20 September 2014

අදින් පස්සේ // Back to life , Back to reality





අදින් පස්සේ
ගෙදරටම ගෙනත් දුන්
සහන මලු නැත  
සිනා මුව ඇඳි
වතුර බෝතලුත් නැත
නොකඩවා ගලා ගිය  
සෙනෙහෙ කරුණා ගඟුලත් සිඳී
මාමේ නැන්දේ කියාගෙන
ආගිය නෑයොත් නැත
කස කාරයෝ , ගිනි පෙනැලි , හේවිසි
පිරිවරා ගිය
ඩිපෙන්ඩර් රිය පෙරහැරත්
නැත
හවසට කාන්සියට
සින්දුවක් අහන්න තිබුණු
සංගීතෙත් නැත

කොඩිත්  නැත
බයිලාත්  නැත
මැජිකුත්  නැත
එහෙම කාලයක්
තිබුණු වගක්වත්  නැත

අදින් පස්සේ

අනේ ඉතින්

12 comments:

  1. දත් තිස් දෙකම විරිත්තා
    බලු හුලිජ්ජ පහරටද අසුවූ
    අපේස්සක තුමාගේ පෝස්ටරය
    මෙතක් දවස් අව්වට වේලි වේලි තිබී
    අද උදේ එළුවෙකුගේ බඩට යනු දුටිමි...
    ..
    ..
    ඌවේ චන්දයක් නොතිබූ බව
    එළුවා බෑගිරි ගාමින් කියා
    යන්නට ගියේය...

    ReplyDelete
    Replies
    1. ඔබ කවිය මට තව පේලි දෙක තුනකුත් , පින්තුරයකුත් එක කරන්නට අදහසක් දුන්නා . ස්තුතියි

      Delete
  2. ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි

    ReplyDelete
  3. ආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි

    ReplyDelete
  4. බය වෙන්න එපා ළඟදීම තව එකක් දෙයි.. ඒ අතින් නම් පට්ට ආන්ඩුවක් මේක..

    නිර්මාණය නම් උපරිමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ආයෙමත් එනවනේ රවුමක්

      Delete
  5. අපි හැමෝම ඕක අත්දකින්නෙ අවුරුදු කීයක ඉඳලද?

    මම නම් ආසාවෙන් කියවන්නෙ ඔබේ ඉන්ග්‍රිසි කවි. ඇයි දැන් ඒව ලියන්නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයේ නිල් මාව උනන්දු කලා

      Delete
  6. අහෝ ඛේදයකි...ඉරකි තිතකි..

    ReplyDelete
  7. Back to life.
    Back to reality

    කියන්නේ

    සති අන්තය ඉවර වෙලා ඉස්සෙල්ලම වැඩට යන්න වෙනකොට
    නිවාඩු කාලයක් ඉවර වේගන එනකොට
    ස්ටාෆ් රූම් එකේ ඉඳලා පන්තියකට යන්න බෙල් එක වදිනකොට

    මම නිතරම මුමුණන සින්දු කෑල්ලක්.

    ReplyDelete

Have commented