24 May 2014

වීරයෙක් වීමට නම් // To be a hero


මේ කතාව පටන් ගන්නේ කොහොමද ? හරි මෙහෙම පටන් ගන්නම් .
ඔන්න මම අඳුනන මනුස්සයෙක් ඉන්නවා . මිනිහා අහිංසක තනිකඩයෙක් . ගෙදරින් හොයනවා මනාලියෝ, ඒත් එකක්වත් වැඩ කලේ නෑ  . මාසේ පඩියට වැඩ කරන ඔහු එහෙම කියලා ඉතුරු කරගත්ත දෙයකුත් නෑ  . අඩියක් ගැහුවත් , හිමිහිට සින්දුවක් මුමුනලා , ටිකක් සද්දෙට හිනාවෙලා , ගෙදර ගිහින් නිදාගන්නවා විතරයි. එච්චරට සාමකාමීයි .මිනිහා  කවි ලියනවා. ඉඳල හිටලා කවියක් දෙකක් පත්තරෙත් පළවුණා . ඔන්න දවසක් මිනිහට එනවා කෝල් එකක් . දැන් එතැන් සිට

මේ ..... මහත්තයද  කතා කරන්නේ

ඔව්

අර පත්තරේට කවි ලියන ..

ඔව් ඔව්

අපි ඔබතුමාගේ රසිකයෝ , නොම්බරේ හොයා ගත්තේ පත්තරෙන්

රසිකයෝ කිව්වා ?

ඔව් කොටින්ම කියනවානම් , ඔබතුමා අපේ හිත් වල වීරයෙක් . අපේ විප්ලවීය සිතුම් පැතුම්  ඒ විදියටම ලියනවා . බොහෝ දුක් කම්කටොලු අතරින් වෙන්න ඕනෑ  කවි ලියවෙන්නේ ?

එහෙමම නෙමෙයි . ඔය ඉරිදා දවල්ට මම මුරුක්කු පැකට් එකක් ගෙනල්ලා , පොඩි මෙව්වා එකක් ගෙනල්ලා ... ඉතින් එතකොට ඉබේම වගේ ලියවෙනවා

ඒවා කොහොම උනත් දැන් ඔබ තුමා අපේ වීරයෙක් . ඉතින් අපි තීරණය කළා කතා කරලා ඔබ තුමාට ඒ බව දැනුම් දෙන්න .

තෑන්ක්  යූ

දැන් ඔබ වීරයෙක් නිසා පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා

කොන්දේසි ?

ඔව් ඔව් . ඔබ දැන් දුක්විඳින ජනතාවගේ , පීඩිත  පන්තියේ වීරයෙක් හරිද ?

හරි කියමුකෝ

දැන් ඉතින් ඔය දෑත් ශක්තිමත් කිරීම් බැහැ . ප්‍රොමෝෂන් වලට ඇප්ලයි  කරන්න බෑ . පඩි වැඩිවීම් බෑ . කොටින්ම ලොතරැයි දිනුමක් වත් ඇදෙන්න බෑ  . දුක් විඳින එක නවත්වන්න බෑ 

හැ  හ්

අනික ඔබේ ඔය වීරවංස වගේ රැවුල කපන්න බෑ . අවුල් වුන කොන්ඩේ..  ඒකත් ඔය විදියටම තියෙන්න අරින්න . ඒ දෙකෙන් ඔබතුමාට නියම රැඩිකල් ලුක් එකක් එනවා

අම්මට හු ... කනේ මයිල් ට්‍රිම් කළාට  කමක් නැත්ද දන්නේ නෑ නේද

විහිලුත් කරනවා නේ..
ඔබ අඳින අන්ඩ දාපු කමිසය මාරු කරන්නත් බෑ

ඒ කිව්වේ අලුත් කමිසයක් ගන්න බැරිද

දැන් ඔබ වීරයෙක්, එහෙම බෑ .
දැනට බොන්නේ ගල් නේද

පඩියේ හැටියට , වෙන මොකුත් කරන්න අමාරුයි නේ

ඒකට  කමක් නෑ  , හැබැයි පුතෝ , මගුල් ගෙදරකදීවත්  ඔය ධනවාදී විස්කි බ්‍රැන්ඩි බීලා  අහුවෙන්න එපා

ඈ  ..නිකං  හම්බු උනත් ?

බෑ බෑ එහෙම තමයි වීරයෙක් වුනාම

අනික මේ නිකන් විහිළුවටවත් ලව් කවියක් එහෙම ලියනවා  නෙමෙයි .ට්‍රැක්  පනින්න ඔට්ටු නෑ  .
අනික තමුසේ නිකන් වත් කසාදයක් ගැන එහෙම හිතනවා නෙමෙයි . විප්ලවයටම කැප වෙච්ච කවියෙක් ගේ තියෙනවා අමුතු ගතියක්

මේ ඕයි මමත් මනුස්සයෙක් .

