28 July 2014

ජාතිබේද සරුංගලේ , යුද්දෙන් තොර ගුවන් තලේ // GFK @ GFG (Go Fly a kite at the Galle face Green) -



ජාති බේද සරුංගලේ 
යුද්දෙන් තොර ගුවන් තලේ 
ඈතට පාවී නොපෙනී යන්න නොදෙන්නේ 
මේ පුංචි රටේ එහෙම දිනක් කවදා එන්නේ 

සරුංගලේ බට පඳුරෙන් සෑදෙව්වෙත් වෙනින් අයයි  
සරුංගලේ ලාටු උළා රැළි  කෙරුවෙත් වෙනින් අයයි  
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ වෙනින් අයයි 
සරුංගලේ නුඹ අහසේ , නූල  මාමා අතේ වගෙයි 

සරුංගලේ නුඹ වෙනුවෙන් මැරුම් කෑවේ  අපේ ළමයි 
සරුංගලේ නුඹ හින්දා විඳ වෙව්වෙත් අපිම තමයි 
නිච්චි දිදී , නූල්  දිදී  මාමා සරුංගලේ යවයි 
සරුංගලේ නුඹ අහසේ තියෙන තාක් වාසි තමයි 

( සරුන්ගලේ වරල් සැලේ  ගීතයේ තාලයට ...)


පලි
පය බරවාවට පිටි කර බෙහෙත් බඳිනා වාගේ . හොරා ගේ අම්මාගෙන් පේන  අහනවා වාගේ . වැනි ප්‍රස්ථාව පිරුළු අතරට එක්වූ නවතම පිරුලකි 

" ජාතික සමගියට මුරුක්කු කකා සරුංගල් යවනවා වාගේ "

11 comments:

  1. මුන්ට පිස්සු ඕයි... අපිත් ඕකුන්ට කාළයක් ආදරේ කළා නේ.. නොදොකින් මූසල වම්මු..

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 29, 2014

      වම්මු කිව්වේ වාසුටද.....මහින්දටද...

      Delete
  2. ලොක්කටයි, වාසුටයි කියන්න තියෙන්නේ fly a kite men කියලා තමයි.

    ReplyDelete
  3. මට නම් තියෙන ප්‍රශ්නය මේ රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටමට දීලා තියෙන ලන්සුව.
    එමගින් කෙරෙන අපහාසය

    ReplyDelete
    Replies
    1. @JP, ඔබ කියන්නෙ අපේ රටේ අය බුද්ධිමත් කියාද?

      නොදැන සිටි දෙයක් කියා දීම ගැන ඔබට ස්තුතිය.

      Delete
  4. Replies
    1. Say no to racism. Go fly a kite :)

      Delete
  5. go and fly a kite men...

    මොකක්ද මේ ඇක්සිඩන්ට් එක? දැන් සරුන්ගල් යවන්නත් බැරිද ඒකත් ජාතිවාදිද?

    ReplyDelete
  6. පිස්සු කියන්නේ එකත් හොදම එකෙන්..

    ReplyDelete
  7. AnonymousJuly 29, 2014

    ඕනම බරපතල ප්‍රශ්ණයක් මුන් සරුංගල් ගානට තමයි ගන්නේ. මිනිස්සු බූරුවෝ කියලා හිතන් ඉන්නේ.

    ReplyDelete

Have commented