08 May 2014

මගුල් පින්තුරය // The Wedding Photo





ආයෙත් පින්තුර කතාවක් .

පහුගිය දවස් වල එහෙ මෙහෙ ඇවිදිනකොට මේ යුවළ  දුටුවෙමි.  කොල්ලා  කැමරාව සෙට් කරලා දුව ගෙන ගිහින් , ගෑණු  ළමයාගේ කරට අතක් දාලා  පින්තුරේට හිට ගන්නවා . ඔව් ගෑනු ළමයා සුදු ගවුමක් ඇඳලා , මල් කලඹක් අතට අරන් . මල් කලඹ ප්ලාස්ටික් !

මට එක පාරටම නන්දා  මාලිනි ගේ  "යනවා නම් අනේ මං  අරන් "  සින්දුව මතක් උනා .


 ඒ දවස් වල අපි විහිලුවට කියන  " ඈත පලාතක , පුංචි කඳු ගැටයක් උඩ  , පුංචි පැලක්  හදා ගෙන ..." කතාව ... හ්ම් ජිවිතේ ඊට වඩා කොච්චර නම් වෙනස් ද ... දෙමාපියෝ යාලුවෝ අත  ඇරලා මේ නොරටට ආපු දවස් වල , අපිටත් දැනුනේ ඈත පළාතක ආවා වගේ තමයි . අපේ ලෝකය , අපි තුන් දෙනා . කාමරේට ඇවිත් දොර වහගත්තම අවට මොනවා වුනත් අපිට කම් නෑ . කෙල්ලගේ හුරතල් පණ්ඩිත කතා අහගෙන අපි දෙන්නා හිනා වෙනවා .

මම ආයෙමත් මේ පින්තුරේ දිහා බලනවා . ලක්ෂ ගණන් වියදම් කරලා ගන්න මහා විවාහ උත්සව . මංගල යුවල පිටුපස  කැමරා මනා ගෙන එන මහා සේනාව මතක් වෙනවා මට මොහොතකට

25 comments:

  1. ලස්සණයි තමයි. මම දුවගෙන ආවේ ඔයාගේ wedding photo බලන්ට. :)

    ReplyDelete
    Replies
    1. අපොයි පොකූ. අවුරුදු දහයකට දොලහකට කලින් සිද්දියක්නේ ඒක

      Delete
  2. ඇත්තටම ඔයවගේ උදවිය ඉන්නව පිටරටවල. බලන්න මෙහේඑන සුද්දො සුද්දියො ලඟ තියන ආභරණත් අපි අපේ ගෑනු දාන ආභරණත්... අව්‍යාජ බව කියන එක ලබාගන්න මුදල් වියදම් නූනට ඒක අමාරු දෙයක්.

    ReplyDelete
  3. මමත් ගනිපු මේ වගේ පිංතූර වගයක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. දාමුකෝ බලන්න ආසයි

      Delete
  4. ෆොටෝ ටික ලස්සනයි

    ReplyDelete
  5. හා.. හා.. මමත් මේ අපේ පින්තුර අපිම ගන්න පැලෑනක් ගහන ගමන්

    ReplyDelete
    Replies
    1. හරි යන්නෙ නැති වැඩක්... පොඩි ගානක් වියදම් කරලා පොටෝග්‍රැෆර් කෙනෙක් ගන්න.. ෆොටෝ ටික හරියට තෝරගෙන හොඳ ස්ටුඩියෝ එකකට දීලා ඇල්බම් එක හදා ගන්න... අපිම ෆොටෝ ගන්න ගියාම ගොඩක් වැදගත් අවස්ථා ( පෝරුවෙ චාරිත්‍ර එහෙම ) මිස් වෙනව...

      Delete

    2. ඕන්නම් අපි එන්නම්. හැබැයි ඔක්කොම කලු සුදු වෙයි :)

      Delete
    3. අපොයි ඔහොම අධෛර්යමත් කරන්න එපා දෙවියනේ. නෑ. ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ අපට නම්. මොකද අපි පුංචිම පුංචි සරල විවාහයක් ගන්න හිතන් ඉන්න නිසා. ස්ටුඩියෝ එකකට ගිහින් පින්තුර කිහිපයක් ගන්නවා. මම කියන්නේ ඔය ගස්, ගල්, වැව් පිටිවල කරන නාට්‍යය වගේ පින්තුර කීපයක් ගැනයි. පොඩි ගානක් නෙමෙයි, ලොකු ගානක් ගෙවල ගෙන්නපු photographers ලා කරපු සමහර ඇල්බම් දකිද්දී දුක හිතෙනවා. කැමරාවක් ගත්තු ගමන් ෆොටෝග්‍රර් කෙනෙක් කියල මිනිස්සුන්ව හොදටම රවට්ටනවා.