නිකන් ද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා . හිතට දහිරිය ගන්න .

හිතට ගැනිල්ල  කොහොම උනත් . අතට තමයි ...දැන් මොකක්ද මේකෙන් මට තියෙන වාසිය

දැන් ලජ්ජා නැත්ද ඕයි  ඔහොම අහන්න , තමුසේ වීරයෙක් නේද ? ඕහෙටනම්  කිසිම වාසියක් නෑ  . ඒත්  අපිට ..
අපිට දැන් තවත් එක වීරයෙක් ඉන්නවනේ , ඉඳලා  හිටලා විඳින්න , උඩින් තියන්න , චියර් කරන්න .. ඒකම  මදිද

පලි :

පහුගිය කතාවට ඌණ  පූර්ණයක් ලෙස මෙය ලියන්නට ගතිමි . මේ මාගේ අදහසයි . කිසිවෙකුට අපහාසයක් නොවේ . වීරයෝ අපි අපේ හිත්වල හදා ගන්නවා . ඉන්පසු ඔවුන්ගේ අඩුපාඩු දැක්කම කළකිරෙනවා .
සුපර්මෑන් , ක්ලාක් කෙන්ට් ලෙස වෙස්වලාගෙන සිටින්නේ  එබැවින්දෝ යයි සිතේ . ක්ලාක් කෙන්ට් වැරදිකලාට  කම් නැත . ඔහු ඇඳුම් හුවා ( ඔව් ඔව් කලිසමට උඩින් යට කලිසම හැඳ ) සුපර් මෑන් වී ඉන්නා සුළු කාලයේ වැරදි නොකිරීමට වග බලා ගත්තානම් ඒ ඇතිය ... ඒත්  ඒ සුපර් මෑන්  නේ ... හැමෝටම ඕල්ටර් ඊගෝ එකක් නෑනේ

පපලි
මේ කතාව කියවූ අයෙක් මගෙන් ඇසුවේ මේ කතාව අපේ දෙමාපියන්ටත්, දෙමාපියන් හැටියට අපිටත්  අදාළ දැයි කියාය .
පිටරට වැඩ කරන , අවුරුද්දකට සැරයක් දෙකක් ගෙදර එන පියෙක් සහ සැමදා හවසට ගෙදර එන පියෙක් ගැන කතාව ඇදුනි .
ඒත්  එය වෙනමම කතාවකි

21 comments:

  1. ඔව් හැබැයි මිනිහා නියම මොළ කාරයෙක් නම් වීරයා වෙලා ඇතුලෙන් ගේම දෙනවා ,

    ReplyDelete
    Replies
    1. මට හරියටම තේරුනේ නෑ ඉවාන්

      Delete
    2. මම කිව්වේ මිනිහා වීරයා වෙනවා අනිත් අයට, හැබැයි ලෝකෙන් වඝන් වෙලා අර වීරයින්ට තහනම් ලයිස්තුවේ ඔක්කොම හිතේ හැටියට භුක්ති විඳිනවා , මිනිස්සු අනේ අපේ වීරයා විඳින දුක කියලා මෝහනය වෙලා ඉන්නවා , හැබැයි මිනිහා ඇතුලෙන් මිනිහගේ ආතල් ටික වැඩියෙනුත් එක්ක ගන්නවා

      Delete
  2. වීරයෝ තියා ගන්න එක වැරදියි කියල තේරුනේ පාරේ ගොඩාක් දුර ගියාට පස්සේ... ඒක අමුම අමු ගොන් වැඩක්.. නිකං ම්ක්කටෙයි හිතේ අමාරු ඇති කර ගන්නේ.. දැන් නම් මගේ වීරයා මමම තමයි. මම හිතන්නේ හැම එකාම එහෙම හිතනවනම් හොඳයිය කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙහෙමත් වැඩක් තියෙනවා නේද තමන් තමන්ගේම ගේම වීරයා වුනාම . අපි බොහෝ යයට තමන් වැරදි වෙන්නේ නෑ නේ . ඒ නිසා disapoint වීම අඩුයි. එක්කෝ වරදක් කලත් හිතකින් නොවේ , එහෙමත් නැත්නම් කෙරෙන හැම වැරැද්ද කටම හේතුවක් තියෙනවා . හැබැයි පුතෝ හදිසියේවත් disapoint වුනොත් කෙලියා , මොකෝ මාරු කරන්න යෑ වීරයාව .

