එපාය .කෑම  බීමද  අනුසංඝිකමය .

සැමදා උදැසන , ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පන්සිල් ප්‍රචාරණය කරනු ලැබේ . ඉන් පසු සුරාවේ සුදුවේ  , සහ කාමයේ වරදවා හැසිරීමෙන් ඇතිවන ආදීනව ගැන ඉතා කෙටි ධම්ම චින්තාවකි .

මා හෝටල් හදන්නේ කැසිනෝ මුල් කර ගෙන බවද . ඉන් ලැබෙන ලාබයෙන් වැඩි හරියක් ලැබෙන්නේ කැසිනෝ වලින්ම බවද . කැසිනෝ නැත්නම් මට මොන ලබ්බක් ද ලාබයක් ද කියා ඇතැමෙක් අසති . පිම්වත්නි පින්වත්නි මාගේ මේ උත්සාහය හුදෙක් ලාබය සඳහා නොවේ . මාගේ මේ ප්‍රයන්තනය  ඔබේ දහම් දීපයේ අයිස්චර්යයේ කොටස් කරුවෙකු වීමටය . බල්ලොත් නොකන සල්ලි , තුහ් , මට නම් සතයක්වත් එපා එපාමය . මතු දවසක මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මා පින්ම කරමි .

එහෙයින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ , සති දෙකක් තුනක් ඉවසන ලෙසය . එවිට වැඩේ පාස්ය , සැමදේ  වගේ මෙයත් ඔබට අමතකය  . මොනවද ඔට්ටු ? . ඔබ සැමට සුබ අනාගතයක් පතමි .

මීට කලාබර දයාබර 

ජේමිස් මාමා 

21 comments:

  1. එළ මචන් පට්ට ලිපිය. උබටත් මාර අදහස්නේ තියෙන්නේ.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. ශ්‍රී ක්‍රමොපායිගිකාරාමය
    නියමයි. අනුශාංගිකයි.

    ReplyDelete
    Replies

    1. වන්දනාවේ යමු.

      Delete
  3. යකෝ පොල් කඩන ජේමීස්ලා ඔහෙත් ඉන්නවා නේ...?

    ReplyDelete
    Replies
    1. පොල් කඩන තැම්බිලි බාන උන් කොහෙත් ඉන්නවා

      Delete
  4. ඔය වගේ සල්ලිකාරයෝ ලියුම් එවන්නේ තවත් සල්ලිකාරයින්ටමලුනේ...:D

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ කුකුල් බෙටි වැඩක් කියලා.

      Delete
  5. ඕනෙනම් මල් බෙබී එයා පාවිච්චි කරන 'කෙලී' ඇතුළු කෑලි ගෙනත් කෙලලා යයි. මේ අපේ රටේ ඉන්න එවුන්ට ඔය ආරාමය අකැපය.

    ReplyDelete
    Replies
    1. එක එක කෙහෙල් ගෙඩි වලට, එක එක බනිස්. පැටලුනාද මන්දා :)

      Delete
  6. ආන්න එකනෙ.මෙ යක්කු තෙරුම් ගන්නෙ නැ නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ එතුමා කිව්වේ බොරුවට කලබල වෙලා කියලා

      Delete
  7. AnonymousMay 06, 2014

    CASINO KING STREET FIGHT EKAK DALA DATH HALAGENALU.

    ReplyDelete
    Replies
    1. රෑට කැසිනෝ කින්
      දවල්‍ට ස්‍ ට්‍රීට් ෆයිටර් !

      Delete
  8. පන්සලටත් වඩා ධාර්මික තැනක්නේ බෝල මේ හදන්න යන්නේ...මොන හුලං විස්කෝතුවකට ද එහෙනම් අපි මේකට විරුද්ධ වෙන්නේ?

    ReplyDelete
  9. AnonymousMay 07, 2014

    ඔය ජේමිස්ට ඔස්ට්‍රේලියාවේ පාරකදි එකෙක් කියලා උඹ මොකටද ලංකාවේ ආරාම හදන්නේ...අපිට පල්ලියක් හදලා දීපන් කියලා. මුගේ ශ්‍රද්ධාව ඕවර් ෆ්ලෝ වෙලා අර නානසාරගේ වගේ. අර යකාට පාරෙම දාගෙන නෙලලා. අනුශාංඝිකයි....අනුශාංඝිකයි........ශාංඝිකයි..මගේ අම්මෝ!!

    ReplyDelete
    Replies
    1. කාපු වේලාවට. පුන්චි විහිලුවක් කෙරුවට..

      Delete

Have commented