      Delete
    4. සරල, පුංචි වෙඩිමක් උනත් අවශ්‍ය කරන පින්තූර ටිකක් තියෙනව... අනිත් එක ඔය ඇඳුම් පටලෝගෙන දවසක් දුක් විඳින එකේ ෆොටෝ ටිකක් තියෙන්නම එපැයි පස්සෙ කාලෙක බලලා “ හපොයි අපි නටපු පිස්සුවක් ” කියලවත් හිතන්න... හි හි... ( අපේ ඇල්බම් එකේ නං තියෙන්නෙම පිස්සු නටපුවා.. .. හි හි)

      මම කිව්වෙ වෙඩිමට සම්බන්ධ නැති කෙනෙක්, ඒ කිව්වෙ නෑදෑයෙක් නොවෙන කෙනෙක් ගන්න... යාලුවෙක් උනත් කමක් නෑ හැබැයි එයාට වෙන වැඩ පවරන්න එපා , ඒ කිව්වෙ මචං අරක අරං වරෙං මේක අරං වරෙං කියල අනිත් අය උනත් කියන්නෙ නැති කෙනෙක් ගන්න... නාට්‍ය පින්තූර නං එච්චර අවුලක් නෑ... හැබැයි මගේ ෆොටෝ ටික ගත්තෙ අපේ මහත්තයගෙ නෝමල් 7.2 ඩිජිටල් කැමරාවෙන්.. A4 සයිස් කරද්දි රෙසලූෂන් මදි ගතියක් ආවා... ඒවා ගැන පොඩ්ඩක් බලන්න කලින්ම..

      අපේ කට්ටිය වෙඩින් ෆොටෝග්‍රෑෆි කියල කරන්නෙ බොරුවක් නිසා තමයි ලොකු ලොකු නම් තියෙන කට්ටිය කරන වෙඩිං ඇල්බම් වලත් මෙලෝ රහක් නැත්තෙ... හෙන අස්වාභාවිකයි සමහර ඇල්බම්...

      Delete
    5. අනිවා.. ඒ වගේ අවස්ථා ගන්න කෙනෙක්ව සෙට් කර ගන්න අදහසක් තියෙනවා. මගේ ලග දැනට තියෙන කැමරාවෙන් වැඩේ යන්තමින් ගොඩ දා ගන්න බැරි වෙන එකක්. රෙසලුෂන් හොදයි.
      නිකමට වගේ බලන්නකෝ එකෙන් ගත්ත පින්තුර http://pinthorawick.blogspot.com/

      Delete
  6. AnonymousMay 08, 2014

    ඒ අත්දැකීමත් නියමයි, එයාලම එයාලගේ ෆොටෝ ගන්නවා

    ReplyDelete
    Replies
    1. AnonymousMay 08, 2014

      ඉස්සෙල්ල කියන්න අමතක වුණා, මේක කැමරාවට අහුකරගෙන තියෙන ඔයත් ලස්සනට ඒ වැඩේ කරලා තියෙනව්

      Delete
    2. ස්තුතියි.

      Delete
  7. ගාල්ලේ කොටුවේ ජපන් ජෝඩුවක් මේ වගේ ෆොටෝ ගත්තා. කොල්ලා කැෂුවල්. කෙල්ල වෙඩින් ඩ්‍රෙස් එකෙන්. ඒ තමයි නියම ආදරය. අපේ උන් කරන්නේ ගරු රඟපෑමක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔබේ ආකල්පයේ. ලෝක සම්මතයට අපි කොච්චර දේවල් කරනවද

      Delete
  8. ඒකනම් ඇත්තටම හරි අපූරු අත්දැකීමක්.. එක අතකට බොරු දැඟලිලි නෑ.. වැඩි වැඩ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් හිතුනේ

      Delete
  9. හ්ම් ජීවිෙත් අලුත් ගමන පටන් ගන්න ඔ්න සරලව.. සුන්දරව.. හිසරදයක් නැතිව තමයි... ණය කන්දක් කරගහෙගන නම් ෙනෙවයි.. සල්ලි තිබුණා වුණත් අැයි ෙම් තරම් නාස්ති කරන්ෙන කියල හිෙතනවා අද විවාහ මංගල උත්සව දකිද්දි නම්...

    ReplyDelete
    Replies
    1. අර කලින් කිව්වා වගේ සමාජ සම්මතයට ගිහින් වෙලාවකට අපි කොච්චර දුක් විදිනවද

      Delete
  10. මෙ ෆොටො ටිකෙ තියෙනව මාර ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔබට ඒ පෙල අහුවෙලා

      Delete
  11. AnonymousMay 11, 2014

    මට ලංකාවේ දැන් වෙඩින්ග්ස් දැක්කාම හිතෙනවා මේවා බලන්න අපි මෙච්චර පව් කරලාද කියලා. තනිකර විකාරයක් නේ. ගත්තා මදිවට ඒ රෙද්දවල් ටීවී එකෙත් පෙන්නනවා. මෙහේ සුද්දන්ගේ වෙඩින්ග්ස් බලන්න ඕන අප්පා. කොච්චර සරලද...සුන්දරද...අපේ එවුන් තනිකරම කානිවල්නේ දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. අරූ , උන් සුද්දෝ උනාට හරියට මගුලක් මරනයක් වත් ගන්නේ නෑ නේද , ඒකට අපි ණය වෙලා හරි ...:)

      Delete

Have commented