      කාලෙකට ඉස්සර මම ගිය පුහුණු විමක , අපේ වීරයෝ ගැන කියන්න කිව්වම . නෙල්සන් මැන්ඩෙලා ලා , ගාන්ධි ලා අස්සෙන් එකෙක් කිව්වා "මගේ වයිෆ් " කියලා.
      උගෙන් ඇහුවම ඌ කියනවා , මැන්ඩෙලා ලා ගේ ගාන්ධිලාගේ වැරදි ත් ඇතිනේ ඒවා අපි දන්නේ නෑ . ඒවා උන්ගේ හොඳත් එක්ක තරාදියේ දාපුවහම කොයි පැත්ත බර වෙනවද කියලා දන්නෙත් නෑ . ඒත් ගෑනිගේ වැරදි මම තරම දන්න කෙනෙක් නෑ , මාත් එක්ක ඉන්න එකම කොච්චර වීර කමක්ද කියලා. එක විදියකට ඌ හරි.

      Delete
    2. මේ වීරයා ෆ්ලෙක්සිබල්, ජේන්ජ් වෙන එක සුළු දෙයක්..

      Delete
  3. මගෙනම් විරයො මැරිල

    ReplyDelete
  4. වීරයා මැරිලා!

    ReplyDelete
    Replies
    1. දමිත් , කකා
      ඔය බොරු. හැමොටම වීරයෝ ඉන්නවා. අද ඉන්න සුපර්මෑන් නොවෙන්න පුලුවන්, එදා හිටපු සුපර්මෑන් ඔබේ වීරයා වෙන්න පුලුවන්. ඒත් වීරයෝ මැරිලා කියන එක වැරදියි කියලයි මම හිතන්නේ

      Delete
  5. ඔබේ බ්ලොග් එකේ හැමදාම හිතන්න අමුතු දෙයක් තියෙනවා. නැවුම් සිතිවිලි.

    ඒ වුනාට වීරයෙක් නැතුව ඉන්න බෑනෙ. හැබැයි කාලෙන් කාලෙට මගෙ වීරයො වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි නිල්. අපි හැමොගෙම එහෙමයි නේද? හේතුව මම හිතන්නේ, කාලෙන් කාලෙට අපිත් වෙනස් වෙනවනේ

      Delete
  6. හිතේ වීරයෙක් තියාගෙන ඌව කොපි කරනවට වඩා.. කවද හරි කවුරු හරි තමන්ව කොපි කරන තත්වයට වැටුන නම් ගොඩ !

    ReplyDelete
    Replies
    1. සෑම්. ඔබ කියන්නේ වැදගත් දෙයක්. ඒත් අපි ලෝකේ කාව හරි අනුගමනය කරනවා. මැන්ඩේලාලා ගාන්දිලා නොවුනට, අපේ දුප්පත් දෙමාපියෝ වෙන්න පුලුවන්. අපේ ඇතුලාන්තයටම කිමිදිලා බැලුවොත් අපිට ඒ කට්ටිය අඳුනා ගන්න පුලුවන් . ඒකයි මගේ අදහස

      Delete
  7. ඔන්න ඕක තමයි ලෙඩේ. Living up to it. ඕකත් judgmental තමයි. :(

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඩූඩ්. ඒක තමයි "ලෙඩේ"

      Delete
  8. නියමයි . . . වීරයෝ ගැන අපි හිතන්නේ ඇත්තෙන්ම මෙහෙමයි. එආක් ඒ අයට කරන ලොකු අසාධාරණයක් කියලා මොහොතක් වත් නොහිතන එක අපේ ලොකු වරදක්.

    ReplyDelete
    Replies

    1. ආයුබෝවන් කියලා පිලිගන්නවා ඔබව.
      වීරයෝද මනුස්සයෝය

      Delete
  9. ඔය alter ego එක ගෑන ඔවුන්ගේ fansල ගණන් නොගන්න ජාතියෙ වීරයෝ දෑන් ඉන්නව.
    තම්බින්ට ගහනවනම් හාමුදුරුවෙක් බීල රිය පෑදෙව්වත් වීරයෙක්, මොන තරම් දූෂිත වුනත් අධිරාජ්යවාදීන්ට බනිනවනම් වීරයෙක්,
    ඈයි මුදල් අමාත්‍යන්ශෙ ලේකම්ට බෑන්න හම ලෑබෙන වීරකම?

    ReplyDelete
    Replies

    1. හාහා බලාගෙන . :)
      අර මනුස්සයා නම් ආර්ථික ඝාතකයෙක් නේ. යුද්දේ නැතිව පාලුවෙන් හිටපු අපිට දැන් දුශ්ටයෙක් ඉන්නවා

      Delete
  10. "..... කනේ මයිල් ට්‍රිම් කළාට කමක් නැත්ද දන්නේ නෑ නේද?..."

    අනේ මචෝ අතින් කට වහන් හිනා වුණේ ඔපීසියේදි බලාපු හින්දා :-D :-D

    ReplyDelete
    Replies

    1. කාලේකට පස්සේ ..කොහෙද හිටියේ. ඔබේ සතුට මගෙ සතුටයි(සින්දුවක කෑල්ලක්ද?) :)

      Delete

Have commented